Naifmvlog

Naifm vlog Gossip and News

ආයු අපේක්ෂාව වැඩි රටවල්

මේ රටවල්වල එම රටට ආවේනික වූ කරුනු මත තමයි මේ ආයු අපේක්ෂාව වැඩිවී තිබෙන්නේ. ලෝකයේ සාමන්‍ය වශයෙන් ආයු අපේක්ෂාව අවුරුදු 71 පමණ වනවා. නමුත් මේ ලිපියේ සදහන් රටවල සාමාන්‍ය ආයු අපේක්ෂාව ඊට වඩා ඉහල බව දක්නට ලැබෙනවා. මේ ලිපියට සාදක වන්නේ ලොකයේ තෘප්තිමත් භාවය (World Happiness Report) ගැන පලකල වාර්තාවේ මුල් ස්ථාන උරුම කොටගත් රටවල් කිහිපයක කල සමීක්ෂණයකින් උපුටා ගත් තොරතුරුය.

ජපානය – සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 83 ජපානය කලක්සිටම දීර්ගායු අතරින් පලවන ස්ථානය හිමිකරගත් රටක්. ඔකිනාවා යනුවෙන් හදුන්වන ජපානයේ දකුනු දෙසින් යුතු දූපත් වල වයස අවුරුදු 100 ඉක්මවූවන් 400 ටත් වඩා සිටන බවට වාර්තා වනවා.
මෙම අයු අපේක්ෂාව තිබීමට වැඩි වශයෙන් උදව් වෙන්නේ ඔවුන්ගේ ආහාර වර්ගයි. ඔවුන් වැඩි වශයෙන් ආහාරයට ගන්නේ ටෝෆු සහ බතල. ජපානයට පැමිණෙන විදේශිකයකුට මෙම ආකාරය අත්දැකීමක් විදීමට හැකිවන්නේ ජපන් භාෂාව ප්‍රගුන කොට ගතහොත් පමණි. නැතහොත් පාරම්පරික ආහාරපාන ලභාගැනිමට එවැන්නෙකුට අපහසු වනු ඇත.

ස්පාඤ්ඥය – සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 82.8 ජපානයට වඩා දෂම දෙකක් අඩුයි. ස්පාඥ්ඥන්ගේ ආහාර පාන සහ හැසිරීම් රටා මෙම ජයග්‍රහණයට හේතු සාදක වෙනවා. ඔලිව් ආශ්‍රිතව සකසා ගත් තෙල්, එලවළු සහ වයින් වලින් සමන්විත ඔවුන්ගේ දෛනික ආහාරවේල අනුභව කිරීමට ඔවුන් පැය 3 ක් පමණ ගන්නවා. මන්ද ඔවුන් රාජකාරි ඉටු කරන්නේ කාල සීමා දෙකක් ඇතුලත නිසායි. උදැසන 9 සිට සවස 2 දක්වා, මීලගට සවස 5 සිට රාත්‍රි 9 දක්වාත්ය, එවිට කැම පැයක් නොව කැම තුන් පැයක් හැටියට අර්ථ දැක්වීම කල හැකිය. ඊට අමතරව ඔවුන් පුද්ගලික රථවාහන භාවිතයට වඩා පොදු ප්‍රවාහන සේවා හෝ පාපැදි භාවිතයට ඇලුම් දක්වනවා, පොදු ප්‍රවාහන සේවා භාවිතය නිසා ඇවිදීම වැනි ව්‍යායාම දෛනික ජීවිතයේ අංගයක් හැටියම ඉෂ්ඨ වනවා.

සිංගප්පූරුව – සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 83.1  සිංගප්පූරුවේ ආයු අපේක්ෂාව වැඩිවීමට හේතුව වශයෙන් සදහන් වන්නේ එම රටේ ඇති නිවාරණ ප්‍රතිකාර ක්‍රමයයි. ආරෝග්‍යශාලා වලට පමනක් සීමා නොවුනු මෙම නිවාරණ ක්‍රම සුලුග්‍රාමික ප්‍රරදේශ ආශ්‍රිතව ඉදි කොට ඇති ක්‍රිඩා සහ ව්‍යායාම ආදාරකද හේතු වනවා. සිංගප්පුරුවේ ලදරු මරණ සහ උපතේ දී ඇතිවන මරණ සංඛ්‍යව ශූන්‍යය බැව පැවසුව හොත් කිසිවකු එම කරුණ ප්‍රශ්න නොකරති. මන්ද එය එබැවින්ම දුර්ලභ සිදුවිමක් වන නිසාය. තවද සිංගප්පූරු රජය විසින් මද්‍යසාර සහ සිගරැට් වලට පනවා ඇති අධික බදුද මෙම සුභදායක සෞක්‍යට බලපාන ඇතැයි සමහරු විශ්වාස කරති.

ස්විස්ටර්ලන්තය – සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 81 ස්විස්ටර්ලන්තයේ පිරිමි ලෝකයේ වෙනත් රටකට වඩා වැඩි ආයු අපේක්ෂාවක් ඇති පුරුෂයන් වන්නේය. යුරෝපය අශ්‍රිතව ඇති ධනවත් රටක් හැටියට නම්කළ හැකි ස්විස්ටර්ලන්තයේ සෞක්‍ය සේවා නවීනතම අංගෝපාංග වලින් සමන්විතය. ස්විස්ටර්ලන්ත වාසීහු කේජු සහ කිරි වැඩිපුරම භාවිතා කිරීමට ඇලුම් කරති.

දකුණු කොරියාව – සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 90 දකුණු කොරියාව ආයු අපේක්ෂාවෙන් ලෝකයේ ප්‍රථම ස්ථානය හිමිකර ගන්නේය. කොරියානුවන්ගේ ආයු අපේක්ෂාව වසර 90 ලෙස වාර්තා වන්නේය. දකුනු කොරියානුවන් ගේ රුදිර පීඩනය බටහිර වාසීන් හා සසඳනවිට සැලකිය යුතු ප්‍රමාණයකින් අවමය. ඔවුන් බොහෝවිට අනුභව කරන්නේ පල්වීමට තිබු ආහාර බව එම වාර්ථාවේ සදහන් වන අතර බුද්ධාගම හා ආශ්‍රිත ජීවන ක්‍රමය මෙම වෙනසට සාදක වන බව දකුනු කොරියානුවන් විස්වාස කරති.