Naifmvlog

Naifm vlog Gossip and News

ප්‍රසිද්ද නාමය සහිත නිෂ්පාදන නීවැරදිව හදුනා ගත හැකි ක්‍රම

ගනුදෙනු කරුවන්ගේ ආකර්ශනය ඇද ගැනීමටත් ලාභය වැඩි කර ගැනීමටත් මහා පරිමාණ සන්නාමයන් අනුකරණය කිරීම නැවැත්විය නො හැකි දෙයක් බවට පත් වී තිබේ. නිසැකවම එබදු අනුකරණ මුලින් හදුනා ගැනීම පහසු වුවත් , දැන් දැන් ඒවා සත්‍ය භාණ්ඩ වලට සර්වසම ලෙස නිපදවෙන බැවින් වෙන්කොට හදුනා ගත නො හැකි උසස් මට්ටමක තිබේ . ඔබට ගුණාත්මක භාණ්ඩ මිළට ගැනීමට අවශ්‍ය නම් , ඊට පෙර ඒවා හොදින් පරීක්ෂා කර බැලිය යුතුයි .ඒ සදහා කෙරෙන මග පෙන්වීමකි මේ .

1 ) . ටිම්බර්ලන්ඩ් සපත්තු – + ඒවායේ ළා දුඹුරු පාට සපත්තු අඩිය හොදින් පරීක්ෂා කිරීමේ දී තරමක් විනිවිද භාවයකින් යුක්ත විය යුතුයි . සමාගමේ ලාංඡනය සහ සන්නාමය එහි මුද්‍රණය කර තිබිය යුතුයි .විලුඹ සහ අඩිය අතර ඇති රේඛාව මුළුමණින්ම නො පෙනෙන වා මෙන්ම සමතල විය යුතුයි . + ලාංඡනය සපත්තුවේ පිට පැත්තේ එහි අඩියේ මුද්‍රණය කළ යුතුය . එහි රේඛා සමානව , පැහැදිළිව , අනීවාර්‍යයෙන්ම කෙළින් අතට විය යුතුයි . + සපත්තුවේ තිබෙන අයිලට් එක සමාන ෂඩශ්‍ර සේ දිස් විය යුතු යි . ඒවා ඉතා ක්‍රමානුකූලව සපත්තුවේ පිට පැත්තේ තිබිය යුතුයි . පිරිමින් සදහා වන මාදිලියේ ඒවා 7 ක්ද , කාන්තාවන් සදහා වන මාදිලියේ 6 ක්ද වශයෙන් ඇත. + සපත්තුව මසා ඇති නූල සුදු පැහැ විය යුතුයි . එකිනෙක ආසන්නයේ මැහුම් රාශියක් ඇත්නම් ඒවා ඒකාන්තයෙන්ම සමාන්තර විය යුතු වේ .

2) . පැන්ඩෝරා අත් පළදනා – + රිදී පැහැති මුල් පැන්ඩෝරා අත් පළදනාවේ පැහැය දුර්වර්ණ වී තිබිය යුතුය . එය ඉතා ළා පාටින් හෝ දීප්තියකින් හෝ නො තිබිය යුතුය . මෙම නිෂ්පාදන වලට අද්විතීය පැහැයක් ලබා දීම සදහා නිෂ්පාදකයෝ ඔක්සිහාරක තාක්ෂණයක් භාවිතා කරති . + නව පැන්ඩෝර අත් පළදනාවල ඒවායේ හැඩය නො වෙනස්ව තිබෙන අතර කිසිවිට නැමී නොයයි . එසේම එහි ඇති වියමන ද ඔබට පැහැදිළිව දැක බලා ගන්නට හැකිවිය යුතුයි . + සත්‍ය පැළදුමේ ඇති ගාංචුවේ ප්‍රමාණය සෑම අතින්ම එහි තිබෙන කුඩා කොටස හා සමාන විය යුතුය. ගාංචුවේ ඉදිරිපස පැන්ඩෝර යන වචනය කැටයම් කර ‘ O -‘ අකුරට උඩින් ඔටුන්නක ලාංචනයක් ද තිබිය යුතුය . + ගාංචුව ඇතුළේ හිස් 4 කින් යුත් ඉස්කුරුප්පු ඇණයක් සහිත සවිකරණයක් ( fixator ) ඔබට පෙනෙනු ඇත . එයින් අදහස් වන්නේ වළල්ල මැණික්කටුවට මනාව සුරක්ෂිත ලෙස සම්බන්ධ වීමයි . රිදී වල ස්වභාවය තහවුරු කරන සලකුණක් එන්ම කර්මාන්ත ශාලාවේ මුද්‍රව ද ගාංචුව තුළ විය යුතුයි .පැන්ඩෝරා නිෂ්පාදන වල ඒවායේ උපකාර සටහන් සහිත සන්නාමයකින් යුතු වන අතර , ඒවා කුමණ ලෝහයකින් සාදා ඇති ද යන්න කියවෙන සලකුණකින් ද යුක්ත විය යුතුය . එසේම මේවා පතුරු ගැලවීම් , පිපිරීම් , හෝ එතුළ වායු බුබුළු වලින් මුක්ත විය යුතුය .

3 ) ලෙවී කලිසම් – + සත්‍ය ලෙවී ඩෙනිම් කලිසම් වල ඉදිරිපස සහ පිටුපස දෙපැත්තේම හරස් අතට මෝස්තරයක් මසා ඇත . + එසේම මෙම හොද ඩෙනිම් වල කලිසමේ පිටුපස සාක්කුවල මැහුම් මෝස්තර 2 ක් තිබිය යුතුය . මෙය රාජාලියකුගේ හොටක් හා සමාන හැඩයක් ගනියි . + පිටුපස දකුණු සාක්කුවට ඉහළින් ඉන පටියේ සුමුදු සමින් කළ අණ්ඩයක් මසා ඇත . මෙහි ලෙවී ලාංචනය , ආදර්ශ පාඨය , කලිසමේ ඉනේ ප්‍රමාණය , සහ මෝස්තර අංකය ද තිබිය යුතුය . + පසු පස දකුණේ තිබෙන සාක්කුවට යාව කුඩා පටියක් ඇති අතර , එය සාමාන්‍යයෙන් රතු පාටය . නමුත් මෝස්තරයට අනුව එහි වර්ණය වෙනස් විය හැකිය . සන්නාමය එහි සදහන් ව තිබිය යුතුවා සේම සමහර විට ලියාපදිංචි සලකුණ ‘ R ‘ ද තිබිය හැකිය . + සැබෑ බොත්තම් වල මුහුණතේ සැමවිට ‘ ලෙවී ස්ට්‍රවුස් ‘ ( Levi Strauss ) යන නම මතු වී සිටින සේ කැටයම් කර තිබේ . එසේම බොත්තමේ පිටුපස අංකයක් ද දැක ගන්නට පුළුවන .
පිටත සාන්නාමය සහ ඇතුළත මෝස්තර අංකය ද තදින් ඔබ්බවා ඇත .

4 ) ලා කොස්ටේ පෝලෝ කමිස – + ලා කොස්ටේ කිඹුලා සලකුණ ඉතා ප්‍රචලිතය . උගේ ඇස් , දත් , පාද , සහ රතු හනුව ඔබට දැක ගත හැකිය . කිඹුලා දීප්තිමත් කොළ පැහැයෙන් යුතු වන අතර , වලිගය උගේ පිට කොන්දට සමාන්තරව තිබිය යුතුය . + පෝලෝ කමිසයේ කොලරයේ පිටුපස ( කමිසයේ ඇතුළත ) , රතු අංකයක් සහ ලාංචනය සහිත සුදු ලේබලයක් තිබෙන අතර , කමිස කොලරයේ ප්‍රමාණය අංකයෙන් පිළිබිඹු වේ . පිරිමින් සදහා කමිස කොලර් ප්‍රමාණය එක අංකයකින් ද කාන්තාවන් සදහා එය අංක දෙකකින් ද සටහන් කර ඇත . + ඉතා කුඩා විස්තරයක් ව්‍යාජ පෝලෝ කමිස හදුනා ගැනීමට ප්‍රමාණවත් වේ . නිර් ව්‍යාජ පෝලෝ සදහා සමාගම හැමවිට ඉතා හොද තත්ත්වයේ ඉස්තරම් රෙදි භාවිතා කරයි . එසේම කිසිදු සටහනක් නැති සිදුරු 2 ක් සහිත බොත්තම් යොදයි , අනුකරණය කරන්නන්ට මේ පිළිබදව නිතර අමතක වන අතර , ඔවුහු සිදුරු 4 බොත්තම් පාවිච්චි කරති . + අගල් 0.4 ට ආසන්න ගැඹුරින් යුතු කුඩා කැපුම් පිරිමි කමිස වල දැක ගත හැකි වුවත් , කන්තා මෝස්තර වල එවැනි කිසිවක් නැත .

5 ) . ගෙස් අත් ඔරලෝසු – + ගෙස් අත් ඔරලෝසු පටි ලෝහ , සිලිකන් ,හෝ උසස් තත්ත්වයේ සම් වලින් නිපදවිය හැකිය . + දුගද හැමීම , වර්ණ නො ගැලපීම , පිපිරීම් , සීරීම් සහ යමක ඇතිල්ලීමෙන් වන හානි සහිත ඔරලෝසු පටි ඒවා ව්‍යාජ බවට තහවුරු කර්‍යි . + ඔරලෝසුවේ පසු කවරයේ එහි නිෂ්පාදනයේ මූලික තොරතුරු සටහන්ව තිබිය යුතු යි . සන්නාම සලකුණ , ආවරණයේ ලෝහයේ ස්වභාවය ( එය සාමාන්‍යයෙන් වානේ ) , සහ එහි ක්‍රියාකාරී යාන්ත්‍රණය යනාදී තොරතුරු සමග ජපන් Mov’t යන්න ඒ මත කැටයම් කර තිබිය යුතුය . ( ජපාන උසස් තත්ත්වයේ යාන්ත්‍රණය භාවිතා කරනුයේ ගෙස් පමණක් වන නිසා ) .

6 ) . නිව් බැලන්න්ස් කැන්වස් පාවහන් – + සියළුම පාවහන් මත ඔවුන්ගේ සන්නාමය මුද්‍රණ කොට ඇත . එය පිටුපස , මතුපිට , සපත්තුවේ දිව කොටසේ , සපත්තු අඩියේ සහ ඇතුළත එලෙස මුද්‍රණය වී තිබේ . සලකුණේ ‘—–‘ අක්ෂරය සපත්තුවේ පැත්තක අණ්ඩයක් මෙන් සකසා එල්ලා ඇත . + ඇත්ත පාවහන් වල අඩිය ම්ෘදු ලෙස සකසා ඇති අතර , එතැන ඔබට පහසුවෙන් එබිය හැකිය . නමුත් ඇගිල්ල ගත් වහා එය මුලින් තිබූ ස්වභාවයට පත් වේ . පාදය ආරක්ෂා කරන කොටස රබර් වලින් නිමවා ඇත. සිදුරු, ලාංචනය , ප්‍රමාණය දක්වන අංකය , සහ මාදිලිය පිළිබද විස්තර ඇතුළත අඩිය මත තිබේ නම් ඒවා සත්‍ය බව තේරුම් ගත යුතුයි

7 ) රේ බෑන් අව් කණ්ණාඩි – + නියම රේ බෑන් අව් කණ්ණාඩි ෆ්‍රේම් වල රේඛා කිසිවක් නො මැති අතර ඒවා සාදා ඇත්තේ ගණකම් ප්ලාස්ටික් යොදා ගෙනය . එහෙත් ලෝහ යෙන් සෑදූ ඒවා යෙහි තිබෙන රේඛා නිරවුල්ව නො පෙනෙන අයුරින් ඇත . + නිෂ්පාදකයා සාමාන්‍යයෙන් සැබෑ වීදුරු යොදා ගෙන එහි කාච සාදයි . ප්ලාස්ටික් වලින් සෑදූ කාච සහිත අව් කණ්ණාඩි මෝස්තර පිළිබද ලැයිස්තුවක් සමාගමේ නිළ වෙබ් අඩවියේ ඇත. + දකුණු කාචයේ උඩ කෙළවරේ රේ බෑන් ලාංඡනය තිබිය යුතුය . එය එතැන මැකිය නො හැකි අයුරින් කැටයම් කර තිබිය යුතුය . + කණ්ණාඩියේ දෙපැත්තේ පිටහ සන්නාමය ලියා තිබිය යුතුය . සාමාන්‍යයෙන් වම් පැත්තේ නිෂ්පාදනයේ අනුක්‍රමික අංකයත් , දකුණු පැත්තේ ආරම්භක රටත් කැටයම් කර තිබේ .

8 ) .සුප්‍රීම් ස්වෙට් කමිස – + මේ වර්ගයේ කමිස වල තද රතු පැහැ ලේබල් දෙකක් ඇති අතර ඒවා බෙල්ලේ සහ කද කොටසේ දැකිය හැකිය . ලොකු ලේබලය සන්නාම නාමය සහ ලියා පදිංචි සලකුණ ‘ R ‘ සහිතය . දෙවැන්න එහි ආරම්භක රට කැනඩාව බව පෙන්වයි . ‘ සේදිම සහ ආරක්ෂාව ‘යන උපදෙස සහිතව ඇතුළත ඇති ලේබලයේ එම කමිසය ඉස්ත්‍රික්ක නො කළ යුතු බවට නිර්දේශයක් තිබිය යුතුය . එහෙත් අනුකරණය කරන්නාට හැමවිට මෙම කරුණ මතකයට නො එයි. + එම්බ්‍රොයිඩර් කරන ලද ලාංඡනය සහිත රතු පසු බිමේ අකුරු සකසා ඇති ආකාරය නිරවුල් , මෙන්ම ඒවා අතර සමාන පරතරයක් තිබිය යුතුය . ඔබ මෙම කමිසය කණ පිට හරවා බැලුවහොත් , තුනී සුදු නූල් වලින් ගෙතූ දැලක් ලාංඡනයට පිටුපසින් දැකිය හැකිය . + කෙළවර නිසි පරිදි ගැට ගැසූ පැතලි ලේස් පමණක් සුප්‍රීම් භාවිතා කරයි . කෙළවර පුළුස්සන ලද හෝ ලෝහ කැබලි සවි කළ හෝ රවුම් ලේස් ඇත්නම් ඒවා ව්‍යාජ ඒවා බවට හදුනා ගත යුතුය .

9 ) බ‍ර්බෙරි ස්කාෆ් ( – + සත්‍ය නිෂ්පාදන හැමවිට පැහැදිළි රේඛා වලින් සහ ගණකම් නිමාවකින් යුක්තය. + මුල් ඒවායේ වාටියේ නූල් හොදින් ඇඹරී ඇති අතර ඒවා විසින්ම බෙදී ඇත . ඒවා ඇල්ලුව ද අවුල් ලිහීමට ඔබට සිදු නොවේ . + භානණ්ඩයේ සන්නාමය , ලේබලයේ සටහන්ව ඇත්තේ ඉංග්‍රීසි ලොකු අකුරෙනි ( CAPITAL ) . එම ලේබලයේ සදහන් වන්නේ ආරම්භක රට සහ ස්කාෆය සදහා යොදා ගත් මූල ද්‍රව්‍ය ආදී විස්තරයි .

 

10 ) මයිකල් කෝ – + මෙම භාණ්ඩ සදහා භාවිත කරන්නේ ක්‍රීම් පැහැ ලේබල පමණි .එහි නිෂ්පාදනයේ ස්වභාවය , අයිතම අංකය , පාට , සාදා ඇති ද්‍රව්‍යය , බෑගයේ ප්‍රමාණය , ඩොලර් වලින් මිළ සහ විශේෂ පරිගණක සංකේතය ( bar code ) වැනි තොරතුරු ඇතුළත් වේ . + නිර් ව්‍යාජ බෑග වල ඇති සියළුම ඇගළුම් උපාංග වල සන්නාමය කොටා ඇත . මෙම නාමය චුම්බක ඇමුණුම් කටු , හැඩල මුදු , ගාංචු , සහ වෙනත් කොකු ආදියේ ද කැටයම් කර ඇත . + මුල් බෑගය සාදා ඇත්තේ තද ද්‍රව්‍යයකින් වන අතර , එය නැව්ගත කිරීම සදහා අසුරන විටදී වුව , හැඩය වෙනස් නොවේ .