Naifmvlog

Naifm vlog Gossip and News

මෙම සුනඛයා සිර වී සිටි හරියේ

මේ අපුරු සිදුවීම වාර්තා වෙන්නේ ජෝර්ජියාවෙන්..වර්ෂ 1980 දිනක පිරිසක් පරණ විශාල ගසක් කපන්නට සුදානම් වුණා. මේ පැරැණි ගස කපා බිම හෙලපු පිරිස ගස කොටස් කරන්නට යද්දී දකින්නේ හරි අපුරු දෙයක්.මේ ගසේ මැද කොටස බෙනයක් ලෙස පිහිටා තිබු අතර එහි මැදට වෙන්න සුනඛයෙක් හිර වී හිටියා. හැබැයි මෙයා මි-ය ගිහින් ම-මී-යක් බවට පත් වෙලායි හිටියේ. පර්යේෂකයන් මේ ගස ඇතුළේ සිර වී සිටින අපුරු සුනඛයා ගැන පර්යේෂණකයක් ආරම්භ කරා. එයාලා කියන විදියට නම්, මේ සුනඛයා දඩයම් සඳහා පුරුදු කරපු සුනඛයෙක් බවයි සඳහන් වෙන්නේ.

ලේනෙක් පස්සේ හෝ වෙනත් සතෙකු පසුපස දුවගෙන විත්, මෙම ගසේ යටින් තිබුණු බෙනයක⁣ට රිංගනට ඇති බවත් ගසේ ඉහළට ම රිංගා ඇවිත්, මෙලෙස ගසේ මැද හිර වෙන්නට ඇති බවත් ඔවුන් මත පල කරා. ඔවුන් තවදුරටත් අදහස් දක්වමින් කියලා තිබුණේ ගසේ මෙම සුනඛයා සිර වී සිටි හරියේ කඳ තරමක හැඩයට පිහිටා තිබුණු නිසාත් ආපස්සට හැරෙන්නට හැකියාවක් නැති නිසාත් මේ සුනඛයා ගස තුළම මි-ය යන්නට ඇති බවය..

මෙයා මේ විදිය⁣ට ගස තුළ සිරවන්නට ඇත්තේ 1960 දශකයේ සිට බවයි අනුමාන කරන්නේ. ඒ අනුව මේ සුනඛයා වසර 50ක පමණ කාලයක් ගස තුළ සිර වී සිට තිබෙනවා. කාලයත් සමඟ මේ සුනඛයා ම-මී-කරණයට පත් වෙලා තියෙනවා.ඉතින් අද වෙද්දී මේ සුනඛයා ව ජෝර්ජියාවේ “Southern Forest World museum” හී ප්‍රදර්ශනයට තබා තිබෙනවා. මේ සුනඛයා ⁣ගේ නම නොදන්නා නිසාත් පස්සේ මෙයාට නමක් දානවා. ඒ Stu-ckie කියලා. මේ නම දාන්න හේතු වුණේ ගස තුළ සිර වී සිටි නිසා කියලත් සඳහන්..