Naifmvlog

Naifm vlog Gossip and News

මෙම මුහුර්තය යොදාගත යුත්තේ

සමහර ජන්මීන් යම් අවස්ථාවන්හිදී තම කාර්යය ඉටු කර ගැනීම ජේ‍යාතිෂවේදියා මුණගැසීමට පැමිණෙන්නේ ජන්ම කේන්දරයවත් අතේ නොමැතිවය. සමහර අවස්ථාවන්හිදී ඔවුන් උපන් වෙලාවක්වත් නොදන්නා අවස්ථා ඇත. මෙවන් අවස්ථාවන්හිදී කේන්දර පරීක්ෂාව කෙසේ වෙතත්, ජන්ම කේන්දරයක් නැති උපන් නැකැත නොදන්නා කෙනකුට පහසුවෙන් සහ විශ්වාසයෙන් යුක්තව සුබ මුහුර්තයක් සාදා ගන්නා ශාස්ත්‍රීය ක්‍රමවේදයක් පිළිබඳව ඔබට හඳුන්වාදීමට කැමැත්තෙමි.මහේෂ්වර, කාල, ශ්‍රී , බ්‍රහ්ම, විෂ්ණු යන මේ යෝග පහ යොදා ගනිමින් මෙවන් අවස්ථාවන්හිදී ජන්මීන්ට ප්‍රතිකර්ම ලබාදිය හැකිය. එනම් සුබ මුහුර්තය අවශ්‍ය අයගේ නමේ මුල් අකුරට හිමි පක්ෂියාට අයත් දිනය, නැකැත, තිථිය, ලග්නය යන නක්ෂත්‍ර සංඥා හතරම එක විට උදාව පවතින වේලාවක් සුද්ද කරගත යුතුය. මෙම මුහුර්තය යොදාගත යුත්තේ පුර පක්ෂයේදී පමණි. සුබ මුහුර්තය සීහෙන්නේ එම නාමාක්ෂරය හා පක්ෂියා හිමි අයට පමණි.

මහේෂ්වර කාල යෝගය

  1. ආ, ආ, ඇ, අෑ, අං ස්වර සහ භේරුණ්ඩ පක්ෂියා සඳහා
  2. රවි – කුජ දෙදිනෙන් එකක්ද,
  3. අස්විද, බෙරණ, කැති, රෙහෙණ, මුවසිරස යන නැකැත් පහෙන් එකක්ද,
  4. පෑළවිය සැටවක, එකොළොස්වක යන නන්ද්‍ර තිථි තුනෙන් එකක්ද,
  5. මේෂ, සිංහ, වෘශ්චික යන ලග්න තුනෙන් එකක්ද යෙදී ඇති වේලාව මහේෂ්වර කාල යෝගයයි.අ, ආ, ඇ, අෑ, අං යන ස්වරයන්ගෙන් නම යෙදී ඇති භේරුඬ පක්ෂියා හිමි අයට මෙම මොහොත සුබයි.එසේම සුබ දිශාව නැඟෙනහිර වන්නේය.

කාල කාල යෝගය

  1. ඉ – ඊ ස්වරය පිංගල පක්ෂියා හිමියන් සඳහා
  2. සඳු -බුද දෙදිනෙන් එකක්ද,
  3. අද, පුනාවස, පුෂ, අස්ලිස, මා, පුවපල් යන නැකැත් හයෙන් එකක්ද,
  4. දියවක, සතවක, දොළොස්වක යන භද්‍ර තිථි තුනෙන් එකක්ද,
  5. මිථුන, කටක, කන්‍යා යන ලග්න තුනෙන් එකක්ද,යෙදී ඇති වේලාව ඉ – ඊ ස්වරයන්ගෙන් නම සහ පිංගල පක්ෂියා හිමි අයට සුබයි.

ශ්‍රී කාල යෝගය

  1. උ- උෟ ස්වර සහ කාක පක්ෂියා හිමි අය සඳහා,
  2. ගුරු නොහොත් බ්‍රහස්පතින්දා දිනයද,
  3. උත්‍රපල්, හත, සිත, සා, විසා යන නැකැත් තිථිවලින් එකක්ද,
  4. තියවක, අටවක, තෙළෙස්වක යන ජායා තිථිවලින් එකක්ද,
  5. ධනු – මීන යන ලග්න දෙකෙන් එකක්ද, යෙදී ඇති වේලාව ශ්‍රී කාල යෝගයයි. කාක පක්ෂියා මොවුන්ට සුබයි. සුබ දිශාව වන්නේ බස්නාහිරයි.

බ්‍රහ්ම කාල යෝගය

  1. එ, ඒ, ඓ ස්වර සහ කුක්කුට පක්ෂියා හිමි අය සඳහා,
  2. කිවි නොහොත් සිකුරාදාද,
  3. අනුර, දෙට, මුල, පුවසල, උත්‍රසල යන නැකැත් හයෙන් එකක්ද,
  4. ජලවක, නවවක, තුදුස්වක යන රික්තා තිථිවලින් එකක්ද,
  5. වෘෂභ, තුලා යන ලග්න දෙකෙන් එකක්ද යෙදී ඇති මොහොත බ්‍රහ්ම කාල යෝගයයි. ඉහත ස්වර හිමි සහ කුක්කුට පක්ෂියා හිමි අයට මෙම යෝගය සුබයි. සුබ දිනය වන්නේ උතුරු දිශාවයි.

විෂ්ණු කාල යෝගය

  1. ඔ – ඕ – ඔෟ ස්වර සහ මයුර පක්ෂියා හිමියන් සඳහා,
  2. ශනි දින නොහොත් සෙනසුරාදා ද,
  3. දෙනට, සියාවස, පුවපුටුප, උත්‍රපුටුප, රේවතී යන නැකැත් පහෙන් එකක්ද,
  4. විශේ්නිය, දසවක, පසළොස්වක යන පූර්ණා තිථි තුනෙන් එකක්ද,
  5. මකර, කුම්භ යන ලග්න දෙකෙන් එකක්ද,යෙදී ඇති මෙහොත විෂ්ණු කාල යෝගයයි. ඉහත ස්වර නම හිමි සහ මයුර පක්ෂියා හිමියන්ට මෙම මොහොත සුබ වන්නේය. සුබ දිශාව වන්නේ මධ්‍යවකාශය.පක්ෂියා බලවත් වෙමින් සහ පංචාංගය ශුද්ධිය ඇති දිනක යොදා ගන්නා මෙම නැකැත් ලබාදීමේ ක්‍රමවේදය ඉතා බලවත් වන බවද සිහි තබා ගත යුතුය. එසේම ජන්ම නැකැත් නොදන්නා ජන්මියාටද මෙම ක්‍රමවේදය මනා පිටිවහලක් වන්නේය.