Naifmvlog

Naifm vlog Gossip and News

මගේ අම්මා යමක් කිව්වා නම් මම විශ්වාස කළා

පුතෙකුයි අම්මෙකුයි අතර තියෙන බැඳීම හැම විටම දුවෙකුගෙයි අම්මෙකුගෙයි අතර තියෙන බැඳීමට වඩා ටිකක් වෙනස්. හා නැද්ද? දුවලා වගේ හැම වෙලේම අම්මගේ ඇඟේ එල්ලෙන්නේ නෑ පුතාලා. සමහර වෙලාවට ඔළුව චුට්ටක් ඉඹින්නත් අම්මලා එයාලව ළඟට ඇදලා ගන්නේ බලෙන්. විශේෂයෙන් ගැටවර වයසේදී ඔවුන්ට අම්මව අතේ දුරින් තියා ගැනීමේ උවමනාවක් දැනෙන්න ගන්නවා. මඟ තොටකදී අම්මා අතින් ඇල්ලුවත් ළඟින් හිටියත් උපදෙස් දුන්නත් එයාලට ලැජ්ජයි. “හරි හරි අම්මේ” කියලා කරදර මූණ දාගෙන ටක් ගාලා එතනින් මාරු වෙන්නමයි බලන්නේ. ඒත් තරුණ වියත් එක්ක ගෙදරින් අෑත් වෙන්න වුණොත් හැම සති අන්තෙකම ඔවුන් ගෙදර දුවනවා. කාටවත් නොකිව්වට ඒ දුවන්නේ අම්මව දකින්න. අම්මලා ගැන පුතාලගේ ආදරේ එහෙමයි.

නිහඬයි. ඒත් ගොඩයි. “මගේ අම්මා යමක් කිව්වා නම් මම විශ්වාස කළා. ඇය මා ගැන පැවතුණු විදිහ මට පහසු වුණේ නැහැ. මාව වරදවා තේරුම් ගන්න එපා. ඇය මට ගැහුවා. බැන්නා, මට දඬුවම් කළා. ඒ මොනවා වුණත් ඇය මට ඇත්තටම ආදරය කළා. මම වමනෙ දාගෙන හොටු පෙරාගෙන ලේ පෙරාගෙන හිටියත් ඇගේ ආදරය අඩුවක් වුණේ නෑ. ඇය මගේ නරක වෙලාවෙදිත් හොඳ වෙලාවෙදිත් මට ආදරය කළා. මා ගැන තිබුණ ආදරය ඉතාම ගැඹුරුයි. එහි නිමක් නෑ. මෙහෙම කියන්නේ චික් බෙනෙටෝ. ඇත්තටම ඔහුගේ නම චාල්ස් බෙනෙටෝ. ඒත් ඔහුව බොහෝ දෙනා දන්නේ චික් බෙනෙටෝ නම් බේස් බෝල් ක්‍රීඩකයා හා පසු කාලීනව සිය දිවි නසාගන්නට තැත් කළ අයකු ලෙසයි. මේ චික් ඉන්නේ Mitch Alborn ගේ For one More Day (තව එක දවසක්:චන්ද්‍රානි අමරකෝන්) නමැති පොතෙයි. වයස අවුරුදු හයේදී තාත්තා ඔවුන්ව දාලා ගියාට පස්සේ වුණත් චික් එයාගේ නංගී සහ අම්මා එක්ක සුපුරුදු නිවෙසෙම උස් මහත් වෙනවා. තාත්තා ගියාට ඔහු නිතරම චික්ගේ සිතුවිලි පවා පාලනය කළා.

අන්න එතැනදී හැමදේම නිහඬවම දරාගෙන හැම යුතුකමක්ම කරපු, ජීවත් වෙන්න ලොකු දහිරියක් දාපු, අන් අයගේ අනුකම්පාව බලාපොරොත්තුව නොවුණු, මොන දේ වුණත් දරුවන්ට විහිළු කරපු මුහුණේ හිනාවක් රඳවාගත් සුන්දරව ඇඳපු පැලඳපු ආකර්ෂණීය පොසේ බෙනේටෝ හෙවත් ඔහුගේ අම්මව ඔහුට මඟහරින්න වෙනවා. අෑ සමඟම රැඳුණාට ඔහු අම්මා වෙනුවෙන් පෙනී නොසිටි වාර ගණන බොහොමයි. “අම්මා මා වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවක් “ හා “ මා අම්මා වෙනුවෙන් පෙනී නොසිටි අවස්ථාවක්” ලෙස මේ පොතේ තැන තැන සටහන් වෙන්නේ ඒ කතාව අම්මගේ කීමට පිටුපාලා විශ්වවිද්‍යාලයෙන් සමුගන්න චික් කෙටි කලකට සාර්ථක බේස් බෝල් පන්දු ක්‍රීඩකයෙක් වෙනවා. ඉන් අනතුරුව විකුණුම්කරුවෙක් සහ අර්ධකාලීන රැකියා රාශියකින් අසාර්ථක වෙලා බේබද්දෙක් වෙන ඔහුව අතහැර දමන ඔහුගේ පවුලේ අය ඔහුගේම දියණියගේ විවාහ මංගල්ලයට පවා ඔහුට ගෙන්වන්නේ නැහැ. මින් ලබන දරුණු මානසික කම්පනයත් එක්ක සිය රථය පාරේ වැරදි දෙසට ධාවනය කර ට්‍රක් රථයක හප්පා ගන්නා ඔහුගේ සියදිවි නසා ගැනීමේ ප්‍රයත්නය අතරතුර මින් වසර 5ට පෙර මියගිය ඔහුගේම මව ඔහුට හමු වෙනවා.

ජීවිතයත් මරණයත් අතර එක තලයකදී ඔවුන් දවසක් ගත කරනවා එකට. ඒ අතරේ ඇය ඔහුට ඒත්තු ගන්වනවා පුතකු කියන්නේ කාට නැතත් අම්මට වටිනා කෙනෙක් බව. ඒ වගේම ඔහුත් දැන ගන්නවා දරුවෝ රකින්න අම්මෙකුට අභිමානය පසෙකින් තැබිය හැකි බව. “මොකක්”? මම විමසුවා. මට තේරෙන්නේ නෑ.” “මමයි මිස් තෙල්මයි එකට ගෙවල් පිරිසුදු කළා. චාලි“ අනතුරුව ඇය පැවසුවා” මගේ මුහුණේ පෙනුම දුටු ඇය ඇඟිලි වැනුවේ මගේ බැල්ම හෙළා දකින අයුරින් “මගේ දරුවන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා යොමු කළේ කොහොමද කියලා ඔබ හිතුවාද” අහන්න, මේක හරි සංවේදී කතාවක් ඔබ මේක කියවන්නම ඕනේ. දන්නවද? ඔබ ඔබේ ජීවිතේ සැලසුම් අතරේ හිර වෙලා ඔවුන් එක්ක වචනයක් කතා නොකර ඉන්න දවසක වුණත් ඔවුන් ඒක නිහඬවම දරාගන්නවා. මං දන්න එක අම්මා කෙනෙක් ඉන්නවා අෑට ඉන්නේ එක පුතයි. ඒ පුතාට දූවරියෝම තුන්දෙනයි දූවරියන්ට ගෙදරට ගෙනත් tution දෙන්න පුතාට සල්ලි ගොඩාක් ඕන නිසා අම්මා අසනීපෙකටවත් පුතාගෙන් සල්ලි ඉල්ලන්නේ නෑ.

තනියම ජීවත් වෙන තනියම බෙහෙත් ගන්න අපහසුවෙන් රජයේ රෝහලට ඇවිදගෙන එන මේ අම්මා බීඩි ඔතලා හම්බෙන කීයක් හරි තමන්ගේ පුතාගේ අත මිට මොලවනවා. හිතන්න එහෙව් කැපවීමක් ආදරයක් අවසානයේ අම්මා මියගියාම ඔබට දැනෙන පසුතැවීමෙන් වැඩක් තියෙනවාද? අම්මලා ආදරේ ඉල්ලන්නේ නෑ. ඒත් තනියම විඳවනවා. අනේ ඔවුන්ව මඟහැර ගන්න එපා. චාලිට අම්මව තව දවසකට හම්බු වුණාට ඔබට ඔබේ අම්මව මරණින් පස්සේ ආයේ කවමදාකවත් හම්බ වෙන්නේ නැහැ. අම්මා තාත්තාව මඟහැර ගන්න එපා. කිසිම දවසක ! “ඒ රාත්‍රිය ගැන මම හරියට කල්පනා කළා. මම අදටත් විශ්වාස කරනවා මගේ ජීවිතේ බේරාගත්තේ මගේ අම්මා කියලා. ඒ වගේම දෙමවුපියෝ ඔබට අදරේ නම් ඔවුන්ගේ ජීවිත හරහා ගසාගෙන යන සුළි කුණාටුවලින් ඔබව ඔසවා තබා ගන්නවා. ඒ කියන්නේ සමහර විටක ඔවුන් මුහුණ දෙන තත්ත්වයන් ගැන ඔබ කිසි දවසක දැනගන්නෙත් නැහැ. ඔබ ඔවුන්ට අකරුණාවන්ත ලෙස සලකනවා විය හැකියි. සමහර විට එහෙම නැතුව ඇති. නමුත් මතක තියාගන්න ඔබේ හැම කතාවක් පිටුපසම තියෙන්නේ ඔබේ අම්මගේ කතාව, ඔබේ හැම කතාවක් පිටුපසම ඉන්නේ ඔබේ අම්මා. මොකද ඔබගේ ජීවිතය ඇරඹෙන්නේ අෑ වෙතින් නිසා.”