Naifmvlog

Naifm vlog Gossip and News

විදුලි බලයෙන් පියාසර කරන ගුවන් යානා

ගුවන් යානා නිපදවීම පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අනාවැකි පළ කරන අන්දමට වසර 2050 පමණ වන විට වර්තමානයේ භාවිත වන වාණිජ ගුවන් යානා සංඛ්‍යාව හත් ගුණයකින් පමණ ඉහළ යනු ඇතැයි අපේක්ෂිතයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස බරපතළ පාරිසරික ගැටලුවක් පැන නැඟෙන අතර ඉන් වැළකීම සඳහා දැනට පවතින ගුවන් යානා සැලසුම්වල විප්ලවීය වෙනසක් සිදු කිරීම සඳහා ලොව පුරා ගුවන් යානා ඉන්ජිනේරුවන් මේ වන විට උත්සාහයන් අරඹා තිබෙනවා.පසුගිය වසර 50ක කාලය තුළ ලෝකය අන්තර් වශයෙන් සම්බන්ධ වීම ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර යුරෝපයේ පමණක් වාර්ෂික ගුවන් ගමන් වර්ධනය 3.9%කින් ඉහළ ගොස් තිබෙනවා. අඩු මිල අඩු ගුවන් ගමන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් ආසියාකරයේද විශේෂයෙන් සති අන්තයේ ගුවන් ගමන් සංඛ්‍යාව ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස වාර්ෂික ගුවන් ගමන් සංඛ්‍යාවේ ඉහළ යෑම සටහන් වන්නේ 5.3%ක් ලෙසයි.

මෙය අනාගතයේදී තවත් ශීඝ්‍රයෙන් ඉහළ යන අතර එහි ප්‍රතිඵලයක් ලෙස කාබන්-ඩයොක්සයිඩ් වායු ගෝලයට නිකුත් වීමේ ප්‍රතිශතයද සිවු ගුණයකින් පමණ ඉහළ යෑමේ අව-දානමක් මතුව තිබෙනවා. මේ තත්ත්වයට පිළියමක් ලෙස ගුවන් යානා ඉදි කිරීමේ කර්මාන්තයේ අවධානය යොමුව ඇත්තේ වඩාත් හරිත හිතකාමී, කාබන්-ඩයොක්සයිඩ් සහ නයිට්‍-රජන් ඔක්-සයිඩ් අඩංගු වායූන් නිකුත් නොකරන විදුලි බලයෙන් පියාසර කරන ගුවන් යානා නිපදවීම කෙරෙහිය. මෙහිදී බලාගාරවලින් යානාවලට අවශ්‍ය බල ශක්තිය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමුව ඇති අතර ඒ සඳහා ප්‍රධානතම තාක්ෂණික බාධාවක් වී ඇත්තේ අවශ්‍ය තරම් බල ශක්තිය ගබඩා කර ගත හැකි බැටරි නිපදවීමයි.මෙබඳු බැටරි නිපදවීම කෙරෙහි අවධානය යොමු කරන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් පවසන අන්දමට කිලෝග්‍රෑමයට බල ශක්තිය වොට් පැය 400ක් ගබඩා කරගැනීමේ හැකියාවෙන් යුත් බැටරි නිපදවීමට හැකි නම් මේ ගැටලුව ජය ගැනීමේ හැකියාව තිබෙනවා.

වසර 1994 වන විට ලීතියම් අයන් බැටරිවලට කිලෝග්‍රෑමයට වොට් පැය 113ක් ධාරිතාවක් ගබඩා කරගැනීමේ හැකියාව පැවැති අතර 2004 වන විට එය කිලෝග්‍රෑමයට වොට් පැය 202 දක්වා ඉහළ නැංවීමේ හැකියාව උදා වී තිබුණා. මේ වන විට එය කිලෝග්‍රෑමයට වොට් පැය 300 දක්වා ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මේ අනුව එළැඹෙන දශකයේදී එය කිලෝග්‍රෑමයට වොට් පැය 400 දක්වා වර්ධනය කර ගැනීමේ හැකියාව උදා වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.මේ සඳහා වන තවත් විකල්පයක් වන්නේ සූර්ය පැනල ආධාරයෙන් ජනනය කර ගන්නා බල ශක්තිය භාවිත කිරීමයි. මෙය බල ශක්තිය උත්පාදනය සඳහා පවතින ලාබදායීම ක්‍රමයද වෙනවා. මේ අනුව තවත් දශක දෙකකින් හෝ තුනකින් පොසිල ඉන්ධන භාවිතයෙන් ගුවන් යානා පියාසර කිරීම සම්පූර්ණයෙන්ම පාහේ නතර වනු ඇති බවයි, ගුවන්යානා ඉංජිනේරුවන්ගේ අදහස වන්නේ.එසේම මෙම අලුත් බල ශක්තීන් යොදා ගෙන ගුවන් යානා නිපදවීමේදී එහි ව්‍යුහයද නව බල ශක්තීන්වල ක්‍රියාකාරිත්වයට සාපේක්ෂව වෙනස් කිරීමේ අවශ්‍යතාවද මතුව තිබෙනවා.

විදුලි බලයෙන් ක්‍රියාත්මක වන ගුවන් යානාවලට දැන් පවතින ආකාරයේ ගුවන් යානා තිරස්ව ඉදිරියට තල්ලු කිරීම සඳහා යොදා ගැනෙන Gimbal Propulsion පද්ධතිය අවශ්‍ය නොවන නිසා ගුවනට එසවීම සඳහා භාවිත වන යන්ත්‍ර, සුක්කානම් පද්ධති හා යානය පාලනය කිරීම සඳහා වන පසුපස පියාපත් එම යානාවල අන්තර්ගත වන්නේ නැහැ.මෙහිදී වායුගතික කාර්යක්ෂමතාව සඳහා යානයේ පියාපත්වල හැඩයද වෙනස් කිරීමේ අවශ්‍යතාවද මතු වෙනවා. ඒ සඳහා නාසා ආයතනයද ඇතුළුව ලොව පුරා ගුවන් යානා නිපදවීමේ යෙදී සිටින බොහෝ ආයතන විවිධාකාරයේ ගුවන් යානා සැකිලි පිළිබඳව අත්හදාබැලීම්වල නිරතව සිටිනවා.සුප්‍රකට නාසා ආයතනය මේ දිනවල සැලසුම් කරමින් සිටින්නේ X-Plane නැමති සංකල්පයේ ගුවන් යානා නිර්මාණය කිරීම සඳහායි. මෙහිදී සැකිල්ලේ බර ප්‍රමාණය අවම කිරීම තුළින් විකල්ප බල ශක්තීන් භාවිත කිරීම කෙරෙහි ඔවුන් වැඩි සැලකිල්ලක් දක්වා තිබෙනවා. එසේම ශබ්ද දූෂණය අවම කරගැනීම සඳහාද ඔවුන් මුල් තැනක් දී තිබෙනවා. මේ අනුව දැනට අත්හදා බැලීම් සිදු කෙරෙන ඔ-54 නම් සුපර් සොනික් වේගයෙන් ධාවනය කළ හැකි ගුවන් යානයක් ශබ්දයේ වේගය ඉක්මවා යාමේදී නිකුත් වන අධික ශබ්දයෙන් (Sonic Boom) තොරව නිර්මාණය කිරීමේ හැකියාව ඔවුන් උදාකරගෙන තිබෙනවා. එබැවින් මේ වන විට භාවිතයෙන් ඉවත් කොට තිබෙන සුපර්සොනික් ගුවන් යානා නැවතත් බිහි වීමේ පෙරනිමිතිද මේ වන විට පහළ වී හමාරයි.