Naifmvlog

Naifm vlog Gossip and News

මතක ශක්තියද වැඩි කෙරෙණු

අප ජිවිතේ සැඳෑ සමයට අවතීර්ණවීමත් සමඟ දිය-වැඩියාව හෝ හෘ-ද රෝ-ග වැළඳී ශරිරය දුර්වලවීමේ ගැටලු වැඩිපුර ඇතිවිය හැකියි. දැන් එයට යම් විසඳුමක් ලබාදිය හැකි අපූරු ක්‍රමවේදයක් සැන් ෆ්රැන්සිස්කෝහි ජෙසී කාර්මසින් විසින් ප්‍රථමවරට අත්හදා බලා තිබෙනවා. ඔහු පවසන අන්දමට මෙය එක්තරා ලෙසකට කණපිට ගැසූ ප්ලාස්ටික් සැ-ත්-කමකි.මෙහිදී නිරෝගී නව යෞවනයින්ගෙන් ලබාගත් රුදිර සාම්පලනයන් වියපත් හෝ දුර්වලවූ රෝගීන්ට පාරවිලයනය කරමින් රුධිර සාම්පල ප්ලාස්මා ලීටර 2.5ක් එන්නත් හරහා ලබාදෙයි.

එහිදි රුධිරයෙහි දියරමය කොටස ඉතිරිකරමින් අනෙකුත් සෛල ඉවත් කිරීමක් සිදු වේ. ඇම්බ්රෝසියාහි මේ සම්බන්ධයෙන් වූ සායන ප්‍රතිකාර පරික්ෂණයක් සඳහා 60 හැවිදිරි වියේ පසු වූ පුද්ගලයින් 100ක් පමණ සහභගිවී තිබුණි.මෙහි ප්‍රතිපලය මඟින් වයසට ගියත් ඔබට නිරෝගී ශාරීරික හා මානසික වශයෙන් යම් නිරෝගී බවක් ලබගැනීමට ඉවහල් වනු ඇත. විශේෂයෙන්ම ඉන් මොළයෙහි හා හදවතෙහි ක්‍රියාකාරිත්වය යම් වර්ධනය වීමක් සිදු කරන බව පැවසේ. එනිසා වියපත් පුද්ගලයින්ගේ මතක ශක්තියද වැඩි කෙරෙණු ඇත.

එහි ප්‍රතිපලය හැමදාටම නොපැවතුණත් ඉන් ඔබට යම් කාලයක් දක්වා නිරෝගීව සිටීමේ භාග්‍යය හිමිවිය හැකි බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.මේවැනි ප්‍රතිකාරයේදී නව යෞවනයෙකුගෙන් රුධිරය සපයාගැනීමකදී සාමාන්‍යයෙන් රු ලක්ෂ 12ක් තරම් විශාල මුදලක් ද වැය වේ.මෙතෙක් සිදු කර ඇත්තේ ප්‍රතිකාරයෙහි යම් අත්හදා බැලීමක් පමණි. එය යම්තාක් දුරට සාර්ථක වීය.කොහොම නමුත් එය 100%ක් ම සර්ථක ප්‍රතිකාරයක් ලෙසට ඔප්පුකරගැනීමට නම් තවදුරටත් සාක්ෂී අත්හදාබැලීම් අවශ්‍ය බවත් පරික්ෂකයින් පෙනවා දි ඇත.