Naifmvlog

Naifm vlog Gossip and News

මම පුතාගෙන් ඈත්වෙලා දැන් මාස 3ටත් වැඩි – ලෝචනා

1). කොහොමද ලෝචනා?  හොඳින් ඉන්නවා. වරදක් නෑ. 2). කො-රෝ-නා කාලේ ගෙදර ඉඳන් බේකරියක් දාගෙන හිටියා කියන්නේ ඇත්තද?  ඇත්තටම ඒ කාලේ ගෙදරට වෙලා ඉද්දී කළේම කෑම ජාති හදපු එක තමයි. බේකරියක් දාන්න පුළුවන් තරමට කෑම ජාති හැදුවා. හැමදාම ගෙදර කට්ටිය කෑමක් හදනකල් හවසට මගේ මූණදිහා බලාගෙන ඉන්න තත්ත්වයක් ඒ ටිකේ තිබ්බේ. 3). ලෝචනා මෙදා සැරේ ලංකාවට ආවේ තනියමද?  ඔව්. බබාව නෙදර්ලන්තයේ සැමියා ගාව තියලා ආවේ. පුතාට දැන් අවුරුදු හතරක්. එයා දැන් ඉස්කෝලේ යනවා. ඒ නිසා එයාව එහේ තියලා ලංකාවට ආවේ ආයෙත් යන්න බලාගෙන. ඒත් කො-රෝ-නා තත්ත්වයක් ආපු නිසා මට ලංකාවේ ඉන්න වුණා. ආයෙත් කවදා නෙදර්ලන්තයට යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. 4). පුතාව බලාගන්නේ සැමියාද?  ඔව්. සැමියාගේ අම්මත් ඉන්නවා. ඒ නිසා බයක් නැහැ.

5). පුතාගෙන් ඈත්වෙලා ඉන්න පුළුවන්ද?  ඇත්තටම මෙච්චර දවසක් මම පුතාගෙන් ඈත්වෙලා ඉඳලා නැහැ. පුතාගේ උපන්දිනයත් ළඟයි. ඒ නිසා පුතාව ලංකාවට එක්ක එන්න හිටියේ. ඒත් දැන් තියෙන තත්ත්වය එක්ක පුතාව ලංකාවට ගේන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මට හැම වෙලාවෙම පුතාව මතක් වෙනවා. එයා නැතිව ඉන්න බෑ වගේ දැනෙනවා. එයාව ඉඹින්න, වැළඳ ගන්න හිතෙනවා. ඒ තරම් එයාව මතක් වෙනවා. 6).  දැන් කලා කටයුතුවලින් ඈත්වෙලාද?  කලා කටයුතුවලින් අෑත්වෙලා නම් නැහැ. නෙදර්ලන්තයේ ඉඳන් ලංකාවට ආවට පස්සේ කො-රෝ-නා තත්ත්වය නිසා ගෙදරටම වෙලා ඉන්න වුණානේ. ආයේ ලංකාවෙන් යන්නත් විදිහක් තිබ්බේ නැහැ. දැන් නම් බබා පෙරපාසල් යන නිසා මට රංගනයටත් සම්බන්ධ වෙන්නත් පුළුවන්. 7). අලුත් වැඩකටයුතුවලට ආරාධනා ලැබුණාද?  මම ඉතිං නෙදර්ලන්තයට යනවා එනවානේ. ඉතිං ගොඩක් අය හිතන්නේ මම ලංකාවේ නැහැ කියලා. නමුත් දැන් බබා ඉස්කෝලේ යන නිසා දීර්ඝ නාට්‍යයකට වුණත් සම්බන්ධ වෙන්න ප්‍රශ්නයක් නැහැ. මම එක නාට්‍යයකට සම්බන්ධ වුණා. ඒ නාට්‍ය කවදා විකාශය වෙයිද දන්නේ නැහැ. කොහොම වුණත් දැන් මට රංගනයට කාලය වෙන් කරන්න පුළුවන්. මට ආරාධනා කිහිපයකුත් ලැබුණා. නමුත් ඒ සමහර නිර්මාණ මට ප්‍රතික්ෂේප කරන්න වුණා.

8). ඇයි ඒ?  මට ඒ නිර්මාණ ගැළපෙන්නේ නෑ කියලා හිතුණා. මට ගැළපෙන්නේ නෑ කියලා හිතුණොත් මම ඒක කොහොමත් කරන්නේ නැහැ. සුහදව කතා කරලා මම ඒ නිර්මාණ ප්‍රතික්ෂේප කළා. 9). අලුත් සිනමා නිර්මාණයකින්වත් එළියට එන්න බලාපොරොත්තුවක් තියෙනවද?  මම චිත්‍රපට තුන හතරක් කළා. තුන්වරක් තුන කියලා කාලෙකට කලින් කළ චිත්‍රපටයකුත් තිරගත වෙන්න තියෙනවා. 10). ලෝචනා රඟපානවට සැමියාගේ අකැමැත්තක් නැද්ද?  එයා ඉස්සර ඉඳන් මම රඟපානවට අකැමැත්තක් තිබ්බේ නැහැ. හැබැයි මම නෙදර්ලන්තයේ ඉන්නවට එයා කැමැතියි.ලෝචනා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. දැන් රංගනයෙන් හරිම ප්‍රයෝජනය ගන්න බැරි වීම ගැන දුකක් නැද්ද?  මට පුතා නිසා නෙදර්ලන්තයට යන්න එන්න වෙනවා. මගේ දේවල් නිසා තමයි මට රංගනයට දිගටම සම්බන්ධ වෙන්න බැරි වුණේ. ඒ නිසා මට හිත හදාගන්න පුළුවන්. ඒත් හොඳ දෙයකට සම්බන්ධ වෙන්න බැරි දුකක් තියෙනවා. 11). ලෝචනා රංගනයෙන් නිතර දකින්න නොලැබුණාට ප්‍රේක්ෂකයන්ට ඔබව අමතක වෙලා නෑ නේද?  ඇත්තටම මම ලංකාවට ආපු ගමන් මාධ්‍ය නාළිකාවලින් පවා මට වැඩසටහන්වලට කතා කරනවා. මාව කාටවත් අමතක වෙලා නැහැ. ඉල්ලුමත් ඒ වගේම තියෙනවා. මාව මිනිස්සු හඳුනනවා. මාව කාටවත් අමතක වෙලා නැහැ.

12). බොහෝ අය ක්ෂේත්‍රයට අලුතින් ඇවිත් ඉද්දි ලෝචනාගේ ජනප්‍රියත්වය තාම තියෙන රහස මොකක්ද?  අපේ හැකියාව වගේම ඒකට වාසනාවත් බලපානවා. ප්‍රේක්ෂකයන්ගේ හිතේ තාමත් මම ඉන්නේ ඒ වාසනාව නිසා වෙන්න ඇති. ඕන කෙනකුට ක්ෂේත්‍රයට එන්න පුළුවන්. ඒත් මතකයේ රැඳෙන්න අමාරුයි. ඉතිං මම පොඩි කාලේ ඉඳන් මේ ක්ෂේත්‍රයේ හිටියා. මාව ප්‍රේක්ෂකයෝ තාමත් අතහැරලා නැහැ. 13). ලෝචනා ජීවිතේ ලබාගත්ත දේවල් ගැන සතුටින්ද?  මම මගේ ජීවිතේ දේවල් යම්තාක්දුරට ඉටු කරගෙන තියෙනවා. මම හැම දෙයින්ම අතිසාර්ථකයි කියන්නේ නැහැ. මම ලොකු දේවල් බලාපොරොත්තු වෙන කෙනකුත් නෙමෙයි. ලැබෙන දෙයින් මම සෑහීමකට පත්වෙනවා. ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙලා ඒවා නොලැබුණාම දුක් වෙනවට වඩා හොඳයි ලැබෙන දෙයින් සෑහීමකට පත්වෙන එක. 14). එතකොට ජීවිතේ ලොකු ලොකු සැලසුම් හදාගෙනත් නැද්ද?  මම එහෙම ලොකු සැලසුම් හදාගෙන ජීවත්වෙන කෙනෙක් නෙමෙයි. කො-රෝ-නා ලෝකයට ගොඩක් පාඩම් කියලා දුන්නා. ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්න හොඳ නැහැ කියන දේ හොඳ පාඩමක්. මේ ඉන්න විදිහට හොඳින් ජීවත්වෙන්න තමයි බලන්නේ.

15). දිගටම ලංකාවේ රැඳෙන්න බලාපොරොත්තුවක් නැද්ද?  ලංකාවේ ඉන්න පුළුවන්නම් හොඳයි. ඒත් බබාගේ අධ්‍යාපන කටයුතු එක්ක නෙදර්ලන්තයේ එයාව තියන්න වෙනවා. ඒ නිසා මටත් යන්න එන්න වෙනවා. කාලයට ඉඩදීලා බලමු ඉදිරියේදී මොනවා වෙයිද කියලා. 16). පුතාට නංගියෙක් හරි මල්ලියෙක් හරි ගේන්න බලාපොරොත්තුවක් නැද්ද?  අපි හිතන පතන විදිහට නෙමෙයිනේ ජීවිතේ දේවල් වෙන්නේ. බලමු ජීවිතේ මොනවගේ දේවල් වෙයිද කියලා.