Naifmvlog

Naifm vlog Gossip and News

ගෙදරකට නෑයකු එන විට පුරාණයේදී

මුළු ලෝකයෙහිම පුවත්පත්වල මුල් පිටුවේම ලොකු අකුරෙන් දිගින් දිගටම බල්ලන්ට තැනක් ලැබුණු වකවානුවක් ගැන ලෝක ඉතිහාසයෙහි සඳහන් වෙතොත් ඒ රුසයාවෙන් හඳට බැල්ලියක් යැවූ සමයයි. උසස් චින්තකයෝ බල්ලන් ගැන සිතූහ. උසස් විද්‍යාඥයෝ බල්ලන් ගැන විමසූහ. උසස් ලේඛකයෝ රසවත් ලිපි ලියූහ. එමතුද? මිනිස් බසින්ම, බල්ලන් ලවා වේගවත් කතා පැවැත් වූහ. මේ නිසා මුළු මහත් දියකුසම බල්ලන් ගැන අවදි වී සිටී. එබැවින් බල්ලන් ගැන මෙතෙක් නොලියවුණු යමක් ඇත්දැයි සොයා බැලුම ඇවැසිය.දුරාතීතයේ සිටම මිනිසා සමඟ කිට්ටු ඇසුරක් ඇති සතා නම් බල්ලාය. මිනිසා උෟ සමඟ එතරම් සබඳකමක් ඇති කරගත්තේ කුමක් නිසාද? විද්‍යාව පරමේශ්වර වූ ලොවක පවා ඒ සබඳකම අඩු නොවී පවතින්නේ කුමක් නිසාද? බල්ලන් මෙන් සතර පයින් යෙමින්, බල්ලන් මෙන් කමින් බොමින් පිරිය යුතු වුතයක් ඉන්දියාවෙහි විය. මෙම බලු වත රැකුමෙන් ‘නිවන්’ ලබන්නට හැකි වෙතැයි ඉන්දියාවේ සමහර ආදිකල්පිකයන්ට සිතුණේ කුමක් නිසාද? අනෙක් සතුන් කෙරෙහි දක්නට නැති තරම් පුදුම ගති ගුණ බල්ලන් කෙරෙහි ඇති නිසා එදා මෙන්ම අදත් ඔවුන් මිනිස් ලොවට අවශ්‍ය වේ. ගේ ‍ෙදාර බලා ගැනුමට, අලංකාරයට හා ආදරයට පමණක් නොව හැතැපුම් දහස් ගණන් අෑත ඉමක් කොනක් නැති අහසට යෙමින් විශ්වය පිළිබඳව අද්භූත දෑ සොයා ගැනීමටත් ඔවුන් වුවමනාය.

බල්ලා නමැති මේ පුදුම සත්ත්වයා අද විද්‍යාඥයන්ට විද්‍යා රහස් සොයා දෙයි. පිටත්ව යන ගමනක, කරන්නට සැකැසෙන .. වෙන්නට තිබෙන වාසියක තොරතුරු කල් තබා ඇඟවීමට හැකි අනාගතය දත හැකි කමක් බල්ලාට ඇතැයි පැරැණි විශ්වාසයක් පවතී. ලංකාව ඉන්දියාව හා බුරුමය යන තෙරටෙහිම සාමාන්‍ය මිනිසුන් අතර බල්ලන් පිළිබඳ එම විශ්වාසය මුල් බැස ගෙන තිබේ.සරම්ප, පැපොල, කොලරාව වැනි භයානක වසංගතයක් පැතිරෙන්නට සතියකට පමණ කලින් බල්ලන්ට දැනෙනවා යැයි උඩරට පිටිසර ගැමියෝ දැනුත් අදහති. අසල්වැසියකුගේ මරණයක් වෙන්නට දින කිහිපයකට උඩදී ඒ බව බල්ලන්ට දැනෙනවා යැයිද ඔවුහු පවසති. මිනිසුන් ඒ ගැන දැනගන්නේ කෙසේද? සැප සේ නිදා සිටි බල්ලෙක් වහා අවදි වී තුන් වතාවක්ම උඩුබුරුලෑවොත් ඒ වූ කලී මරණයක හෝ වසංගත රෝගයක පෙර ලකුණු යැයි ඔවුහු අදහති. වසංගත රෝග පැතිරීමට පෙර කුමන කරුණු නිසා හෝ බල්ලන් උඩුබුරුලෑමේ පුවතේ සැබෑවක් පවතී. රක්ත අතීසාරය හා පැපොල රෝගය බෝවෙමින් පැවැති අවස්ථා දෙකකදීම බල්ලන් එසේ කෑ ගසනු අපටද ඇසී ඇත. මරණාසන්න රෝගියකුට මේ හඬ ඇසුණේ අවස්ථාවකදී හේ අතිශයින් ම බියට පත් විය. ඒ නිසා වහාම භික්ෂුන් වහන්සේ වැඩමවා පිරිත් කියැවීමට සිදු විය. ඉතාම මහලු වයසට පත් වූ අයට බල්ලන්ගේ උඩුබුරුලෑම ඇසෙන්නේ මරුවාගේ හඬක් ලෙසිනි.

මෙවැනි විශ්වාසයක් පවතින්නේ කුමක් නිසාද? බල්ලන්ට අනාගතය දැකීමේ හැකි කමක් ඇත යන විශ්වාසය අවුරුදු දහස් ගණනක් තිස්සේ ඒ මිනිසුන් ලත් අත්දැකීම් අනුව පැනනැඟුණු එකක් විය නොහැකිද?පැය ගණනකින් හෝ දවස් කිහිපයකින් ඔබ්බෙහිදී වෙන්නට තිබෙන දෙයක් බල්ලාට දැනේද? නෑයකු ගෙදරට ඒ නම් එය ගැන ගෙවැසියන්ට බල්ලාගෙන් දැන ගත හැකි යැයි විශ්වාසයක් පවතී. ගෙදරකට නෑයකු එන විට පුරාණයේදී කැවුම් කොකිස් ආදිය ගෙන ඒම සිරිතකි. ඒවායේ සුවඳ ඉවකර බැලීමට බල්ලාට හැකිය. ගෙට තරමක් අෑතින් එන විට බල්ලා ඒ බව දැන ගන්නේ නම් එහි පුදුම වීමට දෙයක් නැත. නමුත් නෑයකු ඒමට පැය කිහිපයකට හෝ දවසකට පෙර දී ඒ බව උෟට වැටහිය හැකිද? ගැමියෝ තවමත් ඒ ගැන විශ්වාස කරති. ඔවුන් එය බල්ලාගෙන් දැන ගත්තේ කෙසේද? උෟ පස්සා කකුල් දෙක උස්සා පස්ස බිම තබා අත් දෙක ඉදිරියට තබමින් යේ නම්, පස්ස බිම ඇදී ගෙන යේ නම්, එය නෑයකු ගැන තොරතුරකි.

උෟ ගෙයි පැත්තක සිට ගේ මැදට හෝ මිදුලේ සිට ගේ දෙසට හෝ ඒ නම් සිකුරුවටම නෑයකු එනවා යැයි විශ්වාස කරන ගැමියෝ බොහෝය. බල්ලන් ගැන ඉහත සඳහන් පුදුම විශ්වාස පවතින්නේ සිංහල මිනිසුන් අතර පමණක් නොවේ. ගෙහිමියා පිටත්ව යන ගමනේදී විපතක් පැමිණෙන්ට ඇති නම් ඒ බව බල්ලාට දැනෙනවා යැයි යාපනේ ද්‍රවිඩ ජනයා අතරද විශ්වාසයක් පවතී. නඩුවක් සඳහා උසාවියට යන ගමනක් නම් එම නඩුවෙන් පැරැදිය හැකි නම් ඒ බව බල්ලාට දැනෙයි. වෙළෙ¼දාම් හා ගනුදෙනු ආදී කිසියම් වැඩකට යන ගමනක් නම් ඒ ගමනින් අවාසියක් වේ නම් ගෙදර බල්ලාට කල් ඇතිව දැනෙයි. ඒ බව ගෙහිමියා දැනගන්නේ කෙසේද ඔහු ගමන පිටත්වන්නට අඩිය තබද්දී බල්ලා කන්කෙටි ගැසුවොත් කන් කෙටිවලින් ශබ්දයක් කළොත් ඒ වූ කලී තමා ගේ ගමන විපත් සහිත බවට අසුබදායක බවට ලකුණකැයි ද්‍රවිඩයන් මෙන්ම සිංහලයෝද විශ්වාස කරති. බල්ලන් උඩුබුරුලෑම හා කන්කෙටි ගැසීම පිළිබඳව බුරුම ජාතිකයෝද අදහති. බුරුමයේ හිටපු අගමැති උෟනූ මහතා සමඟ එක පන්තියේ උගත් බුරුමයේ අධිනීතිඥයකු ලෙස කටයුතු කළ ශාස්ත්‍රාචාර්ය ආර්.ජේ. සිංහම් මහතා බුරුම වැසියන්ගේ ඉහත සඳහන් විශ්වාසය ගැන පැවැසීය. ලොව සෙසු රටවලත් මෙවැනි විශ්වාස පවතී. දැයි සොයා බැලුම මැනවි.

බලු උපමා

ඉංග්‍රීසි හා සිංහල සාහිත්‍යයන්හි දැක්වෙන බල්ලන් පිළිබඳ ප්‍රස්තාව පිරුළු හා උපමා දෙස පරීක්ෂාකාරීව බලතොත් එංගලන්තයේ මෙන්ම අපේ රටෙත් බල්ලන්ට උසස් තැනක් ලැබී නැති බව පෙනෙනු ඇත. පහත සඳහන් මේ කියමන් ගැන විමසා බලනු මැනවි.

  • ‘ගෝ ටු ඩෝග්ස්’ – බල්ලන්ට පලච්චාවයි = විනාශ වී ගියාවයි
  • ‘අ ඩෝග් ඉන්ද මේනජ්’ – පිදුරු ගොඩේ බල්ලා= බල්ලා පිදුරු කන්නෙත් නැහැ ගොනාට කන්ට දෙන්නෙත් නැහැ.
  • ‘අ ඩෝග්ස් ලයිෆ්’ = කරදරවලින්ම පිරුණු ජීවිතය
  • ‘අන්ඩ ඩෝග්ස්’= නිතරම යටහත්ව සිටීම.
  • ‘ලෙට් ස්ලීපින් ඩෝග්ස් ලයි’ – නිදන බල්ලන් වැතිර සිටියාවේ = නිදන බල්ලන් අවදි කරන්නට එපා
  • ‘ගිව් ටු ඩෝග්ස්’ – බල්ලන්ට දීපන්= ඉවත දමන්න = විසි කරන්න.
  • ‘බලු වැඩ’ = පහත් වැඩ
  • ‘බල්ලාගේ නගුට වගෙයි’ = දිග හැරෙන්නේ නෑ – නරක ගති අත් හරින්නේ නෑ. අෑ වශයෙන් ඇති ‘බලු කතාවලින්’ පෙනී යන්නේ දුරාතීතයේ සිට මිනිසාට පිහිට වෙන බල්ලන් ගැන මිනිසුන් තුළ හැබෑ අනුකම්පාවක් පළල් ආදරයක් සුහද හැඟීමක් නැති බව නොවේද. එහෙත් බල්ලා කුරිරුකම් මැද්දේ වුවත් මිනිසුන්ට සේවයක්, උපකාරයක්ම කිරීමට ඉදිරිපත් වන පුදුම සත්ත්වයෙක්. විද්‍යාඥයන්ට කළ උපකාරයට අහිංසක බැල්ලියක් ලත් තෑග්ග විස යෙදූ ආහාරයකි. මිනිසුන්ට පේන කියන්න ගිය ගම්බද අසරණ බල්ලන්ට එවැනි විපත් පොලු පහර කොපමණ ලැබෙන්නට ඇත්ද?