Naifmvlog

Naifm vlog Gossip and News

අදටත් රාවණා රජු ජීවත් වෙනවා ද?

රාවණා යනු පුරාණ ලංකා පුරාවෘතයන් හි සදහන් වන බලසම්පන්න රජ කෙනෙකි. දසිස් රාවණ, විසැස් රාවණ ලෙසද හදුන්වනු ලබන මෙතුමා වඩා ප්‍රසිද්ධ වූයේ ඍෂි වාල්මිකී විසින් රචිත ඉපැරණි ඉන්දීය මහා කාව්ය යක් වන රාමායණයෙහි ඇති ප්රහධාන දුෂ්ට චරිතය ලෙසය. කෙසේ වෙතත් රාවණ රජු ධෛර්යසම්පන්න, දක්ෂ පාලකයෙකු වන අතරම දේශීය ආර්යුවේද වෛද්යෙ ශිල්පයේ ද හා නිර්මාණකරණයෙහි ද පුරෝගාමියෙකු ලෙසද ප්‍රකටය. එමෙන්ම අතිදක්ෂ වීණා වාදකයෙක් බවත් කියැවේ.

කෛකසී කුමරිය ගේ හා වෛශ්‍රව ඉසිවරයාගෙ පුතකු වූ රාවණා කුවේර, කුම්භකරණ, විභීෂණ යන සොයුරන් ගේත් සුපර්ණකා යන සොයුරියගෙ සහෝදරයකු වූ රාවණා මන්දෝදරී කුමරියගෙ සැමියාය. මේඝනාද හා ඉන්ද්රාජිත් යනු රාවණයන්ගෙ පුතුන් දෙදෙනා වේ.මහා රාවණා පිළිබඳව මීට වසර විස්සකට තිහකට පමණ පෙර ලාංකිකයින් දැරූ අදහස දැන් විශාල වෙනසකට ලක්වෙලා කියල කිවුවොත් අපි වැරදි වෙන එකක් නෑ. විශේෂයෙන්ම පසුගිය දශකයක පමණ කාලයක සිට රාවණා දුෂ්ට රජෙක් නොව වෙද හෙදකමින්, විවිධ කලා සහ තාක්ෂණික දැනුමින් පරිණතව ධාර්මිකව ජීවත්වූ රජෙක් ලෙසට තිබෙන පිලිගැනීම වඩාත් ඉදිරියට ඇවිත් තිබෙනවා.

සමකාලීනව රාම ජීවත් වූ ඉන්දියාවේ රජුන් බ්‍රාහ්මණ මතයන්ට අනුව යමින් බිලි පූජා, යාගහෝම පවත්වමින් ජීවත්වද්දී, රාවණ රාජ්‍ය කල ලංකාපුරය ඉතාම සාමකාමී, අවිහිංසාවාදී පරිසරයක් වූ බවට මත පල වෙනවා. රාවණා රජු සමය යනු ශ්‍රී ලාංකික මෙන්ම ලෝක ඉතිහාසයේද රාජ්‍යයක් ගතකරන ලද දියුණුම කාලපරිච්ඡේදයක් හැටියට සමහරුන් මත පලකරනවා. මේ සංවර්ධනයන් ඇති කිරීමේදී ඉදිකරන ලද මාලිගා, මංමාවත් පවා ගහට කොලට සතා සීපාවාට හානියක් නොකොට භූගතව ඉදිකර ඇති බවටයි සඳහන් වන්නේ. තම ප්‍රාණ සමවන් සොයුරිය සුපර්නිකාට සිදු කල අඩන්තේට්ටම නිසා තමන්ට දැණුනු දුක රාමටත් දනවනු පිණිස සීතාවන්ව පැහැරගෙන ආ බවත්. කිසිවිටෙක ඈ සිරගත කරන්නටවත් ඈට අතවර කරන්නටවත් උත්සාහ නොකොට නිදහසේ රහසිගතව ජීවත් වෙන්නට ඈට ඉඩ සැලැස්සූ බවත් තමයි ලාංකික රාවණා විශ්වාසය.

රාවණා රජුගේ ආගමික විශ්වාසයන් ගැනද ඇත්තේ විවිධාකාර වූ මතිමතාන්තරයි. ඉන්දියානු මතයට අනුව රාවණා රජු ශිව දෙවියන්ගේ ප්‍රධානම බැතිමතෙක් වනවා. මෑතකදී ඇතිවූ රාවණා ප්‍රබෝධයෙන් අනතුරුව රාවණා රජු බෞද්ධයෙක් ලෙසට හඳුන්වන්නට උත්සාහ කරන පිරිස් අපිට දකින්නට ලැබෙනවා. රාවණා ගැන මතභේදයට තුඩුදෙන අදහස් ප්‍රකාශ කරන්නෙක් හැටියට ප්‍රසිද්ධ මිරැන්ඩෝ අබේසේකරයන් පවසන ආකාරයට රාවණා බුදු දහම දර්ශනයක් හැටියට පිළිගත්, එහෙත් ලෝකෝත්තර සුවය සෙවීමට වඩා ලෞකික ජීවිතයේ දියුණුව පැතූවෙක් වනවා. සූර්ය දෙවියන් ගෞරවයෙන් ඇදහීමද රාවණා රජුගේ දෛනික පුරුද්දක් හැටියට සඳහන් වෙනවා.රාම විසින් විදින ලද හී පහරින් රාවණා රජතුමා නොමැරුණු බවත්.

තවම සබරගමු කඳුපන්තියේ එක් රහසිගත ස්ථානයක රාවණ රජතුමා නිදන බවට පුරාණ පොත්පත්වල පවා සඳහන් වනවා. නිසි පුද්ගලයෙක් අතින් බෙහෙත් ගල්වා ආහාර පාන ලබාදුන් විට රාවණ රජතුමාගේ නිද්‍රාව නිමවෙන බවටත් ඒවායේ සඳහන්ව තිබෙනවා. වසර දහස් ගණනක් තිස්සේ රාවණා නිද්‍රාගතව හෝ ජීවත් වීම ගැන සමහර විද්වතුන් පවා මත පල කරන්නේ මෙය රාවණ රජුට මහා බ්‍රහ්මයා විසින් දුන් වරයකට අනුව සිදුවන්නක් බවයි. ඒ මතයන්ට අනුව ලෝක විනාශය දක්වා මහා රාවණ රජු ජීවත් වීමට නියමිතයි.රාවණ රජතුමා ගැන මත පලකරන තවත් සමහරුන්ගේ අදහසනම් මේ වන විට රාවණ රජතුමා නිද්‍රාවෙන් පිබිදී ඇති බවයි.

ඔහු දේවත්වයට පත්වී ඇති බවත්. විශ්වීය නායකත්වයක් උසුලමින් විශ්වයෙන් විශ්වයට රටින් රටට සංචාරය කරමින් දේශපාලන තීන්දු තීරණ වලට නොපෙනී බලපෑම් කරමින් පසුවන බවටයි ඔවුන් පවසන්නේ.රාවණා රජු පිළිබඳ අසීමිත විශ්වාසයක් ඇති අය කෙරෙහි බැඳී සිටින රාවණා දෙවි ඔවුන් මඟින් ලොවට සෙත, සහනය උදා කරන්නට, සාධාරණය සලසා දෙන්නට උත්සාහයක යෙදී සිටී. රාවණා දෙවියන් වෙනුවෙන් ඉදිවෙන දෙවොල් මඟින් මෙම කටයුත්ත ඉටුවනු ඇති බව පුරාවෘත්ත කතාවන්හි සඳහන් වේ.

රාවණා රජු පිළිබඳ අවංක චේතනාවෙන් යුතුව තොරතුරු ගවේෂණය කර රාවණා බලය පිළිබඳ අචල විශ්වාසයක් ඇතිව කටයුතු කරන ගවේෂකයන් කීප දෙනකුටම රාවණා රුව සිහිනෙන් හෝ වෙනත් බලවේග මඟින් දැක ගැනීමට හැකි වී ඇත. රාවණා රුව පිහිටුවමින් රාවණා වෙනුවෙන් දෙවොල් ඉදිකොට මනා ලෙස වත් පිළිවෙත් ඉටු කිරීම මඟින් රාවණා බලය රටේ පිහිටුවිය හැකි බව එම ගවේෂකයන්ට දැනගැනීමට ලැබී ඇත.ඒ අනුව රාවණා රුව පිහිටුවමින් ඉදිවූ ප්‍රථම දෙවොල වලපනේ දරපනාහෙල ශ්‍රී රාවණා පබ්බත මහා විහාරයේ පිහිටියාය. රාවණා බලකොටුව ආශ්‍රිතව පිහිටුවා ඇති මෙම විහාරය රාවණාගේ උරුමය ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටින ආකාරය එහි ගිය මට දැක ගත හැකි විය. එපමණකුදු නොවේ.

එම ගමේ වසන සෑම සියලු වැඩිහිටියෙක්ම රාවණාගේ උරුමය මැනවින් රැකීමට ඇප – කැපවී සිටී.ගමට අමුත්තකු පැමිණි විගසින් ඔහු ආවේ කුමට ද? ඔහුගේ අවශ්‍යතාව කුමක් ද? කරන්නේ කුමක් ද? යන්නේ කුමන ස්ථානවලට ද යනාදී වශයෙන් රහසිගතව සොයා බලා, ඔහුගේ පැමිණිම සැකමුසු වී නම් ඔහු ගමෙන් පිටමන් කරවීමට ද මෙම ගමේ වැසියෝ පසුබට නොවෙති. මක්නිසාද යත් පිටස්තරින් පැමිණි බොහෝ අය මෙම පෙදෙසේ පොළව පෙරළමින්, යමක් සොයමින් රාවණාගේ උරුමය විනාශ කරන්නට කටයුතු කිරීමේ හේතුවෙනි.රාවණා රුව තැන්පත් කරමින් මෙරට දෙවැනි දෙවොල ඉදිවී ඇත්තේ කුරුණෑගල රම්බඩගල්ල, මොනරාගල විහාරස්ථානයේය. මෙම විහාරස්ථානය පිහිටි ගම රම්බඩගල්ල සහ මොනරාගල යන දෙනමින්ම හැඳින්වේ.

එම ග්‍රාම නාමය පවා අපට රාවණා පිළිබඳ කිසියම් ඉඟියක් දෙයි. රම්බොඩය යන්නෙන් අදහස් වන්නේ රත්තරන් ආයුධය යන්නයි. රත්තරනින් නිම කළ ආයුධ සම්භාරයක් තැන්පත් කොට ඇති ස්ථානය රම්බඩගල්ල නමින් හැඳින්වෙයි.මොනරා ආ(පැමිණි) ගල මොනරාගල විය. මෙහිදී දඬු මොනර යන්ත්ර්ය පැමිණීමේ හේතුවෙන් ද, මොනර පිහාටුවක සටහනක් ගල්තලාවේ කොට තිබීමේ හේතුවෙන් ද මොනරාගල ග්‍රාම නාමය සකස් වී ඇත. කුරුණෑගලට යාබද වාරියපොළ ශ්රීු සුමංගල විහාරස්ථානය පිහිටි ගල්තලාවේ දඬුමොනර යන්ත්‍ර නවතා තබා ඇති බව මීට ඉහත දී අපි කීවෙමු.මේ අනුව රාවණයන් පිළිබඳ මතිමතාන්තර රාශියක් අප ආදි මුතුන්මිත්තන් අතර පවා පැවති අතර අදටද රාවණා යනු හුදෙක් ජනයාට මිහිපිට ජීවමාන දෙවියෙකි.