Naifmvlog

Naifm vlog Gossip and News

තුර්කියේ විශාලතම නගරවලින් එකක්

තුර්කියේ විශාල ජලාශයක වේල්ලේ ජල ‍ෙදාරටුවක් බිඳී ගොස් ජල මට්ටම පහළ බැසීම නිසා එතෙක් ජලාශයට යට වී තිබුණු ඉපැරැණි ගමක් මතු වී ඇති අතර එහි වූ මුස්ලිම් පල්ලියක්, සු-සා-න භූමියක්, පූජාසනයක්ද මතු වී තිබේ. එසේ බිඳී ගොස් ඇත්තේ තුර්කියේ දියාර්බකර් දිස්ත්‍රික්කයේ එගිල් ප්‍රදේශය ආසන්නයේ ඩික්ල් ජලාශයේ වේල්ලේ ‍ෙදාරටුවලින් එකකි. ජල මට්ටම අඩු වීමෙන් මතු වී ඇත්තේ කරිකෝරන් ගම්මානයයි.

1977 දී විවෘත කරන ලද මෙම ජලාශයෙන්, අග්නිදිග තුර්කියේ විශාලතම නගරවලින් එකක් වන දියාර්බකර්හි 9,30,000ක් පමණ වන ජනගහනයට පානීය ජලය සැපයෙයි. නිවාස 78ක් එම ජලාශයට යට වී තිබිණි. ප්‍රදේශයට තද වැසි ඇදහැලීම වේල්ලේ ‍ෙදාරටුව පුපුරා යෑමට හේතු විණැයි වාර්තා විය. මතු වුණු විවිධ දේ අතර යුදෙව් ආගමේත් ක්‍රිස්තියානි ආගමේ හා ඉස්ලාම් ආගමේත් අනාගත වක්තෘවරයකු වූ එළිසාගේ සු-සා-නයද තිබේ.වසර විස්සකට ඉහතදී වේල්ල ඉදිකිරීම නිසා දියාර්බරකර් ගම්මානය යට වන්නට කලින් එළිසාගේ දේහය, 1995 සැප්තැම්බරයේ කෝල් ප්‍රදේශයේ සු-සා-න ගර්භයකට මාරු කරන ලද්දේය.