Naifmvlog

Naifm vlog Gossip and News

දහඩිය හා කඳුලු වැනි ශරිරද්‍රව මගින්

මේ දිනවල ලෝකය පුරාම නොයෙකුත් තාලයේ බැටරි වර්ග අත්හදාබලන වගක් තමයි පෙනෙනට ඇත්තේ.දැන් කිහිප දිනකට කලින් අපි කතා කලා කෙල මගින් පණගැන්විය හැකි බැටරියක් ගැන. දැන් අද කියන්න හදන්නේ දහඩිය සහ කදුලු ගැන. අපේ පැරනි කියමනකුත් තියනවානේ ඔය දහඩිය සහ කදුලු ආශ්‍රිතව.. හැබැයි විද්‍යඥයෝ මෙම ශරීරද්‍රව වලින් පමණක් සීමා කලහොත් හොදයි. ම-ල මු-ත්‍රා වලින් මී-තේන් වායුවක් හදලා එකෙන් ඔරලෝසු පනගන්වනවා කිවේවොත් මම නම් එක ගැන ලියන්නේ නෑ හොදේ.

මේ අතර චීනයේ විද්‍යාඥයන් පිරිසක් තවත් අමුතුම ආකාරයේ බැටරි වර්ග 2ක් අත් හදා බලා තිබෙනවා. ඒ අත් ඔරලෝසු හා වෙනත් වෛද්‍ය උපාංග ආදියට පරිහරණය කරන රෝපණ කරන බැටරි වර්ග 2 කි. අත් ඔරලෝසු ආදියට දැනට භාවිතා කරන බැටරිය විව්ධ පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය අඩංගුයි. නැමුණු හෝ ඇඹරුණු විටකදී එහි ඇති රසායනික කාන්දු වීමක් වුවත් සිදු විය හැකියි.එනිසා එවැනි බැටරියක් භාවිතයෙන් මිනිස් සිරුරටත් , පරිසරයටත් හානියක් විය හැකියි.

මෙම ගැටලුවට විකල්ප විසඳුමක් ලෙසට විද්‍යාඥන් සෝඩියම් පදනම් කරගගත් එනම් සෝඩියම් සල්ෆේට් (Na2-SO4) භාවිතයෙන් ක්‍රියා කරන බැටරියක්, අත්ඔරලෝසු පටියක් ආකාරයට නිපදවලා තියනවා.දැනට පවතින බැටරියේ මෙන් මිනිස් සිරුරට අහිතකර බැර ලෝහ හෝ මළ බැඳීම, දිරායාමට ඇති හැකියාවන් එයින් අවම කෙරෙයි. මෙම නව නිෂ්පාදන බැටරිය 100 වරක් නැමූවද බැටරියට හානියක් සිදුවන්නේ නැත. ඇත්තටම මෙම බැටරිය සෝඩියම් රසායනිකයෙන් ක්‍රියාකරනවානම් නුදුරු අනාගතයේදීම අපට ලුණු මෙන්ම මිනිස් දහඩිය හා කඳුලු වලින් දුවන බැටරියක් වුවද දැක ගැනීමට හැකි වෙයි.

ඒ විතරක් නොවෙයි මෙ අලුත් නැනෝ ටියුබ් බැටරිය සොයාගැනීමත් සමඟ කෙඳි හැඩයේ ඉලෙක්ට්රෝාඩයන් හරහා මිනිස් සිරුරට ප්‍රති-කාරවලදී ඔක්සිජන් ලබාදීමටත් යෙදවිය හැකි බවද ඔවුන් පවසති. රෝ-ගී-න්ගේ ඖ-ෂධ එන්-න-ත කළ නොහැකි ප්‍රදේශ සඳහා එය යොදාගැනීමට හැකිවනු ඇත. ඔක්සිජන් හරණය හරහා පී.එච්(pH) අගයෙහි වෙනස්වීමත් සමඟම ඉන් පි-ලි-කා සෛ-ල හා ව්‍යාධිජනක බැක්ටීරියාවන් නැසිමක් ද සිදුවේ.දැනට සාර්ථක මෙම පරික්ෂණයෙහි කටයුතු, තවදුරටත් ගෙනයමින් තිබෙන නිසා එහි අවසන් සතුටුදායක් ප්‍රතිපලය දැකිමට තවත් කෙටි කාලයක් බලා සිටින්නට සිදු වේ.