Naifmvlog

Naifm vlog Gossip and News

අම්මා ළඟ නැති අඩුව මේ පැන්චාට තදින් ම දැනුනා

මේ සිදුවීම මීට වසර කිහිපයකට පෙර සිදූ සිදුවීමක්.. ඒත් නැවත මතක් කරන්න හිතුනා.. අපි පුංචි කාලේ අම්මාගෙන් තාත්තාගෙන් තොර ලෝකයක් නෑ නේද? එයාලාගේ ළඟ හුරතල් වෙනවා තරම් පොඩි දරුවෙකු ට වෙන දෙයක් නෑ.. ති-රි-සන් සත්ත්ව ලෝකය තුළත් ඒ කතාව ඒ විදිහටම තියෙනවා.. ති-රි-සන් සතුන් ටත් දරු සෙනෙහස දැනෙන අවස්ථා ඕන තරම් අපි දැකලා තියෙනවා..ඒත් ඒ තරම් උතුම් මව් සෙනෙහස අහිමි ව දරුවන් ම-රා දමන අවස්ථා මිනිස් ලෝකයේ පමණක් නෙමෙයි සත්ව ලෝකය තුළිනුත් වාර්තා වෙනවා.. මේ එවන් සිදුවීමක් ගැනයි.චීනයේ, Shen-diaoshan Wild Animal Natural Reserve තුළ එදා සිටි සියලු දෙනාට වැදගත් දිනයක් වුනා. මොකද සත්ත්ව උද්‍යානයක අලි පැටවෙකුගේ උපතක් කියන්නේ ගොඩාක් වැදගත් අවස්ථාවක් විදිහට සලකන නිසා.. සත්ත්ව උද්‍යාන බලධාරීන් සියලු දෙනා උත්සවය සඳහා අලි පැටවාගේ උපත සිදුවෙන තුරු බලාගෙන සිටියා…පුංචි අලි පැටියා උපත ලැබුවා.. එයාට නම තිබ්බේ Zh-ang Zhu-ang කියලා.

සියලු දෙනා අලුත් සමාජිකයාගේ උපත සමරන්න සැරසෙනවාවත් සමඟ කිසිවෙකුත් නොසිතු දෙයක් සිදු වුනා.. ඒ අලි අම්මා පැංචාට ප-හ-ර දීලා ඝා-ත-නය කරන්න සුදානම් වුනා. නමුත් බලධාරීන් වාහම ක්‍රියාත්මක වෙලා එය වළක්වනවා..පැංචාට සාමන්‍ය සුළු තු-වා-ල කිහිපයක් සිදුවී තිබිම නිසා සත්වදෝයාන බලධාරීන් ඒවාට ප්‍රතිකාර කරලා නැවතත් අලි පැංචාව අලි අම්මා ගාවට යැව්වා.. නමුත් නැවත කිසිවෙකුත් නොසිතු දෙයක් සිදු වුනේ,නැවත වරක් තමන්ගේ පැටවා දුටු අලි අම්මා පැටවාට ප-හ-ර දෙන්න උත්සහ කරා.. පෙරට වඩා හානියක් වෙන්න කළින් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වෙලා අලි පැන්චාව බේර ගන්නවා..නැවත වරක් අලි මව ළඟට පැන්චා ව නොයවන්න තීරණය කරපු නිලධාරීන් තාවකාලිකව පැන්චා ව ඔවුන්ගේ රැකවරණයට ගන්නවා.. අම්මා ළඟ නැති අඩුව මේ පැන්චාට තදින් ම දැනුනා..

ඔබ විශ්වාස කරනවද ති-රි-සන් සතුන් ට අඬන්න පුළුවන් කියලා??මේ අලි පැටවා පැය 5කට ආසන්න කාලයක් හඬා වැලපුනා, ඔහුගේ මව ඔහුව ප්‍රතික්ෂේප කරපු නිසා..අලි පැටවාගේ කඳුළු නිසා සත්ත්ව උද්‍යාන නිලධාරීන් ⁣ට කර ගැනීමට හැකි දෙයක් හිතා ගන්න බැරි වුනේ ඔවුන් ද ඒ නිසාම සංවේදි වුනු නිසායි…මේ පුංචි අලි පැ⁣ටවාට කෘතිමව කිරි දීමට සිදු වුනා..නිලධාරීන් තමන්ට හැකි ලෙස මේ පැටවාට සෙනෙහස, ආරක්ෂාව ලබා දුන්නා.. පැන්චාගේ කඳුළු එක්ක වසර 03ක කාලයක් ගෙවිලා ගියා..ඒ වසර 3 තුළ ම ඔහුගේ මව මේ පැටවා ප්‍රතික්ෂේප කරපු බව සඳහන් වෙනවා.. මේ නිසාම අලින්ගේ සමාන්‍ය මානසික මට්ටමට වඩා පහළ විදිහටයි ඔහුව හැදුනේ.. නමුත් මේ අලි පැටවා සත්ත්ව උද්‍යාන බලධාරීන් එක්ක සමීප වුනු නිසාම ඔහුගේ ස්භාවික ජීවන රටාව ඇති කර ගන්න ඔවුන් උපකාර කරා. අද ඔහු හොඳ ජිවිතයක් ගත කරනවා…

ජිවිතේ ආරම්භය කටුක වෙන්න පුළුවන්, ඒත් උත්සහ කරොත් වේදනාව මතින් ම හොඳ ජිවිතයක් ගත කරන්න පුළුවන්….පසුවදන :සත්ත්වයන් ට සැබැවින් ම අඬන්නට පුළුවන් ද සංවේදි වන්නට පුළුවන්ද? විද්‍යාඥයන් අතර මේ පිළිබඳව දැඩි කතාබහක් කාලයක් තිස්සේ පැවතියා.. භෞතිකව ගොඩාක් ක්ෂිරපායීන් හට ඔවුන්ගේ ඇස් hydrated කිරීම මඟින් කදුළු නිපදවන්න හැකියාව ඇති බව සඳහන් වෙනවා..මිනිසාගෙන් පසුව සිටින බුද්ධිමත්ම ජීවින් අතරට අලි ඇත්තුද අයත්..Charles Darwin ගේ “The Expression of the Emotions in Man and Animals” කෘතිය තුළ ද ඔහු ඒ පිළිබඳව සඳහන් කර ඇත….