Naifmvlog

Naifm vlog Gossip and News

බරයි බඩයි අඩු කරගන්න හැටි

ගාණට කෙට්ටු වෙලා, ෆිට් ඇඟක් හදාගන්න එක අද කාලේ අපි ගොඩ දෙනෙක්ගේ හීනයක්. මේ සඳහා ගොඩක් දෙනෙක් තෝරගන්නේ ජිම් යන එක තමයි. හැබැයි ඉතින් අපි හැමෝම ගෙවන බිසී ලයිෆ් එකත් එක්ක මේ ජිම් ගිහින් ව්‍යායාම කරන එක ටික දවසකින්ම එපා වෙනවා. කාර්බහුලකමයි, කම්මැලිකමයි එක්​ක ශරීරය ගැන අවධානය යොමු කරන එකත් දවසින් දවසම කල් යනවා. ඉතින් අපි හිතුවා, එහෙම ශරීරය සහ සෞඛ්‍යය ගැන හිතන එක දවසින් දවස කල් දාන්නේ නැතිව අදම සෞඛ්‍යමත් ජීවිතේකට හුරුවෙන්න ඔබට උදවු කරන උපදෙස් කීපයක් ගැන කියන්න.

1. උදේ ආහාරය අනිවාර්යයෙන් ගන්න

දියවැඩියා​ව සහ හදවත් රෝග වළක්වන්නත්, ශරීරයේ බර වැඩිවීම පාලනය කරන්නත් පෝෂ්‍යදායී උදේ කෑම වේලක් ගැනීම ඉතාම වැදගත් කියලයි විශේෂඥයො කියන්නෙ. උදේ කෑම වේල හරිහැටි කලට වෙලාවට නොගන්න එකෙන් සහ උදේ කෑම වේල මගහැරගන්න එකෙන් ශරීරයේ බර වැඩිවීමට ලොකු දායකත්වයක් සපයනවා. උදේ ආහාරය ගැනීමෙන් ශරීරයේ ග්ලූකෝස් මට්ටම් විශාල වශයෙන් අඩු වැඩි වීම පාලනය කරලා ඔයාගේ ආහාර රුචි​ය පාලනය කරනවා. උදේ කෑම මගහැර ගත්තොත් ඊට පස්සේ එන බඩගින්න ඉතාම දැඩි වෙන්න පුළුවන්. ඒ හරහා අනවශ්‍ය ප්‍රමාණයට ආහාර ශරීරගත වෙන්නත්, ඒ හරහා බර වැඩි වෙන්නත් වක්‍රාකාරයෙන් බලපානවා. ඒ නිසා ඇඟේ බර අඩු කරගෙන සෞඛ්‍යමත්ව ඉන්න කැමති කෙනෙක් උදේ ආහාරය ලබා ගැනීම අනිවාර්යයෙන් කරන්න ඕනෙ දෙයක්.

2. කල් අරගෙන හිමින් ආහාර ගන්න

වේගයෙන් ආහාර ගන්න පුරුදු වෙලා ඉන්න අයගේ ශරීරයේ බර වැඩි වෙන්න වැඩි ඉඩක් තියෙන බවට පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියනවා. ඒ වගේම ඉක්මනින් ආහාර ගැනීමේදී අපේ බඩ පිරිලා, බඩගින්න නිවිලාය කියලා මොළයෙන් අපිට සංඥා ලැ​බෙන්​න කල් ගත වෙනවා. ඒ නිසා අපිට නොදැනීම වැඩි ආහාර ප්‍රමාණයක් අපේ ශරීරයට ඇතුළු වෙනවා. හොඳින් හපා ආහාර ගැනීමෙන් හොඳට ආහාර හැපිලා, පොඩිවෙලා, ඛේටය සමග මිශ්‍ර වෙලා ආහාර ජීර්ණය පහසු කරනවා. ඒ වගේම හිමින් ආහාර ගැනීමෙන් අඩු ආහාර ප්‍රමාණයකින්ම අපේ බඩ පිරිලා, කුසගින්න නිවිලා යනවා. කාලයත් එක්ක ඒකෙන් අපේ ශරීරයේ බර අඩු වෙන්න හොඳ බලපෑමක් වෙනවා.

3. නිතර බර පරීක්ෂා කරන්​න

වැඩිදෙනෙක් ලොකුවට නොහිතුවට මේක ශරීරයේ බර අඩු කරගෙන ෆිට් එකේ තියාගන්න උදවුවන හොඳම ක්‍රමයක්. ඒ තමයි දවසට කීප වතාවක්වත් බර කිරන එක. ආහාර වේලකට පස්සේ, වැසිකිළි ගියාට පස්සේ වගේ නිතර බර කිරන එකෙන් අපේ ශරීරයේ පවතින බර ගැනත්, බරේ අඩු වැඩිවීම් ගැනත් අපිට හොඳ අදහසක් ලැබෙනවා. තරමක් වැඩිපුර කන බොන කාලෙකදි අපිටත් නොදැනීම බර වැඩි වෙලා ශරීරයේ පාලනය අපෙන් ගිලිහෙ​න එක ඒකෙන් වැළකෙනවා. ලොකු ආයාසයක් ගන්නේ නැතිව අපිට අවශ්‍ය ප්‍රමාණයට බර අඩුකරගෙන පවත්වාගෙන යන්න මේ ක්‍රමය නිසා අපිට හැකිවෙනවා.

4. කට වහගෙන කෑම කන්​න

කොච්චර අඩුවෙන් කෑම කෑවත් සමහරුන්ගේ බඩ පුම්බලා දාලා මහත පෙනුමක් එනවා. ඒ තත්ත්වය නැති කරගන්න හොඳටම ප්‍රයෝජනවත් වෙන උපදෙසක් තමයි මේ. ඒ තමයි කෑම කද්දි කෑමත් එක්ක කට ඇතුළට හුළං පිරවෙන්නේ නැති වෙන විදිහ​ට කෑම කට ඇතුළට දාලා, හොඳින් කට වසාගෙන කෑම හපලා කන එක. මේ ක්‍රමේ හින්දා කෑමත් එක්ක වාතය අපේ බඩ ඇතුළට පිරිලා, බඩ පුරවලා දාන එක වැළැක්වෙනවා. කාලයක් මේ විදිහට කෑම කන්න හුරු වුණාම ඒකෙන් අපේ ශරීරයේ බර අඩු වෙන්න වගේම බඩේ පිම්බුණු ගතිය අඩු වෙන්නත් ලොකු උදවුවක් ලැබෙනවා.

5. ස්ට්‍රෙස් අඩු කරගෙන හොඳ නින්දකුත් ලබන්න

ස්ට්‍රෙස් හෝමෝනය වෙන කෝටිසෝල්වල​ට පුළුවන් ඔයාව අනවශ්‍ය විදිහට බඩගිනි කරලා වැඩිපුර ආහාර ගන්න පොළඹවන්න. ඒක ශරීරයේ බර වැඩිවීමට වගේම අනවශ්‍ය ලෙඩ රෝග රැසකටත් ​හේතු වෙනවා. ඒ නිසා පුළුවන් තරම් හිත නිදහස් කරගෙන රිලැක්ස් එකේ ඉන්න උත්සාහ කරන්න. ඒ වගේම ප්‍රමාණවත් සහ යහපත් නින්දක් නොලැබෙන එකත් සෞඛ්‍ය ගැටලු ගොඩකට මග පාදනවා. නින්දේ අක්‍රමිකතා නිසා හදවත් රෝග, දියවැඩියාව, වකුගඩු රෝග වගේ සෞඛ්‍ය අවදානම් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම නින්ද අයහපත් වීම ස්ට්‍රෙස් එක වැඩි වෙන්නත් හේතු වෙනවා. දවසකට පැය 6ත් 8ත් අතර නින්දක් සහ ස්ට්‍රෙස් නැති ජීවන රටාවක් පවත්වාගෙන යන අයට ශරීර​යේ බර ලේසියෙන්ම අඩු කරගන්න පුළුවන් කියලා පරීක්ෂණවලිනුත් ඔප්පු කරලා තියනවා.