Naifmvlog

Naifm vlog Gossip and News

හිසකෙස් වර්ධනය කරන කරපිංචා තෙල්

කරපිංචා සහ හිසකෙස් අතර තිබෙන්නේ ගහට පොත්ත වගේ සම්බන්ධයක්. ආසියානු රූපලාවණ්‍යය රහස් වට්ටෝරු වල සහ බොහෝ ඉන්දීය හෙයා ඔයිල්, හෙයා මාස්ක්, හෙයා පැක් සහ හෙයා ක්‍රීම් යන සියල්ලේ මූලිකව අඩංගු වන ද්‍රව්‍ය තුන අතරින් එකක් වන්නේ කරපිංචායි. ඉතින් කෙස් කළඹක් සුවපත් කරගැනීමට මෙම කරපිංචා වලින් ලැබෙන ගුණය ඔබටත් දැන් වැටහෙනවා ඇති. කරපිංචා, මුදවපු කිරි, මීපැණි හා දෙහි එකට මුසුකර හදන මෙම කේෂවර්ධනාලේපය ඔබත් ගෙදරදි හදාගෙන පාවිච්චි කර බලන්න.

කරපිංචා කේෂ වර්ධනාලේපය සාදාගැනීමට අවශ්‍ය දේවල් :-

  •   පවනේ වියළා ගත් කරපිංචා කෝප්ප 03 ක
  •  දවසේ මුදවපු කිරි (අද ගෙන ආ ඒවා) කෝප්ප භාගයක්.
  •  දෙහිගෙඩි 03 ක යුෂ
  • පිලව් මී පැණි මේස හැඳි 03 ක් (පිලව් යන්තමට පාවෙන සැබෑ මී පැණි)
  •  ආලේපය ගෑ පසුව හිස ආවරණය කර ගැනීමට ෂවර් කැප් එකක්. (රූපාලාවන්‍ය බඩු අලෙවි කරන ෆැන්සි කඩවල ඒවා ගන්නට තියෙනවා.)

සාදාගන්නා ආකාරය

01. කරපිංචා මුලින්ම හොඳින් ගලක අඹරාගන්න. බ්ලෙන්ඩර් කරන්න එපා. මුලින්ම අඹරාගන්න.

02. අඹරද්දී ඒක වෙනම කෝප්පයකට දමාගන්න.

03. පසුව අඹරාගත් කරපිංචා සමඟ මුදවපු කිරි, මීපැණි සහ දෙහි යුෂ මිශ්‍රකර තවත් විනාඩි 02 ක් පමණ හොඳින් බ්ලෙන්ඩර් කරන්න.

04. දැන් කලින් මිරිකා ලබාගත් කරපිංචා යුෂ ටිකක් ගෙන විනාඩි 30 ක් හිසකේ මසාජ් කරන්න. කරපිංචා යුෂ දමමින් ඇඟිලි තුඩු වලින් හිස්කබල හොඳින් මසාජ් කරන්න.

05. පැය භාගයකට පසුව සාදාගත් කරපිංචා සහ මුදවපු කිරි ආලේපනය ආලේප කරන්න. හොඳින් හිස්කබල සහ කොණ්ඩය ආවරණය වන පරිදි කරපිංචා ආලේපනය ගල්වන්න. පසුව හිස හොඳින් ෂවර් කැප් එකකින් හොඳින් ආවරණය කරන්න.

06. හරියටම පැයක් ආලේපය ගල්වා තබන්න.

07. පැයකට පසු බිත්තර ෂැම්පු දමා සෝදන්න. මේ සත්කාරය දින තුනකට වරක් කරන්න. මාසයක් යද්දී අලුත් හිසකේ වැවෙන්නට පටන් ගන්නවා පමණක් නොවෙයි තිබෙන වරලස තවත් සජීවී වෙනවා.

ඔබට මෙම සත්කාරය මාස 03 ක් කළ හැකි න ඔබේ වරලසේ ඇති සෑම ප්‍රශ්නයක්ම සදහටම නැති කරගන්නට ඔබට වාසනාව ලැබෙනවා.