Naifmvlog

Naifm vlog Gossip and News

ජලය සම්බන්ධ බොහෝ දේවලට

ඔබගේ ජන්ම පත්‍රය බැලූ ජේ‍යාතිෂ මහතා ඔබට ජලයෙන් හා-නි ඇතිවිය හැකි යැයි පැවසුවොත් ඔබ ගංගා, ඇළ ‍ෙදාළවලින් ස්නානය, ළිං ආශි්‍රතව ගැවසීම, මුහුදු වෙරළේ ඇවිදීම ආදියෙන් ප්‍රවේසම්වීමට පෙලඹෙනවා ඇත. නමුත් ජලයෙන් හා-නි සිදුවීම ඒවායින් පමණක් නොව වෙනත් සාධක නිසාද සිදුවිය හැකිය. ඔබ පානය කරන වතුර වීදුරුව පවා ඔබට මා-ර-යා ළඟා කළ හැකිය. “උණුකර නිවාගත් ජලය පානය කරන්න” වැකිය අපට මතකයේ තිබුණද කාර්යබහුල සමාජයේ අප සෑම විටම “උණුවී” (රත්වී) සිටින නිසා උණුකර පෙරා ජලය පානය කරන්නට අවස්ථා නොලැබිය හැකිය. එම නිසා ප්‍රවේසම් විය යුතුය.අවේලාවේ ස්නානය කිරීම, නුපුරුදු ස්ථානවලින් ජලය පානය කිරීම, ස්නානය කිරීම අවිධිමත් ස්නානය ආදිය ඔබට අහිතකර විය හැකිය. එපමණක් නොව අවශ්‍ය පමණට ජලය පානය නොකිරීමද අපලයකි. විජලනය වැනි තත්ත්ව ඇතිවීමටද ඉඩකඩ ඇත.

අපිරිසුදු ජලය පානය කිරීමෙන් සෑදෙන බොහෝ රෝ-ග ඇත. උතුරු මැද පළාතේ පවත්නා වකුගඩු රෝ-ගය ඊට කදිම උදාහරණයකි. වගාවන් සඳහා යොදන කෘමිනාශක හා පොහොර වර්ග ජලයට මුසුවී ඇති විට ඒවා ස්නානය කිරීම, එම ජලය පානය කිරීම ආදියත් රෝ-ග ඇතිවීමට බොහෝදුරට හේතු වේ.ශ්‍රී ලංකාවේ පූජනීය මෙන්ම ශුද්ධ නගරයක් ලෙස පිළිගන්නා කතරගම වන්දනාවේ නොගිය ශ්‍රී ලාංකිකයකු සොයාගැනීම දුෂ්කරය. වාරයක් අවාරයක් නොමැතිව කතරගම වන්දනාවේ යෙදෙන බැතිමතුන්ගෙන් කතරගම සෑම විටෙකම ජනාකීර්ණව පවතී. ඉන්දියාවේ ‘ගංගානම්’ ගංගාව මෙන්ම ශ්‍රී ලංකාවේ ‘මැණික් ගංගාවද’ පූජනීය ගංගාවකි. නමුත් වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ගංගාවන් අතරින් මැණික් ගඟද අපිරිසුදු ගංගාවක් ලෙස පිළිගැනේ. කතරගම ආශි්‍රතව පවතින හෝටල් ආදිය නිසා පමණක් නොව දිනපතාම යන එන බැතිමතුන්ගේ ක්‍රියා නිසාත් මැණික් ගඟ ඉතාම අපිරිසුදු ගංගාවක් වී ඇත. නමුත් එම ගංගාවෙන් ස්නානය කොට ‘පිරිසුදුවී’ කතරගම වන්දනාවේ යෙදෙන්නට අප පුරුදුව සිටිමු.

වර්තමානයේ කතරගම ආශි්‍රතව ඇති නවාතැන්පළවල් බහුල නිසා මැණික් ගංගාවෙන් ස්නානය කිරීම අඩුවී ඇත. එය සුබදායක තත්ත්වයකි.“චන්ද්‍රයා” හෙවත් ‘සඳු’ ජල රාශි අධිපතියෙකි. ජලය සම්බන්ධ බොහෝ දේවලට චන්ද්‍රයා බලපානු ලැබේ. මුහුදේ වඩදිය, බාදිය ඇතිවීමේදී සඳුගේ පිහිටීම බලපානා බව විද්‍යාත්මකව සනාථ වී ඇත. එසේම උමතු රෝ-ගීන්ගේ උමතුව “පෝය” දිනවල හෝ ඒ ආසන්නයේ වැඩිවීමද වෛ-ද්‍ය විද්‍යාත්මකව පිළිගෙන ඇත. ආදරය, ආශාව (ශෘංගාරය) වර්ධනය වීමත් සඳුගෙන් සිදු වේ. ඒ නිසා ජලය ආශි්‍රතව කටයුතුවලට සඳුගේ බලය වැදගත්ය. ජන්ම පත්‍රයේ රෝ-ග ස්ථානය සහ මා-ර-ක ස්ථාන ඔබ හඳුනාගෙන ඇත. රාශි ‍ෙදාළහෙන් රෝ-ග ස්ථානය හෝ මා-ර-ක ස්ථානයේ සඳු (උපතින්) පිහිටා ඇත්නම් සෙම් රෝ-ග, උදරාබාධ මෙන්ම ජලයෙන් අනතුරු ඇතිවීමද වැළැක්විය නොහැකිය. එසේම මෙම ස්ථාන දෙකේ සඳු නොසිටියද ඒ ස්ථානවලින් හත්වන රාශියේ සඳු උපතින් පිහිටා ඇත්නම් ජලයෙන් පීඩා විඳීමට සිදුවේ.

එසේම පොහොය දිනට පෙර උපදින දරුවන් “පුරපක්ෂයේ” උපන් දරුවන් ලෙසත් පොහොය දිනයට පසුව උපදින දරුවන්” අවපක්ෂයේ උපන් දරුවන් ලෙසත් ජේ‍යාතිෂයේ කියැවේ. අප උපන් මොහොතේ සිට මියයන අවස්ථා දක්වා මහ දශා සහ අන්තර් දශා වෙනස් වේ. සඳුගේ මහ දශාව අවුරුදු (10) දහයකි. ඔබ පුර පක්ෂයේදී උපන් දරුවකු නම් ‘මව දරුවකු’ බලාගන්නාක් මෙන් සඳුගේ මහ දශාවේදී සුබ පල ගෙන දේ. අවපක්ෂයේ උපන් අයෙක් නම් සඳු ‘කුඩම්මා’ කෙනකු මෙන් ඔබට හා-නි සිදු කරයි. සඳුගේ මහ දශාව පමණක් නොව සඳුගේ අන්තර් දශා කාලයේද සඳු ඔබට මේ අයුරින්ම සලකනවා ඇත. ඔබ අවපක්ෂයේ උපන් අයෙක් නම් සඳුගේ මහ දශා හා අන්තර් දශාවලදී ජලයෙන්, සෙම් රෝ-ග උදරාබාධ ආදියෙන් ප්‍රවේසම් වන්න. ඇදුම, පීනස වැනි රෝ-ග සඳුගේ දශාවන්හිදී ඇතිවීමට ඉඩ ඇත.දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව විවිධ පානයන් (ජලයද ඇතුළුව) විවිධ ගුණ හා අගුණ ලබාදෙයි. අප පොදුවේ ජලය ලෙස නම් කළද ඒවාට ‘වතුර’ ‘පැන්’ ආදී නිර්වචනද භාවිත කෙරේ. සිංහල වෛ-ද්‍ය විද්‍යාවට අනුව විවිධ පැන්වල ගුණ අගුණ මෙසේය.

  • ද අහස් පැන් – (වැසි වතුර) තුන්‍ෙදාස් නසයි. අරුචිය නැතිකරයි.
  • ද විල් පැන් – මධුරය ආහාර රුචිය ඇතිකරවයි.
  • ද වැව් වතුර – සෙම් රෝ-ග, වාත රෝ-ග නසයි.
  • ද කෙත් ජලය – කුසගිනි වැඩි කරයි.
  • ද උල්පත් ජලය – පිත නසයි.
  • ද පර්වතවලින් ගලාඑන ජලය – හෘද රෝ-ග නැති කරවයි.
  • ද පෙරදිගට ගලායන ගංගා ජලය – සැහැල්ලුව ඇති කරයි.
  • ද අපරදිගට ගලායන ජලය – ඝනකම වැඩිය, බරින් වැඩිය.
  • ද උණු කළ ජලය – වා පිත් සෙම් නසයි.
  • ද කුරුම්බා වතුර – මධුරය, කුසගිනි ඇතිකරවයි.
  • ද තැඹිලි වතුර – තුන්‍ෙදාස් නසයි. ඉඳුරන් වඩවයි.
  • ද පිරිත් පැන් – සියලු ආරක්ෂා සලසයි.

ආහාර ගැනීමට පෙර ජලය පානය අහිතකරය. සිරුර දුර්වල වේ. හිස්බඩ ජලය පානය නිරෝ-ගී බව ඇති කරවයි, මලබද්ධය දුරු කරවයි.