Naifmvlog

Naifm vlog Gossip and News

මෙලෙස ගැටවර වියේදී ඇමෙරිකාවට පැමණි

චෑන් බන්කර් සහ එංග් බන්කර්, (1811 – 1874) උපතින් බද්ද වූ නිවුන් සොයුරන් වූ අතර ඔවුහූ තවත් සොයුරියන් දෙදෙනෙකු හා විවාහ වී දරුවන් 23ක් ලැබීය.සම්පූර්ණ ජීවිතයක් ගතකල ඔවුහූ අවුරුදු 63ක් ජීවත් වූ අතර එය එදා මෙදා තුර බද්ද නිවුන් දෙපළක් ජීවත් වූ වැඩිම කාලය වේ.තායිලන්තයේ දුප්පත් ධීවර ගම්මානයක 1811 හී මැයි 11 වන අපූරු උපතක් සිදුවිය. එනම් සම්පූර්ණයෙන්ම නිරෝගී එනමුත් උරසින් එකුනෙකට ඇලී ඉපදුනු බ-ද්-ද නිවුන් දරු දෙපළකි.කුඩා කල සිටම ඉතාමත් ක්‍රියාශීලී වූ මොවුන් දෙපළ සම වයසේ අනෙක් ඕනෑම දරුවෙකු සමග කරට කර සියලු ක්‍රියාකාරකම් හී නිරතවිය. පසුකලෙක වෙළදාම සදහා පැමිණි රොබට් හන්ටර් නම් ඇමෙරිකානු ජාතිකයෙකුට කිසියම් අස්වාභාවික වස්තුවක් පිහිනමින් සිටිනු දැකගත හැකිවිය. ඒ පිළිබද උනන්දු වූ සුදු ජාතිකයා මේ විශ්මයජනක ලෙස එකිනෙකට ඇලී ඇති නිවුන් දරු දෙදෙනෙකු බව දැක මෙයින් උපයා ගත හැකි මහත් ධනස්කන්ධය සිහි වී ඩොලර් 500කට දරු දෙදෙනා මිලදී ගතී.

මෙලෙස ගැටවර වියේදී එනම් 1829 හිදී ඇමෙරිකාවට පැමණි චෑන් සහ එංග් රටපුරා සංචාරය කරමින් සර්කර්ස් සංදර්ශන වලට සහභාගී විය. එයින් මහත් ධනස්කන්ධයක් ඔවුන්ගේ කළමනාකරු ඉපැයූ අතර වසර 3කට පසු ඔවුහූ ස්වාධීනව සංදර්ශන පැවැත්වීම අරඹන ලදි. දශකයකට අධික කාලයක් පුරා ඇමෙරිකාව, එංගන්තය ඇතුළු යුරෝපයේ රටවල් බොහෝ ගණනක සංචාරය කළ සොහොයුරන් 1839දී විශාල ධනස්කන්ධයක් සමග උතුරු කැරොලිනාවට සංක්‍රමණය විය. එහිදී අක්කර 150ක විශාල වතු යායක් සමග මන්දිරයක් මිලදී ගෙන වහලුන් විශාල සංඛ්‍යාවක් හිමි වතු හාම්පුතුන් ලෙස ප්‍රභූ දිවියක් ඇරඹීය.1843 දී චෑන් හට ‘ඇඩිලේඩ් යේට්ස්’ නම් තරුණිය මුන ගැසුනු අතර ඔවුන් දෙදෙනා ගේ ප්‍රේමය විවාහයෙන් කෙළවර වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස එංග් ට ඇඩිලේඩ් ගේ සොයුරිය වූ ‘සාරා යේට්ස්’ විවාහ කරගැනීමේ වාසනාවද හිමිවිය.

සාමකාමී විවාහ ජීවිතයක් ගතකල මොවුහූ විවාහයෙන් පසු යාබද මන්දිර දෙකක ජීවත් වූ අතර එක් නිවසක දින 3 බැගින් වන පරිදි සලාක ක්‍රමයට කල්ගත කරන ලදි. කෙසේ හෝ චෑන් දරුවන් 10 දෙනෙකුට හා එංග් දරුවන් 11 දෙනෙකුට පියාණන් වූ අදර ඔවුන් සියළු දෙනාම නීරොගිමත් සම්පූර්ණ දරුවන් විය.ජීවිතයේ සැදෑ සමයේ චෑන් අධික ලෙස ම-ත්-පැ-නට හුරු වූ අතර ඉන් ඔහුගේ සෞඛ්‍ය මට්ටම දිනෙන් දිනම පිරිහී ගිය අතර 1870 දී ඔහු ආ-ඝා-තයකට ගොදුරු වී අං-ශ-භාග තත්වයට පත් විය. මීලගට එළඹි වසර 4 පුරාම සිය සොයුරාගේ අඩපණ වූ දකුණු පසද ඔසවාගෙන එංග් හැකි උපරිමයෙන් ඔහුව රැක බලා ගන්නා ලදී.කෙසේ වෙතත් 1874හි ජනවාරී 17 වන දින සිය සොයුරාගේ සෙලවීමකුදු නොමැති බැවින් එංග් සිය පුත්‍රයා කැදවා චෑන් ට කුමක් වී ඇති දැයි පරීක්ෂා කරන ලෙස ඉල්ලීය.

එහිදී ඔහු මි-යගොස් ඇති බව දැනගත් එංග් ‘එහෙනම් මාත් යන්නම්’ (“then Im going”) ලෙස පවසා දෙනෙත් පියාගත් අතර පැය 3ක් ඇතුළත ඔහුගේ ප්‍රා-ණ-යද නි-රුද්ධ විය.ඔවුන්ගේ ම-ර-ණය සැළවූ වහා රට පුරා සිටි විද්වතුන්, මහාචාර්ය වරුන් ඔවුන්ගේ නිසල දේ-හ-ය සොයා පැමිණි අතර එය ෆිලඩෙල්ෆියා විශ්ව විද්‍යාලයට රැගෙන ගොස් පරීක්ෂණ පවත්වන ලදි. චෑන් ගේ ම-ර-ණයට හේතුව මෂ්ති-ශ්ක රි-ධි-ර කැටියක් බව සොයා ගත් අතර එංග් ගේ ම-ර-ණට හේතුව බොහෝ විට ඔහුගේ සිරුරින් දිගින් දිගටම රුධිරය සිට ම-ළ සොහුරාගේ දේහයට ගමන්කිරීම බැව් සළකන ලදි.19වන් සියවසෙහි වැඩිම වෛද්‍ය පරීක්ෂණ සංඛ්‍යාවකට සහභාගී වූ මිනිසුන් ලෙස ඔවුහූ වෛද්‍ය ඉතිහාසයේ අම-ර-ණීය වු අතර ඔවුන්ට ගරුත්වයක් ලෙස අදටත් බද්ද නිවුන්නු හැදින්වීමට සියම් නිවුන්නු-Siamese twins (තායිලන්තය එකළ සියම ලෙස හැදින්වීය) යන නාමය භාවිත කරයි.දරුවන් 21 දෙනෙකුගෙන් ඇරඹි බන්කර් පරපුර අදවන විට සාමජිකයින් 1500කට වඩා වැඩි ගනනකින් යුත් අති දැවැන්ත පවුලක් වන අතර ඔවුන් අතර නිවුන් දරුවන් බොහෝ ගණනන් වූ මුත් කිසිවෙක් බද්ද දරුවන් නොවීය!