Naifmvlog

Naifm vlog Gossip and News

විශාලතම ගෝරිල්ලා මිහිතලයෙන්

ලෝකයේ විශාලතම ගෝරිල්ලාට ජාලයකින් බද්-ධ වුණු ඇඟිලි සහිත පාද උරුම වී තිබෙන්නේ එම ගෝරිල්ලන් ගහනය අතින් අඩු වේගෙන යන ගෝරිලි වර්ගයක් සමඟ සහභිජනනය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් යැයි අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. ‘ගේ‍රා්වර්ගේ ගෝරිල්ලා’ යනුවෙන් හැඳින්වෙන සත්ත්වයාට බද්-ධ ඇඟිලි උරුම වීමට හේතුව වන හානිකර ජා-න වි-කෘ-තිතාව සහිත උපත් ගත වූ අවුරුදු 100 තුළ බෙහෙවින් වර්ධනය වී තිබේ. උසින් අඩි 6ක්ද බරින් රාත්තල් 460ක්ද වන වානර විශේෂ තීරණාත්මක වශයෙන්ම ඉතා අනතුරුදායක තත්ත්වයකට පත්ව සිටින අතර එම පිරිමි සතුන්ගේ සරු බව හා ප්‍රති-ශ-ක්තිය අහෝසි වීම ඊට හේතු වී තිබේ.අවුරුදු 100කට අෑත කාලයේ පටන් මේ දක්වාම කොංගෝ වනාන්තර නිජ භූමිය කරගෙන සිටින ප්‍රිමාටයන්ගෙන් හෙවත් පූර්වජයන්ගෙන් ගන්නා ලද ජා-න හෙවත් ප්‍රවෙණ්‍යාණු සංසන්දනය කිරීමෙන් මෙම අධ්‍යයනය කරන ලද්දේය. සියවස් ගණනක් තිස්සේ මෙම සතුන්ගේ වාසස්ථාන බවට පත්ව තිබුණු බිම් මිනිසුන්ගේ පරිහරණය සඳහා යොදා ගැනීමත් විවිධ හේතු මත එම සතුන්ගේ වාසභූමි විනාශ වීමත් නිසා මෙම පූර්වජයන්ගේ ගහනය මෑත දශක කිහිපය තුළදී සියයට 80කින් අඩු වී තිබේ.

ප්‍රවෙණ්‍යාණු වි-කෘ-තිය හේතු කොට ගෙන හට ගත් රෝග නිසා මෙම විශාලතම ගෝරිල්ලා මිහිතලයෙන් සහමුලින්ම තුරන් වී ඇත. ගේ‍රා්වර්ස් ගෝරිල්ලාගේ ප්‍රවෙණ්‍යාණු විවිධත්ව පරම්පරා කිහිපයක් තුළදී ඉතාම වේගයෙන් හීන වේගෙන ගොස් ඇති බව තමන්ට දැන ගන්නට ලැබිණැයි මෙම අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ ස්වීඩනයේ අප්සැලා විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්‍ෂක, නෙම්වැන් ඩි වෝක් පැවැසීය. පරිසරයේ සිදු වුණු වෙනස්කම්වලට අනුවර්තනය වීමට ගේ‍රා්වර්ස් ගෝරිල්ලාට නුපුළුවන් වීමද ඊට හේතු වී ඇති බවද ප්‍රවෙණ්‍යානු සංසන්දනයේදී පෙනී ගොස් ඇත.මේ සත්ත්ව ගහනය කෙමෙන් හීන වේගෙන යද්දී අවසාන පරම්පරා දෙක තුන තුළ හට ගත් හානිකර ජා-න වි-කෘ-තිතාවක් මොවුන්ගේ වඳ වීම වේගවත් වීමට හේතු වී ඇති බවද මෙම අධ්‍යයනයේදී විද්‍යාඥයන්ට දැන ගත හැකි විය. එමපමණක් නොව ගෝරිල්ලාගේ ඇඟිලිවල වර්ධනය හා සම්බන්ධ ජා-නවල ක්‍රියාකාරීත්වය හීන කරන ජා-න වි-කෘ-තියක් හඳුනා ගැනීමටද පර්යේෂකයන්ට හැකි වූ අතර වර්තමාන ගෝරිල්ලන්ට බද්ධ ඇඟිලි උරුම වූයේ කෙසේද යන්න පිළිබඳ යම් හෝඩුවාවක්ද එයින් දැක්වෙතැයි පර්යේෂකයෝ කියති. වර්තමාන ගෝරිල්ලන්ගෙන් ගන්නා ලද හා සියවසකට පෙර ගෝරිල්ලන්ගෙන් ගන්නා ලදුව කෞතුකාගාරවල තැන්පත්ව තිබුණු ප්‍රවෙණ්‍යාණු වර්ග 11ක් මෙම අධ්‍යයනයේදී ජාත්‍යන්තර පර්යේෂකයන් විසින් සංසන්දනය කරන ලද්දේය.

වර්තමාන හානිකර ජා-න වි-කෘ-තියෙන් විශේෂයෙන්ම අවධාරණය වන්නේ ගේ‍රා්වර්ස් ගෝරිල්ලන් ගහනයේ අඩු වීම අනෙක් අතට වෙනස් විය යුතු බව හෙවත් ඔවුනගේ ගහනය වර්ධනය විය යුතු බවට යැයි මෙම අධ්‍යයනයේ සම කර්තෘ ස්වීඩනයේ ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය ලෝව් ඩැලන් ප්‍රකාශ කරයි. ගේ‍රා්වර්ස් ගෝරිල්ලන්ට බෙහෙවින් සමාන කඳුකර ගෝරිල්ලන් තුළ අදාළ කාලය තුළ එවැනි ජා-න වි-කෘ-තියක් සිදුවී නැතැයිද පර්යේෂකයෝ ප්‍රකාශ කරති. අවුරුදු 100කටද අධික කාලයක් පුරා ඔවුන්ගේ ජා-නවල ජීවිකාව නොවෙනස්ව පැවැතී ඇතැයිද ඔවුහු කියති.ලෝකයේ දැනට සිටින පූර්වජයන් වර්ග 504න් වැඩිම කොටසක් ඔවුන්ගේ අවසාන කාලයට පැමිණ ඇති බවත් ඉන් තුනෙන් දෙකක් දැනටමත් මිහිමතින් තුරන් වීමේ තර්ජනයට මුහුණ පා සිටින බවත් මුළු සත්ත්ව ගහනයෙන් සියයට 75ක් සංඛ්‍යාව අතින් කෙමෙන් අඩු වේගෙන යන බවත් 2017 ජනවාරියේ ප්‍රකාශයට පත් වුණු අධ්‍යයනයක ප්‍රතිඵලවලින් දැක්විණි. කෘෂි කර්මාන්තය සඳහා යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීම, ගව පට්ටි ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම, තෙල් ගෑස් ගවේෂණ ව්‍යාපෘති ව්‍යාප්ත වීම, වේලි ඉදි වීම හා මාර්ග පද්ධති ව්‍යාප්ත වීම යන සාධක පූර්වජ වර්ගවල පරිහානියට ප්‍රධාන වශයෙන්ම බලපා ඇතැයි පර්යේෂකයෝ සඳහන් කරති. වානර ගණයට අයත් සමහර සතුන් ම-ස් පිණිස ම-ර-නු ලැබීමත් කාලගුණ විපර්යාස රෝග ව්‍යාප්තියත්් මෙම ජීවීන්ගේ විනාශයට හේතු වී තිබේ.

ජනප්‍රිය ආහාර වර්ග සඳහා බහුලව භාවිත කරන ෆාම් තෙල් නිෂ්පාදනයට අවශ්‍ය ගස් වගාවේ ව්‍යාප්තිය ඉන්දුනීසියාවේද, රන් හා මැණික් පතල් ව්‍යාප්තිය මැඩගස්කරයේද පූර්වජයන්ගේ ජීවිතවලට හානිකර සේ බලපා ඇත. මෙම ජීවීන් පිළිබඳ අධ්‍යයනයෙහි යෙදුණු විද්වතුන් තවදුරටත් සඳහන් කරන පරිදි දැව සඳහා දිනෙන් දින වර්ධනය වන ඉල්ලුම සපුරාලීමට හා කෘෂිකාර්මික කටයුතු සඳහා වැසි වනාන්තරවල පවා ගස් කැපීමත් එම වනාන්තර එළි කිරීමත් ඒවායෙහි වෙසෙන පූර්වජයන්ගේ ජීවිතවලට මාරාන්තික තර්ජනයක් වී තිබේ.අවුරුදු 5000 – 10000 අතර කාලයකට ඉහතදී ගේ‍රා්වර් ගෝරිල්ලාගේ ගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති අතර කඳුකර ගෝරිල්ලා එම කාලය තුළ දුර්ලභ ගණයේ සතකු බවට පත්වී ඇත. ඔවුන්ගේ ගහනය විසි වැනි සියවසේදී වර්ධනය වීම ආරම්භ වන්නට කලින් ඔවුන් කෙරෙහි බලපෑ ජා-න වි-කෘ-තිය බැහැර කරන්නට ස්වාභාවික ම-ර-ණ-යට ඉඩ ලැබෙන්නට ඇත. වඳවීමේ අනතුරට මුහුණ පා සිටින ජීවීන්ගේ ජා-න-වල සිදුව ඇති වෙනස්කම් පිළිබඳ යථා තත්ත්වය ඉතා හොඳින් නිරීක්‍ෂණය කිරීමට මහෝපකාරී වන අතුල්‍ය නිදර්ශක ඉතිහාසය පිළිබඳ තමන්ගේ කෞතුකාගාරයෙහි තිබේ යැයි මෙම අධ්‍යයනයේ සම කර්තෘවරියක වූ අප්සැල විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය, ආචාර්ය කැතරිනා ගුෂෙන්ස්කි ප්‍රකාශ කළාය. මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල ‘කරන්ට් බයලොජි’ (Current Biology) සඟරාවෙහි පළ විය.