Naifmvlog

Naifm vlog Gossip and News

මේ කරුණු නො දන්නවා නම් ඔබට රියැදුරෙකු යයි කිව හැකි ද ?

පළපුරුදු රියැදුරා යන්නෙන් කාරයේ සැම දෙයක් ගැනම දන්නා කෙනෙකු අදහස් නො කෙරේ. බදුන් සෝදන දියර යොදා ජනෙල් සේදීම , ශීත සමයේ දී මීදුම බැදීමෙන් පිස්නයන් ( wipers ) වළක්වා ගැනීමට මේස් භවිතා කිරීම , දුර්වර්ණ වූ ප්‍රධාන විදුලි ලාම්පු පිරිසිදු කර ගැනීම ආදී වැඩ කටයුතු සදහා උපයෝගී කරගත හැකි සරල උපක්‍රම කිහිපයකි.ඔබේ රෝද හතරේ ආදරණීය සහායකයා ආරක්ෂිතව නඩත්තු කළ යුතු , ඔබ මතක තබා ගත යුතු ක්‍රම කිහිපයක් ඔබට කියමු.

1 ) ඔබේ කාරයේ ගෑස් ටැංකිය තිබෙන පැත්ත අවබෝධ කර ගැනීම සදහා ප්‍රධාන පුවරුවේ ( dash board ) ඇති ඉන්ධන අයිකනය සමග තිබෙන ඊතලය භාවිතා කරන්න…..  – වාහනයට ගෑස් නැවත පුරවා ගැනීම සදහා ගෑස් පිරවුම් පොළ වෙත ගොස් වැරැදි පැත්තෙන් ගාල් කිරීම අප හැම දෙනා අතින්ම සිදු වේ.ටැංකිය තිබෙන නිවැරැදි පැත්ත තේරුම් යනවිට පිරවුම් පොළේ සිටින හැම දෙනෙකුගේම සමච්චලයට අප භාජනය වේ. නමුත් අපගෙන් බොහෝ දෙනෙක් ප්‍රධාන පුවරුවේ තිබෙන ඉන්ධන අයිකනය සමගම ඇති කුඩා ඊතලය මගින් ටැංකිය ඇත්තේ කුමණ පැත්තේ ද පෙන්වා දෙන බවක් නො දන්නවා ( හෝ ඇත්තටම ඒ ගැන සැළකිල්ලක් නො දක්වනවා ) විය හැකිය.

2) ශීත කාලයේ දී ඔබේ කාරය එක් වරම පණ ගන්වන්නට එපා…   –  හැම දෙයක්ම හා හැම කෙනෙකුම අංග සම්පූර්ණ වුවත් ශීත කාල ගුණයක් යටතේ ඔබේ කාරයේ බැටරිය එතරම් ක්‍රියාකාරී බවක් නො දක්වයි. බැටරිය පළමුව උණුසුම් නො කළහොත් , ශීත උෂ්ණත්ව තත්ත්වයක් යටතේ එයට ඇත්තටම හානි සිදු විය හැකිය. ඔබේ ප්‍රධාන විදුලි ලාම්පු ( head lights ) දල්වා ටික වේලාවක් බලා සිට අනතුරුව එන්ජිම පණ ගන්වන්න.ඔබ කැමැති නම් ගුවන් විදුලි යන්ත්‍රය වුව ද ක්‍රියාත්මක කර පසුව එන්ජිම පණ ගැන්වීම කළ හැකිය.

3 ) කාරයේ දුරස්ථ පාලකය , යතුරු වලින් වෙන්කර තබා ගන්න… –  මෙය අනිත් කරුණු වලට වඩා ප්‍රායෝගිකය.නමුත් නවීන වාහනවල අනතුරු ඇගවීමේ පද්ධති සවිකර ඇති අතර , එමගින් එය සොරා ගැනීම් වලින් බේරා ගත හැකිවනු ඇත. ඔබ එය භවිතා කරන්නේ නම්, සියල්ල අගුළු වැටෙනු ඇත.කාරයේ දුරස්ථ පාලකය වෙන්කොට තබා ගැනීමෙන්, වාහනය සොරුන් අතට පත් වූ අවස්ථාවක, පිටතට විසි වූ විටෙක , කිසිවකු වාහනය පදවා ගෙන රවුමක් යාමට ඕනෑ යි කියන විට , හෝ ඒ කිසිවක් නැතිව කුමණ හේතුවක් නිසා හෝ යතුර වාහනය තුළ දමා තිබුණු විට ඔබට මහත් පහසුවක් ගෙන දෙයි.

4 ) මඩේ හෝ වැල්ලේ එරුණු අවස්ථාවක…. –  වැස්ස හෝ තෙතමනය හෝ ඇති දිනෙක විනෝද චාරිකා වල යෙදෙන විට පමණක් අපගේ රෝද හතරේ මිතුරා මඩේ හෝ වැල්ලේ එරෙන්නට ඉඩ ඇති බව අපි දනිමු.මේවායින් හැමවිට බේරීමට ක්‍රමයක් ඇති බව පළමුව සිහි තබා ගත යුතු ය. එසේ නො මැතිව කලබලයට පත් වීම ප්‍රතිඵලයක් නැති දෙයකි.මේ සදහා ෂවලක් හෝ හැන්දක් වැනි දෙයක් අවශ්‍ය වන අතර, ඉවසීමෙන් සිටීම වැදගත් වේ. මේවාත් , ඔබේ දෑත සහ වෙනත් ඕනෑම දෙයක් උපකාරයෙන් රෝද වටා තිබෙන මඩ හෝ වැලි හෝ හැකිතාක් ඉවත් කරන්න. ඔබේ වාහනය තවමත් චලනය වන්නේ නැතිනම්, ඒ සදහා ඔබට යොදා ගත හැකි වෙනත් උපක්‍රම ද ඇත.වැඩි බලයක් ලබා දීම සදහා පිටුපස ගියර ( revers ) අවස්ථාවේ සිට ඉදිරි ධාවන අවස්ථාව( drive ) දක්වා ගියර මාරු කරලීම , වැඩිපුර ප්‍රදේශයක් ( මතුපිටක් ) ස්පර්ශ වීම සදහා ටයර වල හුළං ඉවත් කිරීම, වැනි දෙයක් කළ හැක. ඔබ් මෙවැනි අන්තරායකාරී ප්‍රදේශ්‍යක චාරිකා කරන්නේ නම් ඔබ සමග ෂවලක් ද රැගෙන යාමට අමතක නො කරන්න.

5 ) මලකඩ ඉවත් කරන්නට කොකා – කෝලා…  –  කොකා-කෝලා යනු සෑමතැනකම තිබෙන වාහනයේ ලෝහ කොටස් වල සහ ඇලෝයි රෝද වල බැදී ඇති මලකඩ ඉවත් කිරීම සදහා භාවිත කළ හැකි ඉතා ලාභ දායක දෙයකි. එහි ඇති ෆොස්ෆොරික් අම්ලය මේ සදහා හේතු වේ.මලකඩ ඇති ප්‍රදේශයට කොකා-කෝලා විද , එතැන බුරුසුවකින් ( කුඩා ඉඩ ප්‍රමාණයක නම්, දත් බුරුසුවකින් ) සූරා අතුල්ලන්න. පසුව මේ ඇතිල්ලූ ස්ථානය සෝදා පිරිසිදු කිරීමට අමතක නො කරන්න .

6 ) වාහනයේ පළුදු ( නැමී ගිය තැන් ) පිළිසකර කිරීම…  –  මේ සදහා කුස්සියේ හෝ නාන කාමරයේ පයිප්ප පවිත්‍ර කිරීමට ගන්නා උපකරණයක් ( plunger ) භාවිත කළ හැකිය. ඡායාරූපයේ පෙනෙන පරිදි කුඩා හෝ මධ්‍ය ප්‍රමාණයේ පළුදු පිළිසකර කර ගැනීමට යොදා ගන්නට පුළුවන. උපකරණය සහ පළුදු වී ඇති තැන තෙමා , නැමී ගිය කොටස සකස් වන තෙක් නළයක බාධකයක් ඉවත් කරන ආකාරයට තෙරපමින්, අදිමින් ක්‍රියා කරන්න.

7 ) ප්‍රධාන විදුලි ලාම්පුවල මීදුම් බැදුණු විට…  –  විදුලි ලාම්පු ටික වේලාවකින්ම මීදුමින් වැසී යන බව අපි දැක ඇත්තෙමු.එමගින් ඒවායේ ඵලදායිත්වය අඩු කරන අතර, එය දිගටම තිබෙන්නට හැරියොත් , අනතුරු දායක තත්ත්වයක් ද ඇති කිරීමට එය හේතුවිය හැකිය. පළමුව විදුලි ලාම්පු පිරිසිදු කරන මේ වැනි කට්ටලයක් සොයා ගන්න. හිල් විදින යන්ත්‍රයක් ඔබේ අතේ තිබේ නම් එය අගනේය.විශේෂිත විදින උපාංගයක් එයට සවි කොට ව්ලි කඩදාසි යක් ද ආධාරයෙන් කහ පැහැවී ඇති ලාම්පු මත අතුල්ලන්න.වෙනස් වෙනස් වැලිකඩදාසි යොදා ගන්න. එතැන හිම මෙන් සුදු වූ පසු , උපකරණ කට්ටලයේ ඇති විශේෂ සංයෝගය යොදා ඔප දමා ගන්න .

8 ) බම්පරයේ ඇති ස්ටිකර් සලකුණු ඉවත් කරගනීමට නම්,..  –  බම්පර ස්ටිකර සලකුණු සාමාන්‍යයෙන් දක්නට ලැබෙන දෙයකි. මේවා කාරයේ වර්ණයට හානි කරයි. කඩිනමින් ඒවා ඉවත් කිරීම සදහා උණු වතුරෙන් පොගවා ගත් පත්තරයක් භාවිතා කරන්න. මේ ලාභදායි පහසු ක්‍රමයකි. පත්තරය අදාළ ස්ථානයේ එලන්න. තෙත ගතිය මදක් වේලෙන තුරු විනාඩි 10 ක් පමණ එලෙස තිබෙන්නට හරින්න. එවිට ස්ටිකරයේ මැලියම් හරහා ජලය ගමන් කිරීම නිසා ඒවා බුරුල් වන අතර කාඩ් පතකින් ම්ෘදුව සූරන්න.( පත්තරය ද සමගින් ). අව්ශ්‍ය නම් නැවත ද කරන්න.

9 ) ඔබේ දුර කථනයේ ජීපීඑස් ( GPS ) යෙදවුම හා කාරය සම්බන්ධ කර ගන්න…  –  අපට නුහුරු නුපුරුදු නගරවල තිබේන යෝධ රථ ගාල් වලට අපි සැවොම ගොස් ඇත්තෙමු.එවිට ඔබ අතරමං වී යන්නට ද ඇත.ඔබේ දුරකථනයේ ජීපීඑස් යෙදවුම ආධාරයෙන් වාහනය ගාල් කර තිබෙන ස්ථානය සොයා ගත හැකි වන අතර එය නිසැකයෙන්ම සාර්ථක ක්‍රමයකි. ඔබ කළයුත්තේ එහි සිතියමට සම්බන්ධවී විවේකයෙන් බල සිටීම පාමණි. ඔබට රථය නිසැකවම ගාල් කර ඇත්තේ කොතන දැයි මතක් කර කර සිටීම අවශ්‍ය නො වේ.

10 ) පරණ මේස් කරන වැඩක් …  –  ශීත කාලයේ උදේ රැයින් නිවසින් පිටවීම තරමක් කරදර කාරී විය හැකිය. විශේෂයෙන ඔබ රථයෙන් ගමන් කරන විට පමණක් නොව හිම මිදීගිය වින්ඩ්ස්ක්‍රීනය, සහ ඒවා පිසදමන වයිපර් තල ද ( wiper blade ) එයට හේතුකාරක වේ. රාත්‍රි කාලයේ දී මෙම් වයිපර් තල පරණ මේස් වල බහා ආවරණය කිරීමෙන් මීදුමෙන් වළක්වා ගත හැකිය. එසේම හිම , අයිස් , වැස්ස සහ අධික ශීතණය වැනි දේවලින් ආරක්ෂාකර ගැනීම සදහා ද මේස් ඉතා ප්‍රයෝජනවත් වේ.

11 ) හිරු එළියෙන් මුවාවීමට ආවරණයක් භාවිතා කරන්න. ( ගුවන් නියමු උපක්‍රමය )  –  සමහර වේලාවල දී හිරු එළිය රියැදුරන් වන අප කාටත් කරදරකාරී මෙන්ම අන්තුරුදායක ද වේ. වාසනාවකට මෙය පිටු දැකීම සදහා අත් හදා බලා ඇති ලාභ දායී ක්‍රමවේදයක් තිබේ . එනම් එහා මෙහා කළ හැකි වින්ඩ්ස්ක්‍රීන ආවරණයක් ඒ සදහා යොදා ගැනීමයි. මෙම ක්‍රමය ගුවන් නියමුවන් විසින් වසර ගණනාවක් පුරා භාවිතා කර ඇති අතර එහි ප්‍රයෝජනය පුන පුනා සනාථ කර තිබේ. එය ලාභ දයී වන වා මෙන්ම ග්‍රීෂ්ම සමයේදී මේ අත්දකීම් සමග අඩු ආතතියකින් රිය පදවන්නටත් ඔබට හැකි වනු ඇත.

12 ) බදුන් දියර ප්‍රතිකර්මය. – ජනෙල් වීදුරුවල ග්‍රීස් ඉවත් කිරීම…  –  ඔබගේ රථයේ ජනෙල් වීදුරු සහ වින්ඩ්ස්ක්‍රීනය පිරිසිදු කිරීම සදහා බදුන් සෝදන දියර භාවිතය ලාභදායක මෙන්ම ඉතා හොද ක්‍රමයක් වේ. එසේම සිගරැට් දුම නිසා ඇතිවූ සලකුණු , සුනඛයින්ගේ කෙළ ආදිය, සහ ඇගිලි සලකුණු හොද පිරිසිදු කාරකයක් මගින් ඉවත් කිරීමට අපහසු වුවත්, මේ දියරය ඒ සදහා සුදුසු ප්‍රතිකාරයයි. තෙත රෙඩි කඩකට බදුන් දියර ස්වල්පයක් දමා පිරිසිදු කිරීම අරඹන්න. ඉන්පසු සාමන්‍ය ජනේල පිරිසිදු කාරකයක් මෙන් ක්‍රියාවලිය අනුගමනය කරන්න. බ්දුන් දියර ඕනෑම ග්‍රීස්මය ගතියක් ඉවත් කිරීමට සුදුසු ව්න අතර , එය සාමාන්‍ය පිරිසිදුකාරකයක් යෙදීමට පෙර භවිතයෙන් හොද ප්‍රතිඵල ලබා දෙයි.

13 ) රථයේ අනව්ශ්‍ය බර ඉවත්කර ඉන්ධන පරෙස්සම් කර ගන්න…  –  මෙය පහසුවෙන් තේරුම් ගත හැකි කරුණක් නොවේ ද ? නමුත් කාලයක් පුරා අත් හැර දැමිය නො හැකි ද්‍රව්‍ය පොකුරක් අප සැම දෙනුකුම සතුව පවතී. කාරයේ බර වැඩි වන විට එහි ඉන්ධන වැයවීම ද වැඩිය.වාහනයේ චලනය ඇතිකිරීමට එන්ජිමට අවශ්‍ය ශක්තිය ලබාදීමට වැඩි ඉන්ධන ප්‍රමාණයක් යෙදවීමට සිදුවීම නිසයි ඒ.

14 ) වාහන තදබද අවස්ථාවලදී ප්‍රති සංසරණ ( re-circulation button ) බොත්තම උපයෝගී කරගන්න…  –  සමහර විට රථයේ ප්‍රධාන පුවරුවේ තිබෙන මෙම බොත්තම කෙනෙකුට බොහෝසේ අමතක වන දෙයකි. සත්‍ය වශයෙන් එය පුවරුවේ ඔහේ එල්ලී තිබෙන දෙයක් නොවන අතර , ඉතාමත් ප්‍රයෝජනවත් එකකි එය මූලිකවම පිටතින් තිබෙන වායුව ඇද නො ගෙන වාහනය තුළ ඇති වායුව ම නැවත සංසරණයට යොමු කරයි. ඔබ වාහන තදබදයකට හිරවී සිටින අවස්ථාවක සහ පිටත දූෂිත වායු දුමින් වැසී තිබෙන විටෙක එය ප්‍රයෝජනවත් විය හැකිය. පිටතින් වායුව ඇද ගැනීමේ මාර්ග වසා දැමීම සදහා එම බොත්තම ඔබන්න. ඔබගේ රථය ග්‍රීෂ්ම කාලයේ සිසිල්ව තබා ගැනීමට මෙන්ම ප්‍රබෝධයක් ලබා ගැනීමටත් මෙය ඔබට පිටිවලක් වනු ඇත. කදිමයි නේද ?