Naifmvlog

Naifm vlog Gossip and News

මේක ඉතාම සාර්ථක නිර්මාණයක් බව

ලෝකේ විශේෂම වාහනයක් ගැන කතා කරන ලිපියක් කවි සංකල්පනාවකින් පටන් ගන්න එකේ වරදක් නැහැ. මේ ලිපියට අදාළ වාහනේ හැදුණේ Alfa Romeo එකට Romeo කෑල්ල එකතු වෙන්නත් කලින් වීම තමයි මේ කවි සංකල්පනාවට මුල. Alfa Romeo සමාගමේ ආරම්භය වෙනම කතාවක් නිසා ඒක මෙතැනට සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොහොම වුණත් 1918දී සම්පූර්ණයෙන්ම Nicola Romeo යටතට පත්වෙන්න කලින් ඒ සමාගම තිබුණේ ALFA (Anonima Lobarda Fabbrica Automobili) විදිහට. ඊට අවුරුද්දකට කලින් තමයි මේ අපූරු, වතුර බින්දුව වගේ වාහනේ බිහිවෙන්නේ.මේ වාහනේට මූලික වෙන්නේ 1913දී ALFA සමාගම නිර්මාණය කරපු ALFA 40/60 HP කියන කාර් එක. නමේ 40/60 HP කියලා තිබුණට 70 bhp බලයක් දීපු, overhead valves සහිත, 6082cc Straight -4 එන්ජිමක් තිබුණු මේ කාර් එකේ උපරිම වේගය පැයට කිලෝමීටර් 125ක් පමණ වෙනවා. මතක තියාගන්න. මේ 1913 අවුරුද්ද! මේ මාදිලියේම මීටත් වඩා බලයක් සහ උපරිම වේගයක් තියෙන රේස් මොඩ්ල් එකකුත් ආවා.1913දී මේ කාර් එක දැක්කම Marco Ricotti කියන සිටුවරයාගේ හිතේ යම්කිසි ස්ථානයක පුංචි කිතියක් වගේ යමක් ඇතිවුණා. මේක ඉතාම සාර්ථක නිර්මාණයක් බව එයාට බැලූ බැල්මට තේරුණා.

චැසිය, එන්ජිම, ක්‍රියාකාරිත්වය මේ සියල්ල අපූරුයි. ග්‍රහචාරය අනුවම මේක සල්ලිකාරයකුගේ සම්පතක් බවට පත්වෙන්න වාසනාව තිබ්බ කාර් එකක් බව සිටුතුමාගේ දුරදක්නා නුවණට ක්ෂණිකව වැටහුණා. හැබැයි පොඩි ගැටලුවක්! හැමෝම දකින හීන දකින්න සිටුතුමාගේ හිතේ කැමැත්තක් තිබුණේ නැහැ. ධනවත්තු ආසයි control එක තියෙන්නේ තමන්ගේ අතේ බව තමන්ටම හොඳටම දැනෙනවාට. ඉතින් Marco Ricotti තීරණය කළා අටුව කඩලා පුටුව හදනවා වෙනුවට, පුටුව කඩලා මේසයක් හදනවා වගේ වැඩක් කරන්න.ඒ දවස්වල වාහන මහා පරිමාණයෙන් නිෂ්පාදනය වුණේ නැහැ. 1913 අවුරුද්දේ තමයි ඇමෙරිකාවේ Henry Ford පළමුවැනි වතාවට moving assembly line එකක් යොදලා මහා පරිමාණ නිෂ්පාදනයේ පෙරළිකාරි පළමු පියවර තිබ්බේ. ඉතින් මේ කාලයේ වාහන කියන දේ සුඛෝපභෝගී භාණ්ඩයක් විදිහටයි පැවැතුණේ. අනෙක් අතට අද වගේ ආරක්ෂාව, පරිසර හිතකාමීත්වය මගේ සීමාවන් නොතිබුණු නිසා, අලංකාරය සහ වේගය වගේ දේවල්වලට ප්‍රමුඛත්වය ලැබුණා. මේ දේවල් ඉලක්ක කරගෙන, ඉහළ ධනවතුන්ගේ අවශ්‍යතාව අනුව වාහනවල බඳ සැලසුම් කරන coachbuilding සමාගම් ඒ දවස්වල බොහෝ ජනප්‍රිය වෙලා තිබුණා.

ඉතාලියේ ඒ කාලේ මේ විදිහට ගොඩක් ජනප්‍රිය වෙලා තිබුණු සමාගමක් තමයි ඛ්චඵබචඨදච කියන්නේ. Marco Ricotti සිටුතුමා මේ සමාගමට කිව්වා තමන්ට ALFA 40/60 HP එකකට වෙනස්ම විදිහක බොඩියක් හදලා දෙන්න කියලා. වතුර බින්දුවක් වගේ පෙනුම තියෙන, රවුම් රවුම් වීදුරු තියෙන, වෙලාවකට ටෝපීඩෝ (Torpedo) එකක් වගේ, (Siluro කියන්නේ කොහොමත් Torpedo කියන එක) වෙලාවකට මාළුවෙක් වගේ, වෙලාවකට ධාන්‍ය කරලක් වගේ, වෙලාවකට කෘමියෙක් වගේ, වෙලාවකට Rigid airship එකක් වගේ පේන අපූරු වාහනයක්.මේ ඉල්ලීම නිසා තමයි ALFA 40-60 HP Aerodinamica Castagna Siluro Aerodinamica කියන අපූරුම අපූරු වාහනේ නිර්මාණය වුණේ. හැබැයි මේක පෙනුම ගැන විතරක් හිතලා කරපු දෙයක් නෙමෙයි. මෙතැනදී විශේෂයෙන්ම වැදගත් වුණේ චඥපධඤරදචථඪජඵ. ඒ අතින් බැලුවම මේක චඥපධඤරදචථඪජඵ ගැන හිතලා වාහනයක් නිර්මාණය කරන්න ගත්තු මුල්ම උත්සාහයන් අතර විශේෂම උත්සාහයක් විදිහටත් හඳුන්වන්න බැරි නැහැ. මේ විශේෂ හැඩය ඇතුළු අනෙක් සාධක නිසා මේ වාහනේට පැයට කිලෝමීටර් 139ක උපරිම වේගයක් ලබාගන්න පුළුවන් වුණා.

මේකේ බඳ ඇලුමිනියම්. රියැදුරාගේ සීට් එක තියෙන්නේ වමේ හෝ දකුණේ නෙමෙයි හරි මැද. පිටිපස්සේ තව හතරදෙනකුට යන්න පුළුවන්. වම් පැත්තේ ‍ෙදාරවල් දෙකයි. දකුණු පැත්තේ එක ‍ෙදාරයි. මේ නිසා සමහරු කියනවා මේක ලෝකේ පළමුවැනි mini van එක විදිහටත් හඳුන්වන්න පුළුවන් කියලා.මේ විශේෂතා නිසාම මේ වගේ වාහනයක් ආයේ නිර්මාණය වුණේ නැහැ. දැනට මේ ALFA 40/60 HP Aerodinamica Castagna Siluro Aerodinamica එක ඉතාලියේ මිලානෝවල Alfa Romeo කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තියලා තියෙනවා. කාර් කර්මාන්තයේ සහ කාර් සංස්කෘතියේ ස්වර්ණමය කාලයක් වන 20 වැනි සියවසේ මුල් යුගයේ නිර්මාණය වුණු මේ වගේ වාහන දැක්කම හිතේ ඇතිවෙන්නේ අතීතකාමයට එහා ගිය රිදුමක්. අද වෙනකොට අපට රථවාහන නිර්මාණයේදී මනුෂ්‍ය වර්ගයා විදිහට සාධක ගොඩක් ගැන අවධානය යොමුකරන්න වෙලා තියෙන බව ඇත්ත. නමුත් අවාසනාවකට ඒ වගේ නිශ්චිත සාධක වැඩි වෙන තරමට නිර්මාණශීලිත්වය මොට වෙනවා. මේක අපට විසඳන්න අමාරු ගැටලුවක්. ඕනෑම කෙනකුට තර්ක කරන්න පුළුවන් අදත් කොච්චර විශේෂ වාහන අලුතින් එනවද කියලා. නමුත් හොඳට හිතලා බලන්න, ඒ ඔක්කොම විශේෂතා තියෙන්නේ බරපතළ සීමාවන් ඇතුළේ. ඉතින් කාලයක් තිස්සේ අපිම කරපු දේවල් නිසා අපට ඉතින් ලැබුණු ලොකුම දායාදයක් වුණ නිර්මාණශීලිත්වය අනාගතයේදී තාක්ෂණික සීමාවන්ට යටවෙලා නැත්තටම නැති වෙලා යයිද කියලා බයක් ඇති වෙන එක සාධාරණයි නේද?