Naifmvlog

Naifm vlog Gossip and News

ඔබේ දුරකථනයේ තොරතුරු සොරා ගෙන ඇත්දැයි දැනගත හැකි පැහැදිළි සංඥා කිහිපයක්

ඔබේ දුරකථනය ඔබේම පුද්ගලික කලාපයක් යයි සිතුවොත් ඔබ වඩාත් වැරැදිය. මේ දක්වා හොරකමට යටත් නොවූ කිසිදු උපකරණයක් නිපදවා නැත.  1- ඔබේ දුරකථනයේ තොරතුරු සොරකම් කළ හැකි මාර්ග මොනවා ද ?  2. ඒවා අදුනා ගන්නේ කෙසේ ද්?  3. එබදු අනර්ථකාරී ක්‍රියා වලින් ඔබේ දුරකථනය ආරක්ෂා කර ගන්නේ කෙසේ ද්? මේ ප්‍රශ්න වලට පිළිතුරු මෙලෙස ගෙන එමු.

#  ඔබේ දුරකථනයේ තොරතුරු සොරා ගත හැක්කේ කෙසේ ද්?

1).  ලෙහෙසිම ක්‍රමය නම් , ඔබේ දුරකථනය ටික වේලාවකට ලබා ගෙන , ස්පයි ෆෝන් ඇප්,( spy-phone-app )
ස්පයිසී ( spyzi ) , හෝ ස්පයිඒරා ( spyera ), වැනි ඔත්තු යෙදවුම් ඇතුළත් කිරීමයි.  2).  ගුවන් තොටුපොළේ දී හෝ සාප්පුවක දී හෝ අනාරක්ෂිත වයි-ෆයි හරහා. ඔව්, එය ඉතාමත් ලෙහෙසියි.මෙසේ පොදු වයි-ෆයි භාවිතය තුළින් ඇත්තවශයෙන්ම ඔබ ඔබේ තොරතුරු සියල්ල අවට සිටින සෑම අයෙකුටම බෙදා දෙයි.  3).  නොදන්නා යූ එස් බී( USB ) හරහා දුරකථනය ආරෝපණය කර ගන්නා විට. ( ගුවන් යානයක දී හෝ මෝටර් රථයේ දී පවා ) . ඔබේ දත්තයන් සියල්ල අනාවරණය වීමේ සහ හුවමාරු වීමේ අවදානමක් පවතී.

4).  කෙටි පණිවුඩ ‘ ඇම ‘ ( SMS-phishing )මගින්. නිදසුන් : ඔබේ ඡායාරූප , මුදල් හුවමාරුවක් , හෝ ඔබේ බැංකු ගිණුම් ප්‍රකාශනයක් වැනි කෙටි පණිවිඩ ‘ ඇමක් ‘ ලද විට මෙය සිදුවීමට ඉඩ තිබේ. එවිට ඔබ එය ‘ක්ලික්’ කර බාගත කර ගැනීම තුළින් සොරුන්ට ඔබේ තොරතුරු සියල්ල අනාවරණය වීමට ඉඩ සලසා දෙනු ඇත.  5).  එස් එස් 7 ( SS 7 ) යන සංඥා පද්ධතියේ උපකාරයෙන් : ලොව පුරා ඇති දුරකථන පොළවල් වලින් මේවා භාවිතා කර ඔබේ පණිවුඩ කියවීමටත් , දුරකථන සංවාද වලට සවන් දීමටත් , ජංගම දුරකථනයේ පිහිටීම දැනගැනීමටත් සොරුන්ට හැකියාව ඇත. එහෙත් ඔබ ප්‍රභූවරයෙකු නොවේ නම්, ඒ පිළිබදව කණගටුවීම අවශ්‍ය නැත.

#  ඔබේ දුරකථනයේ තොරතුරු සොරකමට ලක් වූවා ද යන්න හදුනා ගන්නේ කෙසේ ද්?

1). ඔබේ දුරකථනය වහා පණ ගැන්වී බැටරියේ බලය කඩින්මින් පිරිහී ගොස් ඇත්නම් : ඔබේ දුරකථනයේ ඔබ නොදන්නා යෙදවුමක් ක්‍රියාත්මක වෙමින් පවතින විට මෙය සිදු විය හැක. 2) . ඔබ දුරකථන සංවාදයේ නො මැති විට හෝ ඒ සමග වෙනත් දෙයක් කරමින් නො සිටින අවස්ථාවක හෝ දුරකථනය රත්වීමට පිළිවන. නොදන්නා යෙදවුමක් ක්‍රියාත්මක වන බවට මේ තවත් සංඥාවකි. 3) . ඔබේ දුරකථනය විසින් ම නැවත ප්ද්ධතිය ක්‍රියාත්මක වීම : දුරකථනය ක්‍රියා විරහිත වීම, අංක ඇමතීම, හෝ යෙදවුම් ඇරඹීම වැනි දේ සිදු විය හැකිය.එ ඔබේ දුරකථන පද්ධතියේ දෝෂයක් නො වේනම් , ඉහත ආකාරයේ වංචනික ක්‍රියාවක් සිදුවනවා විය හැකිය.

4) . ‘ළගදීම ලැබුණු දුරකථන ඇමතුම් ‘ – ඔබ නො දන්නා අංක සදහන්ව ඇත. 5) . ඔබේ දුරකථනය ක්‍රියා විරහිත කිරීමට නො හකි නම් , ඒ වෙනුවට වෙනත් යෙදවුම් ඇරඹීමටත් , එහි ආලෝකය වැඩිවීම වනි දේ සිදුවීමටත් ඉඩ ඇත. 6) . දුරකථන ඇමතුමේ යෙදී සිටිය දී වෙනත් ශබ්ද හෝ දෝංකාර යක් ඇසෙන්නට පුළුවන. එහෙත් මේ ස්ථානයේ දී මීට පෙර එවැනි දෙයක් සිදු වී නැත.

#  ඔබේ දුරකථනය ආරක්ෂා කර ගන්නේ කෙසේ ද?

1).  ඔබට කිසියම් සැබැදියක් ( link ) සමග පණිවුඩයක් ලැබුණහොත් සහ එහි සම්පූර්ණ විස්තර දැක නො හැකි වුවහොත් , කිසිවිට එය විව්ෘත නොකරන්න. 2).  නො දන්නා පරිගණකයක් හරහා ඔබේ දුරකථනය ආරෝපණය කර ගන්නේ නම්, ‘ආරෝපණ පමණයි ‘ යන්න තොරා ගන්න.  3).  මුරපදය මතක්කිරීම ‘ කිසිවිට භාවිත නො කරන්න.  4).  පොදු වයි-ෆයි අන්තර්ජාල භාවිතයේ දී සවයංක්‍රීය සම්බන්ධතා ක්‍රියා විරහිත කරන්න.ඒ වෙනුවට අත් හුරු ක්‍රමය ( manual ) තෝර ගන්න.  5). වයි-ෆයි අන්තර්ජාල ගැන තවත් යමක් ; ෆ්‍රී ඉන්ටෙර්නෙට් හෝ වයි-ෆයිෆ්‍රී හෝ යන සැකමුසු නම් සහිත ඒවායින් වළකින්න.මුර පදයකින් ආරක්ෂිත ඒවා පමණක් තෝර ගන්න.

6). පොදු වයි-ෆයි අන්තර්ජාල භාවිතා කර මාර්ගගත මිළට ගැනීම් හෝ මුදල් හුවමාරු කිරීම් හෝ නො කරන්න.  7). ඔබ පවිච්චි කරන්නේ ඇන්ඩ්‍රොයිඩ දුරකථනයක් නම් , විශ්වාසවන්ත වයිරස් ආරක්ෂණ වැඩ සටහනක් ( anti-virus-program ) ඇතුළත් කර ගන්න. 8). ඇත්ත වශයෙන්ම ඔබේ දුරකථනයට මුර පදයක් ( pass-word ) එකතු කර ගන්න.