Naifmvlog

Naifm vlog Gossip and News

ට්‍රක් එකේ මෙගා වොට් පැය එකක

ටෙස්ලා සෙමි ට්‍රක් ව්‍යාපෘතියේ නිපැයුමක් වන මෙම ට්‍රක් එකේ මෙගා වොට් පැය එකක බැටරි ධාරිතාවක් තියෙනවා. ඒක නිසාම විනාඩි තිහක ආරෝපණ කාලයකින් කිලෝමීටර් 400ක පමණ දුරක් යෑමට තරම් මෙහි බැටරිය ප්‍රමාණවත්. ඒ වගේම මෙහි ඇති වැදගත්කම තමා වරක් සම්පූර්ණව ආරෝපණය කළ පසු කිලෝමීටර් 800ක පමණ දුරක් මෙය ධාවනය කළ හැකි වීම.ඒ වගේම මේ ට්‍රක් එක හිස්ව තියෙද්දී 0 සිට 100ඬථ දක්වා වේගයක් ලබා ගන්න වැය වෙන්නෙ තත්පර පහක් පමණයි.

එය ස්පෝර්ට් කාර්වලටත් වඩා වැඩි ත්වරණ අගයක්.ටෙස්ලා ආයතනය කියන ආකාරයට ටොන් 35ක පමණ බරක් සමඟ මෙම වේගය තත්පර 36ක් තුළ ලබා ගන්නට මෙම ට්‍රක් රථයට පුළුවන්. ඩීසල් එන්ජිමක නම් මේ වේග සීමාව ලබා ගන්න අපට අඩුම විනාඩියක්වත් වැය වෙනවා.භූමියේ ධාවනය ගැන කියනවා නම් මේ ට්‍රක් රථයක කන්දක් වුණත් බොහොම පහසුවෙන් යන්න පුළුවන්. අපේ රටේ කඳුවල දුම් බෝම්බ ගහගෙන ශබ්ද පූජා දාගෙන බැරි බර අරගෙන නඟින ට්‍රක් රථ වෙනුවට මේ ටෙස්ලා ට්‍රක් රථය නියමෙට ගැළපෙනවා වගෙයි පෙනෙන්නේ.