Naifmvlog

Naifm vlog Gossip and News

බුද්ධ ධර්මය ලොව පුරා පුළුල් වශයෙන්

ජපානයේ ක්යෝතෝ නගරයේ අවුරුදු හාරසියයක් පැරැණි ශෙන් නිකායික පන්සලක් යෙන් මිලියන 100ක (පවුම් 7,00,000) වියදමින් රොබෝ භික්ෂුවක් නිර්මාණය කරවාගෙන බුදුන් වහන්සේගේ ඉගැන්වීම් දේශනා කිරීම සඳහා එය යොදා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. ‘කැනොන්’ (Kannon) යනුවෙන් හැඳින්වෙන මෙම රොබෝ භික්ෂුව සාම්ප්‍රදායික බෞද්ධ දේවදූතයකුගේ විලාසය පදනම් කොටගෙන නිර්මාණය වී ඇති අතර විශේෂයෙන්ම තරුණ ආකර්ෂණය කර ගැනීම සඳහා යොදා ගනු ලැබේ. 1619දී ක්යෝතෝ නගරයෙහි ඉදි කෙරුණු කොඩායිජි පන්සලේදී මෙම රොබෝ භික්ෂුව ප්‍රථම ධර්ම දේශනාව නොබෝදා පැවැත්වූයේය. මේ නවතම රොබෝ නිර්මාණය, ශෙන් නිකායික පන්සල හා ඔසාකා විශ්වවිද්‍යාලයේ බුද්ධිමත් රොබෝ නිර්මාණ තාක්ෂණය පිළිබඳ මහාචාර්ය හිරෝෂි ඉෂිගුරෝද අතර සම්බන්ධතාවේ විශිෂ්ට ප්‍රතිඵලයකි.

කැනොන් රොබෝගේ හිස, ගෙල, උරහිස් හා අත් පමණක් මිනිස් සමට සමාන වනසේ සිලිකන්වලින් නිමැවුණු ආවරණයකින් වැසී තිබේ. මෙහි උස අඟල් 77කි. බර රාත්තල් 132කි. සිය ශ්‍රාවකයන් දෙස ඍජුව බැලීමට රොබෝ භික්ෂුවට හැකි වනු පිණිසත් ඔවුන් හා ඇසින් සම්බන්ධ වන බවක් ඔවුනට පෙනෙනු පිණිසත් රොබොගේ වම් ඇසෙහි වීඩියෝ කැමරාවක් සවිකර තිබේ. ජපන් බසින් ලියැවී තිබෙන ‘හෘදය සූත්‍ර’ (ඩ්ඥචපබ ඉභබපච) නමැති ධර්ම කොටස් රොබෝ භික්ෂුවගෙන් දේශනා කැරෙන අතර එය විදේශීය සංචාරකයන් සඳහා ඉංග්‍රීසියට හා චීන බස පරිවර්තනය කරනු ලැබේ. මුල් දේශනයත් සමඟම පරිවර්තනත් රොබෝ භික්ෂුවගෙන් ප්‍රකාශ වෙයි.

බුද්ධ ප්‍රතිමා නිර්මාණය වීමත් සමඟ බුද්ධ ධර්මය ලොව පුරා පුළුල් වශයෙන් ප්‍රචාරය වී යැයි කොඩායිජි පන්සලේ වැඩසිටින කෙන්ෂෝ ගෝතෝ නම් භික්ෂුන් වහන්සේ ‘අසාභි’ පුවත්පතට පැවැසූහ. කැනන් රොබෝ භික්ෂුවද විශේෂයෙන්ම තරුණ පරපුරේ හදවත්වල බුදු දහම සමීප කිරීම සඳහා තමන්ට මහෝපකාරි වනු ඇතැයිද කෙන්ෂෝ භික්ෂුන් වහන්සේ කීහ.රොබෝ භික්ෂුවගේ කෘත්‍රිම බුද්ධි පද්ධතිය ර¼දාපවත්නේ කෙනකු යමක් ඉගෙනීමේදී ඔහුගේ මොළය ක්‍රියා කරන ආකාරයට සමාන වීමේ ප්‍රයත්නයක යෙදෙන කෘත්‍රිම උදාසීන ජාලයක් මතය. කථනය, දත්ත හෝ දෘශ්‍ය රූප ඇතුළු තොරතුරු රටා හඳුනා ගැනීමේ ශක්තියක් එම ජාලයට සැපයෙන අතර මෑත අවුරුදු කීපය තුළදී එම කෘත්‍රිම බුද්ධි පද්ධතිය බොහෝ සෙයින් සංවර්ධනය වී තිබේ.

කිසියම් විෂයක් පිළිබඳ පරිගණක විද්‍යානුකූල ගැටලු විස¼දා ගැනීමේ ක්‍රමය, ඇල්ගොරිදම් කෘත්‍රිම බුද්ධි පද්ධතියෙන් ඉගැන්වෙන අතර ඒ පිළිබඳ පරිවර්තනයක්ද ‘ගූගල්’ භාෂාවෙන් ප්‍රායෝගිකව සැපයෙයි. එහෙත් මේ ක්‍රියාදාමය අනුව තොරතුරු දත්ත ගත වීමට බොහෝ වේලාවක් ගත වන හෙයින් එක් වර්ගයක දැනුම් ප්‍රමාණයකට පමණක් එය සීමා වෙයි. එහෙයින් ‘ඇඩ්වසේරියල්්’ (Adversarial) යනුවෙන් හැඳින්වෙන අලුත් වර්ගයක කෘත්‍රිම බුද්ධි පද්ධතියක් සහිත රොබෝවන් දෙදෙනකු එකිනෙකට ප්‍රතිවිරුද්ධව යෙදීමෙන් දෙදෙනාටම එකිනෙකාගෙන් උගත හැකි ක්‍රමයක් සැකැසී තිබේ. කෘත්‍රිම බුද්ධි පද්ධතියෙන් නිකුත් වන දත්ත වඩා වේගවත් කිරීමත් වඩා පැහැදිලි කිරීමත් සඳහා එම ක්‍රියාදාමය යෙදී තිබේ.