Naifmvlog

Naifm vlog Gossip and News

පරම්පරාවෙන් ලැබුණු දේවල්

සාර්ථක විදියට ජීවිතේ ගත කරන්න නම් තමන්ගේම කියලා නිවෙසක් තියෙන එක අද අනිවා ඩෙෆා අවශ්‍යතාවක් බවට පත්වෙලා ඉවරයි. ණය වෙන්න පුළුවන් හැම තැනකටම ණය වෙලා හරි අපි හැමෝම උත්සාහ කරන්නෙ අපේ හීන මාලිගේ මේ මහ පොළොව උඩ අපේම ඉඩමක හදාගෙන ජීවත් වෙන්නනේ. ඔය වෙනුවෙන් අපි කොයි තරම් මුදලක් වියදම් කරයිද?නිකමට හිතුවොත් මාසෙකට 50ක්, 75ක් වගේ පඩි ගන්න කෙනෙක් කියලා! අපට ජීවත් වෙන්නත් එක්ක කීයක් හරි අතේ ඉතුරු වෙන්න තියාගෙන උපරිම ඕනෑ නම් ජීවිත කාලෙම ගෙව ගෙවා ඉන්න ලක්‍ෂ 100ක විතර ගෙයක් හදාගන්න පුළුවන් වෙයි. එක්කෝ ඒ ගාණට ගෙයක් ගන්න පුළුවන් වෙයි. පරම්පරාවෙන් ලැබුණු දේවල් මුකුත් නැතිනම් අද ලෝකේ වටේ යං හොයාගෙන යන්නේ එහෙම ගණන්වල ගෙයක් සල්ලිවලට ගත්ත කෙනෙක් ගැන නෙවේ. ඇත්තටම කියනවා නම් මේ කතා කරන කෙනාට තියෙන්නේ එක ගෙයකුත් නෙවෙයි.

ලෝකේ වටේම කතාබහට ලක්වෙන මේ සිද්ධිය වුණේ ඇමෙරිකාවේ. ලෝකේ ලොකුම සල්ලිකාරයෝ ගොඩක් එහෙ ඉන්නවලුනේ. දැන් ඉතින් අපි ඔය පිටරටවල තියෙන හැම අයිටම් එකකම ගණන් හදලා බලන කොට රුපියල්වලින් කීයද කියලා බලන්න ඕනෑ 180, 185 වගේ ගුණයකින් වැඩි කරලා. මොකද ඉතින් ඩොලර් 1ක මිල ඒ තරම් ඉහළ ගිහින්නේ.ඇමෙරිකාවේ මිල අධිකම ගෙදර කීයක් වෙතර වෙයි කියලද හිතන්නේ? ඛ්ධදඤධ එකක් එහෙම නැතිනම් ඛ්ධදඤධථඪදඪභථ කියලා කියන්නේ සාමාන්‍යයෙන් පවුලක් හරි කිහිපයක් හරි ජීවත් වෙන අපි ගෙදර කියලා හඳුන්වන අයිටම් එකකට. ඇමෙරිකාවේ තට්ටු 4කින් සමන්විත මේ ඛ්ධදඤධ එක තමා දැනට වාර්තා වෙලා තියෙන විදියට ඇමෙරිකාවේ මිල අධිකම නිවාසය වෙන්නේ. මෙන්න මේ කියන නිවාස පසුගියදාක කෙනෙක් මිලට අරන් තියෙනවා. හිතා ගන්න පුළුවන්ද කීයකට වගේද අරගෙන තියෙන්නේ කියලා.

ටිකක් අමාරුයි නේද?මේ ගොඩනැඟිල්ල අරගෙන තියෙන්නේ ඩොලර් මිලියන 238කට. ශ්‍රී ලංකාවේ වලංගු මුදලින් ඇමෙරිකානු ඩොලර් එකක් අපි 190යි කියලා හිතුවොත් මේ ගෙදර මිලියන 42,840ක්. ඒ කියන්නේ රුපියල් 42,840,000,000.00 තරම් මුදලකට තමා මේ මිලට අරගෙන තියෙන්නේ. අපට නම් මේවා හීනෙන්වත් ගන්න බෑ නේද?කවුද මේක අරගෙන තියෙන්නේ? සල්ලිකාරයෙක් වෙන්න ඇති කියලා එකම පාරටම ඔළුවට එනවා තමා. නැතිව ඉතින් නිකන් මේක ගන්නත් බැහැනේ. ඩ්ඥඤඨඥ ටභදඤහි කළමනාකරු වන ම්ඥදදඥබඩ ඛ්. ඛ්පඪටටඪද තමා මේ කියන මිල අධිකම නිවාස මිලට අරගෙන තියෙන්නේ. ආරංචි වෙන විදියට මේ තරම් ගාණක් දීලා ගත්ත ගෙදර ජීවත් වෙන්න කල්පනාවක් ඔහුට නෑ. මේ තට්ටු හතර වර්ග අඩි 2229ක් වෙනවා. ගොඩනැඟිල්ලෙ 50 සිට 53 වැනි තට්ටුව වෙනකන් තට්ටු ටික තමා ඔහු මිලට අරන් තියෙන්නේ.

ඒ තට්ටු 4ම පෞද්ගලික සමාජ ශාලාවක් විදියට පාවිච්චි කරන්න තමා ඔහුගේ අදහස. මේ මිලට ගැනීමත් එක්ක බිඳ වැටෙන්නේ ඕචපපර අධඵඥදඵබඥඪද 2014දී ඩොලර් මිලියන 192ක් ගෙවලා ගත්ත වැඩිම මිලදී ගැනීමේ වාර්තාවයි.හොයලා බලන කොට ම්ඥදදඥබඩ ඛ්. ඛ්පඪටටඪද කියන හාදයා පොඩි මිනිහකුත් නෙවේ. ලෝකේ වටේම වැඩිම මිල ගණන්වලට මිලදී ගැනීම් කරන හාදයෙක්. තවමත් වයස අවුරුදු 50ක් වෙච්ච මේ මනුස්සයා උඉ ඩොලර් මිලියන 58.75 වටිනාකමක් තියෙන චිකාගෝවල නිවෙසක්. ඩොලර් මිලියන 60 වටිනා මියාමිවල නිවෙසක්, උච් ඩොලර් මිලියන 250ක් වටිනා ර්ථීචතථ වෙරළ අසල නිවෙසක් වගේම ඩොලර් මිලියන 122 වටිනා බකිංහැම් මාලිගාව ආසන්නයේද නිවෙසකට උරුමකම් කියනවා. ලෝකේ වටේ යන ගමනේ බැරිවෙලා හරි මෙයාට ලංකාවේ තැනකට හිත ගියොත්? ඒ ඉඩම ඔබේ එකක් වුණොත් කොහොමද? කෝකටත් දැනගෙන ඉන්න එක හොඳයිනේ මේ කියන හාදයා ගැන!