Naifmvlog

Naifm vlog Gossip and News

ආහාර පිසීමේ රහස් ක්‍රම

ගෙදර දොරේ ඉවුම්-පිහුම් වලට වගේම ආහාරපාන ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් වෙන්න,කෙටියෙන්ම කියනවානම් කුකින් මාස්ටර් කෙනෙක් වෙන්න,රසට කෑම උයන මේ ක්‍රම ගැන ඔයා දැනුවත්වීම අත්‍යවශ්‍යයි. රසට කන්න කැමති අපි හැමෝම ගෙදර ඉදන්ම රස කෑම හදන්න මේ ක්‍රම ගැන හරියටම දැනගනිමු!

1. Stir frying
සොලවමින් උයාගැනීම. අපි බොහෝ දෙනෙක් දන්නා ක්‍රමයක්. එකම ප්‍රමාණයට කපාගත් එළවළුවක්,මස් මාළු වැනි දෙයක් වැඩි ගින්දර රස්නයෙන්,අඩු තෙල් ප්‍රමාණයකින් fry කිරීම තමයි මෙහිදී කෙරෙන්නේ.පෑන් එක නිතරම එහෙ-මෙහෙ සොලවමින් අපට අවශ්‍ය ප්‍රමාණයට ආහාරය සකසා ගන්න පුළුවන්.

2. Searing
පුළුස්සා ගැනීම. මස් හෝ මාළු වැනි යමක් ඇහැ පිනවන,දිව පිනවන රන්වන් දුඹුරු පැහැයෙන් පුළුස්සා ගන්න භාවිතා වෙන්නේ මේ ක්‍රමයයි.මේ විදියට දුඹුරු පැහැ වනතෙක් පිළිස්සෙනවා කියන්නේ ආහාරයේ අඩංගු ප්‍රෝටීනයේ ස්වභාවික සීනි ප්‍රමාණය මතුවී ආහාරය අභ්‍යන්තරයෙන් තවත් රසයක් මතු කිරීමයි.ඒ වගේම මේද භාවිතයෙන් ආහාරය මතුපිටට තවත් අමතර පිරුණු බවක් ද එකතු කරනවා.

3. Braising
උකුගතියෙන් උයාගැනීම. අපිට බොහෝ පුරුදු ක්‍රමයක්.හොදි ආකාරයෙන් මස් උයාගැනීම මේ ක්‍රමයේදී සිදුවෙනවා.සාමාන්‍යයෙන් කපාගත් මස්,මදගින්නේ පිසිමින් උයාගැනීමයි මෙහිදී සිදුවෙන්නේ.ක්‍රමයෙන් දුඹුරු පැහැයක් ගන්නා මස් ව්‍යංජනය තරමක් හොදි ආකාරයෙන් සකසාගනිමින් මදරස්නයේ තබාගැනීමෙන් රසවත්ව උයාගන්න පුළුවන්.

4. Stewing
ස්ටු කියන්නෙත් අපිට හුරුපුරුදු ක්‍රමයක්. වැඩි ගින්දරෙන් පළමුව දුඹුරු පැහැවනතෙක් උයාගන්නා ව්‍යංජනයට පසුව එළවලු, දියර වර්ග සහ අනෙකුත් අමුද්‍රව්‍ය එක්කිරීමෙන් මෙය සකස් කරගනු ලබනවා.බොහෝවිට භාජනය වසා ගැනීමෙන් උයාගන්නා මෙම ක්‍රමයේදී පසුව භාවිතා කෙරෙන්නේ මද රස්නයයි.දැඩි මස් වර්ග සහ සී ෆුඩ් වර්ග (විශේෂයෙන් දැල්ලන්) උයාගැනීමට ඉතාම සුදුසු වගේම රසවත් ක්‍රමය වන්නේ ද මෙයයි.

5. Steaming
හුමාලයෙන් තම්බාගැනීම. ලංකාවේ අපි බොහෝවිට භාවිතා කරන ක්‍රමයක්.උණුසුම් වාතය ඇසුරෙන් තමයි මෙහිදී ආහාර වර්ග සකස් කෙරෙන්නේ.විශේෂත්වය තමයි මේ ආකාරයේ ආහාර වර්ග ඉතා මෘදුයි.මෙම ක්‍රමයේදී වගබලාගත යුතු ප්‍රධානම දේ තමයි හුමාලය වෙනුවෙන් යොදාගන්නා ජලයට අඟල් 1-2 පරතරය ඇතිව පිසීමට අවශ්‍ය ආහාරය රැඳවීම.හැම කොටසක්ම එක සමාන ලෙස පිසගැනීමට අවශ්‍ය අවකාශය තිබීමත් වැදගත්.

6. Baking
උෂ්ණත්වය,රඳවා තබාගන්නා ආකාරය(rack position),භාවිතා කරන බේකින් ෂීට් එක සහ භාජනය අනුව මෙහි ප්‍රතිඵලය රඳාපවතිනවා.ආහාරය උණුසුම් වාතය භාවිතයෙන් උයාගනීම තමයි මෙම ක්‍රමයේදී සිදුවෙන්නේ.

7. Roasting
රෝස්ට් කිරීම බේකින් වලට තරමක් සමාන වුවත්, අවන් එකක dry heat නැතිනම් වියළි තාප මට්ටමකදී පුළුස්සා ගැනෙන්නේ ආවරණයකින් තොරවයි. බේකින් වලට සාපේක්ෂව ඉහළ උෂ්ණත්වයක් මේ සඳහා අවශ්‍ය වෙනවා.අවන් එකකට අමතරව එළිමහනේ වුවත් (spit-roasting වැනි) රෝස්ට් කිරීමේ හැකියාවක් තිබෙනවා.

8. Broiling
අවන් එකේ වෙනම කොටසක් තුළ බ්‍රොයිලර් එකක් ආධාරයෙන් ඔබට බ්‍රොයිලින් ක්‍රමයට ආහාර සකසාගැනීමේ හැකියාව තිබෙනවා. රත්කරගත් රැක් එක මතදී ආහාරය ඉතා ඉක්මනින් සකසාගැනීමට හැකියාව ලැබෙන අතර දුඹුරු පැහැයට හැරීමෙන් පසු එය ආහාරයට සුදානම්.

9. Grilling
සෘජුවම උෂ්ණත්වයට ලක්කිරීමෙන් හෝ එළිමහනකදී ආහාරය ග්‍රිල් කල හැකියි.ගිනිදැල් හා මිශ්‍රවීමෙන් ආහාරයේ අඩංගු ස්වභාවික සීනි දුඹුරු පැහැයට හැරී අමුතුම රසවත් බවක් එක් කරන පහසු ක්‍රමයක් ලෙසත් ග්‍රිල් ක්‍රමය හඳුන්වන්න පුළුවන්.

10. Sautéing
බටර් හෝ තෙල් මේ කුමක් හෝ ඔබ යොදාගන්නා අමුද්‍රව්‍යට අනුව මෙම ක්‍රමයෙන් ආහාර පිස ගත හැකියි. පිසීමට භාවිතා කරන පෑන් එක ඉතා උණුසුම් ගින්දරෙන් රත්කරගත් යුතු අතරම තෙල් නිසිපරිදි රත්කරගැනීමෙන් ඔබේ ආහාරයේ වර්ණවත් බව ඉතා නැවුම්ව තබාගැනීමේ හැකියාවක් ලැබෙනවා.

නිවැරදිව මේ ක්‍රම හඳුනාගෙන සුපිරි සූපවේදියෙක් වෙන්න මේ ක්‍රම 10න් මොන ක්‍රමය භාවිතා කලත් ඔබට පුළුවන්!