Naifmvlog

Naifm vlog Gossip and News

රටවල අයට මේ බෙල්ලා දුර්ලභ සතෙක්

ලංකාවේ බොහෝ දෙනා අකුරු සාත්තරය අතින් ඉහළ ස්ථානයක වැජඹෙන බව සත්‍යයකි. එහෙත් ඔවුන්ගෙන් අති බහුතරයක් මිථ්‍යාව මත පදනම් වී අන්ධ භක්තිකයන් වී සිටීම නිසා මේ කූට ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ ව්‍යාජ අදහස් පතුරුවන්නට හැකි පරිසරයක් සකස් වී ඇත. වාලම්පුරි කතාවට සම්බන්ධ වී ඇති මේ විශේෂිත බෙල්ලාගේ ලක්ෂණය වන්නේ වාමාවෘතව එහෙමත් නැත්නම් වම් අතට කැරකී තිබීමය. දකුණට කැරැකී ඇත්නම් එය සාමාන්‍ය හක්බෙලි ගණයට අයත් වේ. වම් අතට කැරැකී ඇති වාලම්පුරි ලක්ෂ්මී වාලම්පුරි හා විෂ්ණු වාලම්පුරි ලෙස හඳුන්වයි. මෙම විශේෂිත වර්ගයට අයත් වාමාවෘත වාලම්පුරි අතරින් ස්ත්‍රී වාලම්පුරියට සුවිශේෂී බවක් ඇති බව පැවැසේ. ඉහළ මිලක් නියම වන්නේද එයටයි. වාමාවෘත පුරුෂ වාලම්පුරිය විෂ්ණු යනුවෙන් හැඳින්වේ.

දේවාභරණයක් ලෙස සලකන වාලම්පුරියට එවැනි ඉහළ මිලක් නියම වී ඇත්තේද එය දිගු කලෙක සිට දෙවියන් හා සම්බන්ධ භාණ්ඩයක් ලෙස පිළිගැනීමක් ඇති නිසාය. දුර්ලභ බව කෙසේ වෙතත් බොහෝ දෙනා වැඩි වශයෙන් ඊට මිථ්‍-යාව එකතු කර අගය වැඩි කිරිමට පෙලඹී සිටිති. මේ නිසාම සෞභාග්‍යයේ සංකේතය අභාග්‍යයේ ‍ෙදාරටුව වන අවස්ථාද අප බෙහෙවින් දැක ඇත. පසුගියදා පොලිස් අත්අ-ඩං-ගුවට පත්වූ බන්දුල දිසානායකගේ කතාවත් ඊට සම්බන්ධ එක් නිදසුනක් පමණි. මේ වාලම්පුරි සම්බන්ධව අදහස් දක්වන පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පවසන්නේ වෙනම කතාවකි. ඒ අදහස් මෙසේය. මේ ගොළුබෙලි විශේෂයක්. උතුරු ඇමෙරිකාව තුළ මේ බෙල්ලන් විශාල වශයෙන් දක්නට ලැබෙනවා. නමුත් අපි වගේ රටවල අයට මේ බෙල්ලා දුර්ලභ සතෙක්. ඒ නිසාම ඒ දුර්ලභ බව ප්‍රයෝජනයට ගනිමින් ඉහළ මිලක් ඊට එකතු කොට තිබෙනවා. දුර්ලභ දේ ගණන් තමයි.

නමුත් එහෙම කියලා එහි විශේෂ වාසනාවක් තිබෙනවා. යම් යම් දේ ලැබෙනවා කියන මිථ්‍යාව නම් පිළිගන්න බැහැ. විවිධ ශාකවල වගේම සත්ත්ව විශේෂ තුළත් එවැනි දුර්ලභ දේ තිබෙනවා. මෙතැනදී තවත් දෙයක් මතක් කළ යුතු වෙනවා. බොහෝ විට මේ වංචාවට “ටුයිටන්” කියන ගොළුබෙලි විශේෂය තමයි යොදා ගන්නේ. නමුත් ලංකාවේ සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 31 ආ වගන්තියට අනුව එය නී-ති විරෝ-ධීයි. මේ බෙල්ලා තමයි ඔය ලක්ෂ ගණන්වලට අලෙවි කරන්නේ. අනික් කාරණය මෙහිදී පරිසරවේදියෙක් හැටියට මම දන්නවා මැරිච්ච එකෙක් නැත්නම් මරා දැමූ සත්ත්වයකුගේ කිසියම් හෝ දේකින් වාසනාවක් ලබාදෙන්නේ නැහැ කියලා. සමහරු අලි කෙඳි පවා පලදින්නේ. ඕවා නිකම් මිථ්‍යා දේවල් විතරයි. ඒ නිසා මේ වගේ වංචාකාරී දේවල්වලට මාර්කට් එකක් හදන අයගෙන් අපි ප්‍රවේශම් විය යුතුයි. ඒ වගේම මෙවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ධනය උපදවනවා කියන සෞභාග්‍ය උදාවෙනවා යැයි කියන මේ වාලම්පුරි ජාවාරම පසුපස සිටින්නේ කට්ට කයිරාටික ලෙසින් මහා ව්‍යාපාර පවත්වාගෙන යන වංචනික පුද්ගලයන්.

මහා පරිමාණයෙන් ව්‍යාජ බෙලිකටු විකුණමින් ජනප්‍රිය මාධ්‍ය පවා අවභාවිත කළේ ලක්ෂ ගණන් මුදල් යොදවමින්. මිථ්‍යාව විශ්වාස කරන, ඒ වෙනුවෙන් වැඳ නමස්කාර කරන මෝඩ ජනතාවක් සිටින වටපිටාවක මෙවැනි වංචනික ව්‍යාපාරිකයන්ට අවැඩක් සිදුවන්නේ නැත. එම ව්‍යාපාරවලට නීති-යෙන් ඉඩක් නැති වුණත් නවතින්නේද නැත. දුර්ලභ වර්ගයේ හක්ගෙඩි එසේත් නැත්නම් වාලම්පුරි ගැන තවත් ජේ‍යාතිෂ මතයක් පළ කරන්නේ ජේ‍යාතිෂවේදී ජනක ප්‍රියන්ත මහතාය. ගෞරී, ලක්ෂ්මී වගේ දුර්ලභ වර්ගයේ බෙල්ලෝ මේ වෙනුවෙන් සම්බන්ධ කරගෙන තිබෙන බව පෙනෙනවා. සාමාන්‍ය හක් ගෙඩියකට වඩා ඒවා විශේෂයි. දුර්ලභයි. සාමාන්‍යයෙන් මෙවැනි දුර්ලභ දේවල් තුළ ඕරා එකක් එසේත් නැත්නම් විශේෂ රශ්මි වළල්ලක් තිබෙනවා. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන යතුරක පවා ඒ දේ තිබෙනවා. නමුත් අති දුර්ලභ දේ තුළ මේ ඕරා එක වැඩියි.

ඒ නිසා එහි සුවිශේෂී බවක් පෙනෙන්නට පුළුවන්. ඒ හැරුණු කොට මේ වාලම්පුරිවල විශේෂ ධන වාසියක්, සිතූ පැතූ දේ ලැබෙනවා කියන දේ තුළ නම් වැඩිපුර මිථ්‍යාවක් තිබෙන බව පිළිගන්න වෙනවා. විශේෂයෙන්ම විෂ්ණු දෙවියන් අත රැඳිව තිබෙන්නේ මෙවැනි වාලම්පුරියක් තමයි. වාලම්පුරිය එහෙමත් නැත්නම් වමට කැරකුණු මේ අති විශේෂිත හක්බෙල්ලාට අතීතයේ සිටම විශාල ඉල්ලුමක් පවතිනවා. මිථ්‍යාව පිළි නොගන්නා බොහෝ අයගේ මතය දුර්ලභ දේ තුළ විශේෂත්වයක් ඇතත් මිලක් ඇතත්, ඒවා තුළ සිතූ පැතූ ධන සම්පත් ලැබෙන බලවේගයක් නම් නැති බවයි. මේ සියල්ල එසේ බව පවසමින් මිථ්‍යාව වපුරන්නේ බඩගෝස්තරවාදී අමන මිනිසුන්ය. ඔවුන්ගේ උපායශීලී වෙළෙඳ වට්ටෝරුවලට හසුවීම මෝඩකමකි. අඩුම තරමින් වාලම්පුරියක් ලබා ගැනීම කෙසේ වෙතත් ව්‍යාජ හක් බෙල්ලන්ට හසුවී මුදල් නැති නාස්ති කර ගැනීම සැබැවින්ම කනගාටුදායක තත්ත්වයකි.