Naifmvlog

Naifm vlog Gossip and News

බෑග ක්‍රියාත්මක කළ යුත්තේ

ජර්මන් වෙළෙඳ සමාගමක් මේ වන විට සකස් කරගෙන යන සැලැස්ම සාර්ථක වුවහොත් මෝටර් රථයක් පැත්තකින් යමක වැදීමෙන් හෝ වෙනත් රථයක් මෝටර් රථයක පැත්තකින් වැදීමෙන් හෝ සිදු විය හැකි හානි වැළැක්වීම සඳහා ක්‍ෂණිකව ක්‍රියාත්මක වන වායු බෑග සහිත මෝටර් රථයක් නුදුරු අනාගතයේදී එළි දැක්වෙනු ඇත. රිය ගැ-ටු-මක් සිදු වන්නට කලින් සංවේදක මඟින් නිකුත් කැරෙන සංඥා අනුව වහාම වායුවෙන් පිරී පිම්බෙන මෙම බෑගවලින් මෝටර් රථයකට විය හැකි හානි වැළකෙනු පමණක් නොව රථයක ඉදිරි හා පසු පස ආසනවල සිටින මගීන්ට සිදුවිය හැකි අ-න-තුරුද වැළකෙයි.

ජර්මන් සමාගම කියන පරිදි රිය ගැ-ටු-මකදී මෝටර් රථයක් තුළ සිටින මගීන්ට සිදු විය හැකි තු-වා-ලවල බරප-තළකම මෙම වායු බෑග නිසා සියයට 40ක් දක්වා අඩු වන බව පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.‘ඉසඩ්.එෆ්.’ (ZF) නමැති මෙම ජර්මන් සමාගම මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදනය කරන ආයතනයකි. මේ මඟින් නිෂ්පාදිත බහු සංවේදක පද්ධතියක් වෙනත් සංවේදක කීපයකින් සැපැයෙන දත්ත විශ්ලේෂණය කොට වායු බෑග ක්‍රියාත්මක කළ යුත්තේ කුමන මොහොතකද යන්න තීරණය කරයි. විද්‍යුත් සංවේදක පද්ධතිය පහත දැක්වෙන අංගවලින් සමන්විතය. රාඩාර් සංවේදක – මෝටර් රථයක් ඉන් බැහැර තිබෙන දේත් අතර දුර ප්‍රමාණය ගණනය කොට විවිධ කාලගුණ තත්ත්ව යටතේ වුවද සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙයි.කැමරා – ඉදිරියට එන වාහනයේ ප්‍රමාණය හා බර නිගමනය කොට එහි වෙනස ලොරියක්ද යතුරුපැදියක්ද යනාදී වශයෙන් හඳුනා ගනී. මෙම කැමරාවට පුළුල් දර්ශන පථයක් ග්‍රහණය වෙයි.

ලිචාර් සංවේදක ඉදිරියට එන වාහනය වෙත චලනය වන ආලෝක තරංග නිකුත් කොට ඒවා පරාවර්තනය වන ආකාරය නිරීක්ෂණය කරයි. තීක්‍ෂණ පාලන ඒකක – එක් රැස් කෙරුණු සියලු දත්ත විශ්ලේෂණය කොට මෝටර් රථය තුළ මගීන්ගේ උපරිම ආරක්ෂාව සැලසෙන පරිදි කුමන වායු බෑගය කුමන මොහොතේ ක්‍රියාත්මක කළ යුතුද යන්න තීරණය කරයි.සාර්ථක ආරක්ෂක උපක්‍රමයක් වශයෙන් බාහිර වායු බෑග සංකල්පය අවුරුදු, ගණනක් තිස්සේ අදාළ අංශවල සැලකිල්ලට භාජන වී තිබණි. මෝටර් රථ නිෂ්පාදකයන්ට ඉක්මනින් උපයෝගි කර ගත හැකි අන්දමේ ආකෘතියක් වයඹ දිග ජර්මනියේ ඛජ් සමාගම දැන් නිෂ්පාදනය කර ඇත. රිය ගැ-ටු-මක් සිදු විය හැකි මොහොත කල් තියා නිගමනය කිරීමේ ශක්තියෙන් යුත් දත්ත විශ්ලේෂක විද්‍යුත් සංවේදක පද්ධතියක් මීට ඇතුළත්ය. පැති වායු බෑගය රිය තුළ ආසනයේ රාමුවට සවි කරනු ලැබේ.

රිය ගැ-ටු-මකදී ඇති වන චාලක වේගය අනුව ක්‍රියාත්මක වන අභ්‍යන්තර වායු බෑගය මෙන් නොව බාහිර වායු බෑගය, ගැ-ටු-ම සිදු වන්නට ඔන්න මෙන්න තියා තිබියදී ක්‍රියාත්මක වී අවරෝධක බලපෑම දරා ගන්නා බව ඛජ් සමාගම ප්‍රකාශ කරයි.මෝටර් රථ නිෂ්පාදනයේ උන්නතියට බාධකව මෙතෙක් පැවැති ගැටලුවක් සාර්ථක ලෙසත් ඉතාම නිවැරැදි ලෙසත් විසඳා ගැනීමට මෙම සංවේදක පද්ධති සහිත අභ්‍යන්තර හා බාහිර වායුබෑග සංකල්පය උපකාර වනු නිසැකයැයි ඛජ් සමාගමේ, සාධනීය ආරක්ෂක පද්ධති අංශයේ ප්‍රධානී ආචාර්ය මයිකල් බ්‍රශ්නර් ප්‍රකාශ කරයි. රිය අ-න-තුරුවලින් තොර ලෝකයක් නිර්මාණය කිරීම තම සමාගමේ ඒකායන අරමුණ බවද ඔහු සඳහන් කළේය.

සංවේදක පද්ධතිවලින් කිසියම් හෝ හේතුවක් නිසා වැරැදි සංඥා නිකුත් වුවහොත් එයද බෙහෙවින් අ-න-තුරුදායක විය හැකි හෙයින්, විශේෂයෙන්ම වැරැදි සංඥා නිකුත් වීම වළක්වනු සඳහා වෙනම සංවේදක යෙදීමේ අත්‍යවශ්‍යතාවද සමාගමේ සැලකිල්ලට භාජන වී තිබේ. මෝටර් රථයක් ධාවනය වෙද්දී ඒ අවට ඇති සියලු දේවල ත්‍රිමාන පිළිබිඹු දක්වන සංවේදක පද්ධතියක්ද දැන් නිෂ්පාදනය කර ගෙන යයි. මේ සියල්ලේම ප්‍රධාන අරමුණ වශයෙන් පවතින්නේ ධාවනය වන මෝටර් රථයක් තුළ සිටින සියලු දෙනා රථයේ සුක්කානම පැත්තෙන් පමණක් නොව හැම පැත්තකින්ම සම්පූර්ණ වශයෙන් ආරක්ෂා කිරීමයි. ඒ සඳහා රථයේ ආසන අතර පමණක් නොව ආසන යටින්ද ක්‍රියාත්මක වන වායු බෑග මෙම සමාගම දැනටමත් නිෂ්පාදනය කර ඇත. මෝටර් රථයක් පෙරළී යන විටක මගීන් ඉන් පිටතට විසි වීම හෝ රථය තුළම හැල හැප්පීම හෝ වැළැක්වීමේ වායු බෑගද ඒ අතර තිබේ.