Naifmvlog

Naifm vlog Gossip and News

දුව වෙනුවෙන් ඉදිකර සැණකෙළි පිටිය

මේ ආරංචිය ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් තමයි වාර්තාවන්නේ.තම පවුල සමග නිවාඩුවකට ගොස් සිටි ගෝර්ඩන් මහතා තම බිරිය සහ දරුවා සමග පිහිනුම් තටාකයට ගොස් සිටියා. තම දියය මොර්ගන් එම තටාකයට පැමිණ සිටි තවත් ලාබාල දරුවන් සමග එකමුතු වීමට දැරු ප්‍රයත්නය අසාර්ථක උනා. මොර්ගන් ගේ ආබා-ධිත තත්වය මුහුනේ ඇතම් ඉරියව් වලින් පෙන්නුම් කරනවා. පියකු හැටියට ගෝර්ඩන් මහතාට මේ සිදුවීම දරාගන්න අසීරු දෙයක් වූවා.තම දියණියගේ අවබෝධ ශක්තිය අවුරුදු පහක දරුවෙකුට සීමාවන බව ඔහු නොදන්නා රහසක් නොවේ.

ඇය සිනාමුසු මුහුනින් යුක්ත පුද්ගලයකු වූවද ඇය සමග මිත්‍රශීලීවීමට උනන්දුවූ ආගන්තක දරුවන් ඇතැයී කිව නොහැක.එසේ කල්පනාවට වැටුනු ගෝර්ඩන් මහතාගේ තමදරුවා වැනි අබා-ධිත තත්වයකින් පෙලෙන දරුවන්ට විනෝදවීමට ස්ථානයක් මොලව නොමැති බවත් එවැනි ස්ථානයක් ගොඩනැගිය යුතු බවත් ඔහු තීරනය කලා. කොමොමත් ඔහු සිවිල් ඉංගිනේරුවෙක් ඉතින් ගොඩනැගිලි වන දෑ ගොඩනැගීමට ඔහුට ලොකු ප්‍රස්ණයක් නොවෙයි.ඔහුතම නිවාස ඉදි කිරිමේ ව්‍යාපාරයෙන් නික්මී, ගොර්ඩන් හාර්ට්මැන් පවුල් පදනම පිහිටුවා ගන්තා. එම පදනම ඔස්සේ ඹහු තම දියනිය හා එහා සමාන ආබා-ධිත දරුවන් සිටිනා අනිකුත් පවුල් සදහා උපකාර කිරීම අරභන ලදී.

ඔහු දොස්තර වරුන් හෙදියන්, දෙමවුපියන් යන සියලු දෙනා ගෙන්ම විමර්ෂණය කොට ගත් උපදෙස් එය නිර්මානය කිරීමේදි සැල කිල්ලට අරගත්තාලු. මොකද ආබා-ධිත දරැවන්ට හදනකොට ඒ ඒ ආකාරයට හදන්න වෛද්‍ය උපදෙස් අවශ්‍ය වෙනවානේ.ටෙක්සාස් ප්‍රා‍න්තයේ සැන් අන්තෝනියෝ නගරයේ අක්කර 25ක ඉඩමක් මිලදීගෙන මෙම සතුටු උයනක් ගොඩනැගුවා. එයට නම තිබ්බේ තහ දියනිගේ නම ආස්‍රතවයි. එය මෝරගන් සතුටු උයන වන්නේය.හැබැයි මොර්ගන් රවුමට යන මෙරිගෝරවුන්ඩ් එකේ නගින්න හරි බයයිලු, කියනවනම් ඉතින් සතුටු උයන විවෘත කරලා වසර තුනක් ගතවූ පසු තමයි මෝර්ගන් මෙරිගෝරවුන්ඩ් එකේ පලවෙනි වතාවට රවුමක් ගිහින් තියෙන්නේ.

සතුටු උයන විවෘත කිරීමෙන් අනතුරුව මේ වෙනකොට රටවල් 67කින් සංචාරකයෝ පැමිණ තිබෙනවා. හැබැයි ලාභ ලැබීමක් නම් නෑලු, අවුරුද්දකට රුපියල් මිලියන 100ක විතර පාඩුවක් තියනවාලු. හැබැයි ගෝර්ඩන් එබව දැන හිටියා කියලා තමයි කියන්නේ එක හදන්න කලින්, ඉතින් ඒ අලාභය පදනමට ලැබෙන ආධාර වලින් පියවා ගන්නවා කියලා තමයි ඒ මහත්තයා කියන්නේ.මේ අවුරුදේ එහි වතුර එක්ක සෙල්ලම් කරන්න පුලුවන් ජල ක්‍රිඩා උයනකුත් විවෘත කරා කියලා ගෝර්ඩන් මහත්තයා පවසනවා. මේ ජල ක්‍රිඩාංගනයේ කටයුතු නිම කරන්න රුපියල් බිලියන 1.7 විතර වියදමක් දැරීමට සිදුවී ඇත.මෙම උයනේ අමුත්තන්ගෙන් 75% අබා-ධිත පුද්ගලයන් නොවේ, ඒම කාරනාවද ගොර්ඩන් මහත්තය බලාපොරොත්තුවූ ආකාරයටම සිද්ධ උනා කියලා තමයි කියන්නේ.ඔහු පවසන අන්දමට මෙම උයන ආබා-ධිත අයත් නොවන අයත් එකට සම්බන්ධතා ඇතිකරන්න හැකිවන තැනක්.