Naifmvlog

Naifm vlog Gossip and News

ප්‍රතිශක්තිය වර්ධනය කරන මඩතවාළු කැද

හෙළයා යනු ලොව විශිෂ්ඨතම ආහාර සංස්කෘතියක් ඇති සුවිශේෂී ජාතියකි සෑම විටකම අප ආහාර පාන ගනු ලැබූවේ නීරෝගිකම වෙනුවෙන්ම මිස තවකෙකුට පේනෙන්ට අලංකාරයට සෝබනයට හෝ නොවේ එනිසාම එදා සිට හෙළයා ඉතාමත් ශක්තිමත් නීරොගීමත් ප්‍රතිශක්‍තියෙන් ඉහල ජාතියක් විය ඒ සෑම විටම මෙරටට උරුම ගහකොල යොදාගෙන ඔවුන් ආහාර සකසා ගන්නට හුරුවිය

අතීතයේද වසංගත තිබුනි නමුත් ඒවා මනාලෙස පාලනය කරගන්නට මර්ධනට කරගන්නට ඉතාමත් සරල ක්‍රම උපායන් තිබුනි පරයන් විසින් මෙරට ආක්‍රමණය කලදින සිට මෙරටට එක් එක් වසංගත ගලා ඒම ආරම්භවිය එයට හේතුව එදා මෙරට ආක්‍රමණය කෙරූ සහ එයට දායකවූ කතෝලික පූජකයක් ප්‍රමුඛ මුහුදු මංකොල්ල කාරයින් මෙරට ආහාර සංස්කෘතිය ඇවතුම් පැවතුම් හා සිරිත් විරිත් හෙළ වෙදකම වනසා ඔවුන්ගේ දීන සංස්කෘතිය මෙරට බලහත් කාරයෙන් හා උපායශිලී ලෙස පතුරවනු ලැබීමයි එදා පරංගින්ගෙන් මෙරටට ආ සරම්ප වැනි රෝග ඉතාමත් සාර්ථක ලෙස මෙරට වැසියන් මර්ධනය කරනු ලැබූවා අදවනවිට අප මවුබිම මුහුණ පා සිටිනා වසංගත තත්වයට ප්‍රධානතම හේතුව අප හෙළ සිරිත් පිලිනොපැදීම හා මෙරට සම්පත් උපයෝගීකර ගනිමින් දියුනුව සලසා ගන්නවා වෙනුවට පරයන්ගේ බැල මෙහෙවරකමට ගොස් ඔවුන්ගෙ බලය පෙන්වමින් මෙරටට ගරු නොකර කඩා වැදීමයි කෙසේ නමුදු අප ඉක්මනින්ම මේ උවදුරෙන් අත් මිදෙමු එය අපට හැකිය මන්ද අප සැබෑ හෙළයින් බැවින්මඩතවාළු සහල් මිශ්‍ර කැදක් මගින් ඉහල ප්‍රතිශක්තියක් ලබාගනිමු නිරෝගීවෙමු

සකසා ගන්න ආකාරය මුලින්ම ඔබ පහත දෑ එක්කර ගන්න

  • සෝදාගත් මඩතවාළු සහල් අත් මිට දෙකක්
  • සෝදාගත් කොත්තමල්ලි මිටක්
  • උළුහාල් ඇට දහයක් පමණ
  • සුදුළූණු බිකි පහක් පමණ
  • එනසාල් ඇට දෙකක් පමණ

පලමුවෙන්ම එනසාල් , කොත්තමල්ලි උළුහාල් ඇතුලු දැ වංගෙඩියක ආදාරයෙන් හෝ ඇබරුම් යන්ත්‍රයක ආධාරයෙන් කුඩු කරගන්නමඩතවාළු සහල් ප්‍රමාණය මැටි භාජනයක් ගෙන එයට දමා පෙර කුඩුකරගත් කොත්තමල්ලි ඇතුළු සියල්ලද එක්කර දීකිරෙන් ලිපේ තබා සුදුළූනු බිකි කිහිපය තලා එයට එක්කරන්න සහල් හොදින් තැම්බුනු පසු හොදින් පොඩි කරගන්න පසුව ලුණු ස්වල්පයක් එක්කර ලිපෙන් ගෙන බීමට සූදානම් කරගන්න මෙය සැකසීමේදී සහල් තරමක කැබලි වන්නට කොටා ලිප තැබීමෙන්ද ඔබට මෙය පහසුවෙන් සකසා ගත හැක
ඔබට මඩතවාළු සහල් සොයා ගැන්මට අපහසුනම් කළු හීනැටි හො පච්චපෙරුමාල් සහල් එක්කර ගන්න

 සුවිශේෂී ගුණ 

හෙළයන් සතු සහල් එකදහස් පන්සියය (1500) අතරින් බලසම්පන්නම සහලකි මඩතවාළු යනු ජානගත රෝග සුවකිරීමට සිරුරේ හෝමෝන අසමතුලිතතා සුවකිරීමට ප්‍රතිශක්තිය වැඩීමට සිරුරේ ජාන ශක්තිය වැඩිකිරිමේ සුවිශේෂි ගුණයක් ඇත සිංහලයා මෙතරම් රෝගීවන්නට හා දුබල වන්නටද එක් හේතුවක් ලෙස මාදකිනවා මඩතවාළු සහල භාවිතයෙන් ඈත්වීම ලෙස මේ සහල සහ මේ කැද නිරන්තර භාවිතයෙන් ඔබට පිළිකාවෙන් උවද මිදිමේ සුවිශේශි හැකියාවක් ඇත

මෙරට මේ වනවිට සියළු ක්‍රියාකාරකම් හා ජන ජීවිත තුල එදිනෙදා කටයුතු සම්පූර්ණයෙන් නැවතී රටේ ආර්ථිකය දුබල වෙමින් පවති ඔබ තවමත් විදේශීය විසබීජ නාශක හෝ අත්සේදුම් මුඛ ආවරන සොයමින් නොයන්න ඔබ කලයුත්තේ මෙයයි

උදෑසන අවදිවූ වේලේ සිට නින්දට යන තෙක්ම සෑම මිනිත්තු විස්සකට වරක් මද උනුසුම් ජලය පානය කරන්න

එලිමහනේ යනවිට පිරිසිදු කපු රෙදිකඩකින් මුඛය ආවරණය කරගන්න

නිවස ව්‍යාපාරික ස්ථාන ඇතුලත හා අවට පැය දෙකකට වරක් කහදියර ඉසින්න

එලිමහනේ ගොස් නිවසට පැමිනීමට පෙර දෙහි මිශ්‍ර කහදියරෙන් දෑත් මුහුණ සොදන්න

දිනපතා වෙනිවැල් කොත්තමල්ලි අමු ඉගුරු සුදුළූනු තම්බා බොන්න

ක්ෂණික ආහාර ගැනීමෙන් වලකින්න හැකිතාක් මන්ද ඒවා ඔබගේ ප්‍රතිශක්තිය හීන කරනා බැවින්

පිරිස් රැස්වන ස්ථාන වලට යොමුවිමෙන් හැකිතාක් අඩුකරගන්න

තව කෙනෙකු සමග සංවාදයකදී මදක් ඈත්ව හා මුහුනට මුහුණ එක එල්ල නොපිහිටවා ඔබ සංවාදයේ යෙදෙන්න පෙලබෙන්න

අප නැවතත් හෙළ සිරිත් හෙළ ආහාරයන්ට යොමුවෙමු නීරෝගී වෙමු ශක්තිමත් වෙමු

නිරෝගී පරපුරක් තුලින් පමණයි ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය හැක්කේ එය ඔබ සැම තදින් අවබෝධ කරගන්න තරයේ අවධාරනය කරගන්න

නිරන්තරයෙන් හෙළයාගේ නිරෝගීකම වෙනුවෙන් වෙහෙසෙන
මා හේනේ පැලේ අප්පුහාමි

ඔබ සැමටතෙරුවන් සරණයි …!