Naifmvlog

Naifm vlog Gossip and News

බැටරිය බැසීම අවම කල හැකි

නවීන ජංගම දුරකතන හා උපාංග බොහෝමයක නිතර බැටරිය ඉක්මණින් බැසයමක් සිදුවීම සම්බන්ධයෙන් වැඩිදෙනකු මැසිවිලි නඟනවා. එයට ඔබ ජංගමය භවිතා කරන කාල සීමාව, එහි ක්‍රියාකාරකම් හේතු සාධක විය හැකියි.කොහොම වුනත් දැන් මෙම කාරණාව ගැන ජංගම දුරකතන නිෂ්පාදකයින්ගේ අවධානය යොමුවී ඇති බවක් ද පෙනී යයි. බොහෝවිට මීලග මාසයේදී ඇපල් සමගම හදුන්වා දීමට බලාපොරොත්තුවන නවතම අයි ෆෝන් එකේ මේ සඳහා විකල්පයක් වන ආකාරයේ බැටරියක් පැමිණිය හැකි බව වැඩි දෙනෙකුගේ මතයකි. ඕනෑම ජංගම දුරකතනයක බැටරියේ ආරෝපණය වැඩිදුරටත් රඳවා ගැනිමට ඔබට යොදා ගත හැකි සූක්ෂම උපක්‍රම කීපයක් තිබේ.

  • සැබවින්ම ඒ ගැන දැනුවත් වීම ඔබට බොහෝ ප්‍රයෝජනවත් විය හැකියි.
  • දැනුම් දීමේ අංගය සීමා කරන්න. ඔබ භාවිතා කරන ඇප් වල එවැනි දැනුම්දීමේ අංගයන් නෝටිෆිකේෂන් බොහෝවිට අනවශ්‍ය විය හැකියි. එනිසා ඒවා ක්‍රියාවිරහිත කරන්න.
  • ඔබට අනවශ්‍ය අවස්ථාවලදී සමාජ ජාල ඇප් ආදිය ජංගම දුරකතන පසුතලය තුල ක්‍රියාත්මක වීම නවතා දමන්න.
  • GPS තාක්ෂණය පහසුකම ක්‍රියා විරහිතව තබන්න.
  • ඔබේ ජංගම දුරකථනයෙහි ආලෝක තත්වය අඩු කර තබන්න.
  • අනවශ්‍ය ඇප් ඉවත් කරගන්න. බහුතරයක් දෙනා විව්ධ ඇප් නොමිලයේ දෙන නිසා ඒවා තමාට අත්‍යවශ්‍ය නොවුවත් ජංගම දුරකථනයෙහි ස්ථාපනය කර තබා ගනිති. එය ඔබෙ බැටරියේ ආරෝපණය බැස යාමට ප්‍රධාන හේතුවක් ලෙසටද බලපායි.
  • ගූගල් ඇසිස්ටන්ට් හෝ සිරී වැනි පහසුකම් විසන්ධි කරන්න.
  • ජංගම දුරකථනයෙහි වයිබ්‍රේටර් ශබ්ද උපයෝගී කරගැනීම හැකිතාක් අවම කර තබන්න.

සම්බන්ධතා කිපයක් එකවර එක වර ක්රියාත්මක කර නොතබන්න. උදහරණයක් ලෙසට ඔබ වයි ෆයි බාවිතා කරන විට ජංගම දුරකථනයෙහි දත්ත හා බ්ලු ටූත් ආදී අනවශ්‍ය ගුවන් මාධ්‍යය භාවිතා කිරීම හෝ දත්ත සේවාව අනවශ්‍ය විට විසන්ධි කර තබන්න වැඩි දෙනෙකු සිතනුයේ මෙය ගුවන් ගමන් සඳහා පමණක් භාවිතා කල යුතු බවකි. නමුත් ඔබට දුරකතනයෙන් වැදගත් පණිවිඩයක් නැතිනම් සම්බන්ධතාවයක් , වයි ෆයි සබඳතාව අනවශ්‍ය අවස්ථා ද තිබිය හැකියි. එවැනි විටකදී මෙම එයාර් ප්ලේන් ප්‍රාකාරය ක්‍රියාත්මක කර තැබීමෙන් බැටරියෙහි ආරෝපණය ඉතිරිකරගත හැකියි.