Naifmvlog

Naifm vlog Gossip and News

ගංගාවේ පත්ල බොරළු හා ගොරහැඬි වැලි කැටවලින් පිර පවතී

හාත්පසින් ගලාවිත් එකට මූසූවී දස දහසක් උල්පත් දියෙන් මවන සීත ගඟුල සූන්දර තුරු ළතා සෙවන යටින් නිහඬව හූදකලාව ගනා බසී. සූන්දර රටා මවමින් සන්සූන් ගමනක යෙදෙන මේ ජල දහරාවෝ විටෙක එරත්න ගඟ බවට පත්වෙති. මෙසේ ගලනා මේ මහා ගඟුල විසල් ගල් දෙබොක්කාවෙන් පාතාල ප්‍රපාතයට කඩා හැළෙන්නේ නූටූවෙහි රැඳුණූ සූවිශාල බෝපතක හැඩරුවෙනි. ඉමහත් චමත්කාරයක් සිතට දැනේ. සඳ පහනේ අඩ අඳුරේ, මද පවනේ සැලෙන ලෙලෙන රිදී බෝපතක් බදු “බෝපත් ඇල්ල” සොඳුරු දසූන් මවමින් කඩා හැළෙනා අයූරු සැබවින්ම ආශ්චර්යකි.කොළඹ රත්නපූර ප්‍රධාන මාර්ගයේ කුරුවිට නගරයට කිලෝමීටරයක් පමණ දුරින් ඇති කි.මී. 86 කණූව අසලින් හිග්ගස් හේන කඩ මණ්ඩියෙන් දකුණට ඇති දෙවිපහල මාර්ගය ඔස්සේ කිලෝමීටර හතරක් ගමන් කළ පසූ ආශ්චර්යමත් ලෙසින් වැජඹෙන ඒ සූරූපිය දැක ගත හැකිය.කුරුවිට ප්‍රා.ලේ. කොටිඨාසයට අයත් දෙවිපහල, කීරගල හා උතුරු එක්නැලිගොඩ යන ග්‍රාම සේවා වසම් තුනට මැදිව අගලවත්ත නම් ගමේ මෙම මනරම් දිය ඇල්ල පිහිටා තිබේ. එය උසින් අඩි 99 කි. පරම පිවිතුරු සිරියා කඳු වැටියෙන් උපත ලද දිය උල්පත් සමූහයකින් සූන්දර දිය ඇලි කොමළිය පෝෂණය වේ.

ඇතමෙක් මෙය බෝ පත් පිටි ඇල්ල නමින්ද ව්‍යවහාර කරති. දුරක සිට ඒ දෙස බලා සිටින්නෙකුට නටූව උඩූ අතට හැරවූ බෝ පතක පිට පැත්තේ හැඩරුව හා එහි ලොකු කුඩා නාරටි මෙන් ලොකු කුඩා දිය සීරාවන් වෙන් වෙන්ම ගලා බසිනා අයූරු දක්නා ලැබීම මෙම නම පට බැඳීමට හේතුව බව ඇතැමූන් හූවා දක්වති.රත්නපූර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රදේශයට අයත් බෝපත් ඇල්ල උ.අ. 60.47 60-49 සහ නැ.දේ-800-22-800-23 අතර පිහිටා ඇත. එමෙන්ම එය නැගෙනහිරට කීරගල උතුරට එරන්තගොඩ, බටහිරට පන්නම, දකුණට දෙවි පහල යන ගම්මාන වට කොට ගෙන සිටිති මෙහි වාර්ෂික වර්ෂාපතනය මි.මී. 5000 ක් පමණ වෙයි. සාමාන්‍ය උෂ්ණත්වයක් සෙන්ට්‍රි ග්‍රේඩ් 260.9 සිට 220.8 අතර පරාසයක විහිදී ඇත. බෝ පත් ඇල්ලෙහි ජලධාර ප්‍රදේශය වර්ග කිලෝ මීටර් 61.3 ක් බව පැවසෙන අතර මධ්‍ය ජල ප්‍රවාහය තත්පරයට ඝන මීටර 6.5 කි. දිය ඇල්ලේ ඉහළ භූමිය ගල් පර සහිත පත්ලකින් යූක්තය. ගඟ ආශ්‍රිත ප්‍රදේශය බෑවූම් සහිත පස් කඳුවලින් වටවී තිබේ. තිරිවානා ගල් සහිත බයොටයිඩ් වයරින් පාෂාණ දිය ඇල්ල ගලා බස්නා ඉහළ ගල් තලාවෙන් ඉස්මතුවී පෙනේ.

මට සිලිටි බෑවූමක් සහිත එහි පහළ කොටසේදී වෙනස් මගකට මූල පූරන දිය ඇල්ල තරමක ගංගාවක් වී සන්සූන් ලෙස ගලා බසින්නට වෙයි. ගංගාවේ පත්ල බොරළු හා ගොරහැඬි වැලි කැටවලින් පිර පවතී.සමන් කූටය මතින් නැග එන උදාහිරුගේ ළහිරු රැසින් බෝ පත් දිය ඇලි කොමළිය හැඩ වැටී ඇත. තෙත් වූ ගල්තලාව ඒ මතට වැටූණූ හිරු රැසින් දිස්නය දෙයි. බෝ පත් ඇල්ලෙන් විහිදුණූ සිහින් තුෂර බිඳු අපව සි-ප-ගත්තේ සොඳුරු පාරාදීසයට පැමිණයවූන් පිළිගන්නා පරිද්දෙනි. හාත්පස විහිදුනූ පරිසරය දැකුම් කළුය. බෝපත් ඇල්ලෙන් පහළ බට ජල දහරාවෝ පෙණ පිඬූ නංවමින් කඩිසර ගමනක නියැලෙයි. වැලි තලාවේ හැපී නගන පෙණ පිඬූ දෙස යොමා සිටි නේත්‍ර යූග්මය ඉන් මූදවාගන්න සිත ඉඩ නොදෙන ගානය. සැබවින්ම මේ අපූරුව පරිසරය නෙත් සඟලට රසඳුනක් බඳුය. නෙත සිත එකම අරමූණක ඇද බැඳ තබන සොබා දහමේ ආශ්චර්යමත් විශ්ව රහස කුමක්දැයි අපට සිතාගත නොහැකිය.සූන්දර දසූන් මවමින් ඇද හැළුණූ ජල කඳ නිරිත දිග මෝසම් වැසිත් සමග විටෙක සැඩ පරුෂය. හාත්පස දෝං-කාරය නගමින් ඇල්ලෙන් පහළට වැටෙන මේ මහා ජල ප්‍රවාහය අවට පෙදෙස් වටා පැතිර යන්නේ මහ ජල ගැල්මක භී-තිය සිතට දනවමිනි.සූන්දර බෝපත් ඇල්ලෙ සේම ඊට නූදුරින් පිහිටි “දොඩන් ඇල්ල” බෝපත් ඇල්ලේ කිටිටූවර ඥාතියෙකි.

දොඩන් ඇල්ල බැලු බැල්මට බෝපත් ඇල්ලට පරිබාහිරව සේ පෙනූනත් දොඩන් ඇල්ල ඇයට නෑකම් කියයි. මෙය උසින් අඩි අසූපහකි (85) බෝපත් ඇල්ලට පිවිසෙන මාර්ගයේම ඊට මදක් ඈතින් එය පිහිටා තිබේ. දෙමැදගම මැදින් දෙවිපහල ඇළ ලෙස අපූරු ලාලිත්‍යකින් ගලාවිත් සූවිශාල ගල් තලාවක් මතින් දොඩම් ගෙඩියක හැඩයෙන් පහතට කඩා වැටෙන දොඩන් ඇල්ල බෝපත් ඇල්ල අභියසදී කුරු ගඟ සමග එකතු වේ. මෙම මනරම් දිය ඇල්ල බොහෝ දෙනකුගේ නෙත නොගැටූණූ ස්ථානයකි. නූමූදු නූදුරේදීම බෝපත් ඇල්ල සේම දොඩන් ඇල්ලද ජනපවාදයට පත්වනූ නොඅනූමානය.

කුරු ගඟ බෝපත් ඇල්ලේ සහ දොඩන් ඇල්ලේ දියවර එකිනෙක මූණ ගැසී එකට මූසූවී තුරු ගඟට එක් වන තෝතැන්නෙහි පිහිටියේ බෝපත් ඇල්ලට එක එල්ලේම මූහූණලාය. මෙහි එක් තැනක් ගැඹූරුය. තවත් තැනක් නොගැඹූරුය. නොගැඹූරු තැනක දියෙහි බැස සෙමින් ගලා බස්නා පෑදි සිය දෙස බලා සිටින කළ බොහෝ සූන්දර දෑ මෙන්ම විශ්මිත තල මූණ ගැසෙනූ ඇත. ජල නළය දෙස නෙත් යොමා සිටින කළට විසිතුරු මත්ස්‍ය රෑන් දැකගත හැකිය. වැලිතලා, ගල් බොරළු, අතරින් රිංගා කඩිසර ගමනක යෙදෙන මත්ස්‍ය රෑස් විසිතුරු රටා මවයි.(මෙයින් වසර කිහිපයකට ඉහතදී බෝපත් ඇල්ල සහ දොඩන් ඇල්ල ආශ්‍රිත වන වදුලෙහි බොහෝ සතා සිව්පාවන් ජීවත්වූ බව ගම්වාසීහූ පවසති. එහෙත් මෙම ප්‍රදේශ සීඝ්‍ර ලෙස ජනාවාස වීමත් සමග එම සත්ව විශේෂද වඳ වෙන්නට පටන්ගෙන තිබේ. එමෙන්ම මෙම පරිසර පද්ධතිය අගනා තුරුලතා වලින්ද සමන්විතය. මෙවන් පරිසරයකට ආවේණික කුඹූක්, රදලිය, දුන්මිල්ල, මිදෙල්ල, අටිටික්කා, ඕකෙයියා, පර, රන්මඩිතිය, ගිනි හොඩල, කෙටල, දං, බෝවිටියා ආදී ශාකද මෙහිදී දැක ගත හැකිය. එමෙන්ම කෙසෙල්, පේර, වෙරළු, හිඹූටූ, මාදං වැනි රස පළතුරු වල මිහිර විඳගන්නට පැමිණෙන මලිති, බටිති, ගිරා, කොවූල්, පකෂි සමූහයාද නෙත ගැටෙි. එහෙත් ප්‍රවේශය ජනාවාස වීමත් සමග මෙම සොඳුරු පරාදීසයේ ඇති ශාඛ සහ සත්ව විශේෂ වලටද තර්ජන එල්ලවෙමින් පවතී.

ජනප්‍රවාද බෝපත් දිය ඇලි කොමළිය ප්‍රදුර්භූත වූයේද එක්තරා සමයක ඇති වූ භූ විද්‍යාත්මක සාධක පදනම් කරගෙන බව කියැවේ. එහෙත් එහි උප්පත්ති කථාව ජනප්‍රවාදයෙහි සඳහන් වන්නේ වෙනත් අන්දමිනි. ඒ අනූව බෝපත් ඇල්ලේ උපත සඳහා බොහෝ කලක් ගතව නොමැති බව කියැවේ. දැනට පරම්පරා කිහිපයකට ඉහතදී දින ගණනාවක් පූරා පැවති මහා ධාරානිපාත වර්ෂාවකින් පසූව අවට ගම් නියම්ගම් භී-ති-යෙන් ඇලලී ගිය එක් ඉරණම් මොහොතක මේඝ ඝර්ජනා මැද පොළෝතල පූපූරා නැගී භූමි ක-ම්-පාවකින් ගිරි හිස දෙදරා නාය ගොස් බෝපත් ඇල්ල සූන්දර ලලනාව ප්‍රාදුර්භූත වූ බව ගැමියන්ගේ මතය වී ඇති අතර එය මූඛ පරම්පරාවෙන් අසා ඇතිමූත් සියැසින්ම දුටූ දෙයක් නොවේ.

නානූමූර මංගල්‍ය දැරණියගල සමන් දේවාලයේ සිට ඓතිහාසික සබරගමූ මහ සමන් දේවාලයේ නානූමූර මංගල්‍ය සඳහා අගනා රන් ආභරණ රැගෙන එන අතර මෙම ඇල්ල ජලස්නානය සඳහා යොදාගත් බවටද පූරාවෘත්ත වල කියැවේ. ඇල්ල පිහිටි භූමි ප්‍රදේශය සතුරා බල මූළු වලින් ආරකෂාවීම සඳහා එවකට සීතාවක මායාදුන්නේ කුමරුන්ට රකෂිතයක් වූ බවටත්, මෙම ඇල්ල සහ ජල තගය රාජකීය පවූලේ ජල ස්නානය පිණිස භාවිතා කළ බවටත්, එමෙන්ම රජූගේ පරිවාර ස්ත්‍රීන් එහි වාසය කළ බවත්, ජනප්‍රවාදයේ පවතී. ඒ නිසා මෙම පෙදෙස ස්ත්‍රී පූරය නමින්ද ප්‍රකට තිබූ බව කියැවේ.

නිල්මලී රූමතියගේ කතාව “නිල් මලී” නමැති තරුණියගේ ආදර අන්දරය බෝපත් ඇල්ල වටා ගෙතුණූ තවත් රසබර ජනප්‍රවාදයකි. පෙර කලක සිරිපා වන්දනාවේ ගිය කඩවසම් තරුණයකු තම නඩයෙන් අතර මංවී මංමූළා වී ඇත. වග වලසූන්, විසකුරු සපූන්ගෙන් මිදී පා ගමනින් පැමිණි තරුණයාට අහම්බෙන් මෙන් බෝ පත් ඇල්ල අසල දිය නාමින් සිටි නිල්මලී නමැති ශෝභා සම්පන්න රූමතියක් හමූවූවාය. තරුණයාගේ පැමිණීමෙන් බියටත් රූමතිය සිය නිවහන කරා දිව ගියාය. ආගන්තුක මානවකයාද ඈ පසූපස හඹාගොස් ඇගේ නවහනට සේන්දු විය. තමාට සිදුවූ ඇබැද්දියක් විඳින්නට සිදුවූ වූ සියලු දුෂ්කරතා ගැනත් නිල්මලීගේ දෙමාපියන්ට හෙතෙම නොවලහා සැල කළේය.තරුණයාගේ කතා පූවතට සවන් දුන් දෙමාපියෝ ඔහූ කෙරේ සෙනෙහැති සිත් ඇතිව දින කිහිපයක් රැඳී සිටීමට ඉඩ දුන්හ. මේ අතරතුර නිල්මලී ආගන්තුක තරුණයා සමග පෙමින් බැඳුනාය. ආදර සත්කාර මැද නතරව සිටි තරුණයා නැවත එම නිවසට ඒමේ පොරොන්දුවෙන් නික්ම ගිය මූත් නැවත නොපැමිණියේය. එසේ ගිය නැවත තම නිවසට නොපැමිණි විප්‍රයෝගයෙන් මූසපත්ව නිල්මලී දිය ඇල්ලෙන් ප්‍රපාතයට පැන සිය දිවි නසා ගත්තාය. දැනටත් නිල්මලීගේ හොල්මන ගොම්මන් යාමයේ මෙහි සැරසරන බව ඇතැම් ගම්වාසීහූ පවසති. මෙම ශෝකාන්තය සත්‍ය සිදුවීමක්ද නොඑසේ නම් තවත් ජනප්‍රවාදයක්ද යන්න අවිනිශ්චිතය.

දෙවියන් පහල වූ තැන නානූමූර මංගල්‍යයට පැමිණි පිරිසක් සිය ආභරණ පොදිය නා ගසක් මූල තබා ජලස්නානයට ගොස් ඇත. ආභරණ අතුරුදන් වී ඇති බවත් සොයා බැලීමේදී එය ජල තලය යට බැබෙලෙමින් දිස්වන්න විය. එහෙත් කිමිදී බැලූ කල එහි ආභරණ පොදිය නොවීය. තවදුරටත් විමසා බලන කල ආභරණ පොදිය අඩූවක් නැතිව නාගස මූදුනේ සූරකෂිතව තිබෙනූ දෘශ්‍යමාන විය. සතුටටත් විමතියටත් පත් පිරිස එහිදීද නානූමූර මංගල්‍යය පවත්වා ආභරණ සමන් දේවාලයට වැඩම කරවූ බව ජනප්‍රවාදයේ කියැවේ. මේ අනූව එම ස්ථානය “දෙවියන් පහල වූ තැන” යන අරුතින් දෙවි පහල නමින් ප්‍රකටව ව්‍යවහාරයට පත්විය. මෙම ඇල්ලෙ ශෛලමය ආගාධය වූ කලී අභිරහසක් ලෙස මිනිස් බිලි ගන්නා ගුප්ත තැනක් බවටත්, එහි ජලා වාටයේ රන් ආඳෙක් සහ රන් සෙම්බූවක් ඇති බවට කතා පූවතක් ජනප්‍රවාදයේ පවතී.නටූවෙන් රැඳුනූ බෝපතක හැඩරුව මවමින් සූන්දර බෝපත් ඇල්ල බවට පත්වූ ජල දහරාවෝ ගල්පර අතරින් රිංගා කුඩා දූපත් පෙළක් පසූකර කුරු ගඟට එක්වෙති. කිරි ඇල්ල පෙදෙසේ පිහිටි කුරුගම්මෝදරින් කළු ගඟ සමග අතිනත ගන්නා කුරු ගඟ බොහෝ දුර ගමනකට පිවිසෙයි.සූන්දර බෝපත් ඇල්ල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සෞන්දර්යයේ හා චමත්කාරයේද සංකේතයකි. ප්‍රතිමූර්තියකි. මෙවන් සොඳුරු දායාදයක් මතු පරපූර වෙනූවෙන් සූරැකීම අප සතු යූතුකම සේම වගකීමද වෙයි.