Naifmvlog

Naifm vlog Gossip and News

ඔබේ වාසනාවන්ත අංකය තෝරන්න

සංඛ්‍යා ශාස්ත්‍රය යනු සංඛ්‍යා ,භෞතික වස්තූන් හා ජීවීන්ගේ ලක්ෂණ හෝ ක්‍රියාවන් අතර ඇති විය හැකි ගුප්ත අන්‍යෝන්‍ය සබඳතාවය පිළිබඳ අධ්‍යයනය කිරීමයි.අතීතයේ විශේෂයෙන්ම පයිතගරස්ගේ කාලයේ සිටම ඔහුගේ අනුගාමිකයින් අතර සංඛ්‍යා ශාස්ත්‍රය හා සංඛ්‍යාත්මක පේන කීම බෙහෙවින් ජනප්‍රිය අංගයක් විය.නමුත් තාක්ෂණයේ දියුණුවත් සමඟම ලෝකයේ අද වනවිට මෙය ව්‍යාජ ,මිථ්‍යා විශ්වාසයක්,විද්‍යාවක් ලෙස අදහස් මුල් බැස ඇත.

ජ්‍යෝතිෂ්‍ය,තාරකා විද්‍යාව වැනි ක්ෂේත්‍රයන් අදටත් ප්‍රචලිත වුවත් මෙම ශාස්ත්‍රය අද වන විට වියකි යමින් පවතී.අපි හැමෝම අපේ අනාගතය කෙබඳු වේ දැයි දැනගන්න කැමතියි.නමුත් මෙය 100%ක්ම කිසිවෙකුටත් කළ නොහැකිය.ඉතින් වියැකි යන මෙම විද්‍යාව යම් තරමකින් හෝ ඔබට සිහිපත් කරවීම සඳහා ඒ ඇසුරින් නිමැවූ මෙම සරල පරීක්ෂණය අපි අද ඔබ වෙත ගෙන එනවා.මේ අතුරින් එක අංකයක් තෝරා ඔබ වෙත ගෙන එන අනාවැකිය කුමක්දැයි යන වග දැනගන්න උත්සහ කරන්න.
1.ඔබ සොයන දේ ඔබව සොයයි.

2.තමන් ගැන විශ්වාස කරන කාන්තාවන් අන් අයද තමන්ව තව දුරටත් විශ්වාස කරනවා දැකීමට කැමතිය.

3.ආපසු හැරීමට දැන් ඔබ ප්‍රමාද වැඩිය.අතීතය වෙනස් කිරීමට ඔබට නොහැක.නමුත් අතීතයෙන් පාඩම් ඉගෙනගෙන අනාගතය ඉදිරියට යාමට සාර්ථක වීමට ඔබට හැකිය.

4.සතුරන්ට මුහුණ දීමට පහසුය.එතරම් ධෛර්යයක් අවශ්‍ය නොවේ.නමුත් මිතුරු වෙසින් ඉන්න සතුරන්ට මුහුණ දීමට නම් ඔවුන්ට එරෙහි වීමට නම් ඔබට විශාල ධෛර්යයක් අවශ්‍ය වේ.

5.ආදරය යනු සබඳතාවයක් ,බැඳීමක්ම නොව.එය වටිනා රටක් රාජ්‍යයක් බඳුය.6.යමෙකු විසින්ම නිර්මාණය කල ඔහුගේ මිත්‍යා මතිමතාන්තර වලින් වෙන් වෙනවාට,ඈත් වෙනවට වඩා ඔහුගෙන්ම ඈත් වීම වඩා පහසුය.

7.එකම වැරැද්ද නැවත නැවතත් කරමින් ඉන් වෙනස් ප්‍රතිඵලයන් බලාපොරොත්තු වීම ඔබ ජීවිතයේ කරනා ලොකුම වැරැද්ද වේ.

8.හොඳම දේ සොයනවා වෙනුවට ඔබට වඩාත්ම ගැළපෙන සුදුසුම දේ සොයන්න.ඒ වෙනුවෙන් වෙහෙසෙන්න.

9.ලැබෙන හැම අවස්ථාවකම සතුටින් ගත කරන්න.ජීවිතයේ සතුටින් සිටීමට ඔබ වැය කරන කාලය ,කාලය අපතේ යැවීමක් ලෙස නොසැලකේ.

10.මුදල් ඇති අය හා ධනවත් අය ලෙස පුද්ගලයින් කොටස් දෙකකි.මුදල් තිබූ පමණින් ඔබ ධනවත් වන්නේ නැත.ධනවත් වීමට මුදල්ම අවශ්‍ය වන්නේද නැත.