Naifmvlog

Naifm vlog Gossip and News

ශ්‍රී ලංකාවේ මුද්දර පිළිබඳ ගවේෂණයක

වෘත්තියෙන් ඉන්ජිනේරුවකු වන දුල්ෂාන් එල්ලාවල තැපැල් මුද්දරවලට කුඩා කල සිටම ඇලුම් කළ පුද්ගලයෙකි. එනිසාම තැපැල් මුද්දර එකතු කිරීමෙන් එහාට ගොස් ඒ පිළිබඳ පර්යේෂණ කිරීමත් ඒ පිළිබඳ ගවේෂණය කිරීමත් ආරම්භ කර ඇත. ඒ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස 2018 ඔක්තෝබර් 13 වැනි දින Sri Lanka Stamps Catalogue නමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නිකුත් වන වර්ණ සහිත Queen Victoria සහ King Gorge Vi යුගයට අයත් Specimen Stamps , Gutter pairs නචඪපඵ අන්තර්ගත නාමාවලිය එළි දැක්වීම සිදු විය. පිටු 56කින් සමන්විත මෙම කෘතියෙහි 1857අප්‍රේල් මස 01 වැනි දින නිකුත් කරන ලද රැජනගේ ඡායාරුව සහිත ලංකාවේ පළමු මුද්දරයේ සිට 1947 නොවැම්බර් 24 දක්වා නිකුත් කරන ලද Inauguration of new Constitution මුද්දර 04ක්ද සමන්විත වූ මුද්දර 635ක එකතුවක් අන්තර්ගත විය.

මේ වනවිට පශ්චාත් උපාධි අධ්‍යාපන පීඨයේ දර්ශනපති උපාධි පාඨමාලාවේ ශ්‍රී ලංකාවේ මුද්දර පිළිබඳ ගවේෂණයක නිරත වන විද්‍යාර්ථියකු ලෙස ඔහුගේ අවධානය වෙනදාට වඩා මුද්දර සම්බන්ධයෙන් යොමු කර ඇත. 2019 වසරේ නිකුත් කළ නවතම මුද්දර තුනක ඇති දෝෂ ඔහු පෙන්වා දෙයි. මේ ඒ පිළිබඳව කළ කරුණු විමසීමකි. මින් පෙරද මුද්දර නිකුත් කිරීම්වල සිදුව ඇති වැරදි සහ මුද්දර උපදේශක මණ්ඩලයට සුදුසු නිලධාරීන් තෝරා නොගැනීම නිසා සිදුවී ඇති හානිය සම්බන්ධයෙන් කිහිපවිටක්ම තැපැල්පති තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ආදී පුද්ගලයන්ට ලිපි මඟින් මා කළ අනාවරණ පිළිබඳ දැනුම් දුන්නද ඒ පිළිබඳ කිසිම ආකාරයක විමර්ශනයක් කළ බවක් හෝ ස‍ෙදාස් තැන් නි‍ෙදාස් කරගැනීමක් කළ බවක් පෙනෙන්නට නැහැ.

තැපැල් හා ආදායම් මුද්දර නිකුත් කිරීමේ ප්‍රතිත්තියේ 3.3 වගන්තියෙහි සඳහන්ව ඇති ආකාරයට මුද්දර නිකුත් කිරීම සඳහා ලැබී ඇති ඉල්ලීම්වල හා යෝජිත තේමාවන්ගේ යෝග්‍යතාව තැපැල් කටයුතු භාර අමාත්‍යාංශ ලේකම් වෙත නිර්දේශ කිරීම මුද්දර උපදේශක මණ්ඩලයේ කාර්යභාරයයි. නමුත් ඒ කාර්යභාරය හරි හැටි ඉටු කරන්නේද යන්න ගැටලුවක්. මේ මින් පෙර මා විසින් අනාවරණය කර ඇති මුද්දරවල සිදුව ඇති වැරදි කිහිපයක් හා ඒවා නිවැරදි විය යුතු ආකාරය මෙසේ දැක්විය හැකියි. මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා වෙනුවෙන් නිකුත් කරන ලද පහත මුද්දරයේ සහ මුල් දින කවරයේ ඔහුගේ නාමය සඳහන් වන්නේ සිරිල් පොන්නම්පෙරුම යනුවෙනි. නමුත් එය සිංහල බසින් මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම ලෙසත් ඉංගී්‍රසි බසින් professor Cyril Ponnamperuma ලෙසත් දමිළ බසින් ඒ ආකාරයටත් නිවැරදි විය යුතුය. මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතාට ගරු නම්බු නාම නොදීම හරහා එතුමාට විශාල අගෞරවයක් සිදු කොට ඇත.

  • ලෙස නම් කර ඇත්තේ ගරු නම්බුනාම, ඇතිව නිවැරදිව නිර්මාණය කරන ලද මුද්දරයකි.
  • ලෙස නම්කර ඇති මුද්දරයේCentennial Celebration of the Rubber trade in Sri lanka යන්න සඳහන්ව තිබුණත් එම සියවස් සැමරුම් වර්ෂ දෙක (1918-2018) ආකාරයට මුද්දරය තුළ සඳහන් නොකිරීම බලවත් වරදක්් සහ අඩුපාඩුවකි. එමෙන්ම 2019 ජූලි මස 08 වැනි දින නැවත වරක් දෝෂ සහිත මුද්දර තුනක් නිකුත් කර ඇත. එහි මුදල් ඒකකය සඳහන් වන්නේ 15,35,45 ලෙසයි. නමුත් එය 15.00,35.00,45.00 ලෙස නිවැරදි විය යුතුයි. එහි මුදල් ඒකකය සඳහන් වන්නේ 15,35, 45.00 ලෙසයි. නමුත් එය 15,00 35.00 45.00 ලෙස නිවැරදි විය නිවැරදි විය යුතුයි.

මීට ඉහතදී මේ හා සමානව ශ්‍රී ලංකාව තුළ මුද්දර නිකුත් වී තිබුණත් ඊට ඉහළින් “C” අකුර මුද්‍රණය කර ඇති අතර එය Cents නැතිනම් ශත නිරූපණය කිරීම සඳහා යොදාගෙන තිබෙනවා. නමුත් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ඉහත මුද්දර 3 රුපියල් නොව ශත විය හැකි බව යම් කෙනකුට අනුමාන කළ හැකිය. එම නිසා මෙම මුද්දරවල අගය රුපියල්ද එසේත් නැතිනම් සතද යන වග නිර්ණය කිරීමට අපහසුය. මෙය ලංකාවේ වලංගු මුදල් අර්ථනිරූපණයක් නොවන අතර මෙය වෙනස් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතුව ඇති අතර මින් ඉදිරියට මුද්දර නිකුත් කිරීමේදී නිසි නිලධාරීන් ඒ සඳහා යොදවාගෙන සහ මුද්දර පිළිබඳව හසළ දැනුමක් ඇති පිරිසක් මුද්දර උපදේශක මණ්ඩලය සඳහා පත්කර ගැනීමෙන් මෙවැනි වැරදි නිකුත් කිරීම් ඉදිරියේදී සිදු නොවීමට වග බලා ගත යුතුය. මෙවැනි දෝෂ සහිත මුද්දර නිකුත් කිරීම හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේදී තවදුරටත් හෑල්ලුවීම වැළැක්විය නොහැකියි.