Naifmvlog

Naifm vlog Gossip and News

පුද්ගලයන් වයස්ගත වීමට එරෙහි

සමුරායි සටන්කරුවන් සාම්ප්‍රදායික වශයෙන් අනුභව කරන ජපන් ශාකයක් තුළ, පුද්ගලයන් වයස්ගත වීමට එරෙහි රහසක් සැඟ වී ඇතැයි විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. “අෂිකබා” යනුවෙන් ජපන් බසින් හැඳින්වෙන මෙම ශාකය තුවාල සුව කිරීම සඳහාත් ආ-සා-දනයන් වැළැක්වීම සඳහාත් යෝග්‍ය ඔෟෂධයක් වශයෙන් බොහෝ කාලයක් තිස්සේ යොදා ගැනිණි. මෙය කප්පාදු කරනු ලැබූ විට ඉතාම ඉක්මනින් යළි වැඩෙන හෙයින් මෙය “ටුමෝරෝස් ලීෆ්” (Tomorrow’s Leaf) යනුවෙන්ද හැඳින්වෙයි.මිනිසුන්ගේත් වෙනත් විවිධ ජීවීන්ගේත් සිරුරුවල සෛ-ල ආරක්ෂා කිරීමේත් මිනිසා ඇතුළු සියලු ජීවීන් වයස්ගත වීම ප්‍රමාද කිරීමේත් ශක්තියෙන් යුත් අසාමාන්‍ය රසා-යනික සං-යෝගයක් අෂිකබා ශාකයෙහි අඩංගු බවද විද්‍යාඥයෝ සඳහන් කරති. ඔවුන් කියන පරිදි සෛ-ල පිරිසුදු කිරීමත් අවශ්‍ය විටදී ඒවා ප්‍රතිචක්‍රියකරණයට භාජන කිරීම හා අනවශ්‍ය ලෙස වර්ධනය වුවහොත් නොයෙක් රෝගවලට හේතු විය හැකි අනවශ්‍ය සෛ-ල බැහැර කිරීමත් යන වැදගත් මෙහෙවර එම රසා-යනික සං-යෝගයෙන් ඉටු වෙයි.

පලදායක වන මුත් ඇතැමුන්ට ප්‍රසන්න නොවන ආහාර අනුභවය හා ගතිපැවැතුම් වුවමනා නොවන තැනට ජීවීන්ගේ සිරුරු හැඩ ගස්වන මෙම සංයෝගයේ වයස්‍ය, විරෝධී චිකිත්සාව හඳුනා ගැනීම දැන් තමන්ගේ කාර්ය භාරය වී ඇතැයි පර්යේෂකයෝ ප්‍රකාශ කරති.අෂිකබා ශාකයේ පත්‍රවල “4 – ඩිමෙතොක්සිකැල්කන්” (4 – Dimethoxychalcone) නමැති රසා-යනික සං-යෝගය අඩංගු බව, ඔස්ටි්‍රයාවේ ග්‍රෑස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෆ්‍රැන්ක් මේඩියෝ විසින් මෙහෙයැවුණු පර්යේෂක කණ්ඩායම විසින් සොයා ගන්නා ලදී. මෙය DMC යන කෙටි නාමයෙන්ද හැඳින්වෙයි. දීර්ඝායුෂ හා ශාරීරික සෞඛ්‍ය සඳහා මෙම ශාකය ඉතා ප්‍රබල අන්දමින් හේතු වන බවට ආසියාතික රටවල දේශීය වෛද්‍යවරුන් අතර දීර්ඝකාලීන විශ්වාසයක් පැවැති අතර යථෝක්ත රසා-යනික සං-යෝගයෙන් ඒ සඳහා විශාල මෙහෙවරක් ඉටු වී ඇතැයි විද්‍යාඥයෝ අදහස් කරති. DMC රසා-යනික සං-යෝගය චිකිත්සක විද්‍යානුකූලව මිනිස් සිරුරු සඳහා උපයෝගී කර ගැනීමේ අපේක්ෂාව මෙයින් වඩාත් ප්‍රබල වේ යැයි මේ පිළිබඳව අධ්‍යයනයේ කර්තෘවරු “නේචර් කොමියුනිකේෂන්” (Nature Communication) සඟරාවට ප්‍රකාශ කළහ.

සතුන් පිළිබඳ පරීක්‍ෂණවලදී පොදු වශයෙන් යොදා ගැනෙන මුහුන් සෛ-ල කෙරෙහි DMC රසා-යනික සං-යෝගය බලපාන ආකාරය සොයා ගැනීමේ අධ්‍යයනද ඔවුහු ආරම්භ කළහ. වයස්ගත වීමට හේතුවන සාධකවලින් මුහුන් සෛ-ල මෙම රසා-යනික සං-යෝගය විසින් ආරක්ෂා කරනු ලබන බවත් සෛ-ල ආරක්‍ෂා කරන අනෙක් සියලු -යනික සං-යෝග හා සමානවම හෝ ඒවාටද වඩා හොඳින් මෙම (DMC) සංයෝගයෙන් ඒ මෙහෙවර ඉටු වන බවත් තහවුරු කර ගැනීමට විද්‍යාඥයන්ට හැකි විය. වයස්‍ය විරෝධී ඔෟෂධයක් මෙම ශාකයේ උපයෝගිතාවෙන් නිෂ්පාදනය වීමේ සලකුණු පහළවේගෙන එන අතර වෘද්ධතාවට හේතු වන ඇතැම් සෛ-ල සිරුරෙන් ඉවත් කරන කොක්ටේල් පානයක් නිපදවීමේ මූලික කටයුතු කෙරෙහි විද්‍යාඥයන්ගේ අවධානය දැනටත් යොමු වී තිබේ. වෘද්ධතාව ඇති කරන ඇතැම් සෛ-ල සජීවීව එහෙත් අක්‍රියව පවත්නා නමුත් ඒවා සන්ධි ප්‍රදාහයේ (ඉදිමීම) පටන් අකාල වෘද්ධතාව දක්වා සියලු රෝගවලට සම්බන්ධ බව පමණක් නොව මාරාන්තික පෙණහලු රෝගවලට හා පුප්ඵුශීය ධමනිවල දාහය හට ගන්වන ව්‍යාධිවලට හේතු වන බවද තහවුරු වී තිබේ.මෙම අධ්‍යයනවලදී පර්යේෂකයන් රෝගීන් 14 දෙනකුට “ස්ප්‍රයිසල්” (Sprycel) නමැති පිළිකා මර්දන ඔෟෂධ දුන් අතර සති තුනක් ඇතුළත එම රෝගීහු විස්මය දනවන අන්දමින් ක්‍රියාකාරී වූහ.

මෙම ගවේෂණවල ප්‍රතිඵල “ලැන්සට්” පරිගණක නාළිකාවේත් “ඊ- බයෝ මෙඩිසින්” (E Bio Medicine) ප්‍රකාශනයේත් ඇතුළත් විය. මේ ඔස්සේ පර්යේෂකයන්ගේ අවධානය වෘද්ධතාව නිසා හට ගන්නා රෝග වැළැක්වීමේ නව ඉලක්ක කෙරෙහිද යොමු වෙමින් තිබේ.පර්යේෂකයෝ ඉන් අනතුරුව “ඩිමොතොක්සිකැල්කන්” රසා-යන සං-යෝගය පණුවන් හා පලතුරු මැස්සන් කෙරෙහි බලපාන ආකාරය පරීක්ෂා කළහ. වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණවලදී අනුගමන කැරෙන පොදු පරීක්ෂණ විධිය අනුව ඔවුහු එසේ කළහ. එම පර්යේෂණයේදී යෙදුණු ඩිමෙතොක්සිකැල්කන් ප්‍රතිකාරයෙන් එම පණුවන්ගේ හා පලතුරු මැස්සන්ගේ මධ්‍යම ආයු ප්‍රමාණය සියයට විස්සකින් වැඩි විය. එය ඉතා විස්මයජනක සිද්ධියකයැයි පර්යේෂකයෝ කීහ. මීයන්ගේ හෘදය සෛ-ල ස්වයංපෝෂණ ක්‍රියාදාමයක් මඟින් ආරක්ෂාකාරී වීමටද මෙම රසා-යන සං-යෝගය උපකාරී වූ අතර එම ක්‍රියාදාමයේ දී හානියට පත් සෛ-ල සිරුරෙන් බැහැර වී නව සෛ-ල උපදවන බවත් ඒ සඳහාද මෙම රසා-යන සං-යෝගය බෙහෙවින් උපකාරී වන බවත් අධ්‍යයනයේදී තහවුරු විය.මෙය පවිත්‍රකාරක හා ප්‍රතිචක්‍රිකාරක ක්‍රියාදාමයක් බවත් ඒ මඟින් අනවශ්‍ය හා අමතර ද්‍රව්‍ය විශේෂයෙන්ම අනවශ්‍ය ලෙස එක් රැස් වූ ප්‍රෝටීන ආදිය බැහැර කෙරෙන බවත් මහාචාර්ය ෆ්‍රෑන්ක් මේඩියෝ ප්‍රකාශ කරයි. කෙනකු වයස්ගත වීමේදී මනා සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීම සඳහා මෙම පවිත්‍රකාරක ක්‍රියාදාමය ප්‍රධාන වශයෙන්ම හේතු වෙයි.

සෛ-ලවල හානියට පත් කොටස වහාම සාර්ථක ලෙස බැහැර කිරීමට එම සෛ-ල අසමත් වුවහොත් ඒවා වර්ධනය වීමෙන් පිළිකා දක්වා නොයෙක් රෝග හට ගනී. මද්‍යසාර නිසා අක්මාවට සිදු වන ඇතැම් හානි වැළැක්වීමේ ශක්තියක් ඩිමොතොක්සිකැල්කන් රසා-යන සං-යෝගයෙහි අඩංගු බවද මෙම පර්යේෂණයේදී පෙනී ගොස් ඇත.පර්යේෂක කණ්ඩායම වර්ග කීපයක මිනිස් සෛ-ල කෙරෙහි මෙම රසා-යනික සං-යෝගය බලපාන ආකාරයද පරීක්ෂා කළ අතර වෘද්ධතාවට හේතුවන සෛ-ලවල ක්‍රියාකාරිත්වය වැළැක්වීමෙන්, වයස පමා කිරීමේ ශක්තියක් එහි තිබෙන බව ඔවුනට දැන ගත හැකි විය. බෙදී යෑමට හෝ සිරුරෙන් බැහැර වීමට හෝ අසමත්ව පරිහානියට පත්වන සෛ-ල වෘද්ධ-තාකාරක සයිල (Senescence) යනුවෙන් හැඳින්වෙයි. මෙම ගවේෂණවලදී මීයන් උපයෝගි කොට ගෙන වෙනමම අධ්‍යයනයක් කරන ලද අතර “4 – ඩිමෙතොක්සිකැල්කන්” යනු වයස්‍යයට එරෙහි හා හෘදය සෛ-ල ආරක්ෂා කරන රසා-යනික සං-යෝගයක් වශයෙන් හඳුනා ගැනිණි. මෙම රසා-යනික සං-යෝගය මිනිස් සිරුරුවල යෙදිය හැකි බව ගවේෂණයේදී පෙනී ගිය නමුත් එසේ කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් සායනික පරීක්ෂණ සිදු කිරීමට තමන් වග බලා ගත යුතුව ඇතැයි මහාචාර්ය මේඩියෝ ප්‍රකාශ කරයි.

ආහාර රටා, උපවාස, බෙහෙත් පෙති වර්ග, ශාරීරික ව්‍යායාම් හා රසා-යනික සංයුති යනාදිය වයස්‍ය විරෝධී සාධකවලට හේතු වෙතැයි මින් කලකට පෙර විද්‍යාවෙන් දක්වුණු නමුත් මෑත කාලීන ගවේෂණවලින් තහවුරු වන්නේ ඒ සඳහා වෛද්‍ය විද්‍යානුකූල විකල්ප පර්යේෂණ මඟින් සපයා ගත යුතු බවයි. ආහාර රටා සහ දෛනික ක්‍රියාකාරකම්ද දීර්ඝායුෂ කෙරෙහි බලපායි යන්න බැහැර කළ නොහැකි නමුත් හැම කෙනකුටම ඒවා අනුගමනය කිරීමට අවස්ථාව සහ පහසුකම් නොලැබෙන බවද බැහැර කළ නොහැකි කරුණකැයිද මෙම ගවේෂණ ප්‍රතිඵල ඇතුළත් ප්‍රකාශනයෙන් දැක්විණි.මිනිස් මොළයේ උෟනතා සහ පිළිකා සාධක වැළැක්වීමේ ශක්තියෙන් යුත් “ෆ්ලේවනොයිඩ්ස්” (Flavonoids) නමැති රසා-ය-න ද්‍රව්‍යයද ඩිමෙතොක්සිකැල්කින් රසා-යන සං-යෝගයෙහි අඩංගු බවත් පර්යේෂකයන්ට දැනගත හැකි වී තිබේ. වයස්ගත වීමට හේතු වන සෛ-ල වි-නා-ශ කිරීමේ ස්වාභාවික ශක්තියෙන් යුත් රසා-යනයක් සහිත කිසියම් අතුරු ශේ්‍රණියක් ෆ්ලේවනොයිඩ් රසා-යන ද්‍රව්‍යයෙහි අඩංගුව තිබේදැයි දැන ගැනීම සඳහා පර්යේෂකයෝ මෙම ගවේෂණයේදී එහි අඩංගු අතුරු සංයුති 180ක් වෙන් වශයෙන් පරීක්ෂණ කළහ. මැලේරියාව හා ලියුකේමියා යන රෝග පිළිබඳ අධ්‍යයනවල පමණක් උපකාරි විණැයි මුලදී සැලකුණු ඩිමොතොක්සිකැල්කන් රසා-යනික සං-යෝගය අෂිකබා ශාකයෙහි හැර අන් කිසිදු මූලාශ්‍රයක නැති බව පර්යේෂකයන්ට පෙනී ගොස් ඇති හෙයින් ඒ අතින් එම ශාකයට විශේෂත්වයක් හිමි වෙයි. ජපානයේ සමුරායි සටන්කරුවන්ගේ දෛනික ආහාරයේ අනිවාර්ය කොටසක් බවට පත්ව තිබෙන අෂිකබා ශාකය බි්‍රතාන්‍යයෙහි දක්නට නොලැබේ.