Naifmvlog

Naifm vlog Gossip and News

බ්‍රිතාන්‍ය යටත් විජිත අවධියේ මේ විහාරයෙන් සිදුවූ මෙහෙවර

ශ්‍රී ලංකාවෙහි දස දිගෙහි පැතිරී ගිය අනෙකුත් දිස්‌ත්‍රික්‌කවල මෙන්ම කොළඹ කේන්ද්‍ර කරගත් කොළඹ දිස්‌ත්‍රික්‌කය පුරාවෙහිමද නොයෙකුත් වූ සුවිශේෂ ස්‌ථාන අදත් බෙහෙවින් දැක ගන්නට පිළිවන. මෙවැනි ස්‌ථානයන් ගෙන් බොහොමයකට තිබෙන්නේ ඓතිහාසික වටිනාකමක්‌ය. කොළඹ දක්‌නට ලැබෙන මුල්ම හා පැරැණිතම සුවිශේෂ ස්‌ථානය වන්නේ ඒ අනුව හමුවන කඩුවෙල කොරතොට පුරාණ ගල්ලෙන් විහාරයයි. මෙම වෙහෙර බිම ඇසුරින් කොළඹ අතීතය පිළිබඳව සොයාගෙන තිබෙන සාධක රැසකි. මෙරට මුල්ම ජනාවාස කොළඹ අවට ගොඩනැඟී තිබුණු බවට හෙළිකර ගෙන තිබෙන පුරා විද්‍යාත්මක තොරතුරු මේ අතරින් මූලික වේ.කොළඹ සුවිශේෂ ඓතිහාසික ස්‌ථාන අතර තවත් එකක්‌ වන්නේ කෝට්‌ටේ රජමහා විහාරයයි. මෙය ගොඩනඟා තිබෙන්නේ කෝaට්‌ටේ පරාක්‍රමබාහු රාජ සමයෙහිදීය. අත්‍යාලංකාරව පැවති ගල් කණු පමණක්‌ නොව ඉපැරැණිතම පිළිම ගෙය හා සීමාමාලකයද මේ කෝට්‌ටේ රජමහා විහාරයෙහි දැනටත් ඉතිරි වී තිබෙන නටබුන් අතරින් කිහිපයකි. ශ්‍රී දළදා වහන්සේ කාලයක්‌ වැඩ වාසය කර තිබේ යෑයි සැලකෙන මෙහි දළදා මාළිගය හයවැනි පැරකුම් රජතුමා විසින් ඉදිකරන ලද්දකැයි පුරා විදුධරයෝ විශ්වාස කරති. කොළඹ අනෙක්‌ සුවිශේෂ බෞද්ධ ආගමික විහාරස්‌ථානය හුණුපිටිය ගංගාරාමයයි. ගංගාරාම විහාරයෙහි ආරම්භය 1884 තරම් දුර ඈත අතීතයකට දිවයයි.

මෙකල මෙය ආරම්භ කර තිබෙන්නේ අප ලක්‌ ශාසනික ඉතිහාස අඹර බැබළවූ පුජ්‍ය හික්‌කඩුවේ ශ්‍රී සුමංගල ස්‌වාමිපාදයන් වහන්සේයි. වාර්ෂිකව පැවැත්වෙන නවම් මහ පෙරහැර නිසාද හුණුපිටිය ගංගාරාමයේ කීර්තිය දිවයිනේ සිව්දිග සිසාරා පැතිරී ගොස්‌ ඇත. ගලබොඩසිරි ඥනිස්‌සර හිමියෝ මෙහි වත්මන් විහාරාධිපතීහු වෙති.කොටහේනේ දීපදුත්තාරාමයත්, බෙල්ලන්විල රජමහා විහාරය හා ගංගොඩවිල විජයාරාම විහාරයත්, කොළඹ ඇති අනෙක්‌ පුරාණ විහාරස්‌ථානයෝය. මේ අතරින් දීපදුප්තාරාමය ආරම්භ කර ඇත්තේ ක්‍රිස්‌තු වර්ෂ 1835 දී පමණය. එය ආරම්භ කළේ පූජ්‍ය මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්ය. අන්‍යාගමික බලයට එරෙහිව සුවිශාල බෞද්ධ බලයක්‌ ගොඩනැඟීමෙහිලා බ්‍රිතාන්‍ය යටත් විජිත අවධියේ මේ විහාරයෙන් සිදුවූ මෙහෙවර නම් ඇත්තෙන්ම මිල කරන්නටත් බැරි තරම්ය. බ්‍රිතාන්‍ය හා ඕලන්ද වාස්‌තු විද්‍යාවේ ලක්‌ෂණවලින් යුත් පැරැණි බුදු පිළිමයක්‌ද මෙම පැරැණි විහාරයෙහි තැන්පත් කොට තබා ඇත.බෙල්ලන්විල රජමහා විහාරය ශ්‍රී ලංකාවේ කොතැනකත්, අතිමහත් ගෞරවාදරයකට ලක්‌ව තිබෙන්නේ එහි අදත් ජීවමානව වැඩ සිටින දැවැන්ත බෝධීන් වහන්සේ නිසා යෑයි පවසතොත් එය වැරැදි නැත. බෙල්ලන්විල රජමහා විහාරයෙහිද වාර්ෂිකව පෙරහැරක්‌ පැවැත්වෙන අතර එය පැවැත්වෙන්නේ ඇසළ උත්සවය මූලික කර ගනිමින්ය. වෙහෙර මළුව වටා අලංකාර ප්‍රාකාරයක්‌ පමණක්‌ නොව වටදාගෙයක්‌ද තිබෙන්නේ ගංගොඩවිල විජයාරාම රජමහා විහාරයේය.

පැපිලියාන සුනේත්‍රාදේවී විහාරයද මෙවැනි තවත් පුණ්‍ය භූමියක්‌ වන අතර 1417 දී පමණ ගොඩනංවා තිබෙන මෙම විහාරය අද පිරිවෙනකි. මෙහි වත්මන් විහාරාධිපති ධුරය හොබවන්නේ පූජ්‍ය මැදගොඩ අභයතිස්‌ස ගෞරවාර්හ ස්‌වාමිපාදයන් වහන්සේයි. නවගමුව පත්තිනි දේවාලයද කොළඹ කේන්ද්‍ර කොටගෙන ඉදිවූ තව පූජ්‍යස්‌ථානයක්‌ය. ඓතිහාසික තොරතුරුවලට අනුව මෙම පත්තිනි දේවාලය නිර්මාණය කර තිබෙන්නේ බුදුපියාණන් වහන්සේගේ පාත්‍රා ධාතුවකුත්, පත්තිනි දේවියගේ සළඹකුත් තැන්පත් කිරීමෙන් බව පැවසේ.බෞද්ධ වෙහෙර විහාර හා වෙනත් දේවාල ආදිය පමණක්‌ නොව තවත් බොහෝ පුරාණ ස්‌මාරක රැසකටද කොළඹ හොඳ තෝතැන්නක්‌ වී තිබේ. එම පැරැණි ස්‌මාරක අතරින් බොහොමයක්‌ම පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි පාලන යුගවලට අයත් වී තිබීම විශේෂත්වයකි. මේ අතර වන සුවිශේෂ කයිමන් දොරකඩ පිළිබඳව පූර්ණ විස්‌තරයක්‌ මෙහි මුලින් පළවී තිබෙන කොළඹ ඉතිහාසය පිළිබඳව ලියෑවුණු සටහනට ඇතුළත් කර තිබේ. කොළඹදී අදත් දක්‌නට ලැබෙන ජෝර්ඡ් වෝල් ස්‌මාරකය ඉදිකර තිබෙන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයෙහි ශ්‍රී ලංකාවට පැමිණි එනම්වූ වැවිලිකරුවා සිහිපත් වන්නටයි. ලිප්ටන් වටරවුමට නිතර යන එන ඔබ දකින මේ ස්‌මාරකය වසර සියයකටත් වඩා පැරැණි බවක්‌ උසුලන්නකි. ගෝල්ෙµaස්‌ හෙවත් ගාලු මුවදොර ගැන නොඇසූ කෙනකු අප රටෙහි නැති තරම්ය.

මුහුද අද්දර මනරම් බිමෙක පිහිටි මෙහි එදවස වූ එඩ්වඩ් බාන්ස්‌ නම් ආණ්‌ඩුකාරවරයා තුරඟ තරග පැවැත්වීය. (ක්‍රි.ව. 1840 දී පමණ)පෘතුගීසි අවධියට අයත් කොළඹ පුරාණ ස්‌ථාන පිළිබඳ කතා කිරීමේදී අපට නිතැතින්ම සිහිවන තවත් ස්‌ථානයක්‌ වන්නේ ගෝර්ඩ්න් උද්‍යානයයි. පෘතුගීසින් මුලින්ම ලංකාවට පැමිණි ගමනෙහිදී එය අනුස්‌මරණය කරනු වස්‌ ඔවුහු මෙම ස්‌ථානයෙහි ගලක සංකේත කිහිපයක්‌ කෙටූහ. එනම් ඒ පෘතුගීසි රජුගේ ලාංඡනයයි. කොළඹ කෞතුකාගාර ගොඩනැඟිල්ල තවත් විශේෂ ස්‌ථානයක්‌ය. මෙය ක්‍රිස්‌තු වර්ෂ 1868 දී පමණ ඉදිකර ඇති සැටියකි. මෙහි විවෘතය විලියම් ග්‍රෙගරි ආණ්‌ඩුකාරවරයා විසින් සිදු කරනු ලැබ ඇති අතර ඒ 1877 දී පමණය. ශ්‍රී ලංකාවේ මුල්ම දුම්රියපොළ පිහිටා ඇත්තේද කොළඹ මරදාන කාර්මික විදුහල අභිමුව පිහිටි ස්‌ථානයේය. අඹේපුස්‌ස දක්‌වා ශ්‍රී ලංකාවේ මුල්ම දුම්රිය ගමන මෙම දුම්රියපළින් ඇරැඹූ බව සඳහන් වන අතර ඒ දුම්රියපොළ ඉදිකිරීමෙන් අවුරුදු හතකට පමණ පසුවය. එනම් ඒ ක්‍රිස්‌තු වර්ෂ 1865 දී පමණය. මේ පැරැණි දුම්රියපොළ කාලයෙන් පාවහන්වලට යටවී වැසී ගියේ වර්තමාන කොළඹ කොටුව දුම්රිය ස්‌ථානය ආරම්භ කිරීමත් සමගිනි. කොළඹ ප්‍රධාන තැපැල්හල එදා හැඳින්වූයේ ඨගඡගධග නමිනි. ජනාධිපති මන්දිරයට මුහුණලා තිබෙන මෙහි අවුරුදු ගණනාවකට ඉහතදි කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලය පවත්වාගෙන ගියේය. ක්‍රිස්‌තු වර්ෂ 1891 දී පමණ මේ ගොඩනැඟිල්ල ඉදිකළේය.

බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවද කොළඹ ආශ්‍රිත සුවිශේෂිත වූ තවත් ස්‌ථානයක්‌ය. මෙය පිහිටා තිබෙන්නේ කොළඹ බෞද්ධාලෝක මාවතට නුදුරේය. ක්‍රිස්‌තු වර්ෂ 1973 දී පමණ මෙය අප රටෙහි මෙලෙස ඉදි වූයේ චීන ජාතිකයන්ගේ සාඩම්බර පරිත්‍යාගයක්‌ ලෙසයි. මෙහි ඇතුළත ප්‍රධාන ශාලාවේ වේදිකාව පමණක්‌ වර්ග අඩි දෙදහස්‌ හාරසීයකින් යුක්‌තය. ශාලාවේ ආසන සංඛ්‍යාව එක්‌දහස්‌ පන්සියයක්‌ වේ. ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් මේ සම්මන්ත්‍රණ ශාලාව තුන්මහලකින්ද යුක්‌ත වෙයි. ග්‍රහලෝකාගාරයද කොළඹ පිහිටි මෙවැනිම සුවිශේෂ වැදගත්කමකින් සමන්විත වූ තැනකි. මෙම ගොඩනැඟිල්ලෙහි තිබෙන්නේ අලංකාර පිපී එන පුෂ්පයක හැඩයකි. මෙලෙස නිර්මාණය කර තිබෙන මෙම ගොඩනැඟිල්ලෙහි අර්ධ ගෝලාකාර සුදු තිරයෙහි මැවෙන රූ පැහැබර හිස්‌ අහසේ දර්ශනය කොතරම් චමත්කාරජනක වේද?දෙහිවල සත්තු වත්තට ඇතැම් විට ඔබ කිහිප වරක්‌ම ගොඩවැදුණාට සැක නැත. මෙයද කොළඹ ප්‍රසිද්ධිය විදේශයන්හි පවා රැන්දූ වෙසෙස්‌ තැනෙකි. මෙහි සම්පූර්ණ භූමි ප්‍රමාණය අක්‌කර විසිදෙකකි. 1986 දී නිල වශයෙන් රජයට පවරාගෙන තිබෙන මෙහි වසන්නේ දුර්ලභ ගණයේ සතුන් රාශියකි.මේ සියල්ල හැරුණු විට පොලිස්‌ මූලස්‌ථාන ගොඩනැඟිල්ල, ජනාධිපති මන්දිරය, කොඩිගහ, ට්‍රාන්ස්‌වර්ක්‌ මන්දිරය, ප්‍රථම සැතපුම් කණුව ආදී බොහෝ දේද අද කොළඹ පැරැණි සුවිශේෂී ස්‌ථානයෝ වෙති.