Naifmvlog

Naifm vlog Gossip and News

ඇමරිකානු තාරකා විද්‍යාඥයකි

සමහර විට අප නොසිතූ අවස්ථාවලදීද උගතුන් පණ්ඩිතයින් අමන තීරණ ගනු ලබන අවස්ථා ඇත. ඇත්තටම මේ පුවත මහා විද්‍යාඥයකු අතින් සිදුවූ මහා වර-දක් ගැනයි. මිනිසකු අතින් අභ්‍යාවකාශයට යවනු ලැබූ පෘථිවියෙහි දත්ත ඇතුලත් වටිනා සිතියම් 4ක් නිසා අනාගතයේදී පිට-සක්-වලයින් අප පෘථිවිය ආක්‍රමණය කිරීමේ අවදානමක් මතුවී ඇත. එසේ වුවහොත් සිදුවිය හැක්කේ මහා විනා-ශ-යකි. එයින් පිට-සක්-වලයින්ට පෘථිවිය අත්පත් කරගැනීමේ හැකියාවක්ද තිබීමට වැඩි ඉඩකඩක් ඇත. යම් හෙයකින් එය එසේ වුවහොත් ලෝකයෙහි විනා-ශ-ය සිදු විය හැක්කේ විද්වතෙකු අතින් වූ වරදක් නිසා යයිද අපට සිතීමට සිදුවනු ඇත.

ෆ්රෑන්ක් ඩ්රෑක් යනු ලොව සිටින අතිදක්ෂ, කීර්තිමත් ඇමරිකානු තාරකා විද්‍යාඥයකි එමෙන්ම පිට-සක්-වල ජීවීන් ගැන අධ්‍යයන කරනා සුප්‍රසිද්ධ විද්‍යාඥයකි. ඔහු නාසා ආයතනය සමඟ එක්වී මෙම සිතියම් රූ සටහන් සකසා අත්තේ පෘථිවියෙන් එපිට අභ්‍යාවකාශය වෙත යවන රොබෝ තාක්ෂණික අභ්‍යාවකාශ යානා කීපයක් වූ පියොනියර් 10, 11 හා වොයේජර් 1 හා වොයේජර් 2 වෙත යැවීම සඳහාය. ඒ අනුව එම යානාවල ඇතුලත්කර තිබු සිතියම් සටහනෙහි පැහදිලිව අනෙකුත් ග්‍රහ ලෝක අතරෙහි පෘථිවියෙහි පිහිටීම හා එහි පසෙක සිටින ස්ත්‍රී පුරුෂ මිනිස් ජීවීන් දෙදෙනෙකුගේ චිත්‍ර රූපක සටහන් විය. ඒ අතර වොයේජර් යානාවක පෘථිවියෙහි ඡායාරූප, හා ස්වභාවික ශබ්ද ආදියද අන්තර්ගත වී තිබුණි.

එය දකින අසන ඕනෑම ජීවියෙකු අප පෘථිවිය වෙත ආකර්ෂණය වනු නොඅනුමානයි. මේ වනවිට මෙවැනි සිතියම් 4ම පිටත අභ්‍යාවකාශය වෙත පිට වී අවසන්ය. යම් හෙයකින් එය පිටසක්වල ජීවී කොටසක් වෙත ගියහොත් ඔවුන්ට පෘථිවියෙහි පිහිටීම් හා රහස් තවදුරටත් සොයාගැනීමට ඇති ඉඩ කඩ පහසු කෙරෙනු ඇත. තත්පර ගණනක් ඇතුලත දුරදිග නොබලා ගනු ලැබූ එම දුර්වල තීරණයෙහි අවසන් ප්‍රතිපලය භයා-නක එකක් වීමට හැකි බව ඔහුට තේරි ඇත්තේ දැන්ය. මේ සම්න්බන්ධයෙන් පඨක ඔබගේ අදහස් ද අප වෙත යොමු කිරිමට අප ඉඩකඩ සලසා දෙන්නෙමු.