Naifmvlog

Naifm vlog Gossip and News

සපත්තු පටි ගැට ගැසීම

ඩිජිටල් තාක්ෂණයේ නවතම ව්‍යාප්තිය සපත්තු කුට්ටම වෙතයි.තවදුරටහ් සපත්තු පටි ගැට ගැසීම වදයක් නොවෙනු ඇත. නයික් යනු ක්‍රීඩා උපකරණ, ඇඳුම් අයිත්තම් හා සපත්තු ආදියට ලොව පුරා ජනප්‍රිය සන්නාමයක් දිනාගත් සමාගමකි. ඉදිරි මාස කීපය තුළඔවුන් තම නිෂ්පාදනවල අලුත්ම විප්ලවීය නිෂ්පාදනයක් හඳුන්වාදීමට සැරසෙන බවක් පෙනී යයි.එය හයිපර් ඇඩප්ට් 0.1 ස්නීකර්ස් මෘදු අඩි සපත්තු කූට්ටමකි. මෙය සාමාන්‍යය සපත්තු කූට්ටමක් නම් නොවෙයි. ඇත්තටම තාක්ෂණික පහසුකම් වලින් යුතු සුපිරිම සපත්තු කූට්ටමකි.

ඔබ මෙය මිලදි ගතහොත් තවත් සපත්තුවෙහි පටි ගැටගැසීමට මහන්සිවිය යුතු නැහැ. එහි ලේස් පටි ආයාසයකින් තොරව ස්වයංක්‍රීයව සවිවීම විශේෂත්වයකි. පහසුකම් සැපයෙනුයේ බැටරියක් සමඟ සම්බන්ධවූ කේබලයක් සංවේදකයක් හා රැහැන් පද්ධතියක ආධාරයෙනි.යම්කිසි අවස්ථාවක පාරිබෝගික භාන්ඩයක යාන්ත්‍රික කොටසක් සම්බන්ධවීමේදී එම යාන්ත්‍රික කොටස් පාරිභොගිකයාට හානි නොවනබව සහතික කිරීම අත්‍යාවශ්ය වන්නේය. එබැවින් ඔස්ට්‍රේලියාව වැනි රටවල මෙම හදුන්වාදීම පමාවීමට ඉඩකඩ තිබෙනු ඇත.ශ්‍රි ලංකාවේ මෙවැනි ස්වාධින සහතිකවල බලපෑමක් ඇති නොවන නිසා ඇතැම්විට ශ්‍රි ලංකාවේ නයිකි ඒජන්තවරු මගින් එම සපත්තුයුවල පමාවීමකින් තොරව ලබාගත හැකිවිය හැක.

මෙම අලුත් සපත්තු කූට්ටම පහසුකම් රැසකින් සමන්විත නිසා එහි මිල වැඩිවිය හැකියි. ලංකාවෙ මුදලින් නම් එය ආසන්න වශයෙන් රු ලක්ෂයක් පමණ වන බව අපගේ ඇස්තමේන්තුවයි. 2017 සප්තැම්බර් හා ඔක්තෝබර් මාසයේදී එය ජපානය, චීනය, උතුරු ඇමරීකාව, ඉතාලිය හා ප්‍රංශය යන රටවල වෙළඳපොළවල් වලට නිකුත් කිරීමට නියමිතයි.එනමුත් ගංවතුර වැනි පාරිසරික ආපදා අවස්ථාවන්හී මෙම සපත්තු යුවලේ යාන්ත්‍රික උපාංග වතුරසමග කොමපණ හොදකින් ක්‍රියාකරනවා ඇත්දැයි සදහන් වී නොතිබුනි. එම නිසා ඔබ එම සපත්තු යුවල මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නේනම් එම කාරනාව පිලිබදව විමසිලි මත්වන්න.