Naifmvlog

Naifm vlog Gossip and News

මචං දැන්නම් එන්න විදිහක් නැහැ

දවස ගෙවෙනකොට අපට එක එක විදියේ අවස්ථාවලට මුහුණ දෙන්න වෙනවා. සිද්ධීන් කියලා කිව්වොත් හරියටම හරි. මෙන්න මේ වගේ වෙලාවලදී තියෙන ඉඪබභචබඪධද එකේ හැටියට අපට විවිධාකාර ඉල්ලීම් ලැබෙනවා. ඒවායින් සමහරක් මඟහරින්න බැරිකමට හා කියලා අමාරුවේ වැටෙන අවස්ථා ඕන තරම්. අද කියවන්න පටන් ගන්නේ ඕනම දෙයකට යර්ස් කියන්නේ නැතිව, හිතලා ඉඳලා හිටලා හරි නෝ කියන්න ඕන ඇයි කියලයි. ඒ වගේම හරි අවස්ථාවට යර්ස් කියලා ගොඩයන්නේ කියන්නත්. ලොකුම ප්‍රශ්නේ එන්නේ යර්ස් කියන්න ඕන මොකකටද, නෝ කියන්න ඕන මොකකටද කියලා තෝරා ගන්නේ කොහොමද කියලයි. ඉතින් අපි යර්ස් කියන්න ඕන ඒවා එකපාරටම නෝ කියලා මඟහැරලා නැහැ, බැහැ කියන්න ඕන දේවල් ඉස්මුදුනින් භාරගන්න එකයි අවුල.

යාළුවෙක් එක්ක ඔබ පාඩම් කරන්න. ලයිබ්‍රරි එකට යන ගමන් අතරමඟදී තව යාළුවෙක් ඇවිල්ලා ෆිල්ම් එකක් බලන්න කතා කළොත් කොහොමද ඒකට “බැහැ දැන් පොඩි වැඩක්”, “ෂුවර් එකට වෙන දවසක සෙට්වෙමු” කියලා කියන්න තියෙන්න ඕන ලොකු ගට් එකක්. මෙන්න මේ වචනේ එළියට දාගන්න පුළුවන්නම් වැඩේ ගොඩ. ඒක ගොඩක් අමාරුවෙන් කරන්න වෙන බව ඇත්ත. මෙන්න මෙහෙම එක පාරක් දෙපාරක් කියා ගන්න කට හදාගත්තොත්, තමන්ටම වළ කපාගත්තා කියලා කවදාවත් හිතෙන එකක් නැහැ.රටේ නීතිය යටතේ වැරැදි කියලා තියෙන දෙයක් නම් අනිවාර්යෙන් මඟ අරින්න නම් “ දැන් පොඩි වැඩක්” , “මචං දැන්නම් එන්න විදිහක් නැහැ” කියලා හරි බේරුණොත් කූ-ඩු-වල කූරු ගැන ගැන දුක්වෙන්න වෙන එකක් නැහැ. යාළු ෆිට් එකට ගිහිල්ලා මිනීමැරුම්, දූ-ෂ-ණ, මංකො-ල්ලකෑම්වලට වැරැදිකාරයෝ වෙච්ච අයත් ඉන්නවා කියලා පොඩ්ඩක් මතක් කරලා බලන්න. මුලින් කිව්වා වගේ අපට තියෙන අවුල මොන දෙයට මොන විදියට නැහැ බැහැ කියනවද කියන එකයි.

අපි ගොඩක් වොරි වෙන්නේ බැහැ කිව්වොත් තරහවෙයි. සවුත්තු කරයි කියලානේ. ඒකයි කිව්වේ නැහැ බැහැ කියන එක අමාරුම වැඩක් කියලා. එහෙම කියන්න දෙතුන් පාරක් පුරුදු වුණොත් කොයිම වෙලාවකවත් ආයේ ආයේ ඒ වගේ රික්වෙස්ට් එන්නේ නෑ. අනෙක එහෙම නැහැ බැහැ කියන එකත් වැඩෙන පෞරුෂයක ලක්ෂණයක් කියලා ලෝකෙම පිළිගන්නවා. ඒ අපි සලකලා බලන්න ඕන දෙයක් තමයි අපි යර්ස් කියන්නේ නැතිව වටිනා දේවල් අහිමි කරගන්නවා කියන එක. ඉතින් වටිනාකම් තියෙන දෙයක් යර්ස් කියලා භාරගන්න පුරුදු පුහුණු සිතක් තියාගන්න වෙනවා. තප්පර කිහිපයක් ඇතුළත කියන හරි වචනේ තෝරාගන්න එක තමයි චැලෙන්ජ් එක. එහෙම හරිම වචනෙ එළියට දාන්න හැකියාව වැඩි අය තමයි සම වයසේ වුණත් ඔබට ඉස්සරහින් ඉන්නවා පේන්නේ. “කවුරුහරි කෙනෙක් අවස්ථාවක් දුන්නොත් එය කරන්නට බැරි වුණත් ‘ඔව්’ කියලා භාරගන්න.

පසුව එය හරිහැටි කරන හැටි ඉගෙන ගන්න” මෙහෙම කිව්වේ රිචඩ් බ්‍රැන්සන්. ඔහු තමයි ලෝක ප්‍රකට “වර්ජින්” ව්‍යාපාර ජාලය ගොඩනැඟුවේ. පාසල් ජීවිතයෙන් එතරම් සාර්ථක බවක් දක්වන්න බැරි වුණත් ජීවිතේට එන අවස්ථාවන්වලදී හරියාකාරව ප්‍රතිචාර දැක්වීමේ වැදගත්කම කියාදෙන්න ඔහුගේ ජීවිත කතාව ප්‍රබල උදාහරණයක්. රිචඩ් බ්‍රැන්සන් ගැන කිව්වොත් පුදුම හිතෙන තරම් අවදානම් ගන්න කෙනෙක්. එහෙම අවදානම් ගනිද්දි ඔහු අභියෝගවලට සහ ලැබෙන අවස්ථාවලට යර්ස් කියලා හැම කෙනෙක් අතරෙම අවධානය දිනාගන්නෙක් වෙලා. 1984 වසරේ දවසක ඔහු කරා තරුණ නීතිඥයෙක් එවනවා යෝජනාවක්. ඒ තමයි නව ගුවන් සේවයකට ආයෝජනය කරන්න. ඔහු පසු කලෙක කියනවා “මට සම්පූර්ණයෙන් කියවන්නවත් ඕන වුණේ නැහැ. මං ඒ මොහොතෙම එය භාර ගත්තා” කියලා. ඉතින් අද වෙනකොට වර්ජින් එයාර්ලයින් විතරක් නෙවෙයි. වර්ජින් ඇට්ලන්ටික් කියන අභ්‍යාවකාශයේ සැරිසරන සමාගමක් දක්වා ඒ අවස්ථාව ඇල්ලා ගැනීමෙන් සාර්ථකත්වයක් ලබලා තියෙනවා.

මේ අවස්ථා ට්ධතඤඥද ර්ණීනනධපබභදඪබර කියලයි හඳුන්වන්නේ. මෙහෙම කිව්වා කියලා අද ඉඳන් හැමදේටම “ඔව් මට පුළුවන් කියලා හරි” නැත්නම් “යර්ස්” කියන්න ගියොත් අමාරුවේ වැටෙනවා. ඔයා ‍ෙදාස්තර කෙනෙක් වුණා කියලා ඩ්ඥචපබ ඵභපඨඥපර එකක් භාරගන්න බැහැ නේද? ඉතින් මුලින්ම ටික ටික තමන්ම මහන්සිවෙලා ගොඩ දාගන්න පුළුවන් දේවල් හොයාගෙන ඉන්න ඕන. ඔව් හෝ නෑ කියන්න ඔහු කියන්නේ විනාඩියක් ඇති කියලයි අවශ්‍ය විශ්ලේෂණ කරන්න. ටිකක් හිතන්නත් ඕන ඉතින්. මොකද එළියට දාපු වචන අයේ හරවන්න පුළුවන්කමක් නැති හින්දා. පොඩිම පොඩි කාලයක් හසුරා ගන්න පුළුවන් වුණොත් පටලාගන්නේ නැතිව හරි එක එළියට දාන්න පුළුවන්. දැන්නම් ඉතින් යර්ස් කියන්නයි නෝ කියන්නයි කලින් ටිකක් හිතුවොත් හොඳයි. ටික කාලයක් යද්දී ඉක්මනින් හරි වචනේ එළියට දාන එක ඒභබධථචබඪජ වෙයි. නැහැ බැහැ කියන එකෙත් හා පුළුවන් කියන එකෙත් වාසි ඩබල්වෙලා ලැබෙයි. ටිකක් ඉවසිල්ලෙන් ඉන්නකෝ.