Naifmvlog

Naifm vlog Gossip and News

සයිබීරියාවෙන් හමු ආවාට

සයිබීරියාව යනු අබිරහස්වලින් පිරුණු තැනකි. එහි සුවිශේෂම දේ නම් “යමාල්” සහ “ටයිමර්” අර්ධද්වීපයෙන් මතුවූ ආවාටය. මේවා හිටි හැටියේම මතුවුණේ කොහොමද? ඒවා මොනවාද යන්න මහත් ගැටලු රැසක් මතු කරන්නට විය. එහි වූ ආවාට තුනම ග්‍රාහක කැබලි පෘථිවිය මත පතිත වෙද්දී සිදුවූවක් ද එසේත් නැතිනම් මිසයිල අත්හදා බැලීමක් නිසාද යන්නත් ප්‍රශ්න කෙරිණි. තවත් සමහරු කීවේ මෙය වෙනත් අබි-රහස් දෙයක් නිසා වූවක් බවය.“පරිසරයේ මතුපිට උෂ්ණත්වය අසමාන්‍ය විදියට වෙනස් වන විටත් මෙහෙම වෙන්න පුළුවන්.” ඒ එක් විද්වතකුගේ අදහසකි. තවකකු කීවේ…“පොළොවේ භූතැටි අද්දර සිදුවන මහා පරිමාණයේ වායුමය පිපි-රීම නිසා මෙය විය හැකියි.” යන්නය. තවත් සමහරු කීවේ “සයිබීරියාවේ සීතල හිම තට්ටු යට එකතු වන මී-තේන් වායුව නිසා කාලගුණයේ යම් වෙනසක් ඇති වෙනවා.

එය උණුසුමක්. ප්‍රබලයි. ඒ නිසයි මේ වගේ අද්-භූ-ත මැවීම් වගේ දේ වෙන්නේ.” කියලාය.මේ අද්-භූ-තජනක අබි-රහස් ආවාට තුනම විද්‍යාඥයන් ගැඹුරු ලෙස පර්යේෂණයට ලක් කළහ. ඉන් විශාලතම ආවාටය මීටර් 300ක් ගැඹුරු විය. එය යමොලා් නෙනෙට්ස් නම් පළාතේ පිහිටියේය. ඊටත් කිලෝමීටර් 30ක් පමණ දුරින් තිබෙන්නේ බොවෙනෙන්කෝ නම් මී-තේන් පිරි භූමි භාගයය. එයද සැලකිල්ලට ගත් විද්‍යාඥයන්ට ආවාටය තුළට බැස පිරික්සුමට ලක් කරන්නට ඕනෑ වුවද එය අනතුරුදායක වූ නිසා අත්හැර දැමිණි.රුසියානු විද්‍යාඥයන්ගේ අදහස වූයේ පොළොව අභ්‍යන්තරයේ වන රසායනික විපර්යාසයක් නිසා මෙසේ වන්නට ඇති බවත් එවැනි දෙයක් සිදුවන නිසාම බර්-මියුඩා ත්‍රිකෝණය තුළ හිටි ගමන් වායුමය දහරාවක් පෘථිවිය අභ්‍යන්තරයෙන් ඉහළට මතුවන නිසා ඒ මොහොතේ එතැනින් යන ගුවන් යානා සහ නෞකා ඇද ගන්නා බවත්ය.

කෙසේ වෙතත් මෙය රුසියානු විද්‍යාඥයන් හිතාමතාම ගොතන බොරුවක් බවත් එය පිළිගන්නට සූදානම් නැති බවත් ඇමෙරිකානු විද්‍යාඥයන් කිහිපදෙනකුගේම අදහස විය.ඒ කතාව පිළිගන්න බෑ. ඒ ගුවන් යානා, නෞකා ඒ මොහොතේ ඇති වන කාලගුණයේ අයහපත් තත්ත්වයක් මත විපතට පත් වෙනවා විනා ඉන් එහා අතුරුදන් කරවන ප්‍රතික්‍රියාවක් බර්-මියුඩා ත්‍රිකෝණයේ නෑ. එහෙම නම් ඊට වඩා ප්‍රමාණයක නෞකා විපත් ඉන් බැහැර කලාපවල සංකේතාත්මකව සිදු වී තිබෙනවාද? ඇයි ඒ ගැනත් නොකියන්නේ? මේ ඔවුන්ගේ ප්‍රබලම මතයයි. ඒ නිසා මේ අබි-රහස් ආවාට ගැන දැන ගන්නට ඇමෙරිකානුවන්ට අත්‍යවශ්‍ය වී ඇත.කෙසේ වෙතත් මෙම සයිබීරියානු ආවාට කලාපය ජපාන සහ පිලිපීන ධීවරයන් සලකනු ලබන්නේ යක්‍ෂයන්ගේ ත්‍රිකෝණයක් ලෙසටය.

එහෙත් බර්-මියුඩා ත්‍රිකෝණයේදී මෙන්ම මෙම ආවාට කලාපය තුළ ද අසාමාන්‍ය චුම්බක ධාරා මෙන්ම අතුරුදන් වීම් පිළිබඳව ද රුසියානු විද්‍යාඥයන් විමසිල්ලෙන් පසුවීම සුවිශේෂ තත්ත්වයකි.බර්-මියුඩා ත්‍රිකෝණයේද සිදුවන්නේ පොළොව අභ්‍යන්තරයෙන් එන වායුමය තෙරපුමක් නිසා යන්න පිළිගත නොහැකි බව කියන ඓතිහාසික සාධකයක් ද ඇත. එනම් 1492දී ස්පාඤ්ඤ ජාතික දේශගවේෂක ක්‍රිස්ටෝපර් කොලොම්බස් සිය චාරිකා සටහන්වල කියූවකි. ඔහු සටහන් කර ඇත්තේ නව ලොවක් සොයා යන ගමනේදී “සැන්ටා මරියා” නෞකාව බර්-මියුඩා ත්‍රිකෝණයට ආසන්න වෙද්දී නෞකාවේ මාලිමා යන්ත්‍රය අසාමාන්‍ය අයුරින් හැම පැත්තටම කැරකුණු බවය.

හිටිගමන් ක්‍ෂ්තිජය කෙළවරේ දීප්තිමත් එළියක් දුටු බවත් එය ගිනි බෝලයක් මෙන් ඇවිත් මුහුදට වැටී ගිලී ගිය බවත්ය. ඒ නිසා රුසියානු විද්‍යාඥයන් කියන සයිබීරියානු ආවාට ගැන වූ විද්‍යාත්මක කියැවීම ඇමෙරිකානුවෝ විශ්වාස කරන්නේ නැත.එබැවින් සයිබීරියාවේ මෙම අද්-භූ-ත තත්ත්වයක කතා මතුකරවන ආවාටය කිසියම් පිටසක්වළ ජීවීන් පිරිසකගේ ගොඩ බෑමක, ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් දැයි රුසියානුවන් හොර රහසේ අධ්‍යයනය කිරීමෙන් සැක සංකා මතු වන්නේය. ආවාට ග්‍රාහක කඩා පාත් වී සිදුවූයේ නම් ඒ තුළට බැස පර්යේෂණ කළ හැකිය. ඒ තුළට මිනිසුන් නොයවා උපකරණ හරහා පර්යේෂණ කළ හැකිය. එසේ නොකරන්නේ මන්ද? ඊට වෙනත් අබි-රහස් හේතු තිබේ දැයි යන්න තවමත් අබි-රහසකි.