Naifmvlog

Naifm vlog Gossip and News

අද්භූත ඡායාරූප 10ක්‌

සෑම ඡායාරූපයක් පිටුපසම කතාවක් තිබෙනවා. ඇතැම් ඡායාරූප වැදගත් වන්නේ ඔබගේ පවුලේ අය සහ මිතුරන් අතර පමණක් වුවත්, ඇතැම් ඡායාරූප බොහෝ කතාබහට ලක් වීමටත්, ඉතිහාස ගතවීමටත් හැකියි. මේවා සාමාන්‍ය මිනිසුන් විසින් අහම්බයෙන් ගත් ඡායාරූප වන අතර කිසිසේත්ම ව්‍යාජ ලෙස සකසන ලද ඒවා නොවේ. අපි ඔබට අද කරන්නේ ඔබ පුදුමයට පත්කල හැකි ආකාරයේ අවතාර, කාල තරණයන් සහ සඳ මත පිරමීඩ වැනි අහම්බෙන් ගත් ඡායාරූප දහයක්!

01. හූක්‌ දුපතේ මෘගයා.

ඔබ මෘගයන්/රාක්ෂයන් ගැන විශ්වාස කරනවාද? බොහෝ දෙනා සලකන්නේ ඒවා මනඃකල්පිත දෙවල් පමණක් බවයි. නමුත් මීට වසර කිහිපයකට පෙර රාක්ෂයෙක්, එහෙමත් නැත්නම් අමුතුම ආකාරයේ සත්වයෙක් ඔස්ට්‍රේලියාවේදී ඡායාරූප වලට හසු වී තිබුණා. ඇතැමුන් එම ඡායාරූපය ෆොටෝෂොප් මගින් ව්‍යාජව සකසන ලද එකක් යැයි සිතුවත්, එම ඡායාරූපය ගෙන තිබුනේ ෆොටෝෂොප් කරලියට ඒමට බොහෝ කලකට පෙරයි. 1965දී ඡායාරූප ශිල්පියකු වූ රොබට් ලේ සේරේ විසින් ඕස්ට්‍රේලියාවේ හූක් දූපත් අසල අමුතුම ආකාරයේ සත්වයකු දුටුවා. ඔහු වහාම ඡායාරූපයක් ගත් අතර එය අද වනතුරුත් සත්ව විද්‍යාඥයන් අතර ප්‍රශ්නයක් ඉතිරි කිරීමට සමත් වී තිබෙනවා.

02.හෙස්ඩාලෙන් නිම්න ආලෝකයන්

මෙම ඡායාරූපය නෝර්වීජියානු ඡායාරූප ශිල්පියකු විසින් ගන්නා ලද නමුත් මෙසේ මධ්‍යම නෝර්වේ හි හෙස්ඩාලෙන් නිම්නය අසල අහසේ දිලිසෙන, ආලෝකමත්, අද්භූත වස්තු පා වෙමින් තිබීම පිළිබඳ ඇති එකම සාක්ෂිය එය නොවේ. ප්‍රදේශවාසීන් විසින් 1981දී මෙම අද්භූත ආලෝකයන් දුටු බවට පළමුවරට වාර්තා කර තිබුණා. වර්ණාවලි විශ්ලේෂණ වලට අනුව එම ආලෝකයන් සමන්විත වන්නේ යකඩ සිලිකන් සහ ස්කැන්ඩියම් යන මුලද්‍රව්‍ය වලිනි. මේ ආලෝකයන් ගැන විද්‍යාඥයන්ට ඇත්තේ තවමත් ගැටලුවක් පමණි. මේ අද්භූත ආලෝකයන් මොනවාද? ඒවා මිනිස්සුන්ට හානිකර වේවිද? එහෙමත් නැත්නම් ඒවා අලුත් ශක්ති ප්‍රභවයක්ද?

03. කළු නයිට්වරයා.

මෙම අද්භූත වස්තුව පළමුවරට ඡායාරූපගත කෙරුණේ 1960දී කෘතිම චන්ද්‍රිකාවක් මගිනි. නාසා හි විශේෂඥයන් විසින් එය “කළු නයිට්වරයා”ලෙස නම් කරන ලද අතර එදා සිට වරින් වර පෘථිවි කක්ෂය ආසන්නයේ මෙය දිස් වීමත් අතුරුදහන් වීමත් සිදු වෙනවා. ඇතමුන් පවසන්නේ පිටසක්වල ජීවීන් පෘථිවිය පිළිබඳ ඔත්තු බැලීම සඳහා මෙම උපකරණ යොදාගන්නා බවයි.

04. බබුෂ්කා කාන්තාව.

1963 නොවැම්බර් 22 වෙනි දින ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි වෙඩි තබා ඝාතනය කරන ලදී. මේ ජනාධිපති ඝාතනය පිළිබඳ තවමත් නොවිසඳුණු ප්‍රශ්න තිබෙනවා. එකක් තමයි මේ බබුෂ්කා කාන්තාව. ජනාධිපති ඝාතනය වන දිනයේ ඒ අසල කැමරාවක් අතින් ගත් කාන්තාවක් ඡායාරූප වලට හසු වී තිබුනා. ඇය පැරණි රුසියානු කාන්තාවන් කරන ආකාරයට හිසේ ස්කාෆයක් පැළඳ සිටි නිසා ඇයව “බබුෂ්කා ලේඩි”ලෙස නම් කෙරුනා. ජනපති ඝාතනයෙන් පසු මධ්‍ය සහ ඔත්තු සේවාවන් විසින් ඇයව සෙව්වේ ජනාධිපති ඝාතනය පිළිබඳ යම් හෝඩුවාවක් ඇගේ අතේ තිබූ කැමරාවේ සටහන් වී ඇතැයි සිතිය හැකි නිසයි. නමුත් අද වනතුරු කිසිම ආකාරයකින් ඇගේ අනන්‍යතාවය හෙළිකර ගත හැකි වුණේ නැහැ. ඇය සැබවින්ම කවුද? ඇය මෙසේ අතුරුදහන් වීමට තීරණය කලේ ඇයි?

05. පහලට වැටෙන මිනිසා.

මෙම ඡායාරූපය ගන්නා ලද්දේ රිචඩ් ඩ්රු නම් ඡායාරූප ශිල්පියා විසින් සැප්තැම්බර් 11 වන දින ඇමරිකාවේ සිදු වු ත්‍රස්ත ප්‍රහාරය දිනයේදීය. මේ පහලට වැටෙන මිනිසාගේ ඡායාරූපය පැය කිහිපයක් ඇතුලත ලොව පුරා පැතිර ගියේය. බොහෝ දෙනෙකුට අනුව මේ මිනිසා පහළට වැටෙන ඉරියව්ව ඉතාමත් අමුතුය. එයට හේතුව ඔහු ඉතාම සෘජුව උඩ සිට පහළට වැටෙමින් සිටින අයුරු ඡායාරූපගත වී තිබීම නිසයි. උඩක සිට පහළට වැටෙන විට එසේ ඍජු ඉරියව්වක් පවත්වා ගැනීම ඉතාමත් අපහසුය. විවිධ ඇමරිකානුවන් විසින් ඒ පහළට වැටෙන පුද්ගලයා තමාගේ ඥාතියෙකු බව ප්‍රකාශ කරමින් ඉදිරිපත් වුණත්, සැබැවින්ම මේ මිනිසාගේ අනන්‍යතාවය අද වනතුරු හෙළි වී නැහැ. මේ ඡායාරූපය කෙතරම් ජනප්‍රිය වූයේද යත්, ඩිස්කවරි නාලිකාව විසින් 2007 දී එයට අදාළව වාර්තාමය වැඩසටහනක් පවා නිර්මාණය කළා.

06. යුධ ටැංකි මිනිසා.

සෑම යුද්ධයකම සහ කැරැල්ලකම නොකියවුණ විරුවන් සිටිනවා. මේ ඡායාරූපය ගෙන ඇත්තේ 1989දී බීජිං හි සිදු වු කැරැල්ලේදිය. ටීනමන් චතුරශ්‍රයේ නන්නාඳුනන තරුණ මිනිසකු යුද ටැංකි වල මඟ අහුරමින් ඒ ඉදිරිපිට සිටගෙන සිටින අයුරු ඡායාරූපයේ දැක්වෙනවා. මේ තරුණ මිනිසා කවුද යන්න හෝ ඉන්පසු ඔහුට සිදු වුයේ කුමක්ද යන්න පිළිබඳ අද වනතුරුත් කිසිම තොරතුරක් නැත. ඇතැමුන් පවසන්නේ කැරැල්ලට සහභාගිවීම නිසා ඔහුව ඝාතනය කෙරුණු බවයි. ඇතැමුන් පවසන්නේ ඔහු තවමත් ජීවත් වන බවයි. කෙසේ නමුත් මෙම ඡායාරූපය ටියනමන් චතුරශ්‍රයේ සිදුවීම් වල සිහිවටනයක් ලෙසත් 20 වන සියවසේ ඉතාම ජනප්‍රියත්වයට පත්වූ අතර ඡායාරූපයක් ලෙසත් සැලකෙනවා.

07. චාලි චැප්ලින් චිත්‍රපටයක ජංගම දුරකතනයක්.

අදටත් බොහෝ දෙනෙකු කලු සුදු චිත්‍රපට වලට ආදරය කරනවා. විශේෂයෙන්ම චාලි චැප්ලින් ඉන්නා චිත්‍රපට වලට. චාලි චැප්ලින්ගේ 1928 වසරේ චිත්‍රපටයක් වු “The-circus” නිර්මාණය කරන ආකාරය දැක්වෙන බෝනස් රාමුවක්ද සහිතව 2010 වසරේදී DVD පටයක් නිකුත් වුණා. එම වීඩියෝ පටයේ එක් රාමුවක, කාන්තාවක් විසින් වර්තමාන ජංගම දුරකථනයට අතිශයින් සමාන යමක් අතේ තබාගෙන සිටින අයුරු දැක්වෙනවා. අධ්‍යක්ෂක ජෝර්ජ් ක්ලාක් පවසන්නේ මෙම චිත්‍රපට රාමු කාල තරණය තහවුරු කෙරෙන සොයාගැනීමක් බවයි. නමුත් බොහෝ අය පවසන්නේ මෙය හුදෙක් ප්‍රචාරණ උපක්‍රමයක් පමණක් බවයි. නමුත් කාල තරණය සැබෑවක් නම්? අපුරුයි නේද?

08. සොල්වේ ෆර්ත් හි ගගනගාමියා.

මෙම ඡායාරූපයේ දකින ඕනෑම කෙනෙකු සිතන්නේ මෙය ග්‍රීෂ්ම සමයේ ගත් කුඩා දරුවකුගේ ලස්සන ඡායාරූපයක් පමණක් බවයි. නමුත් අපි මෙය මෙම ලැයිස්තුවට ඇතුලත් කිරීමට හේතුව ඔබ‍ට තව ටිකකින් වැටහේවි.1964දී ජිම් ටෙම්පල්ටන් විසින් මෙම පස් හැවිරිදි දියණියගේ ඡායාරූපය ගෙන තිබුනා. එදින වායුගෝලය තරමක් වෙනස් බවත්, විද්‍යුත් උත්ප්‍රේරකයක් වැනි යමක් තමාට දැනුනු බවත් ඔහු සහ ඔහුගේ බිරිඳ පවසා තිබුණා. කෙසේ නමුත් දින කිහිපයකට පසු ඡායාරූපය පිරිසිදු කළපසු ඔවුන් දුටුවේ එම ගැහැණු ළමයාට පිටුපසින් රිදී පැහැති ගගනගාමී ඇඳුමක් ඇඳගත් මිනිසකුගේ රුවක් ඡායාරූප ගත වී ඇති අයුරුයි. එය බොහෝ දෙනාගේ පුදුමයට හේතු වුනේ එදින එම කුඹුරුයායේ කිසිදු මිනිසෙකු සිටි බවට කිසිවෙකු දැක නොතිබූ නිසයි. කෙසේ නමුත් ටෙම්පල්ටන්ලාගේ මෙම ඡායාරූපය ගැන පොලීසිය හෝ ඡායාරූප විශේෂඥයන් ආදී මෙම ගැටළුවට විසඳුමක් සෙවිය හැකි කිසිවෙකුත් දැනුවත් කර තිබුණේ නැහැ.

09. ශ්‍රීමත් ගොඩාර්ඩ්ගේ බට කණ්ඩායම.

ශ්‍රීමත් ගොඩාර්ඩ්ගේ චායාරුප ඇල්බමයේ එක් ඡායාරූපයක් බොහෝ කතා බහට ලක්වුනා. එයට හේතුව එහි, 1වන ලෝක යුද්ධයේදී සටන් කළ ඔහුගේ බට කණ්ඩායම දැක්වෙන ඡායාරූපයක පිටුපස පේළියේ වමේ සිට හතරවන භටයාට පිටුපසින් තවත් මුහුණක් දක්නට ලැබීමයි. ඇත්ත වශයෙන්ම එම මුහුණ, ඡායාරූපය ගැනීමට දින 2කට පෙර මියගිය ෆ්‍රෙඩි ජැක්සන්ගේ මුහුණයි. මියගොස් හෝ තම කණ්ඩායම සමඟ ඡායාරූපයකට පෙනී සිටීමට ඔහු අධිෂ්ඨාන කරගෙන ඇති බව පෙනෙන්නේ හරියටම ඔහුගේ අවමංගල්‍ය උත්සවය දිනයේ ගත් මෙම ඡායාරූපයේ ඔහුවත් සටහන් වී තිබීම නිසයි. ඔබට මෙම කතාව විශ්වාස කිරීමට හෝ අවිශ්වාස කිරීමට හැකියි. නමුත් අදටත්, මියගිය පුද්ගලයන්ගේ ආත්ම කැමරා වලට හසුවීමට ඇති ඉඩකඩ ගැන පරීක්ෂණ කරමින් පවතිනවා.

10. සඳ මත පිරමීඩ.

මෙම ජායාරූපය ගෙන තිබුනේ ඇපලෝ 17 මෙහෙයුම අතරතුරදීයි. 1972 දෙසැම්බර් වල සිදු කල මෙහෙයුම නාසා මගින් සඳ මත කළ අවසන් මෙහෙයුමයි. ගගනගාමීන් විසින් ඡායාරූප බොහොමයක් ගන්නා ලද අතර එයින් ඇතැම් ඒවා අභ්‍යවකාශ පර්යේෂණ සඳහා සුදුසු සඳේ විවිධ කොටස් හා ද්‍රව්‍යයි. නමුත් එයින් එකක් විශේෂ ඝනයේ එකකි.බැලූ බැල්මට අධික ආලෝක තත්ත්ව යටතේ ගන්නා ලද්දක් සේ පෙනුනත් හොඳින් බලන විට ගීසා හි පිරමීඩ වලට සමාන පිරමීඩ දෙකක බාහිර රේඛා එම ඡායාරූපයේ හඳුනාගත හැකිය. මේවා සැබවින්ම පිරමීඩ ද? එයින් අදහස් වන්නේ ඊජිප්තුවන් සඳ මතත් පිරමීඩ තැනූ බවද? එසේ නැත්නම් ඊට සමාන තාක්ෂණයක් පිටසක්වල ජීවීන් විසිනුත් දැනගෙන සිටියද?