Naifmvlog

Naifm vlog Gossip and News

අයිස් තට්ටුව විද අභ්‍යන්තරයට ගොස්

බ්‍රහස්පති ග්‍රහයාගේ සිවුවැනියට විශාලම සඳ වන ‘යුරෝපා’ හිඝන අයිස් තට්ටුව විද අභ්‍යන්තරයට ගොස් පිට සක්-වළ ජීවීන් පිළිබඳව විමර්ශන කිරීම සඳහා Tunnel-bot නම් ප-ර-මානු බලයෙන් බල ගැන්වෙන උපකරණයක් යැවීමට විද්‍යාඥයන් කණ්ඩායමක් සූදානම් වෙනවා. ඒ යුරෝපා සඳේ පරිසරය අනුව යම් ආකාරයක ජීවීන් සිටිය හැකි බව ඔවුන් සැක පළ කරන හින්දා. පර්යේෂකයන් සැක පළ කරන අන්දමට එහි ඝන පෘෂ්ඨයට යටින් ද්‍රව ජලය සැඟව ඇති අතර එහි ජීවින්ගේ පැවැත්මට අවශ්‍ය උෂ්ණත්වය හා රසායනික සංයෝග ඇති බවට ඔවුන් මත පළ කරනවා.

මේ වන විට නාසා ආයතනයේ විද්‍යාඥයන් හා ඉන්ජිනේරුවන් කණ්ඩායමකගේ සැලසුම වී ඇත්තේ බ්‍රහස්පති මතුපිට ඇති ඝන අයිස් පෘෂ්ඨය බිඳගෙන අභ්‍යන්තරයට ගොස් මේ පිළිබඳව විමර්ශනය කිරීමයි.මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකාවේ පැවැති රැස්වීමකදී පර්යේෂකයන් ‘යුරෝපා’හඳේ පෘෂ්ඨය මෘදු බවට පත් කරමින් එහි අභ්‍යන්තරයට යා හැකි ප-ර-මානු බලයෙන් ක්‍රියාත්මක වන Tunnel-bot නම් උපකරණය පිළිබඳව අදහස් ඉදිරිපත් කොට තිබෙනවා.

මෙම උපකරණයට පෘෂ්ඨය සිදුරු කරගෙන එහි ඇතුළටම යමින් එහි පවතින බවට සැක කෙරෙන සාගර හා විල් මෙන්ම ජීවීන් පිළිබඳව ඊට සම්බන්ධ කොට ඇති ප්‍රකාශ තන්තු (fiber-optic) කේබලය ආධාරයෙන් මතුපිටට එවිය හැකි අතර මේ ආකාරයේ කිලෝමීටර් 15 දක්වා පෘෂ්ඨය තුළට ගොස් මතුපිටට තොරතුරු සන්නිවේදනය කිරීමේ හැකියාව එයට තිබෙනවා. යම් හෙයකින් එය ජලය සහිත අවකාශයකට පතිත වුවහොත් ඒ මත පාවීමේ හැකියාවෙන්ද එය යුක්තයි. කෙසේ හෝ තවමත් මෙය සාකච්ඡා මට්ටමෙන් පවතින අතර Tunnel-bot උපකරණය සඳහා නිශ්චිත ආකෘතියක් තවමත් සැලසුම් කොට නැහැ.