Naifmvlog

Naifm vlog Gossip and News

ලොව වටා වෙරල තීරයන්ගේ බහුලවම හමුවෙන කුණු මොනවා වෙන්න ඇත්ද ?

මුහුදු අවට වෙරළට එකතුවෙන කැලිකසල ලෝකය පුරාම තදබල ගැටළුවක් බවට පත් වුනා පසුගිය වසර කිහිපය පුරාවටම. ගණනය කර ඇති ආකාරයට මෙට්‍රික් ටොන් මිලියන 8 ක් පමණ ප්ලාස්ටික් ප්‍රමාණයක් ලොව පුරා වෙරළවල් වලට එකතු වෙලා තියනවා සෑම වසරකම. මුහුදු ජිවින්ට තර්ජනයක වීමත් මුහුදු සීමා අවට කැලිකසල විශාල ලෙස එක්රැස් වි කලි කසල පොකුරු නිර්මාණය වීමත් මේ නිසා සුලභව දකින්න ලැබෙනවා. මේ තත්වය පාලනය කරන්න 1985 දී Linda Maraniss සහ Kathy O’Hara යන දෙදෙනා විසින් ජාත්‍යන්තර වෙරල පිරිසිදු කිරීමේ දිනයක් පිහිටුවා ගත්ත . සෑම වසරකම සැප්තැම්බර් මස 03 වෙනි සෙනසුරාදා දවස මෙසේ කැලි කසල එකතු කිරීමට සහ ඒවා සටහන් තබා ගැනීමට වෙන් වුනු දවසක් ලෙස වෙන් කරගන තිබෙනවා. වසර 30 කටත් එහා කාලයකදී රටවල් 153 ක , ස්වෙච්චා සේවකයින් මිලියන 12 ක් පමණ එක් වී රාත්තල් මිලියන 250 ක පමණ බරැති කැලිකසල තොගයක් එකතු කරගන තිබෙනවා.

ජාත්‍යන්තර වෙරළබඩ පිරිසිදු කිරීම හෙවත් ICC මගින් ලබාගත් දත්ත වලට අනුව වෙරලාසන්න පරිසර වලින් හමුවෙන ද්‍රව්‍ය ලැයිස්තුවක් තිබෙනවා. සිගරට් කොට , ආහාර ඔතන ලද කවර , ප්ලාස්ටික් බෝතල් සහ ප්ලාස්ටික් කෝප්ප , ප්ලාස්ටික් සිල්ලර බඩු කවර සහ වෙනත් ප්ලාස්ටික් මළු , බීම බෝතල් වල ප්ලාස්ටික් මුඩි , ස්ට්‍රෝ ( straw ) , මන්ථන දඬු සහ විවිධ ප්ලාස්ටික් භාජන වැනි දේවල් මේ අතර ඉදිරියෙන්ම ඇති බව සඳහන් වෙනවා.

සිගරට් කොට
2017 වසරේ වෙරල පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියේදී සිගරට් කොට 2,412,151 ක් හමු වි තිබෙනවා . මෙයින් 842,837 ක් ඇමරිකා එක්සත් ජනපදය ආශ්‍රිත වෙරල තීරයෙනුත් , 390,637 ක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආශ්‍රිත වෙරල තීරයෙනුත් , 353,025 ක් පිලිපීන වෙරල තීරයෙනුත් , 148,638 ක් කැනඩා වෙරල තීරයෙනුත් හමු වි ඇති බවට සටහන් වෙනවා. සිගරට් ෆිල්ටර් සෑදීමට භාවිතා කරන ප්ලාස්ටික් සම්පූර්ණයෙන්ම විනාශයට පත් නොවන බැවින් ඒවා සැලකිය යුතු පාරිසරික බලපෑමක් සිදු කරනවා දිගු කලක් දිරාපත් නොවී තිබීමෙන් . ඒ වගේම මෙසේ විසි කරන සිගරට් කොට ඇතැම් මුහුදු ජීවින් ආහාරයට ගන්නා අතර එමගි ඒ සතුන්ගේ සිරුරු වලට විෂ වන රසායන ඇතුල් වීම පවා සිදු වෙනවා. අසනීප වුනු හෝ මරණයට පත් වුනු මුහුදු කුරුල්ලන් , ඩොල්ෆින් , කැස්බෑවන් වැනි සතුන්ගේ බඩවැල් තුල මෙවැනි දෑ තිබී හමු විමෙන් මේ බව සාක්ෂි සහිතවම තහවුරු වෙනවා.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය
වෙරළබඩ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියේදී ප්ලාස්ටික් බෝතල් 1,569,135 ක් , ප්ලාස්ටික් බෝතල් මූඩි 1,091,107 ක් , ප්ලාස්ටික් ග්‍රොසරි මළු 757,523 ක් , ප්ලාස්ටික් මළු 746,211 ක් , ස්ට්‍රෝ සහ මන්ථන දඬු 643,562 ක් , ප්ලාස්ටික් ආහාර බඳුන් 632,874 ක් , බීම බෝතල් වැස්මවල් 624,878 ක් සහ කුඩා ප්ලාස්ටික් කැබලි 1,933,146 ක් ලෙස ගණන් බලා තිබෙනවා එකතු වුනු අපද්‍රව්‍ය.වාර්ෂිකව මෙසේ කැලිකසල එකතු කිරිමේද ප්‍රධාන වශයෙන් එකතු වෙන කැලිකසල ඛාණ්ඩයක් තමයි මේ ප්ලාස්ටික් කියන්නේ. මේවා ජලය ආශ්‍රිතව ජිවත් වෙන ජිවින්ට ඉතාමත් අහිතකර වෙනවා. සිගරට් කොට වගේම තමයි මේ ප්ලාස්ටික් අපද්‍රව්‍යත් මුහුදු ජීවීන්ගේ සිරුරු වලට ඇතුලත් වීම බහුලව දැක ගන්න පුළුවන් ආහාර මගින්.සතුන් අසනීප වීමටත් මරණයට පත් වීමටත් මේවා ප්‍රධාන ලෙස බලපාන බව පැවසෙනවා.

ආහාර දවටන සහ ආහාර බඳුන්
ප්ලාස්ටික් වලට අමතරව ආහාර දවටන 1,739,743 ක් , foam ආහාර බහාලුම් 580,570 ක් වැනි දේවලුත් තියනවා මේ වෙරල කැලිකසල එකතු කිරීමේදී හමුවන අපද්‍රව්‍ය අතර . මේවාට අමතරව 2,326,893 ක් පමණ කුඩා foam කැබලි මෙහිදී එකතු කරගන්නට හැකියාව ලැබී තියනවා. Styrofoam යනු ඉතා සෙමින් ප්‍රතිචක්‍රකරණය වන සහ පාවෙන ද්‍රව්‍යක්. මුහුදු ජිවින්ට වගේම මිනිසුන්ටත් මේවා හිතකර ද්‍රව්‍ය නෙවෙයි.එක්සත් ජනපදය තුල පමණක් ස්වෙච්චාවෙන් ඉදිරිපත් වුනු වෙරල පිරිසිදු කිරීමේ කණ්ඩායම් විසින් එකතු කරන ලද ආහාර දවටන සහ ආහාර බහාලුම් ප්‍රමාණය පිලිවෙලින් 345,241 ක් සහ 47,259 ක් ලෙස සඳහන් වි තිබෙනවා.

වසරක් පාසා පැවැත්වෙන මේ වෙරල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහන ටෙක්සාස් හිදී ආරම්භ වුනේ ස්වෙච්චා සේවකයින් 2800 ක් තරම් සුළු පිරිසකගෙන් . ඔවුන්ගේ මේ කටයුත්ත ඉතාමත් ඉක්මනින් රට පුරාමත් ඉන් පසුව ලොව පුරාමත් පැතිරීමට පටන් ගැනීමත් සමඟ ලෝකය පුරා මිලියන 12 ක් පමණ දෙනා මේ වන විට මේ කටයුත්තට දායක වි සිටිනවා කැමැත්තෙන්ම .