Naifmvlog

Naifm vlog Gossip and News

නීලකුම්බිලා ශක්ති කේන්ද්‍රයක් හන්තාන කඳු මුදුනේ තිබෙනවද?

හෙළ අධිරාජ්‍යයේ බල චක‍්‍රවර්තී රාජධානිය පිහිටියේ කන්ද උඩරට. එය වත්මන් මහනුවර. ප‍්‍රදේශය වර්තමාන දළදා මාලිගා පුදබිම. මෙයයි පළමු හෙළ රාජ්‍යය. එය පිහිටවූයේ මහබලි රජු.එදවස එහි ඉදිවූයේ සත්මහල් ප‍්‍රාසාදයක්. මෙම ප‍්‍රාසාදයේ මහල් දෙකක් පිහිටියේ භූගතව. එනම්, පොළව යට. ඉතිරි මහල් පහ පිහිටියේ පොළව මත. පොළොව යට පිහිටි මහල් දෙක කරා විහිද ගියේ උමං පද්ධතියක්. එය සමන්විත වූයේ භූගත උමං මාර්ග තුනකින්. ඉන් එකක් විහිද ගියේ මහනුවර සිට මාතලේට. අනෙක විහිද ගියේ මහනුවර සිට උඩවත්ත කැලේට. ඉතිරි උමඟ විහිදුණේ මහනුවර සිට හන්තානට.මහබලි යුගය තුළ රජවූයේ මහබලි රජු. දේව අධ්‍යාපනය ප‍්‍රබලව නැඟ ආවේ මෙම යුගයේදි. මෙම දේව අධ්‍යාපනයේ රැජන වූයේ හෙළයේ මහා යක් රැුජන. මෙම කාලයේදි තමයි මහබලි රජු විශේෂිත කටයුත්තක් කළේ.

ඒ තීරණය කාශ්‍යප රජු මෙන්වූ විෂ්ණු දස අවතාරවලින් එකක් වූ වාමන අවතාරය ජීවග‍්‍රහණයෙන් අල්ලා ගැනීමට පසුව එම වාමන අවතාරය විනාශකර දැමීම. මෙතැනින් පසුවයි හෙළ අසුර අධිරාජ්‍යය බිඳ වැටුණේ.හෙළයේ මේ මහා බිඳවැටීමත් සමඟම බලවත් වූයේ හෙළයේ යක් රැහේ මහා යක් රැජන. මේ යක් රැජන එදවස හැඳින්වූයේ දේවයානි යන නමින්. එම යුගය ප‍්‍රමුඛ යුගයක්. එය හැඳින්වූයේ මහ බල චක‍්‍රවර්තී යුගය නමින්. මෙතැනදි කියැවෙනුයේ යුග තුනක් පිළිබඳව. ඒ බලි, තරු, රාවණ යුග. බලි යුගයේ දේවයානි තරු යුගයේදි නම් ගනුයේ නීලකුම්බිලා නමින්. ඇය රාවණා යුගයේදි නම් භද‍්‍රයේ මහභද‍්‍රකාලි හෙවත් දුර්ගා ලෙසින්. රුද‍්‍රා දේවතාවිය යනුවෙන් කියැවෙන්නේත් ඇය.

එකම ආත්මය යුග තුනකදී වෙනස් නම් තුනකින් ගෙන ආ හෙළයේ මහ යක් රැුජන යුගාන්තර කතා පුවතක යුග තුනක් මේ වන විට පසුකර අවසන්. එය අවුරුදුවලින් කිවහොත් අවුරුදු 7,500ක් ලෙසින්. එය බෙදෙනුයේ අවුරුදු 2,500 බැගින් තෙවරක එකතුවකින්.හෙළයේ බිඳ වැටීමත් සමඟම බලවත් වූ යක් රැහේ මහ රැුජනගේ රාජධානිය වූයේ කන්ද උඩරට. එය වත්මන් මහනුවර. මහනුවරදී යක් රැහේ මහ රැුජනගේ ශක්ති කේන්ද‍්‍රය වූයේ හන්තාන. හන්තාන කඳු පන්තියේ මැද කන්ද. ඒ ඌරා කෙටූ ගල.

හෙළයේ යක්රැහේ මහ රැජන දේවයානි දේවතාවියගේ බලවත්වීම තුළ නැවත බලවත් වනුයේ හෙළය. මේ හෙළයට නායිකාව වූයේ දේවයානි දේවතාවිය. දේවයානි දේවතාවිය සතු ශක්ති විශේෂයන් වූයේ ශක්තීන් දෙකක්. ඉන් එකක් යුද ශක්තිය. අනික ආධ්‍යාත්මික ශක්තිය. මෙම ශක්ති දෙක තරු යුගය පසුකර රාවණා යුගය දක්වා නොබිඳී නොනැසී පැවතියක්.රාවණා පුත් මේඝනාද හෙවත් ඉන්ද‍්‍රජිත් කුමරු විශේෂයෙන් නමස්කාර කළේ මෙම දේවතාවියට. මෙම නමස්කාරයන් තුළ මේඝනාදට දේවතාවියගෙන් හිමිවූයේ විශේෂ ශක්තීන් සහ විසදා ගැනුමට අවශ්‍ය තැන්හිදී අවශ්‍ය වන්නාවූ පිහිට.

මේ පිහිටත් සමඟම ප‍්‍රදානය කළ තවත් වරයක් වූයේ සක්වළ තරණය සඳහා වන ශක්තිය. එය හැඳින්වූයේ විශ්ව ශක්තිය නමින්.හන්තාන රාජධානිය ඉතා සුවිශේෂී එකක්. ඒ ඌරා කෙටූ ගල කඳු මුදුන හේතුවෙන්. අදටත් මෙම කඳු පන්තිය බාහිර බලවේගයන්ගෙන් ආරක්ෂිතයි. දේවතාවියගේ වරමක් නොලබා අවසරයක් නොලබා කිසිවකු හට එයට ඇතුළු විය නොහැකියි. මෙහි ඇති විශේෂිත දෙය වනුයේ මෙය පුදබිමක් වීම. එම මහ බලි යුගයේ සිට ආරක්ෂා කළේ තවමත් ජීවමාන බහිරවයන් අතින්.හන්තාන ගැන කතාබහ කිරීමේදී මේ කියන දෙය ඉතා විශේෂිතයි. ඒ මෙම හන්තාන අඩවිය සහ කුවේණි අතර වන සහ සම්බන්ධය හේතුවෙන්. කුවේණිය කළ ප‍්‍රබල ශාපය මේ වන විට රහසක් නොවෙයි. එය ඉතා ප‍්‍රබල කරුණක්.

කුවේණි යනු යක්රැුහේ රැජනක්. කුවේණිය එකල කළ සාපය කළේ යක් රැුහේ මහ රැුජන හෙවත් නීලකුම්බිලා දේවතාවිය අබියස. කුවේණිය තමන්ගේ දුක කියා පෑවේ හන්තාන අඩවියේදි. අදටත් එම සාපය වලංගුයි. ඒ පිළිබඳ වන සාධක හන්තාන අඩවියේ එමටයි.අදටත් ජීවමානව බල පවත්වන බලයක් සහිතව නීලකුම්බිලා දේවතාවිය තවමත් හන්තාන අඩවියේ බලපරාක‍්‍රමය පතුරුවමිනුයි සිටිනුයේ. ඒකයි තවමත් හන්තාන අඩවිය තුළ නීලකුම්බිලා දේවතාවියගෙ පිළිමයක් ස්ථාපිත වී තිබෙනුයේ. මේ ස්ථාපිතව තිබෙන පිළිමය මුහුණ පා සිටිනුයේ හන්තාන කඳුවළල්ලේ ඌරා කෙටූ ගල කඳු පන්තිය දෙසට.

ඒ කඳු පන්තිය ඉහළ මුදුනේ පිහිටි දේවතාවියගේ ශක්ති කේන්ද‍්‍රයට.හන්තාන කඳු පන්තියේ එක්තරා ස්ථානයක ස්ථාපිතව තිබෙනුයේ නීලකුම්බිලා දේවතාවියගේ පිළිමය. එය වර්ණ ගන්වා තිබෙනුයේ කාල නීල වර්ණයෙන්. ඒ එම දේවතාවියට උරුමකම. ඒ පාට ඇයටම සුවිශේෂී වූවක්. එම පාට අර්ථ ගන්වනුයේ ඇයට උරුම ශක්තීන්හි එකතුව. ඇය සතු බලය. විශ්ව ශක්තියේ මිශ‍්‍ර පැහැය.නීලකුම්බිලා දේවතාවියගේ දක්නට ලැබෙන පෙනුම ඉතා සුවිශේෂී එකක්. එහි මුවින් එළියට පැමිණි දිගු දිව, අත්වල ආයුධ, ලේ පෙරෙන ඔළුවක්, පයින් පාගා සිටින කාන්තාවක්, අත දරන ආයුධ සහ තවත් අංග ගණනාවක් දක්නට හැකියි.

මේ එකතුව සර්ව සම්පූර්ණ වූ එකතුවක්. මෙහි යුද ආයුධ සමඟින් නිරූපණය කෙරෙනුයේ සටන්කාමීත්වය සහ ප‍්‍රබලත්වය. ඉලක්කයට මාන බැලීම. ගොදුරකට පනින විලාසය. රෞද‍්‍ර ගතිය. ශක්තිය විදහා දැක්වීම.දිව එළියට ඒමත් ප‍්‍රබල ලක්ෂණයක් පෙන්නුම් කිරීමක්. මෙයින් කියනුයේ වීරත්වය ගැන. ශක්තිවන්තභාවය. ඉලක්කයකට කඩා පැනීමේදී ශබ්ද නඟා කඩාපැනීමේ සූදානම. එහි විවිධාකාර වූ ඉරියව්, හැඩතල. මෙයින් කියැවෙනුයේ සැමවිටම සූදානමින් සිටින ක‍්‍රියාකාරිත්වය. මෙය තමයි ශක්තිය වඩවාගැනීමේ ඉරියව්. වේගයේ ප‍්‍රබලත්වය.මේ එම කාරණය පිළිබඳ උදාහරණයක්. අංගම් ශාස්ත‍්‍රයේදී ප‍්‍රබල වනුයේ ශබ්දය. ශබ්දය සමඟ වන ප‍්‍රහාරාත්මකභාවය. ක්ෂණික ක‍්‍රියාකාරිත්වය. යුද ශිල්පයට අධිපතිකම, යුද හරඹයන්හි නිපුණත්වය ගෙනහැර පාන ලකුණු මෙයයි.කාන්තාවක් පාගාගෙන සිටීමෙන් නිරූපණය කෙරෙනුයේ ව්‍යාජ බව විනාශ කරලීම.

මෙහි දැක්වෙන කාන්තාව හැඳින්වනුයේ මහා ශිව නමින්. නමුත් ඒ සැබෑ ශිව නම් නොවේ. ඒ මහා ශිව වෙස්ගත් වෙනත් අයකු. මෙහි අවස්ථාව වනුයේ නීලකුම්බිලා දේවතාවිය මහා ශිවට ගරු කරන්නියක්. පුද දෙන්නියක්. නීලකුම්බිලා දේවතාවිය විනාශ කෙරුමට මහා ශිව ලෙස වෙස්ගත් රුවක් එවීම උපායමාර්ගික සැලසුමක්. එම සැලසුම දේවතාවිය හඳුනාගන්නේ ඇයට හිමි ශක්තියෙන්. ආධ්‍යාත්මික වැඩමවීමකින්. එහි සැබෑ අර්ථය කුමන වේශයකින් පැමිණියත් සතුරා හඳුනාගැනීමට තිබෙන හැකියාව.හෙළයේ මහ යක් රැජන නීලකුම්බිලා දේවතාවියට ප‍්‍රධාන වනුයේ අග්නි පූජාව. නමුත් හින්දු ආගමේ පිදීමක් හැටියට සටහන්වන බලි බිලි පූජාව. මෙම බලි බිලි පූජාව යනු කිසියම් සත්ත්වයකුගේ හෝ සත්ත්වයන් රැුසකගේ ප‍්‍රාණය නිරුද්ධ කිරීම. එයින් කරනුයේ ඝාතනයක්. නමුත්, අග්නි පූජාව එම අර්ථයෙන් වෙනස්. මෙහි අර්ථය සෑම නපුරු සියලූ දෙයක්ම ගින්දරෙන් පුච්චා දමා අළු කර දැම්මේ සත්‍යය. මේ අග්නිය බලවත් කළ පූජාවට කියනුයේ නීලකුම්බිලා පූජාව කියන නම.

මෙහි සරල අර්ථය වනුයේ දල්වන ලද අග්නිය යම් සේ බුර බුරා නැෙඟයිද, නීලකුම්බිලා දේවියගේ රශ්මිය එපමණටම බුර බුරා නැෙඟන බව. දැල්වෙන අග්නිය යම් යම් සීමාවන් නොතකා පැතිරෙනුයේ යම්සේද, නීලකුම්බිලා දේවතාවියගේ රශ්මියද සීමාවන් නොතකා පැතිරෙන බව. දල්වන ලද අග්නියට ළඟාවිය නොහැකි තරමට යම් රශ්මියක් පිට කරන්නේද, නීලකුම්බිලා දේවතාවියටද එපමණ රශ්මියක් පිට කළ හැකි බව. දැල්වෙන අග්නියකට යම් කිසිවක් යම් ආකාරයකින් පුදපූජා කෙරෙයිද, නීලකුම්බිලා දේවතාවියට එවන් පූජාවන් කළ යුතු බව.මෙයින් පෙන්නුම් කරනුයේ නීලකුම්බිලා දේවතාවියගේ සටන්කාමී බව. එඩිතරභාවය. ගරු ගාම්භීරභාවය. නොසැලෙන ගුණය. පසුපසට නොයන ගුණය. සතුරට පහරදීමේදී දක්වන දක්ෂතාව සහ එහිදී ඉදිරියෙන්ම සිටීම. සතුරාට පහරදී සතුරා අඩපණ කර දැමීම. එම පහරදීමෙන් සතුරා මිය යෑමට ඇති වැඩි ඉඩකඩ.

නීලකුම්බිලා දේවතා පිළිමය මෙම ස්ථානයේ වැඩම කර තිබෙනුයේ කෙටි කාලයකට. තවමත් මෙම දේවතාවියගේ නේත‍්‍ර මංගල්‍යය ගෙන නැහැ. එය කළ යුතුව තිබෙනුයේ ඒ සඳහා වන වත් පිළිවෙත් පුද පූජා පැවැත්වීමෙන් පසුවයි. මේ සඳහා තවම කාල හෝරා එළැඹී නැහැ. එම කාලය තීරණය කරනුයේ දේවතාවියයි.එම නිශ්චිත කාලය එළැඹෙන තෙක් කළ යුතු පූජා අපමණයි. දේවතාවිය පිදීමේදී ඇය අනුදක්වා ඇති ක‍්‍රමයක් තිබෙනවා. එයට ප‍්‍රධාන වනුයේ අග්නි පූජාව. අග්නි පූජාව තැබිය යුත්තේ ශක්ති කේන්ද‍්‍රස්ථානයක. එය ශක්ති බිමක් විය යුතුයි. එම බිම පළමුව පේ කරගත යුතුයි. ගින්දර දැල්විය යුතු වනුයේ ඒ සඳහා වන නියමිත දල්වන කපුරු ප‍්‍රමාණයක් භාවිතයෙන්. මේ සඳහා නියම කළ ක‍්‍රමය අනුගමනය කළ යුතුයි. එම අනුගමනය කළ යුතු ක‍්‍රමය තුළ අග්නිය දල්වාලීමට කිසියම් වූ ඉන්ධන කිසිවක් භාවිත කළ නොහැකියි.

දේවතාවිය පිදීමේදී පළමුව නමස්කාරය කළ යුතුයි. මෙහිදී ඕම් මන්ත‍්‍රය භාවිතය ඉතා වැදගත්. ශබ්ද පරාසය හඳුනා වචන අතර ස්වර නොබිඳ උච්ච ස්වරයේ සිට මන්දගාමීව පහත් වූ ස්වරය දක්වා නියම කළ රිද්මයකට එය ගායනා කළ යුතුයි. දේවතාවිය වෙනුවෙන් දැල්විය යුතු පහන් වැටි යම් ප‍්‍රමාණයක් නියම කර තිබීම සැලකිය යුතු කරුණක්. මේ සඳහා උචිත වනුයේ ඉතා පිරිසුදු ගිතෙල් පහන්. පහන් දැල්විය යුත්තේද එක් විශේෂිත ක‍්‍රමයකට. ගිතෙල් පහන මත නොදල්වන ලද කපුරු පෙති දෙකක් තබා, දල්වන ලද කපුරු පෙත්තක් ඒ මත තැබිය යුතුයි. මෙම ගිතෙල් පහන තැබිය යුතු වනුයේ ත‍්‍රිකෝණාකාර හැඩය ගත් ඉරිමත.අග්නිය දැල්විය යුත්තේ එම ත‍්‍රිකෝණය තුළයි. අග්නිය දැල්වීමේදී අග්නිය පිදිය යුතු පූජා වස්තු රැුසක් තිබෙනවා. මෙම පූජා වස්තුන් අතරට ඉතාමත් දුර්ලභ, විශේෂිත ඖෂධ යොදාගත් සුවඳ ධූපයක්ද ඇතුළත්. පූජාව ආරම්භයේ සිට අවසානය දක්වා නීලකුම්බිලා දේවතාවිය නමදින පූජාවන් ගායනය ඉතා වැදගත්.තැන්පත් කළ දේවතාවිය ක‍්‍රියාත්මක වෙමිනුයි සිටිනුයේ.

ඒ හරහා සුදුසු කාල චක‍්‍ර නිර්මාණය වනවා. දිශාව ගෙනහැර දක්වනවා. මෙම වෙන්වන දිශාව ඉතා වැදගත්. එම් දිශාව හරියටම පිහිටා තිබෙනුයේ හන්තාන කඳු වළල්ලේ ඌරා කෙටූ ගල කන්දේ ශක්ති කේන්ද‍්‍රය ඉලක්ක කරගෙන. එය නිවැරැදිව හඳුනා ගැනීමකින් පසුවයි ඌරා කෙටූ ගලේ දේවතාවියගේ පිළිරුව ස්ථිරවම ස්ථාපිත කෙරෙනුයේ.නීලකුම්බිලා දේවතාවියගේ ආශීර්වාදය ලැබීමට හැමෝටම හැකියාවක් නැහැ. ඇය සෑම අයකුටම එකලෙස බැල්ම හෙළන්නෙත් නැහැ. ඒ වගේම සෑම අයකුටම ඇයට ළංවීමටත් නොහැකියි. හෙළයකු වූ පමණින් හෝ හෙළ දිවයිනේ සිටි පමණින් ඇයට කිසිවකුටත් ළඟාවිය නොහැකියි. ඒ සඳහා යම් ශක්ති වඩවාලීමක් කළ යුතුයි. හෙළය සහ හෙළදිවයින, දේවතාවිය සහ එම පරපුර ගැන සත්‍ය වූ සිතුවිලි හද තුළ තිබිය යුතුයි.මෙහි පැහැදිලි අර්ථය මෙවැන්නක්. යක් රැහේ මහ රැජන ආධිපත්‍යය දරන රාවණා පරපුර ගොඩනැඟී තිබෙනුයේ විශ්වය හා බැඳීමකින්. එය කිසිදා වෙන්කරලිය නොහැක්කක්. මේ මහා විශ්වය කිසියම් ආකාරයක රිද්මයානුකූල රටාවක් නිර්මාණය කර අවසන්.

එම අවසන් වූ රටාව තුළ තිබෙනුයේ බලි, තරු, රාවණ යුගාන්තර තරණය කරමින් තවමත් ජීවමානව බලවත් රාවණ පරපුරේ, හෙළයක් රැහේ නීලකුම්බිලා දේවතාවියගේ පරම්පරාවේ ජීවිත. එම ජීවිතවල ගැබ්ව තිබෙන්නා වූ ආත්මයන්. යුගාන්තර තුනක් පුරා නොබිඳී පවත්වාගෙන ආ ආදීතමයන් පිදීමේ චාරිත‍්‍රයන්.නීලකුම්බිලා දේවතාවියගේ නියමය වනුයේ නැසිය යුතුවනුයේ සතුරා බවයි. සතුරන් නොවන කිසිවකුට එතුළ හිංසාවක් කළ නොහැකියි. මෙහිදී හැඳින්වූ සතුරන් කොටස් දෙකයි. එනම්, මානසික සතුරන් සහ ශාරීරික සතුරන්. එකී අදහස මනසට හෝ සිරුරට පීඩාකරන යම් අයකු හෝ සමූහයක් වෙත්නම් ඔවුන්ට නිවැරැුදි සහ දැඩි දඬුවම් ලබාදිය යුතු බවයි. මේ තමයි නීලකුම්බිලා දේවතාවියගේ තවමත් නේත‍්‍රා මංගල්‍යය නොතැබූ පිළිමයෙන් මතුකරන පොදු අර්ථය.පිළිමයක් නෙළීමේදී සාමාන්‍ය වශයෙන් අනුගමනය කරනුයේ ක‍්‍රම දෙකක්.

ඉන් එක් ක‍්‍රමයක් වනුයේ පවත්නා ස්වභාවයම නිරූපණය කිරීම. අනෙක් ක‍්‍රමය වනුයේ එම අයගේ හැසිරීම් රටාව, ක‍්‍රියා කරන ආකාරය ඇතුළුව ජීවිතය තුළ පවත්නා සියලූ ඉරියව්, අවස්ථාසංසිද්ධීන් ග‍්‍රහණය කර පිළිමය නෙළීම.මෙම නෙළු නීලකුම්බිලා දේවතාවියගේ පිළිරුව කියාපානුයේ ඇය සහ ඇය සම්බන්ධ යුගාන්තර තුනක කතාවක්. මේ තුළ අවුරුදු 2,500ක් වූ බලි යුගයේ කතාවන්, අවුරුදු 2,500ක් වූ තරු යුගයේ කතාවන්, අවුරුදු 2,500ක් වූ රාවණා යුගයේ කතාවන් නිරූපිතයි. මෙයින් නිරූපණය වන අනෙක් දෙයනම් හෙළයට අයත් වංසය.ඒ මනුරාජ්‍ය වංසය. හිරණ්‍ය කාශ්‍යප රජ යුගය. රාම සීතා යුගය. එයට අමතරව මේ මහා භද‍්‍රකල්පය. මේ සියල්ල අතීතයට අයත් දේවල්. මේ දේ අතරට අද එකතුවනුයේ වර්තමානය. වර්තමානයේ මේ කතාබහ කරන සියලූ දේ. හෙට දවස වන අද දවසේ සිදුවූ සියල්ල අයත් අතීතයට.මේ සියල්ල මෙතෙකින් නවතින දේවල් නෙවෙයි. අනාගතය දක්වා ගමන් කරන්නක්. අද දවසේ සිදුවන දේ කියනුයේ අනාගත සංසිද්ධීන්. මෙම පෙන්වන අනාගතය තුළ යළි රාවණ යුගය මතුවන බව පැහැදිලි කරුණක්. මේ සාක්?ෂි මතුකරමින් කියාපානුයේ ඒ සඳහා වඩාත් සුදුසුම කාලය දැන් එළැඹ තිබෙන බව.