Naifmvlog

Naifm vlog Gossip and News

විශ්වවිද්‍යාලය විසින් මෙහෙයවුණු පර්යේෂකයෝ පිරිසක්

කුණු ට්‍රාන්සිල්වේනියාවේ ගල් ගුහාවක තිබී 1941 දී හමුවුණු මිනිස් හි-ස්ක-බල අවුරුදු 33,000ක් පැරණි බවත් එය පූර්ව ශිලා යුගයට අයත් පුද්ගලයකුගේ බවත් ප්‍රචණ්ඩකාරී ඝා-ත-නයකට ලක් වීමෙන් ඔහු මි-ය ගොස් ඇති බවත් එම හිස්-ක-බල පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක යෙදෙන විශේෂඥයෝ ප්‍රකාශ කරති. “සියෝක්ලෝවිනා කැල්වේරියා (Ciocloving calvaria) යනුවෙන් විශේෂඥයන් විසින් හැඳින්වෙන එම හි-ස් ක-බලේ දකුණු පැත්තේ පැල්ම ක්‍රිකට් පිත්තක් වැන්නකින් වැදුණු වේගවත් පහරකින් සිදුවූවක් යැයිද විශේෂඥයෝ කියති. මේ පුද්ගලයාගේ හි-සට තු-වාලය සිදු වී ඇත්තේ තවත් කෙනකු සමඟ ඔහු මුහුණට මුහුණලා කළ ස-ට-නකදී බවද විශේෂඥයන් නිගමනය කළේය. තු-වාලය සිදු විය හැකි යැයි ඔවුන් සිතූ පිළිවෙළ අනුකරණය කිරීමෙන් පසුවය. මෙය මෙතෙක් යුරෝපයෙන් හමුවුණු පැරණිතම හා සම්පූර්ණ මානව හි-ස් ක-බල බවද විශේෂඥයෝ ප්‍රකාශ කරති.

පූර්ව ශිලා යුගය

ගලින් තැනුණු ඉතා රළු මෙවලම් භාවිතය විශේෂ ලක්‍ෂණය වශයෙන් පැවැති මෙම කාලය පූර්ව ගල් යුගය යනුවෙන්ද හැඳින්වෙයි. මිනිසා නොයෙක් මෙවලම් තනාගෙන භාවිතා කරන්නට පටන් ගැනීමේ මුල්ම සාධකත් සමඟ අවුරුදු මිලියන 2.58 කට පමණ ඉහතදී පූර්ව ශිලා යුගය ආරම්භ විය. එය වසර මිලියන 2.58ත් වසර 11,700ත් අතර කාලයකට පෙර මහා හිම යුගය ආරම්භ වීමට ආසන්න කාලයක්ද විය. කෙන්යාවේ තුර්කානා විල අසල සිඳී ගිය ගඟක පත්ළෙහි 1957දී කැණීම් කළ පර්යේෂකයන්ට එහි ගල්පර අස්සේ රඳවා තිබුණු ඉපැරණිතම ගල් මෙවලම් කීපයක් හමු වූ අතර ඒ මෙවලම් වසර මිලියන 3.3ක් පමණ පැරණි යැයිද ඔවුහු කියති. හි-ස්ක-බල සම්බන්ධයෙන් මුලින්ම පැවැත්වුණු අධ්‍යයනවලදී එය නියන්ඩතාල් හා නූතන මානවයන්ගේ මිශ්‍රණයෙන් බිහි වූ දෙමුහුන් මිනිසකුගේද යන්න කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරිණි. එම මානව දෙවර්ගය අතර අන්තර් ප්‍රජනන සිදුවී ඇතත් එම හි-ස්ක-බල අයත් පුද්ගලයා එවැන්නකු නොවන බව මැක්ස් ප්ලැන්ක් ආයතනය විසින් පැවැත්වුණු අධ්‍යයනයෙන් අනාවරණය වී යැයිද පර්යේෂකයෝ ප්‍රකාශ කළහ.

එම හි-ස් කබ-ලේ පැල්ම එම පුද්ගලයාගේ ම-ර-ණයට හේතු වුණු ගැටුමකදී සිදුවූවක්ද නැතහොත් ම-ර-ණයෙන් පසුව වූවක්ද යන්න ගැනත් මෙම අධ්‍යයනවලදී පර්යේෂකයන්ගේ අවධානය යොමු විය. ටපු බිංගර් විශ්වවිද්‍යාලය විසින් මෙහෙයවුණු පර්යේෂකයෝ පිරිසක් මෙම හි-ස් ක-බලේ තු-වාලය සිදු වූ ආකාරය නිවරැදිව නිගමනය කරනු පිණිස මෙවැන්නකට හේතු විය හැකි චිත්තාවේගික ප්‍රතික්‍රියා කෙරෙහිද අවධානය යොමු කළහ. මෙම හි-ස් ක-බලේ හැඩයට නිර්මාණය කෙරුණු ප්ලාස්ටික් ගෝල ‍ෙදාළහක් නොයෙක් උස මට්ටම්වල සිට බිමට වැටීමේදී ඒවාට මෙවැනි තු-වාල සිදුවිය හැකි ආකාර ගල් පහරවලින් හෝ පොලු පහරවලින් මෙවැනි තු-වාලයක් සිදුවිය හැකි ආකාරත් අත්හදා බැලීමද මෙම අධ්‍යයනයේ විශේෂාංග බවට පත් විය. පරිගණක මඟින් විකිරණ රේඛා තාක්‍ෂණය මෙම අධ්‍යයනය සඳහා යොදා ගැනීමටද පර්යේෂකයෝ පියවර ගත්හ. මෙම පුද්ගලයා මි-ය-යන්නට ටික වේලාවකට කලින් හෝ මි-යගි-ය මොහොතේදී ඔහුගේ හි-සෙහි තු-වාල දෙකක් තිබී ඇති බවත් ඉන් එකක් හි-ස් ක-බලේ් පහළ කොටසේ ඉරි තැළීමක් බඳු තු-වාලයක් බවත් අනෙක හිස්- ක-බලේ දකුණුු පැත්තේ වඩාත් ගැඹුරට පැළුණු තු-වාලයක් බවත් පර්යේෂකයෝ හඳුනාගත්හ.

එම ත-වාල සිදුවී ඇත්තේ ක්‍රිකට් පිත්තක් වැනි යමකින් පිට පිටම වැදුණු පහරවලින් යැයිද ඔවුහු නිගමනය කළහ. එපමණක්ද නොව කෙනකු සමඟ මුහුණට මුහුණලා සිදුවුණු ගැටුමකදී ප්‍රහාරකයාගේ වම් අතින් එල්ල වුණු පහරවලින් එම තු-වාල සිදුවී ඇති බවත් හදිසි අනතුරකින් හෝ වැටීමකින් හෝ එම තු-වාල සිදුවී නැති බවත් පර්යේෂකයෝ අන්තිමේදී නිගමනය කළහ. වැඩිදුර අධ්‍යයනවලින් අනතුරුව පර්යේෂකයන් සඳහන් කර ඇති පරිදි මෙම හි-ස් කබ-ල අයත් පුද්ගලයාගේ ම-ර-ණය ඔහුගේ හි-සට සිදු වූ තු-වාලවලම ප්‍රතිඵලයකි. පූර්ව ශිලා යුගයට අයත් මානවයන් අතර පවා මිනිස් ඝා-තන සිදුවී ඇති බව මෙයින් තහවුරු වනවා පමණක් නොව සංස්කෘතික හා තාක්‍ෂණ සංකීර්ණත්වය වර්ධනය වෙමින් තිබුණු එම යුගයේදී අන්තර් පුද්ගල ගැටුම් හා මිනිස් ඝා-තන ඇතැම් අරමුණු ඉටු කර ගැනීම සඳහා යුරෝපීයන් යොදාගත් උපක්‍රම බවට පත්ව තිබිණැයිද පර්යේෂකයන්ගේ අධ්‍යයනවලින් අනාවරණය වී තිබේ. මෙම අධ්‍යයනයේ සම්පූර්ණ ප්‍රතිඵල ‘ප්ලොස් වන් (PLOS ONE) නමැති ප්‍රකාශනයෙහි පළ විය.

ශිලා යුගයේ ඉතිහාසය

ශිලා යුගය යනු ඊට අයත් කාලයෙන් සියයට 95ක්ම ගල් මෙවලම්වල වර්ධනය විශේෂ ලක්‍ෂණය වශයෙන් පැවැති ප්‍රාග් ඓතිහාසික මානව යුගයකි. ආදි මානවයන් මුලින්ම ගල් මෙවලම් භාවිතය ආරම්භ කළ වසර මිලියන 3.3කට පමණ ඉහත කාලය පැරණි ගල් යුගය යනුවෙන් හැඳින්වෙයි. එම ගල් මෙවලම් හැඩ රුව නිර්මාණාත්මක මුහුණුවරක් ගනිමින් අල්ප වශයෙන් වෙනස් වන්නට පටන් ගත් යුගය- වසර 4,00,00ත් 2,00,000ත් අතර කාලයකට පෙර යුගය මධ්‍යම ශිලා යුගය යනුවෙන් හැඳින්වෙයි. මෙම යුගයේ ආරම්භයත් සමඟම සෙල්මුවා අත් පොරව විශේෂ ශිල්පීය ක්‍රමයකින් නිර්මාණය වූ අතර. අනුක්‍රමයෙන් එහි මුල් රළු ස්වභාවය ඉවත් වී වඩාත් කුඩා එහෙත් නිර්මාණාත්මක ශිල්පීය මුහුණුවරක් ඊට ආරෝපණය විය., එසේ බිහි වන්නට පටන් ගත් ගල් මෙවලම් සහ අවි අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල අවම වශයෙන් අවුරුදු 2,85,000ක පමණ කාලයක්ද යුරෝපයේ සහ බටහිර ආසියාවේ සමහර ප්‍රදේශවල අවුරුදු 2,50,000ත් 2,00,000ත් අතර කාලයක්ද භාවිතයෙහි යෙදී තිබේ.

වසර 50,000ක් 28,000ත් අතර කාලයකට ඉහතදී එය අවසන් විය. මෑත ශිලා යුගයේදී එම මෙවලම්වල නිර්මාණාත්මක ස්වභාවය හා ශිල්පීය මට්ටම වඩාත් දියුණු තත්ත්වයකට පත් විය. හෝමෝසේපියන් මානව කණ්ඩායම් ඔවුන්ගේ මෙවලම් නිර්මාණය සඳහා ගල් මෙන්ම සතුන්ගේ ඇට කටු ඇත් දළ හා ගෝන, මුව ආදී සතුන්ගේ අංද ඇතුළු නොයෙක් අමුද්‍රව්‍ය යොදා ගත්හ. අවුරුදු 50,000ත් 39,000ත් අතර කාලයකට ඉහත යුගයද අප්‍රිකාවේ වත්මන් මිනිසාගේ පොදු චර්යාවලට සමාන චර්යා පැවැති යුගයක් විය. විවිධ මානව කණ්ඩායම් ඔවුන්ගේ විශේෂ සංස්කෘතික අනන්‍යතා ගොඩනඟා ගන්නට පටන්ගැනීම හා එදිනෙදා අවශ්‍ය උපකරණ හා මෙවලම් තනා ගැනීමේදී එකිනෙක කණ්ඩායම්වලට ආවේණික වූ විශේෂ තාක්‍ෂණ විධි, උපයෝගී කර ගැනීමත් එම යුගයේ විශේෂ ලක්‍ෂණ බවට පත් විය. මෑත ශිලා යුගය වන විට ඔවුන්ගේ නොයෙක් තාක්‍ෂණ විධි අප්‍රිකාවෙන් බැහැරව ඊළඟ වසර දහස් ගණනක් තුළ නොයෙක් ප්‍රදේශවල ව්‍යාප්ත වන්නට පටන් ගත්තේය.