Naifmvlog

Naifm vlog Gossip and News

හානි දායක නොවේ යයි සැලකූ අපගේ පුරුදු 13 ක්

ප්‍රමද වී නින්දට යාම සහ පමණට වඩා ආහාර ගැනීම අපේ සෞඛ්‍යයට අහිතකර බව සෑම කෙනකුම දන්නා කරුණකි. එමෙන්ම ඉතාමත් අහිංසක පුරුදු පවා අපගේ සෞඛ්‍ය තත්ත්වයට අනතුරුදායක අයුරින් බලපෑම් ඇති කළ හැකි බව පිළිගත යුතුවේ . ඔබේ කිවිසුම් යාම වළක්වා ගන්නට ( බලෙන් හිරකර ගන්නට ) ගිය හොත් , ඔබට එය රෝහලින් අවසන් වන්නට සිදු විය හැකි බව ඔබ දැන සිටියේ ද ? එමෙන්ම චුවිංගම් වුව ඔබේ අවධානය අඩු කරලන වග දැන ගැනීම වටනේය . බැලූ බැල්මට වරදක් නැතැයි පෙනෙන නමුත් , ඇත්ත වශයෙන්ම අපේ සෞඛ්‍යයට මහත් අනතරායකාරී බවක් ගෙන දෙන පුරුදු වල ලැයිස්තුවක් මෙසේ ඉදිරිපත් කරමු .

1) . කිවිසුමක් වළක්වාලීම.  –  හානියට පත් වන්නේ : ශ්වසන පද්ධතිය , රුධිර වාහිනී , මොළය සහ වඩාත් අනතුරුදායක විය හැකි අවයවයක් වන ගලනාළය ( esophagus ) කිවිසුමකින් අපේක්ෂිත ප්‍රධාන ක්‍රියා වලිය වන්නේ , වයිරස් ,බැක්ටීරියා සහ දූවිලි අංශු වලින් ශරීරය නිදහස් කිරීමයි . ඔබ කිවිසුමක් වළක්වන්නට යාමෙන් මේ අනවශ්‍ය ද්‍රව්‍ය පිට කරන්නට ශරීරයට අවකාශ ලබා නො දෙයි . එපමණක් නොවේ . තුවක්කුවක බැරලය ( බටය ) වසා වෙඩි තියන්නට ගියහොත් සිදු විය හැකි දේ ගැන සිත බලන්න . ඒ ආකාරයේම දෙයක් ඔබ ගේ නාසය තුළ සිදු වන බව වටහා ගන්න . කිවිසුමේ සම්පූර්ණ පීඩන බලය ආපසු ශරීරය තුළටම යාමෙන් , ඔබේ කන් ඇසීමේ දුර්වලතා, රුධිර පීඩනයේ වැඩිවීම් සහ විශේෂයෙන් ප්‍රධාන අවයවයක් වන ගලනාළයට ද හානි දායක විය හැකිය .

2 ) . දත් කූරු භාවිතය  –  හානියට පත් වන්නේ : විදුරු මස . දන්ත වෛද්‍යවරු දත් කූරු වලට කැමැත්තක් නො දක්වති . ඒවායින් එනමලයට කිසිදු හානියක් නො වෙතත් , විදුරුමස නම් අනතුරේ ය . ඔබේ මුඛය දත් කූරකින් සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීම අපහසු කරුණක් බව කිව යුතු නොවේ . මේ සදහා වඩාත් යෝග්‍ය වන්නේ දන්ත සිල්ක් පටියක් ( floss ) භාවිතා කර දත් පිරිසිදු කර ගැනීමයි. ( එහෙත් නිවැරැදිව එය කරන ආකාරය පළමුවෙන් ඉගෙන ගත යුතුව ඇත. )

3 ) . මුණින් .අතට නිදා ගැනීම   –  හානියට පත් වන්නේ : හුස්ම ගැනීම , රුධිර සංසරණය , කොදු ඇට පෙළ ( කශේරුකාව ) , සහ මුහුණේ සම . මුණින් අතට හැරී නිදා ගැනීම සුව පසු වුවත් , එය හානි දායක වේ . මේ ඉරියව්ව නිසා හුස්ම ගැනීම අපහසු ය. බෙල්ල අස්වාභාවික ලෙසින් පිහිටයි . රුධිර සංසරණය නරක අතට හැරේ . බෙල්ල සම්බන්ධ වී තිබෙන කොදු ඇට අනතුරට පත් වේ . මෙලෙස නිදා ගැනීම හේතුවෙන් ඇතිවන සමේ රැළි වැටීම් , ඉවත්ව නොයන අයුරින් ස්ථිරවම පවතින බවට වෛද්‍යවරු අනතුරු අගවති .

4) . දත් භාවිතයෙන් ඇටවල පොතු ඉවත් කිරීම  – හානියට පත් වන්නේ : දත් සහ පිත්තාශය ( gall bladder ) , සූරියකාන්ත ඇට ප්‍රනීත රසයෙන් යුතුවා මෙන්ම ප්‍රයෝජනවත් ය . නමුත් ඒවායේ පොතු ඉවත් කළ යුත්තේ අත් වලින් මිස , දත් වලින් නොවේ . මෙවැනි ඇට අනුභව කරන පළපුරුදු පුද්ගලයන් , සුවිශේෂි දන්තාබාධ වලින් පෙළෙන බව දන්ත වෛද්‍යවරු හැමවිටම හදුනා ගනිති . පිත්තාශයේ ආබාධ ඇති අයවළුන් ,කිසිම විට ඇට අනුභව නො කළ යුතුය . ඔවුන්ගේ පිත්තාශයේ කැලරිමය අගය ග්‍රෑම් 100 කට කි.කැ.500 ට වැඩියෙන් තිබේ .

5 ) . කිසියම් තද දෙයක් සැපීම  –  හානියට පත් වන්නේ : දත් , විදුරු මස් , මුඛය , පෑන්, පැන්සල් , ඇමුණුම් කටු , සහ වෙනත් ඝන වස්තු සපන්නන් සාමාන්‍යයෙන් විශාල වශයෙන් එනමල් ප්‍රශ්න ඇති අයවළුන් වේ . කටින් බෝතල් මූඩි විව්ෘත කිරීම සහ තද කටුවක් සහිත දේ වල්, අයිස් කැට , ලොලිපොප්ස් සැපීමත් නො කළ යුත්තේ මේ නිසාය . එයට අමතරව මුඛයේ නොයෙකුත් අසාත්මික තාවයන් ඇති වීමේ අවදානමක් ද තිබේ .

6 ) . වැසිකිළි යාමේ අවශ්‍ය තාවය කල් දැමීම .  –  හානි දායක වන්නේ : වකුගඩු , මූත්‍ර වාහිනී පද්ධතිය , බඩවැල් කිසිදු විරාමයක් නො ලබා පැය 8 ක් එක දිගට ක්‍රීඩාවේ යෙදුණු , මහා බ්‍රිතාන්‍යයේ තරුණ පුද්ගලයකු 2018 ජූනි මාසයේ රෝහල් ගත කරන ලදී . පසුව කළ පරීක්ෂාවලින් හෙළිවූයේ ඔහු ගේ බඩවැල් සහ මූත්‍රාශය ඉදිමී, පිම්ඹී තිබුණු බවය .මේ අනුව වෛද්‍යවරු පිළිකාමය ගෙඩියක් ඇති බවට තීරණය කළහ . සියළුම වෛද්‍යවරු එයට එකග වූහ . අවශ්‍යතාවය එළඹි විට එය රදවා ගෙන කල් දැමීම නො කළ යුතු බවත් , එසේ නො වුණ හොත් මූත්‍ර වාහිනී මාර්ගය තුවාල වී ආසාදනයට පත් වීමත් , අමතරව මල බද්ධය සෑදීමත් ඇති විය හැකි බව වටහා ගත යුතුයි .

7 ) . උණු වතුරෙන් හිස සේදීම .  –  හානියට පත් වන්නේ : මොළයේ රුධිර වාහිනී සහ හිසේ සම තද උණු වතුරෙන් නෑමට ඔබ ආසා කරන්නේ නම් එය නතර කිරීමට සුදුසුම වෙලාවයි මේ . පළමුව , එමගින් දරුණු හිසරදය ,සහ කරකැවිල්ල හට ගැනීමට හේතු පාදක විය හැකිය . දෙවනුව , උණු වතුර හිසේ සමේ තිබෙන ස්නේහස්‍රාවී ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය උත්තේජනය කරන අතර එයින් හිස කෙස් වල පිරිසිදු බව නැති කරනු ලබයි .

8 ) . මුහුණ අත ගෑම සහ ඇස් පිරි මැදීම . –  හානියට පත් වන්නේ : සම සහ ඇස්  ඔබ නිතරම අත් වලින් ඔබේ මුහුණ අත ගාන්නේ නම් ,නොයෙකුත් විවිධ ආසාදන රාශියක් එනම් කුරුලෑ , හ‍ර්පීස් සහ තවත් ඒවා සෑදීමට ඉඩ කඩ ති බේ . එමෙන්ම ඔබ ඇස් පිරිමදින්නේ නම් , කදුළු ගැලීම ,ඇස්වල දැවිල්ල , ඉදිමීම ,ආලෝකය දෙස බැලීමට අපහසුතා ව ,වැනි ලක්ෂණ සහිත අප්‍රසන්න රෝගයක් වන අක්ෂි පටල ප්‍රදාහය ( conjunctivitis ) හෙවත් ඇස් රුදාව වැළදීමේ හැකියාව පවතී .

9 ) . නිතර බබ්ල් ගම් සැපීමේ පුරුද්ද   –  හානියට පත් වන්නේ : ආමාශය , දත් සහ ඔබේ කෙටි කාලීන මතකය , නිතර කෙරෙන මේ සැපීමේ ක්‍රියා වලිය තුළින් ආමාෂයික යුෂ නිෂ්පාදනය ඉහළ යයි . එනිසා ආහාර ගැනීමට පෙර චුව්ංගම් සැපීමෙන් වළකින්න . මෙහි ප්‍රතිඵලයක් වශයෙන් බඩේ ගෑස් රෝගය ( gastritis ) සහ ආමාශයේ තුවාල ද ඇතිවීමේ අවස්ථාවන් බිහි වේ . චුවිංගම් සැපීම දත් වලට ද අහිතකරය . මෙයින් කෙළ නිෂ්පාදනය වැඩිවන අතර එමගින් දත් වල දිරුම් සහ පුරවා ඇති කොටස් වලට බරපතළ ලෙස හානි ඇති කරයි .  බබ්ල් ගම් ඔබේ මතකයට ද බලපායි .එය ඔබේ කටපාඩම් කිරීමේ හැකියාව වැඩි කරයි .දිගු කාලීනව කළ යුතු වැඩ වලට අවධානය යොමු කරවීමට සහායය දෙයි . එනමුත් ඔබේ කෙටි කාලීන මතකය දුර්වල කොට අවධානය ද අඩු කරලයි .

10 ) . ඇදේ දිගා වී පොත් කියවීම   –  හානියට පත් වන්නේ : ඇස් , පිට කොන්ද ( කශේරුකාව ) . බෙල්ලෙ සම . ඔබ ඇදේ දී පොත් කියවන විට පහත රීති අනුගමනය කරන්න .

  • ඔබේ ඇස් වලට ඉතා ළගින්ම පොත තබා නො ගන්න .
  • කොන්ද වකුටු කරගෙන ඉන්න එපා . බෙල්ල අපහසුවෙන් හරවා ගෙන ඉන්නත් එපා .
  • ඔබේ පැත්තක පොත තබා ගෙන කියවන්න එපා . පොතට තිබෙන දුර ප්‍රමාණය නිතර වෙනස් වන බැවින් ඔබේ ඇස් වලට වැඩි වැඩ කොටසක් කරන්නට සිදු වීමෙන් දුර්වල වීමට ඉඩ ඇත .
  • ඔබේ බඩ උඩ තබා ගෙනත් පොත කියවන්න එපා . මෙයින් ඔබේ පිට කොන්දට සංකූලතා ඇති විය හැක .
  • මේ රීති වලට අනුගතව කටයුතු කරන්නට ඔබට ඉතා අපහසු සේ පෙනෙන්නට පුළුවන . නමුත් , මෙබදු තත්ත්වයන් බොහොමයක් නිසා බෙල්ලේ ගැඹුරු රැළි ගැසීම් වර්ධනය විය හැකි බව හොදින් මතක තබා ගත යුතුය .

11 ) . කුඩා තුවාල ලෙව කෑම සහ කටින් පිඹීම  –  හානියට පත් වන්නේ : සුව වීමේ ක්‍රියා වලිය ප්‍රමාද වේ . ඔබේ ඇගිල්ල කැපුණොත් , පළමුවෙන්ම ඔබ කළ යුත්තේ කුමක් ද ? එයට කටින් පිඹීම ද නැත්නම් ලෙව කෑම ද ? හාවර්ඩ් විශ්ව විද්‍යාලයයේ විද්‍යාඥයින් විසින් කරන ලද ගණනයකට අනුව මිනිසුන් ගේ මුඛය තුළ ක්ෂුද්‍ර ජීවීන් විශේෂ 600 කට වැඩියෙන් ජීවත් වන බව සනාථ කොට තිබේ . මේ සියළු ජීවීන් අතරින් ස්ටැෆ්‍යිලෝකොකෛ ( staphylococci ) සහ ස්ට්‍රෙප්ටෝකොකෛ ( streptococci ) යන දෙ කොටස විශේෂිතය . තුවාලය මත කැටි ගැසුණු රුධිරය මේ ජීවීන්ට ජීවත්වීමට හොදම ස්ථානයයි .ඔබ කළ යුත්තේ තුවාලයට විශේෂ බෙහෙතක් ගැල්වීමයි .එසේ නො මැතිව ඉහත සදහන් ආකාරයට කටයුතු කිරීමෙන් සිදුවන්නේ තුවාලය සුව වීම සදහා ඉතා දිගු කාලයක් ගත වීමයි .

12 ) . කෙදිරීම  –  හානියට පත් වන්නේ : ස්වර තන්තු සහ ස්වරාලය ( Larynx ) හිටපු ගායකයකු මෙන්ම විද්‍යාඥයකු ද වූ රොබර්ට් සැටලෝෆ් ( Robert Sataloff ) විසින් කරන ලද පර්‍යේෂණයකට අනුව ජනයාගෙන් බොහෝ දෙනෙකුම , අනෙකාට කොදුරන අවස්ථාවේ දී ඔවුන්ගේ ස්වර තන්තු නැමීමට භාජනය කරන බව පෙන්වා දී ඇත . මෙමගින් ස්වරාලය තුළ ඉතා කුඩා තුවාල ඇතිවිය හැකිය .විශේෂයෙන් මෙම කෙදිරීම , බොහෝ දේ කථා කරන්නට තිබෙන අයවළුන්ට බෙහෙවින් අනතුරුදායකය .

13 ) වැසිකිළිය තුළ දී ජංගම දුරකථනය පාවිච්චි කිරීම .  –  හානියට පත් වන්නේ : ගුදය , සහ සමස්ථ බඩවැල් පද්ධතිය  දුරකථන සම්බන්ද්ධයෙන් පමණක් නොව , මෙම රීතිය පොත් සහ පුවත් පත් ආදිය සදහා ද වලංගු වේ . වැසිකිළියේ විනාඩි 5 කට වඩා වේලාවක් වාඩි වී සිටියොත් , ගුදයේ ශිරා වල පීඩනය වැඩි වන්නට පටන් ගනී . අදාළ කටයුත්තේ යෙදී සිටින විට දී වුව දුර කථනය අත් නොහැර රදවා ගන්නා නිසා මේ තත්ත්වය විශේෂයෙන් ගුණදායක නොවේ . එසේම බැක්ටීරියාවන් රැසක් පතුරුවා හැරීමට ද උදව්වක් වේ .

අතිරේක – නාසයේ සෞඛ්‍යය සදහා පුළුන් භාවිතය .

  • ඔබේ නාසයට කිසිවක් ඇතුළු නො කළයුතු බව ප්‍රවීණයන්ගේ අදහස වුවත් , එය පවිත්‍ර කිරීම සදහා ඇගිල්ල හෝ වෙන යම් ද්‍රාවණයක් හෝ භාවිතයට වඩා පුළුන් රොදක් යොදා ගැනීම වඩා හොද වූ සමහර අවස්ථා ද නැත්තේ නොවේ .
  • ඔබ නාසයේ ප්ලස්ටික් ශල්‍ය කර්මයකට ( rhinoplasty ) භාජනය වූ කෙනෙකු නම් , එතුළ තිබෙන ශ්ලේෂ්මල ( සොටු ආදිය ) ආදිය ඉවත් කිරීමට තිබෙන හොදම ක්‍රමය පුළුන් රොදක් භාවිතා කිරීමයි . ඔබ නාසය පිම්ඹීමට ගිය හොත් ලේ ගැලීමක් , හෝ වෙනත් නරක ආපදාවක් හෝ සිදු විය හැකියි . එසේ වුවහොත් ඔබේ ශල්‍ය වෛද්‍යවරයාට නැවත ශල්‍ය කර්මය කරන්නට සිදු වනු ඇත .
  • දියරයකින් නාසය සෝදන විට නාසයේ ගැඹුරටම නොයා යුතුයි .මේ අවස්ථාවේ දි පුළුන් රොද ද්‍රාවණයේ දමා ටිකක් පොගවා නාස් සිදුරු ඒවායින් ආවරණය කර ගන්න .
  • නාසයේ ඇතුළටම මේ පුළුන් රොද ( cotton swab ) ඇතුළු නොකළ යුත්තේ එමගින් තුවාල සිදු විය හැකි නිසාවෙනි . එනිසා හැකි සෑම වෙලාවේම එම කටයුත්ත පළපුරුදු අයෙකු ලවා කරවා ගැනීම වඩාත් ආරක්ෂිත බව සිහිපත් කරමු .

කීර්ති ආයුපාල , රාගම,