Naifmvlog

Naifm vlog Gossip and News

මෙම සාප්පුවට ඇතුල් විය හැක්කේ එක වරක් පමණයි

නිව්යෝර්ක් නගරයේ අලුත් වර්ගයේ සාප්පුවක් විවුර්ත වුනා . මේ සාප්පුවෙන් කාන්තාවන්ට සැමියන් අලෙවි කල අතර කාන්තාවන්ට පැමිණ තමන් කැමති ආකාරයේ සැමියෙක් තෝරා මුදල් දී ඔහුව රැගෙන යාමේ හැකියාව තිබුනා .මෙම සාප්පුවට ඇතුල් වෙන දොර ළඟ සාප්පුවෙන් සැමියෙකු මිලදී ගැනීමේදී අනුගමනය කලයුතු උපදෙස් අඩංගු බෝඩ් එකක් තිබුණු අතර එහි තිබුනේ,ඔබට මෙම සාප්පුවට ඇතුල් විය හැක්කේ එක වරක් පමණයි.මෙම සාප්පුව මහල් 6 කින් සමන්විත වේ .මහල් ඉහලට යන විට ඒ මහලේ සිටින පුරුෂයන් ගේ සුදුසු කම් ඉහල යයි .ඔබට එක මහලකට ගිය විට කල හැක්කේ ඒ මහලෙන් පුරුෂයෙක් තෝරා ගැනීම හෝ ඉහල මහලට යාම පමණයිඔබට නැවතත් පහත මාලයකට යා නොහැකි අතර කල හැක්කේ සාප්පුවෙන් පිටවීම පමණයි .ඉතින් ඔන්න ලස්සන කාන්තාවක් දවසක් මේ සාප්පුවට ගොඩ උනා ස්වාමි පුරුෂයෙක් මිලදී ගන්න.පළමු මහලට ඇතුල් වෙන තැන දොරේ මෙහෙම බෝඩ් එකක් ගහලා තිබුනා.පළමු මහල- මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගමට දහමට ලැදිය.පළමු මහලේ වටයක් ගියපු කාන්තාව දෙවෙනි මහලට ගියා ,දෙවැනි මහලට ඇතුල් වෙන තැන දොරේත් බෝඩ් එකක් ගහලා තිබුණා .

පළමු මහල– මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගමට දහමට ලැදිය.පළමු මහලේ වටයක් ගියපු කාන්තාව දෙවෙනි මහලට ගියා ,දෙවැනි මහලට ඇතුල් වෙන තැන දොරේත් බෝඩ් එකක් ගහලා තිබුණා .

දෙවැනි මහල – මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය ,කුඩා දරුවන්ට බෙහෙවින් ආදරේ කරයි.දෙවෙනි මහලෙන් වටයක් කැරකුනත් හිතට හරි නොගිය නිසා මෙයා තුන්වැනි මහලටත් ගියා ,තුන්වැනි මහලට ඇතුල් වෙන දොරේ ගහල තුබුණු බෝඩ් එකේ ගහලා තිබුනේ මෙහෙම කතාවක් .

තුන්වෙනි මහල – මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය ,කුඩා දරුවන්ට බෙහෙවින් ආදරේ කරයි.බෙහෙවින් කඩවසම්ය.තුන්වෙනි මහලේ වට 2 , 3 ක් මෙයා කැරකුනා .. ගොඩක් කඩවසම් පුරුෂයෝ දැකලා දෙතුන් පාරක් සා කියලා කියවුණත් මෙයා හතර වෙනි මහලටත් යන්න තීරණය කළා .සුපුරුදු පරිදි හතරවෙනි මහලට ඇතුල් වෙන දොරෙත් බෝඩ් එකක් තිබුනා .

හතරවෙනි මහල – මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය ,කුඩා දරුවන්ට බෙහෙවින් ආදරේ කරයි. බෙහෙවින් කටවසම්ය , ගෙදර දොරේ වැඩ කටයුතු වලට උදවු කරයි . අනේ දෙවියනේ මේ ලෝකේ මෙහෙම පිරිමි ත් ඉන්නවාද කියලා හිත හිතා හතර වෙනි මහලේත් වට තුන හතරක් කැරකුනා . අන්තිමේදී මෙයා පස්වෙනි පහළටත් යන්න පිටත් උනා .පස්වෙනි මහලට ඇතුල් වෙන දොරේ ගහලා තිබුනේ මෙහෙම බෝඩ් එකක්.

පස්වන මහල – මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය ,කුඩා දරුවන්ට බෙහෙවින් ආදරේ කරයි.කුඩා දරුවන්ට බෙහෙවින් ආදරේ කරයි. බෙහෙවින් කටවසම්ය , ගෙදර දොරේ වැඩ කටයුතු වලට උදවු කරයි. සෑම දිනකම භාර්යාවට තෑගි බෝග ලබා දෙනු ඇත .පස්වෙනි මහලේනම් මෙයා වට 10 ක් 12 කැරකුනා …. සමහර වෙලාවට ඇස් දෙක ලොකු කරන බලන් හිටියා අනාගත සැමියා ගැන සිහින මැවුවා .එත් මෙයාට හිතුනා අන්තිම මහලටත් ගිහින් බලන්න ඕන කියලා .අන්තිම මහලට ඒ කියන්නේ හයවෙනි මහලට ඇතුල් වෙන තැන දොරේ ගහලා තිබුනේ අමුතුම විදියේ බෝඩ් එකක් ,එකේ මෙහෙමයි තිබුණේ.

හයවෙනි මහල – ඔබ මෙම මහලට ඇතුල් වන 4758943 වන කාන්තාව වන අතර මෙම මහලේ කිසිම පුරුෂයෙක් නොමැත .මෙම හයවෙනි මහල පිහිටවීමේ එකම අරමුණ නම් කාන්තාවන් සෑහීමකට පත් කල නොහැකි බව ඔප්පු කිරීමයි. ස්වාමි පුරුෂයෙක් මිලදී ගැනීමට අප සාප්පුවට පැමිණි ඔබට ස්තුතියි.