Naifmvlog

Naifm vlog Gossip and News

නින්දේදී බඩ අඩු කරගන්න විදිය

බර අඩු කර ගැනීම කියන්නේ ව්‍යායාම,ආහාර පාලනය ආදී විවිධ කොටස් ගණනාවකින් සමන්විත වෙන ලොකු ක්‍රියාවලියක්. එක දෙයක් පමණක් කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට බැහැ. බර අඩු කර ගැනීම සඳහා ඔබගේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කරගත යුතුයි. මේ බර අඩු කරගැනීමේ ක්‍රියාවලියේ අසීරුම කොටස තමයි “බඩ අඩු කරගැනීම.” ඉතාම හොඳ නින්දක් සහ විවේකයක් ලබා ගැනීම බඩ අඩු කරගැනීම සඳහා ඉතා වැදගත් බව ඔබ දන්නේ නැතුව ඇති. ඒ නිසා අපි පහතින් දක්වන්නේ නින්දේදී බඩ අඩු කරගැනීම සඳහා උපක්‍රම කිහිපයක්.

01. කාමරයේ උණුසුම අඩු කිරීම.

මේදයෙහි හොඳ මේදය සහ නරක මේදය ලෙස කොටස් දෙකක් තිබෙනවා. බර අඩු කරගැනීමට නම් සිරුරේ හොඳ මේදය තිබීම අවශ්‍ය වෙනවා. දුඹුරු මේදය, එහෙමත් නැත්නම් දුඹුරු මේද පටකය(Brown adipose tissue) කියන්නේ බාහිර පරිසරයේ වෙනස්වීම් අනුව හැඩ ගැසෙන පටකයක්‌. මෙය සීතල පරිසරයකදී ක්‍රියාත්මක වීම ආරම්භ වෙනවා. ඉන්පසු ශරීරය උණුසුම්ව තියා ගැනීම සඳහා ක්‍රියා කරන්නේ මෙම මේද පටකයයි. ඒ කියන්නේ මෙම දුඹුරු මේද සෛල ක්‍රියාත්මක වන විට ශරීරයේ මේදය දහනය වීම ආරම්භ වෙනවා. ඔබ ගන්නා ආහාර වලින් රැස් කරන ශක්තිය මේදය ලෙස උදර ප්‍රදේශයේ තැන්පත් කරන්නෙ සුදු මේදය ලෙසයි.ඒ නිසා සීතල පරිසරයක නිදා ගැනීමෙන් මෙම දුඹුරු මේදය වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙනවා. සිරුරේ දුඹුරු මේද ප්‍රමාණය වැඩි වෙන තරමට සුදු මේද ප්‍රමාණයට ඇති ඉඩකඩ අවම වෙනවා.

02. අඳුරේ නිදාගැනීම.

සම්පූර්ණ අඳුර නිදාගැනීමෙන් ඔබ‍ට බර කිලෝ කිහිපයක් අඩු කරගන්න පුලුවන්. මෙහිදී කාමරය අඳුරු කිරීමට විදුලි පහන් නිවා දැමීම පමණක් ප්‍රමාණවත් නැහැ. ජනේල වලින් එන සුළු ආලෝකයක් පවා අවහිර කිරීම සඳහා තිරරෙදි වලින් ජනෙල් ආවරණය කිරීමත් අවශ්‍ය වෙනවා. අපගේ නින්ද සඳහා උපකාරී වන හෝමෝනයක් වන මෙලටොනින් ජනනය වීම ආරම්භ වන්නේ අඳුරේදීයි. සුළු ආලෝක තත්වයකින් පවා මෙලටොනින් ජනනය වීම අඩාල කෙරෙනවා. මෙලටොනින් මගින් සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවන් වැඩි කිරීමත්, සුදු මේදය දුඹුරු මේදය බවට පරිවර්තනය කිරීමත් සිදු කෙරෙනවා.

03. නින්දට පෙර හරිත තේ පානය.

කැෆේන් අඩංගු වුණත් හරිත තේ(Green tea) ඔබ හිතනවාට වඩා ඔබගේ නින්ද පහසු කිරීමට උපකාරී වෙනවා. ඒ වගේම එහි බර අඩු කිරීම සඳහා උපකාරී වන සංයෝගයන් ගණනාවක්ද අඩංගුයි. ECGC වැනි පරිවෘත්තිය සඳහා බලපාන ප්‍රතිඔක්සිකාරකයන්ද, දුඹුරු මේදය උත්තේජනය කරන කැෆෙන්ද එහි අඩංගු වෙනවා. හරිත තේ කෝප්පයක කැෆේන් අඩංගු වන්නේ සාමාන්‍ය කෝපි කෝප්පයක අඩංගු වන කැෆේන් ප්‍රමාණයෙන් 1/3ක්‌ පමණයි.

04. ඉලෙක්ට්‍රොනික උපාංග ඈත් කිරීම.

ඔබ නින්දට යන විට ජංගම දුරකථනයක් වැනි ඉලෙක්ට්‍රොනික් උපාංගයක් අතැතිව යනවානම් එයින් ඔබව තව තවත් නින්දෙන් ඈත් කරවනවා මිසක නින්ද පහසු කරවන්නේ නැහැ. නින්ද ලබා ගන්නා ප්‍රමාණය මදි නිසා එයට හිලව් වශයෙන් සිරුර ඔබව වැඩි වශයෙන් ආහාර ගැනීමට පොළඹවනවා. ඒ වගේම ඔබට දවස පුරා කටයුතු ක්‍රියාශීලීව කරගැනීමට හැකි වන්නෙත් නැහැ. ඒ වගේම ඉලෙක්ට්‍රොනික් උපාංගයන්ගෙන් නිකුත්වන නිල් ආලෝකය නිසා මෙලටොනින් නිපදවීමට බාධාවක් ඇති වෙන නිසා බර රාත්තල් කිහිපයකින් අඩු කරගැනීමට බලාපොරොත්තු වන කෙනෙක් නින්දට යන විට ජංගම දුරකථන ක්‍රියා විරහිත කරන්න.

05. කලින් නින්දට යන්න.

ඔබ ගැඹුරු නින්දක සිටින විට සිරුරේ කැලරි දහනය වන ප්‍රමාණය වැඩියි. ඒ වගේම ඔබ වැඩිපුර නිදා ගන්නා තරමට, ඔබගේ සිරුරේ මේදය දහනය වීමත් වැඩියි. එයට හේතුව ඔබ REM නින්දක හෝ ගැඹුරු නින්දක සිටින විටත් මොළයේ ක්‍රියාකාරීත්වය හොඳින් සිදුවෙන නිසා, එසේ මොලය ක්‍රියා කිරීමට අවශ්‍ය වන ශක්තිය ජනනය කිරීමට මේදය දහනය වන නිසයි.