Naifmvlog

Naifm vlog Gossip and News

මේ ක්‍රියාදාමය වෙනමම ක්‍රියාවලියකි

එහෙත් නියම ලෙදර් සපත්තු නැත්නම් ස-ම් සපත්තු හදන විදිය ඔබ දන්නේ නැත.නියම ලෙදර් සපත්තු හැදීමේදී ක්‍රම කිහිපයක් බලපායි. ලංකාවේ ලෙදර් හදන කර්මාන්ත ශාලා ඇත්තේ කිහිපයකි. සපත්තු නිෂ්පාදනයේ යෙදෙන බොහෝ ආයතන ලෙදර් සපත්තු හදනවා කියා දැන්වීම් පළ කළත් ප්‍රචාරක කටයුතු කළත් සමහර ඒවායේ නියම ලෙදර් සපත්තු හදන්නේ නැත.නියම ලෙදර් හදන කර්මාන්ත ශාලාවල බොහෝ විට ඒවායේ නිපදවන ලෙදර් සපත්තු වෙළෙඳපොළට එවන්නේ නැත. එලෙස එව්වත් සුළු ප්‍රමාණයකි. එලෙස නියම ලෙදර් හදන කර්මාන්තශාලාවල නිෂ්පාදන බොහෝ විට යන්නේ ආරක්‍ෂක අංශවල සාමාජිකයන්ටය. නැත්නම් වරාය, මහවැලි හෝ පෞද්ගලික අංශ සේවකයන්ටය. මෙම ආයතන ධ්ඉර්ණී තත්ත්ව සහතිකය යටතේ රාජ්‍ය හා පෞද්ගලික අංශයට සිය නිෂ්පාදන යොදවයි. මේ නිසා වෙළෙඳපොළට සීමිත ප්‍රමාණයෙන් පමණක් ලෙදර් සපත්තු නිකුත් කරයි.අතීතයේදී ලෙදර් සපත්තු සෑදීම සඳහා ස-ම් සපයා ගැනීමේදී ගැටලු මතු වී තිබේ. මේ නිසා ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවලින් ස-ම් ආනයනය කර ඇත. මේ ආකාරයට ගෙන එන ස-ම් අපේ රටට සරිලන ලෙස නොතිබීම මත ස-ම් ආනයනය නතර වී තිබේ. ඒ නිසා ලෙදර් කර්මාන්තයේ යෙදෙන සමහර ආයතන ඉන්දියාවේ අපේ කර්මාන්තශාලා ආරම්භ කොට අපට ගැළපෙන ලෙස ස-ම් පදම්කොට ලංකාවට ගෙන්වීම අරඹා තිබේ.නියම ලෙදර් සපත්තු සඳහා කර්මාන්තශාලාවලින් සපත්තු නිෂ්පාදනයට ගත් අමුද්‍රව්‍ය මොනවාද කියා දැන ගැනීමට ටැග් එකක් සපත්තුවේ එල්ලයි.

එහෙත් සෑම ලෙදර් සපත්තුවලට මේ ටැග් එක නැත. මේ නිසා ලෙදර් සපත්තු පැලඳීමේදී අපි පලඳින්නේ නියම ලෙදර්ද කියා දැනගත යුතුමය. නැතහොත් වෙනත් අසාත්මිකතා ඇති වීමට ඉඩ ඇත.ලෙදර් සපත්තු සෑදීමට යොදාගන්නා ස-ම් වර්ගය අනුව මොන සතාගේ ස-ම යොදාගෙන ඇත්ද කියා දැන ගැනීමේ හැකියාව ඇත. ස-මේ රෝ-ම කූප ළඟ ළඟ පිහිටා ඇත්නම් ඒ උෟරාගේ ස-මෙන් හදපු ලෙදර් සපත්තුවකි. හරකාගේ ස-මෙන් හදන විට රෝම කූප පිහිටා ඇත්තේ ළඟින්ය. ඒ වගේම මී හරකාගේ ස-මෙන් නිපදවා ඇති සපත්තුව ඝනකමට රෝම පිහිටා තිබේ. ඒ අනුව සපත්තුව සාදා ඇත්තේ කුමන සත්ත්වයාගේ ස-ම උපයෝගි කරගෙන දැයි දැනගත හැකිය.එහෙත් මේ ආකාරයට හඳුනා ගැනීමට හැමෝටම බැරිය. නියම ලෙදර් ගැන දැනුමක් ඇති අයෙකුට මෙය හරියාකාරව දැන ගත හැකිය. ම-ස් කඩෙන් ගන්නා ස-ම් වර්ග ගත්විට සතාගේ හන්වඩු ගසා තිබේ. හන්වඩු ගහපු සතකුගේ හම උගෙ ඇඟේ ම-සට යන කම්ම තුවාල වෙයි. මේ නිසා සතාට වේදනාවක් වගේම එම ස-මෙන් නිසි ප්‍රයෝජනයක්ද ගැනීම ගැටලුවක් වී තිබේ.ම-ස් කඩෙන් ගෙන එන ස-මට ලුණු දමා කල් තියා ගැනීමේ ක්‍රමයට සකසා ගනී. ඉන් පසු ස-මට බෙහෙත් වර්ග යොදා පිරිසුදු කර ගනී. ඒ සඳහා විශේෂිත වූ ක්‍රමවේදයක් උපයෝගි කර ගනී. ඉන් පසු සම හොඳට සකස් කර ගනී. මේ ක්‍රියාදාමය පැයකින් දෙකකින් කර ගැනීමට බැරිය. අඩුම තරමේ පැය 48ක් වත් මේ ක්‍රියාදාමයට ගතවෙයි.සකස් කරගත් සමේ ම-ස් ටික කපා ඉවත් කර ගන්නේ ඉන් පසුවය. මේ අවස්ථාවේදී සම ස්ථර 2කට හෝ 3කට වෙන්කර ගනී. සම කල්පවත්වා ගැනීමට අවශ්‍ය බෙහෙත් වර්ග යොදා ගන්නේ ඉන් පසුවය.

ඒ සඳහා පැය 36ක් පමණ ගතවෙයි. මේ ක්‍රියාදාමය වෙනමම ක්‍රියාවලියකි. අවසානයේදී මේ ක්‍රියාදාමයෙන් පසු බෑග් සඳහා සම සකසන විදිය වෙනස්ය. ඉණ පටි සැකසීමේදී සකසන විදිය තවත් විදියකි. සපත්තු සඳහා වෙනත්ම ක්‍රමයකි. මේ ආකාරයට සකසා ගන්නා සම අවසන් නිෂ්පාදනය සඳහා සකසා ගනී.සමහර සම් වැලි කඩදාසි යොදා ඉතාම පරිස්සමට සුමට කර ගනී. පසුව ඒවාට විවිධ වර්ණ ගැන්වීම ආදියද කෙරේ. සමහර සම් වර්ග ඉතා සුමට ලෙස පොලිෂ් කිරීමද සිදු කරයි. ම-ස් කඩේ සිට ගෙන එන සම පදම්කොට අවසන් ක්‍රියාවලියට යොදා ගන්නා තෙක් සැකසීමට දින 25 – 30ක කාලයක් අවම වශයෙන් ගත වෙයි.මේ සඳහා විශාල වියදමක් දැරීමටද සිදුවෙයි. සාමාන්‍යයෙන් එක් සපත්තු කුට්ටමක් නිෂ්පාදනයට සම් හතරැස් අඩි දෙක හමාරක් පමණ අවශ්‍ය වෙයි. එක් එක් සපත්තු නිෂ්පාදනයේ හැඩය අනුව මේ ප්‍රමාණය වෙනස් වෙයි. සාමාන්‍යයෙන් බූට් සපත්තු ජෝඩුවක් නිපදවීමට හතරැස් අඩි හතරක් පමණ අවශ්‍ය වෙයි.සම් සපත්තු නිෂ්පාදනයේදී ඉතා පරිස්සමින් සම ඒ සඳහා යොදාගත යුතුය. අවසන් නිෂ්පාදනය තෙක් අවධානයෙන් වැඩේ නොකළොත් සම කැපී යයි. නියම ලෙදර්වලින් හදන සපත්තුවක් කවදාවත් ඉරෙන්නේ නැත. කඩතොලු වෙන්නේද නැත. සතාගේ සම සම්පූර්ණයෙන්ම සපත්තු නිෂ්පාදනයට යොදා ගන්නේ කලාතුරකිනි. එක් පැත්තකින් සතා හන්වඩු ගසා ඇති වීම ප්‍රයෝජනයට ගත හැක්කේ සමේ එක් පැත්තකි. ලංකාවේ සතකුගේ වර්ග අඩි 9ක පමණ ප්‍රමාණයක් සපත්තු සෑදීමේදී ප්‍රයෝජනයට ගත හැකිය. රෙක්සින්වලින් සපත්තු සෑදීමේදී ඕනෑ අතට කපා හැඩ දමමින් නිපදවිය හැකි වුවත් සම් සපත්තුවල එසේ බැරිය. සම් සපත්තු සෑදීමේදී සතාගේ බඩ පිම්බෙන පැත්තට පමණක් සම ඇදේ.

එවිට සම ඒ පැත්තට ඇදෙන නිසා සපත්තුවේ හැඩය ගැනීමේදී එය වඩා උපකාරි වෙයි.සම් සපත්තු නිෂ්පාදනයේදී යොදා ගන්නේ එකම ඝනත්වයෙන් යුත් සමය. එක් සපත්තුවකට ඝනත්වය වැඩි අනෙකට ඝනත්වය අඩු සම් යොදා ගන්නේ නැත. වෙනස් ඝනත්වයෙන් යුත් සම් මඟින් සපත්තු ජෝඩුවක් නිෂ්පාදනයෙන් පසු එය පැලඳීමේදී කකුල්වලට අපහසුය. එක් සපත්තුවක් රළු ගතියෙන් වැඩි බව පලඳින කෙනාට දැනෙයි. මේ නිසා කකුල නැමෙන තැන්වලදී මේ අපහසුතා දැනෙන නිසා යොදා ගන්නා සම ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුය.සපත්තුවේ හෝ බූට් එකේ හැඩයට සාදා ගන්නා ලෙදර් එක ඉන් පසු මසා ගනී. ලෙදර් මැසීමට වෙනම ඉදිකටු වර්ගයක් යොදා ගනී. යොදා ගන්නා නූලද නයිලෝන් බොන්ඩට් වැක්ස් වර්ගයේ එකකි. එසේ නොමැතිව වෙනත් නූල් වර්ගයකින් ලෙදර් එක මැසූ විට වතුරට දිරීමට පටන් ගන්නා අවස්ථා තිබේ. මේ නිසා ලෙදර් සපත්තු නිෂ්පාදනයේදී යොදා ගන්නේ කල්පවතින නූලකි. මේ නූල එක් එක් නිෂ්පාදන අනුව වෙනස් කර ගනී.නියම නූල යොදාගෙන සම් සපත්තු හරියට නිෂ්පාදනය කළවිට එය වසර දහයක් ගියත් වගකිව හැකිය. ලෙදර් සපත්තු නිෂ්පාදනයේදී ඒ පිළිබඳ හොඳ දැනුමක් තිබීම අනිවාර්ය කරුණකි. එසේ නොමැති විට අවසන් නිෂ්පාදනය හරිහැටි ගත නොහැකිය. එහෙත් අද වෙළෙඳපොළේ ඇති සමහර ලෙදර් සපත්තු පැලදූ පසු එය මසා ඇති නූල මාස කිහිපයක් යන විට කැඩී යයි. ලෙදර් එක හම යයි. නැත්නම් පුපුරා යයි. එවැනි සපත්තු නියම ලෙදර් නිෂ්පාදන නොවේ.නියම ලෙස පදම්කොට ලෙදර්වලින් අවසන් නිෂ්පාදනය දැකීමට ලංකාවේ පාරිභෝගිකයා කැමැතිය.

එහෙත් විදේශීය පාරිභෝගිකයන් ලෙදර් සපත්තු පැලඳීමේදී යොදා ගත් සම ඒ විදියටම තිබෙනවා නම් කැමැතිය. සතාගේ ඇඟේ තිබූ සලකුණු වෙනත් තුවාල කැළලි සමේ ඒ විදියටම තිබෙන විට ඒවා නියම ලෙදර් ලෙස ඔවුන් පිළිගනී. හොඳින් පදම්කොට එම සලකුණු වසා හදන නිෂ්පාදනවලට ඔවුන් අකැමැතිය. මේ ක්‍රමයේ ලෙදර් සපත්තුවලට ලංකාව තුළද දැන් දැන් ඉල්ලුමක් තිබේ. එවිට හන ගැසූ සලකුණු පවා සපත්තුවල දැකීමට පුළුවන. ලෙදර් සපත්තු පලඳින විට සතාගේ නහර පාරවල් හෝ වෙනත් සලකුණු ඇත්නම් එය නියම ලෙදර් ලෙස පිළිගන්නා ක්‍රමය දැන් දැන් ‘පැෂන්’ එකක් වී තිබේ.ලෙදර් සපත්තුවක් නිසි ලෙස සෑදූ විට එය කකුලේ හැඩයට හුරුවෙයි. කකුල වෙනස්වන විදියට කකුලේ හැඩයට සපත්තුවේ හැඩයද ගනී. ලෙදර් සපත්තු නිෂ්පාදනයේදී සපත්තුවේ හැඩය ගන්නා විදියද සැකසෙන්නේ තාක්‍ෂණික ක්‍රමවේදයට අනුවය. ලෙදර් සපත්තුවේ ඉදිරි පස ආවරණය සඳහා යොදා ගන්නේ ෆයිබර් බොන්ඩඩ් එකය. සමහරු මේ සඳහා ර්ථීඍඛ් නිපැයුමක් යොදා ගනී. නමුත් ලෙදර් සපත්තු සඳහා වඩාත් සුදුසු ෆයිබර් බොන්ඩඩ් ආවරණයයි. සමහර විටෙක ‘හීටබල්’ ආවරණයක්ද යොදා ගන්නා අවස්ථා තිබේ. බොහෝ විට සපත්තුවේ ඉදිරිපස ආරක්‍ෂිත වැස්ම සඳහා යොදා ගන්නේ කුමක්දැයි තීරණය වන්නේ සපත්තුව සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය මතය. එනිසා ලෙදර් සපත්තු මිලදී ගැනීමේදී මේ ගැනද දැන සිටීම වැදගත්ය.ලෙදර් සපත්තු සඳහා ඉදිරිපස නිපැයුමක ර්ථීඍඛ් නිපැයුමක් යොදා ගත්තොත් ඊට ගම් ඇලෙන්නේ නැත. මෙය කාලයක් යද්දී ගැලවී කකුලට දැඩි අපහසුවක් ගෙන දෙයි.සපත්තු නිෂ්පාදනයේදී සපත්තුවේ අඩියද වැදගත්ය.

සමහර විටෙක නිමවූ ලෙදර් අඩියක්ම භාවිත කරයි. එහෙත් මෙම සපත්තු අඩිය ලංකාව වැනි රටකට සුදුසුම නැත. ඊට හේතුව වන්නේ එවැනි සපත්තු අඩියක් සහිත ලෙදර් භාවිත කරන්නේ නම් ඒ පුද්ගලයා යා යුත්තේ වාහනයකින් පමණි. නැත්නම් ලෙදර් එක වතුරට වෙනස් වෙයි. ගල් කැට හා කම්බි ඇනීම මත ඒ දේ සිදුවෙයි. සුඛෝපභෝගි ජීවිත ගත කරන අය සඳහා එම වර්ගය වඩාත් යෝග්‍ය වෙයි. එසේම ලෙදර් අඩිය සහිත ලෙදර් සපත්තු මිලෙන්ද අධිකය. එය අපේ බොහෝ දෙනකුට ඔරොත්තු දෙන්නේද නැත.මේ නිසා ලෙදර් සපත්තු සඳහා යොදා ගන්නේ පදම්කොට සකසා ගත් වෙනම සපත්තු අඩියකි. එයද ලෙදර්වලින් නිපදවා තිබේ. එසේ නැත්නම් ච්ර්ඉ, ධ්ර්ඉ ර්ථීභ ආදී ක්‍රම භාවිත කරයි. දැනට ලංකාවේ ඇත්තේ ලෙදර් සපත්තු සඳහා ච්ර්ඉ, ධ්ර්ඉ සහ ර්ථීභ ක්‍රමයයි.ලෙදර්වලින් නිපදවන ආරක්ෂිත සපත්තු නිෂ්පාදනයේදී වෙනම ක්‍රමයකි. ඒ සඳහා යකඩ තහඩු යොදා ගන්නේ ආරක්ෂිත වැස්මක් ලෙසිනි. බොහෝ ලෙදර් සපත්තු අඩිය මැස්මක් දමා තිබෙන්නේ සපත්තුවේ කල් පැවැත්මට උපකාරයක් වශයෙනි. එහෙත් මෙම මැසූ තැනින් ගැලවී යන නිසා දැන් යොදා ගන්නා සපත්තු අඩි මඟින් එම වැස්ම ආවරණය කරයි. එමඟින් සපත්තු ගෙවී යන තෙක්ම ආරක්ෂිත මැස්ම ආරක්ෂිතව පවතියි.ලෙදර් සපත්තු සෑදීමේ මුළු ක්‍රමවේදයම ඔබට කීමට බැරිය. ඒ එක් එක් ආයතවලට විශේෂිත වූ ආරක්ෂිත ක්‍රම ඇති හෙයිනි. එනිසා ලෙදර් සපත්තු නිපදවන්නේ කොහොමද කියන දැනුම පමණක් මෙම ලිපිය මඟින් දැනුවත් කිරීම අප අරමුණයි.එනිසා වෙළෙඳපොළේ ඇති ලෙදර් සපත්තු මිලදී ගැනීමේදී ඒවා නිපදවා ඇත්තේ නියම ලෙදර්වලින්ද නිපදවන්නේ කොහොමද කියා දැනුමක් ඔබට ලැබෙන්නට ඇත. වෙළෙඳපොළින් ලෙදර් සපත්තු මිලදී ගැනීමට පෙර ඒ ගැන විමසීමට දැන් ඔබට පුළුවන. උපදේශක විශේෂ ස්තුතිය පාලිත ජයමාන්න මහාතට.