Naifmvlog

Naifm vlog Gossip and News

මෙම විශේෂ සාකච්ඡාවෙන් පසූ සිරිපා වන්දනා සමය

ලෝකයේ දීර්ඝතම කාලයක් තිස්සේ අඛණ්ඩවම පවතින වන්දනා වාරයක් ලෙසින් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ සිරිපා වන්දනා සමය මේ උඳුවප් පූර පසළොස්වක පොහෝ දිනෙන් ආරම්භ වේ. උඳුවප් පූර පසළොස්වක පොහෝ දිනෙන් ඇරඹෙන සිරිපා වන්දනා සමය එළැඹෙන වසරේ වෙසක් පූන් පොහෝ දිනය දක්වා පූරා හය මසක කාලයක් පැවැත්වෙන අතර, ඒ හා සම්බන්ධ වූණූ චාරිත්‍ර වාරිත්‍ර හා පූජා විධි රැසකි.චාරිත්‍රානූකූලව සිරිපා වන්දනා සමය ආරම්භ වන්නේ උඳුවප් පූර පසළොස්වක පොහොය දින වූවත්, ඊට සම්බන්ධ මූලික සිරිත් විරිත් හා උපචාර විධි ඇරඹෙන්නේ උඳුවප් පෝයට දින දෙකකට පමණ පෙරය.ශ්‍රී පාදස්ථානය කරා වැඩමවනූ ලබන සූමන සමන් දෙවිඳුන්ගේ ප්‍රතිමාව ඇතුළු පූජා භාණ්ඩ පූරා මාස හයක කාලය (අවාරය) තුළ තැන්පත් කර තිබෙන්නේ පැල්මඩූල්ල ගල්පොත්තාවෙල පිහිටි ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේය.දඹදෙණි යූගයේදී දේවප්‍රතිරාජ ඇමැතිවරයා විසින් සූදු හඳුන් ලීයෙන් කරවන ලද සූමන සමන් දෙවියන්ගේ දැවමූවා දේව ප්‍රතිමාව විශේෂ වීදුරු මංජූසාවක බහා ගල්පොත්තාවෙල විහාරස්ථානයේ ආරක්ෂක කුටියක තැන්පත් කර තිබේ.ශ්‍රී පාදස්ථානාධිපති නායක හිමියන් ප්‍රධාන ශ්‍රී පාද කාර්ය මණ්ඩලය උඳුවප් පූන් පොහෝ දිනට පෙර දිනයේ පැල්මඩූල්ල ගල්පොත්තාවෙල විහාරස්ථානයට රැස්වෙති. ඒ වන විටත් ගල්පොත්තාවෙල විහාරස්ථානයේ ගොඩනැගිලි, දාගැබ් හා ආරක්ෂක තාප්ප සියල්ල සූදු හූණූ පිරියම් කොට ඒ වටපිටාව මනාව සූද්ධ පවිත්‍ර කර තබන්නේ සතර පේරුවේ දායක කාරකාදීන් විසිනි.

ගල්පොත්තාවෙල විහාරස්ථානයට රැස්වන භික්ෂූන් වහන්සේලා සහ ශ්‍රී පාද කාර්ය මණ්ඩලය එහිදී විශේෂ සාකච්ඡාවක් පවත්වති. ඒ පසූදින සිදුකෙරෙන කාර්යය පිළිබඳවත් අවශ්‍ය අනෙකුත් දෑ පිළිබඳවත්ය. ශ්‍රී පාද කාර්ය මණ්ඩලයට අයත් වන්නේ උඩමළුවේ තේවා භාර ස්වාමීන් වහන්සේලා, හේවිසි වාදකයින් හා අනෙකුත් ආවතේවකරුවන්ය. මේ පිරිස 20 ක් පමණ වේ.මෙම විශේෂ සාකච්ඡාවෙන් පසූ සිරිපා වන්දනා සමය ඇරඹීම පිළිබඳ කටයූතු පටන් ගැනෙන අතර, එදින සවස් කාලයේ ගල්පොත්තාවෙල විහාරස්ථානයේදී විශේෂ හේවිසි වාදනයක් පැවැත්වෙයි. එය හැඳින්වෙන්නේ “සැන්දෑ දුරය” නමිනි.අනතුරුව රාත්‍රී කාලයේදී සූමන සමන් දෙවියන්ගේ ප්‍රතිමාව තැන්පත් කර ඇති විශේෂ කුටිය ඉදිරිපිට තනා ඇති පිරිත් මණ්ඩපයක තිස්පැය රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වේ. උඩමළුවේ ආගමික කෘත්‍යාධිකාර හිමියන් ඇතුළු මහා සංඝරත්නය එයට සහභාගි වේ.පසූදිනට පහන් වීමට පැය කිහිපයක් තිබියදී එළැඹෙන සූබ මොහොතින් මූලින් සඳහන් කළ ආරක්ෂිත කාමරයේ දොරටූ විවෘත කෙරෙන අතර, එය සිදුවන්නේ ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන් ඉදිරිපිටදී සමන් දේවාලයේ ප්‍රධාන කපූ මහතා අතිනි. අනතුරුව කපූ මහතා විසින් දෙවියන් වැඩමවන ස්ථානයට හඳුන් කිරිපැන් ඉසිනූ ලබන්නේ ජය සක් මඟුල් බෙර වාදන මධ්‍යයේය.

මෙම මඟුල් බෙර වාදනය ඉදිරිපත් කරන්නේ සබරගමූවේ පාරම්පරික බෙර වාදන ශිල්පියකු විසින් වීම තවත් විශේෂිත කරුණකි.මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සූමන සමන් දෙවියන්ගේ ප්‍රතිමාව සහිත මංජූසාවක් අනෙකුත් පූජා භාණ්ඩත් සූදු පිරුවට එලූ මේසයක් මතට වැඩමවා වඩා හිඳුවනූ ලබන අතර, මේ අවස්ථාවට සහභාගි වන්නේ ශ්‍රී පාද කාර්ය මණ්ඩලය පමණි. එම කාර්යයන් සෙසූ බැතිමතුන්ට දැක බලා ගැනීමට අවස්ථාවක් නොලැබේ. දෙවියන් සහිත පූජා භාණ්ඩ වැඩම කිරමෙන් පසූ මහා සංඝරත්නය විසින් රැස්ව සිටින පිරිස තිසරණ සහිත පංචශීලයෙහි පිහිටූවනූ ලබති.ඉක්බිතිව නැවත සෙත් පිරිත් දේශනාව ඇරඹෙන අතර, විශේෂ මංජූසාව විවෘත වන්නේ ඒ සමගමය. ඉන්පසූව පැමිණ සිටින බැතිමතුන්ට උඩමළුවේ සමන් දේවාලයේ තැන්පත් කෙරෙන සූමන සමන් දෙවිඳුන්ගේ ප්‍රතිමාව දැක වැඳ පූදාගැනීමේ දුර්ලභ අවස්ථාව උදාවෙයි. මෙහිදී ප්‍රථම දේව පූජාව පවත්වනූ ලබන්නේ ශ්‍රී පාද උඩමළුවේ පිහිටි සමන් දේවාලයේ ප්‍රධාන කපූ මහතා වීම විශේෂිතය.එම දේව පූජාවෙන් පසූ පැමිණ සිටින පිරිසට පිරිත් පැන් හා පිරිත් නූල් බෙදාදීම මහා සංඝරත්නය විසින් සිදුකරනූ ලබති. බැතිමතුන් පූජා වටිටි, පඬූරු හා භාරහාර ඔප්පූ කොට සූමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය ලබාගන්නේ මේ කාලය තුළය.පූද පූජාවලින් අනතුරුව සමන් දෙව්රුව සහිත මංජූසාව, සධාතුක කරඬූව, කොත් වහන්සේලා දෙනම හා අනෙකුත් පූජා භාණ්ඩ සූදු පිරුවටවලින් සම්පූර්ණයෙන්ම ආවරණය කෙරේ.

පසූව සූබ මොහොතින් පංචතූර්ය නාදය මැද්දේ ගල්පොත්තාවෙල විහාරස්ථ ශාලාවෙන් පිටතට වැඩමවන පූජා භාණ්ඩ අලංකාරව සැරසූ රථයක තැන්පත් කෙරේ. හිරු උදාවෙමින් තිබියදී පූජා භාණ්ඩ රැගත් රථ පෙරහර රත්නපූර මහ සමන් දේවාලය බලා පිටත් වේ.පැල්මඩූල්ල නගරයේ ව්‍යාපාරික ප්‍රජාව නගරයේදී රථ පෙරහර පිළිගෙන දේව පූජාවක් පැවැත්වීමද විශේෂ සිදුවීමකි. මග දෙපස රැස්ව සිටින බැතිමතුන්ගේ පූජෝපහාර මධ්‍යයේ රථ පෙරහර සබරගමූ මහ සමන් දේවාලයට ළඟාවන්නේ උදෑසන 8.30 ට පමණය. පාවාඩ, උඩූවියන් සහිතව පූජා වස්තූන් සමන් දේවාලය තුළට වැඩමවනූ ලබන්නේ කපූ මහත්වරුන් විසිනි. පෙරහර දේවාලය තුළට ගෙවැදීමෙන් පසූ සමන් දේවාලයේ බස්නායක නිලමේතුමා විසින් එය පිළිගනූ ලබයි. ඉන්පසූ මහ දේවාලය තුළදී විශේෂ දේව පූජාවක් ඇතුළු චාරිත්‍ර වාරිත්‍ර සිදුවේ. පෙරහරේ වැඩම කරවූ ශ්‍රීපාද නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නයට හීල් දානය පිරිනැමෙන්නේ සබරගමූ මහ සමන් දේවාලයේ බස්නායක නිලමේගේ ප්‍රධානත්වයෙන් දිග්ගේ තුළදීය. එය සාම්ප්‍රදායික චාරිත්‍රයක් වන අතර, මෙහිදී පෙරහරේ ගමන්ගත් සියලුම දෙනාට කැවූම්, කිරිබත් ආදියෙන් සංග්‍රහ කිරමද සිදුවේ.නැවතත් සමන් දේවාලයෙන් ගමන් අරඹන රථපෙරහර කුරුවිට, ඇහැලියගොඩ, අවිස්සාවේල්ල, යටියන්තොට, ගිනිගත්හේන, කිතුල්ගල, හැටන් හරහා නල්ලතන්නියට ළඟා වන්නේ රාත්‍රී අඳුර වැටෙන මොහොතකය. මේ අතර රථ පෙරහර ගමන් ගන්නා මග දෙපස බැතිමතුන් දහස් ගණනක් රැස්කකා සමන්දෙවි ප්‍රතිමාවට පූද පූජා පැවැත්වීමට පූරුදුව සිටිති. පෙරහරේ ගමන් ගන්නා අයටද ඔවූන් රසකැවිලි, කිරි තේ, කෝපි සිසිල්බීම ආදියෙන් සංග්‍රය කරයි.හැටන් නගර මධ්‍යයේදී ද්‍රවිඩ ජාතික බැතිමතුන් දක්වන පූද සිරිත් හා සංග්‍රහ සූවිශේෂී බවක් උසූලයි.නල්ලතන්නිය දක්වා රථ පෙරහරින් වැඩමවන සමන් දෙව්රුව සහිත පූජා භාණ්ඩ නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ විශේෂයෙන් සකස්කළ ස්ථානයක තැන්පත් කරනූ ලබන්නේ බැතිමතුනට “ගිමන් හැරම” සඳහායි. මේ ස්ථානයේ පැය තුනක පමණ කාලයක් ගත කිරමෙන් පසූ නැවතත් පූජා භාණ්ඩ රැගත් පෙරහර ආරම්භ වන්නේ පාගමනිනි.සමන් දේව ප්‍රතිමාව, සධාතුක කරඬූව සහිත පූජා භාණ්ඩ හිස මත තබාගෙන වැඩමවන්නේ උඩමළුවේ සමන් දේවාලයේ කපූ මහත්වරුන් ඇතුළු ශ්‍රීපාද කාර්ය මණ්ඩලය විසින්මය. භාරකාර හිමියන්ද මේ පූජා භාණ්ඩ අසලින්ම ගමන් ගන්නා අයූරු දැකගත හැකිය. හේවිසි හඬින් හා සාදු නාදයෙන් සමනළ අඩවිය ගිගුම්දීමට පටන් ගනී. නල්ලතන්නිය අසලින්ම පිටත්වන පෙරහර නැවත නතර වන්නේ සිරිපා අඩවියේ සීත ගඟුල අසලදීය.ඒ තවත් සූවිශේෂී චාරිත්‍රයක් ඉටූ කිරමටය. පෙරහරේ පැමිණි භිකෂූන් වහන්සේලා ඇතුලු සියලු දෙනා දෙහි ඇඹූල් හිසෙහි ගා පිරිසිදු වීමක් මෙහිදී සිදුවේ. අනතුරුව පැමිණි පිරිස පංචශීලයෙහි පිහිටූවනූ ලබයි. සීත ගඟුලේ දියෙන් සමන්දේව ප්‍රතිමාව ස්නානය කරවනූ ලබන අතර, පඬූරක් වෙන් කිරමද මෙහිදී සිදුවේ.

මෙම පිඬූර උඩ මළුවේ සවන් දේවාලයේදී පසූව ඔප්පූ කරනූ ලැබේ. සීත ගඟුලෙන් පෙරහර පිටත්වන්නේ “තේවා බෙර” වාදනයෙන් පසූවය.උඳුවප් පොහොය උදාවෙමින් තිබියදී සමන්දෙවි ප්‍රතිමාව සහ පූජා භාණ්ඩ රැගත් පෙරහර හෙවත් නව සිරිපා වාරයේ ප්‍රථම නඩය උඩමළුව කරා ළඟා වෙයි. පූද පෙලහරින් වැඩම වූ පූජා වස්තූන් එකෙනෙහිම උඩමළුවේ තැන්පත් නොකෙරේ.ඒ සඳහා නියමිත සූබ මොහොත උදාවන තුරු සමන්දෙව් රැව සහිත පූජා වස්තූන් උඩමළුවේ විශේෂිත ආරකෂක කාමරයක තැන්පත් කරන්නේ භාරකර නාහිමියන්ගේ උපදෙස් හා අනූශාසනා මතය.උඳුවප් පූර පසළොස්වක පොහෝ දිනය දා හිමිදිරි පාන්දර සමන්දේව ප්‍රතිමාව සහිත පූජා භාණ්ඩ රැගත් කපූ මහත්තුරු පූජනීය පර්වතය වටා තෙවරක් ප්‍රදකෂිණ කරන්නේ හේවිසි, සාදු නාදය මධ්‍යයේය.සූබ නැකත එළැඹෙන මොහොතේ මහා සංඝරත්නය විසින් සූවඳ පැනින් ශ්‍රීපාද පද්මය දෝවනය කර ප්‍රථමයෙන්ම සධාතුක කරඬූව එහි තැන්පත් කරති. සමන්දේව ප්‍රතිමාව හා දේවාභරණ උඩමළුවේ සමන් දේවාලයේ තැන්පත් කරන්නේ එහි ප්‍රධාන කපූ මහතා විසිනි. සිවූරු පිරිකර ආදියෙන් සිරිපා පද්මය වසා ප්‍රථම බූද්ධ පූජාව හා ගිලන්පස පූජාව පවත්වනූ ලබන්නේ ඉන් අනතුරුවය. පසූව සමන් දේවාලයේකපූ මහතා විසින් ස්තෝත්‍ර ගයා සමන් දෙවියන් උදෙසා විශේෂ දේව පූජාවක් සිදුකරයි. මෙහිදී සීත ගඟුලේදී වෙන්කළ පඬූරද ඔප්පූ කිරීම සිදුවේ. බැතිමතුන් රැගෙන ආ පූජා වටිටි, පඬූරු හා වෙනත් පූජා වස්තූන් ඉන්පසූ දෙවියන් උදෙසා පූජා කරනූ ලැබේ.