Naifmvlog

Naifm vlog Gossip and News

ඇත්තටම ලෝකේ වැඩිම කාලයක් පොතක්

පොතක් කියවන්න දවස් 18,579ක් ගිහින්.පොත් කියවන එක අපට තියෙන හොඳ පුරුද්දක් කියලා මවුපියෝ, පාසලෙන් එහෙම කියලා දෙනවනේ. දැන් නම් එක එක විදිහට පොත් කියවන්න පුළුවන්කම තිබුණත් ඉතින් ඉස්සර කාලේ සල්ලිවලටම පොත් අරගෙන කියවන පිරිසට වඩා වැඩියෙන් හිටියේ පුස්තකාලවලින් පොත් අරගෙන කියවන පිරිස් කියන එක අමුතුවෙන් කියන්න ඕනා නැහැනේ. දැනටත් ගොඩාක් අය පුස්තකාලවලින් පොත් අරගෙන කියවන්නේ සල්ලි දීලා එක පොතක් ගන්නවට වඩා පොත් ගොන්නක් තියන තැනකින් කැමැති පොත් ගොඩාක් තෝරගෙන කියවන්න පුළුවන් හින්දානේ. හැබැයි සාමාන්‍යයෙන් පොතක් බැහැර එහෙමත් නැති නම් අරගෙන ගිහින් ආපසු ගෙනත් දෙන්න පුස්තකාලයකින් ඉඩ දෙන්නේ සති දෙකක් වගේ කාලයක්නේ.

එහෙම ඊට වඩා කාලයක් තියා ගන්නවා නම් අපි ඒකට දඩ මුදලක් ගෙවන්නත් බැඳිලා ඉන්නවනේ. ඒත් පහුගිය සතියේ දවසක හරි අපූරු වැඩක් වුණා. මේක ඇත්තටම ලෝකේ වැඩිම කාලයක් පොතක් බැහැරට අරගෙන ගිය පොත වෙන්නත් බැරි නෑ. Michigan The Flint මහජන පුස්තකාලයේ පුස්තකාලාධිපති Carmen Walker කියන විදිහට ඔවුන්ට මේ පොත ආපහු ගෙනවිත් බාර දෙන්නේ පොත අරගෙන ගිහින් දවස් 18,579කට පස්සේලු. පවුලේ කවුරුහරි කෙනෙක් පොත අරගෙන ගිහින් ගෙදර තිබිලා අවුරුදු ගාණනකට පස්සේ අන්තර්ජාලයේ මිලට ගැනීමක් විදිහට තමයි මේ පොත ගෙනවිත් භාර දුන්න කෙනාට මේ පොත ලැබිලා තිබුණේ.

පුස්තකාලයේ නීතිය හැටියට පොතක් අරගෙන ගිහින් ආපහු ගෙනවිත් දීම නියමිත දිනයට වඩා වැඩිපුර ප්‍රමාද වෙනකොට දඩය විදිහට දිනකට ඩොලර් සත 10ක් අය කරන්න ඕනලු. මේ ප්‍රමාදෙට එහෙම අය කළා නම් ඩොලර් 1857ක් විතර ගෙවන්න වෙනවා.නමුත් පුස්තකාලයෙන් පොත ආපහු ලැබීම අගය කරලා ඒ මුදල අරගෙන නෑ. අපිත් සමහර වෙලාවට ඉතින් ඔය පොත් භාර ගත්තාම ඒවා ආපහු භාර නොදී ඉන්නේ ඔහොම ලෝක වාර්තා තියන්න කියලා කියන්න පුළුවන් වුණත් ඊට වඩා හොඳයිනේ තව කාට කාට හරි කියවන්න නියමිත දවසෙම ඔය පොත් භාරදෙන එක. අනිත් එක කියන්න බැහැනේ මේ තැන දඩය අය නොකළාට මෙහෙ අය නොකරයි කියන එකත්. අහ්හ් පොත් කියවන අයට ඕනේ නම් ලෝකේ වටේ යං ලියන මගෙත් දෙවෙනි පොත “Happy Life With හිරු.” මේ දවස්වල වෙළෙඳපළට නිකුත් කරලා තියෙනවා. දයාවංශ ජයකොඩි, සූරිය පොත් වෙළෙඳසල්වලින් වගේම ඕනිම මුද්‍රණයේ තියෙන පොතක් වට්ටම් සහිතවම ගෙදරට ගෙනත් දෙන book rack වෙබ් අඩවියෙන් මිලට ගන්නත් පුළුවන් හොඳේ.